ගාමන්ට් අනියම් පෙම තරුණියගේ ජීවිතයත් සමඟ කෙළවර වෙයි 🔪 ♥️

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,361
    8,500
    113
    image_120592757a.jpg


    කහතුඩුව ඇඟලූම් කර්මාන්තශාලා භූමියකදී එහි සේවකයෙකු සේවිකාවකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බුලත්සිංහල ගෝවින්න නාරාගල වෙදගෙ වත්ත පදිංචිව සිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කණ්ඩායම් නායිකාවක ලෙස රැකියාව කළ එල් ආර් ගිම්හානි පෙරේරා (25) නැමැති අවිවාහක තරුණියකි.

    ඝාතනය සිදුකළ බව කියන එම ඇඟලුම් ආයතනයේ සහායකයකු ලෙස රැකියාව කළ විවාහක සේවකයා ඝාතනයෙන් අනතුරුව පලා ගොස් ඇත.

    ඝාතනයට යොදා ගත් බවට සැක කරන සුදු පාටට හුරු ලේ තැවරුණු උල් පිහියක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

    ඝාතනයට ලක් වූ තරුණිය ඉකුත් වසරේ පෙබරවාරි මස 18 වෙනිදින ඇඟලුම් ආයතනයේ රැකියාවට පැමිණ ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයා රැකියාවට පැමිණ ඇත්තේ 2024 වසරේ අගෝස්තු මස 06 වෙනිදින බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    බදුල්ල කැප්පෙටිපොළ පදිංචි කරුවෙකු වන එම පුද්ගලයා විවාහක පුද්ගලයෙකු වන අතර කහතුඩුව ප්‍රගතිමාවත උක්කොටුව පාර තාවකාලිකව පදිංචිව සිට රැකියාව කරා පැමිණ ඇතැයි පොලිසිය කියයි.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,509
    100,678
    113
    දැන් ඕක අනියම් පෙමක් කියලා කොහෙද තියෙන්නේ ? කෙල්ලට අයුතු යෝජනා කරලා අකමැති වෙලා මූ කෙල්ලව මැරුවා වෙන්නත් පුලුවන්නේ.
    එහෙම දැම්ම reach එක මදි bro.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,640
    113
    කහතුඩුව ඇඟලූම් කර්මාන්තශාලා භූමියකදී එහි සේවකයෙකු සේවිකාවකගේ ගල කපා ඝාතනය කර ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි.
    FB-IMG-1729315681890.jpg
     
    • Haha
    Reactions: lilman

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    එක නිව්ස් එකයි ගියේ බෙල්ල කපලා මරපු, එදා ඉදන් දැන් Nonstop :baffled: 🤌
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    එක නිව්ස් එකයි ගියේ බෙල්ල කපලා මරපු, එදා ඉදන් දැන් Nonstop :baffled: 🤌

    බිරියගේ ගෙල කපා මරා සැඟවී සිටි සැමියා අත්අඩංගුවට​

    March 3, 2026 - දිනමිණ
    තියුණු ආයුධයකින් ගෙල කපා තම බිරියව ඝාතනය කර පලාගොස් සැඟව සිටි සැකකාර සැමියෙකු අත්අඩංගුවට ගැනීමට මාරවිල පොලීසිය සමත් වේ.

    මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මාරවිල, කටුනේරිය – බෑන්කඩ මංසන්දියේ පදිංචිව සිටි අධිකාරි මුදියන්සේලාගේ තුෂාරි අධිකාරි නමැති අවුරුදු 44ක් වයසැති දෙදරු මවකි.

    ඉකුත් 01 වැනිදා රාත්‍රී 11.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇත. ..................................................
     
    • Sad
    Reactions: reddit