ගායක වික්ටර්ගේ පුතාගේ මරණයේ අභිරහස Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගායක වික්ටර්ගේ පුතාගේ මරණයේ අභිරහස Breaking News

    Zz8MXAd.jpg





    ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.







    මේ මරණය අපිට පැති 2කින් සාකච්චා කරන්න පුලුවන්

    1)ලoකාව වෙලාගත්ත පිලිකා රෝගය
    2) පියාගේ /මවගේ හිතුමතය මත දේපල දරුවන්ට පැවරීම (මෙය මේ මරණයට සෘජුව සම්බන්ධ නැති බාහිර කරුණක් බව සලකන්න. )


    1)ලoකාව වෙලාගත්ත පිලිකා රෝගය

    මේවට ප්‍රධානතම හේතුව ප්‍රධාන වශයෙන් අපි කන කෑම බීම සහ ඇතැම් බටහිර බෙහෙත්ම තමයි.අපි කොටින්ගෙන් බේරුනා වගේ මේ වස විස ගහපු ආහාර ත්‍රස්තවාදයෙන් නොබේරුනොත් අපේ ජීවිතත් අනතුරේ .. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ ගැන කතා කරලා තියනවා . හැබැයි ඒ ප්‍රතිපත්ති ඇතුල් කලේ රතන හිමිගේ උවමනාවට. මේ ආන්ඩුවේ උන්වහන්සේ දැන් නෑ . ඒ නිසා මීලග ආන්ඩුවකින් මේ ත්‍රස්තවාදයෙන් අපව ගලවා ගනී කියලා විස්වාස කරන්න බෑ .

    මොකද මේ කේස් එක පටන් ගත්තේ අද ඊයේ නෙමේ .මහින්ද ජනපති කාලෙත් මේ කේස් එක තිබ්බා.ඒත් උන්දෑ මේ ගැන බැලුවේ නෑ . මොකද දේශපාලුවො වසවිස ගහන කොම්පැනි වලට යටත්වෙලා ඉන්නේ .

    ඒ නිසා අපි මේ පාර රතන හිමිගේ පක්ෂය බලයට ගේන්න පක්ශ පාට නොබලා සහය දෙන්න ඔනේ .මේක විහිලුවක් නෙමේ. උන්වහන්සෙගෙත් එක එක වැරදි තියනවා. පෘතක්ජන කවුරුත් සර්ව සම්පූර්ණ නෑ . අඩුම තරමින් උන්වහන්සේ මේ වසවිස ආහාර මේ රටින් තුරන් කරන්නවත් කටයුතු කරාවි.තවත් බලන් හිටියොත් තොගේ මරණ සහතිකෙත් පිළිකාවකින් ලියවේවි..:baffled:

    එක එක ඒවට උද්ගෝෂණ කරන එකේ මේ ආහාර ත්‍රස්ථවාදයට එරෙහිව හඩක් නගන්නත් පෙළගැහෙන්න


    2) පියාගේ/මවගේ හිතුමතය මත දේපල දරුවන්ට පැවරීම

    මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ රෝම ලන්දේසී නීතිය තාමත්. මොකෙක් හරි මහන්සි වෙලා දේපලක් උපයලා ඒකේ අයිතිය මැරෙනකම් ඌට තියෙන්න ඔනේ .ඒකේ වැරැද්දක් නෑ . හැබැයි ඌට ලැබෙන දරුවන්ට දේපල ලැබෙන්නේ ඌගේ මනාපය මත පමණයි. ඒක සාදාරණද ?

    මේ රටේ දරුවන් කියන්නේ අනාගතය කියලා හැමෝම මහ ලොකුවට කියනවා.ඒත් මේ දේපල නීති ඒ අනාගත පරපුරේ ඉදිරිගමනට සාධාරණ ලෙස සකස්වෙලා තියනවද ?

