මිනිස්සුන්ගේ කටවල් වලට රත්තරන් දැම්මත් ,නිදහසක් නැතිනම් නැගී සිටිනවා.ඒක අපේ පරිනාමයෙන් ලැබුන අංගයක්.මිනිස්සු නිදහසේ සිතන්න, නිදහසේ කථා කරන්න, නිදහසේ ලියන්න කැමතියි.අපි එලකිරි එකේ වුනත් මතයන් ලියන්නේ නිදහසට තියෙන කැමත්තට.
ඊනියා නායකවාදී,පුද්ගලවාදී සමාජවාදයේ බිඳ වැටීමට හේතුව එයයි.
ගඩාපි කියන්නේ මිනිස්සු පත් කරගත් නායකයෙක් නෙවෙයි,විප්ලවයකින් බලේට ආපු කෙනෙකුත් නෙවෙයි,උත්පත්තියෙන් රජ උරුමයක් නිසා නායකයෙක් වුන කෙනෙකුත් නෙවෙයි.ජුන්ටා කුමන්ත්රනයකින් බලය අල්ලගෙන,බලෙන් නායකත්වට පත් වෙලා,බලෙන් රට පාලනය කරපු කෙනෙක්.බල ලෝභය නිසා දිගටම මිනී මර මර හොරකම් කර කර හිටියා.අන්තිමට මිනිසුන්ට එපා වුනා.තිත්ත වුනා.බල්ලෙක් වගේ පාරේ ඇදගෙන ගිහිල්ල මරලා දැම්මා.ප්‍රේමදාස මහත්තය අනූ ගනන්වල තනියෙන් දකුනේ ඇවිදින්න ගියා නම් උන්නැහෙටත් ඔය ටික වෙන්න තිබුනා.
වරද ගඩාපිගේ. මොකද මිනිස්සුන්ට තිත්ත වෙනකම් බලයට වහ වැටිලා හිටපු නිසා.
ලිබියාවේ ජීවන තත්වය ලංකාවට වඩා හොඳට තිබුනා.හැබයි ලංකාවේ තියෙන ජීවන තත්වය ලිබියාවේ තිබුනානම් ගඩාපි මීට කලින්ම මැරුම් කන්න තිබුනා.