ගාඩ් මහත්තයා - "Railway Guard"

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    ගාඩ් මහත්තයා - "Railway Guard"

    ගාඩ් මහත්තයා - "Railway Guard"

    ewQfLnB.jpg


    ගොඩක් දෙනා දන්නෙ,දැකල තියෙන්නෙ ගාඩ් මහත්තයා කරන්නෙ කොඩිය වනන එක විතරයි.ගාඩ් මහත්තය කරන්නෙ කොඩිය වනන එක විතරක් නෙමෙයි.කොඩිය වනන එකෙන් කියන්නෙ ඔන්න අපි ගමන් ආරම්භ කරනවා කියලා විතරයි.ගාඩ් මහත්තය තමයි මුලු දුම්රියටම වග කියන්න ඕනෙ.ඒ වගේම දුම්රියේ ගමන් කරන සියලුම මගීන්ගේ වගකීම පැවරෙන්නෙත් එයාටම තමයි.
    ඒ කියන්නෙ යම් නැවතුමක නවත්තල අයෙත් කෝච්චියේ රෝද කැරකෙන්න පටන් ගන්න මොහොතෙ ඉඳල ආයෙත් රෝද නවතින මොහොත දක්වා මුලු දුම්රියට වගේම එහි ගමන් කරන සියලුම දෙනාගේ සියලුම වගකීම පැවරෙන්නෙ අපේ ගාඩ් මහත්තයට තමයි.
    ඒ කියන්නෙ ගමන් කරන දුම්රියක දොස්තර වරයා වෙන්නෙත්,පොලිස් නිලධාරියා වෙන්නෙත්,නීතිඥ වරයා වෙන්නෙත්,නඩුකාරවරයා වෙන්නෙත්,මල් ශාලාවෙ සේවකය වෙන්නෙත් කොටින්ම කිව්වොත් හදිස්සියකදි වින්නඹු අම්ම වෙන්නෙත් අපේ මේ ගාඩ් මහත්තයා තමයි.

    ගාඩ් මහත්තයෙක් ගමන් ආරම්භ කරන්න කොඩිය වනන හැම වාරයක් වාරයක් පාසාම ප්‍රාර්ථනා කරන්නෙ එකම එක දෙයක්.ඒ තමයි ඊළඟ නැවතුම වෙනකල් කිසිම කෙනෙකුට අනතුරක් වෙන්න එපා,මගේ දුම්රියට කිසිම අනතුරක් වෙන්න එපා කියන උතුම් ප්‍රාර්ථනාව.

    ප.ලි. :- දුම්රියෙන් ගමන් කරන ඔයාලත් කෝච්චියෙන් බැහැලා යනකොට මේ වගේ මහත් භාරදූර වගකීමක් දරණ ගාඩ්මහත්තයට පුංචි හරි හිනාවකින් සංග්‍රහ කලොත් එයාගෙ මනස පොඩ්ඩක් හරි සැහැල්ලු වේවි.

    ගාඩ් මහත්තයා - "Railway Guard"
    සසංක දසනායක