    පියා වෙන කසාද කරගෙන දරුවන්ට නොසැලකුවොත් .එහෙමත් නැත්තම් පියාට අධිකරණය හමුවේ ඔප්පු කල නොහැකි මානසික රෝගී තත්වයක් නිසා දරුවෙක්ට දේපල නොදුන්නොත් දරුවෙක්ට මේ ලොකේ කිසිම පිලිසරණක් තමන්ගේ අනාගතේට ලැබෙන්නේ නෑ . මේකෙන් වෙන අසරණ කම හමුවේ ඒ දරුවටත් එක එක ලෙඩ හැදෙන්න පුලුවන් . විශේෂයෙන් තමන්ගේ දරුවෝන්ටවත් තම දෙමව්පියන්ගේ දේපල ලබා දීමට නොහැකි වුනාම හුගක් අය මානසිකව වැටෙනවා.:dull:

    උඹේ දේපල උබේ දරුවන්ට සමානව බෙදෙන පරිදි උපතේ ඉදන් හිමිකමක් දරුවන්ට නිකන්ම ලැබෙන විදිහට නීති හැදුනොත් මේ සමාජ ඛේදවාචකය නැහැ නේද ?දෙමව්පියන්ට ජීවන බුක්තිය මැරෙනකම් දෙන්න ඔනේ . දෙමව්පියන්ට අවශ්යනම් තමන්ට නොසැලකුවා කියා අධිකරණය හමුවේ ඊට එරෙහිව කටයුතු කරන්න අවස්ථාව හදලා දෙන්න පුලුවන් .(දරුවන්ට ඇති දේපල හිමිකම නැති කිරීමට) ඒ වගේම දරුවා අවුරුදු 18 සම්පූර්ණ උනයින් පස්සේ යම් දේපලක් පිලිබද දෙමව්පියන් විකීණීමට/යම් දරුවෙක්ට වැඩියෙන් දීමට හෝ වෙනත් දෙයකට කටයුතු කරනවනම් ඊට දරුවාගේ කැමැත්තත් අවශ්ය වන විදිහට නීති හදනන ඔනේ .දරුවන්ට හිමිකමක් තිබ්බත් මිය යන තෙක් දේපලවල අයිතිය දෙමව්පියන්ටත් තියෙන්න ඔනේ .

    මම නීති විශාරදයෙක් නෙමේ .මම දුන්නේ පොඩි අයිඩියා එකක් විතරයි.
    ඒත් මේ කරුණු සුදුසු ලෙස වෙනස් කරලා නීති පාර්ලිමේන්තුව හරහා සම්පාදනය කරගන්න එක ජනතාවගේ යුතුකමක්.

    බුදුහාමුදුරුවොත් දරුවන්ගෙන් දෙමව්පියන්ට ඉටු විය යුතු යුතුකම් වගේම දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් කොටසත් දේශනා කලා.ඒ හින්දා දෙපැත්තටම වගකීම් තියනවා.ඒත් මේ සමාජේ කතා කරන්නේ දෙමව්පියන්ගේ පැත්ත අරගෙන විතරයි .:lol: උබට දේපල තිබ්බයි කියලා උඹ හැමදාම මේ ලොකේ ඉන්නේ නෑ .:no:සුදුසු කල දරුවන්ට දායාද පවරන ලෙස බුදු මුවින් දේශිතයි

    මේ සුද්දාගේ දේපල නීති නිසා අද සහෝදරයෝ දේපල වලට මරාගන්න.ගෙවල් වල පව් පුරවගන්නවා.මිණීමරාගන්නවා.කැත්තෙන් මන්නෙන් කොටාගන්නවා මේ නීති හදලා තියෙන්නෙම මේ සමාජේ විනාශකරන්නද මන්දා:angry::angry::angry:


    මේ ප්‍රශ්ණ දෙකම හෙට ඔබට වෙන්න පුලුවන් . ඒනිසා මේ ගැන පක්ෂ පාට වලට අන්ධ වෙලා බලන්න එපා

    March 3, 2017 lankac news වාර්තාව

    මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ.

    ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ “My Father Passed Away On 1ST of March 2017″ (මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය) බවයි

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායකගේ පුතුණුවන් වන ලෙලුම් රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළා.

    එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ එම ෆේස්බුක් සටහන වැරදීමකින් නොදැමූ දෙයක් බවත්, එය තමන් විසින් පළ කළ දෙයක් බවත්ය.

    එයට හේතුව පෞද්ගලක හේතුවක් බව ඔහු සඳහන් කළේය.

    අප වැඩිදුරටත් විමසා සිටියදී ඔහු කියා සිටියේ තමාගේ පියාණන් වන වික්ටර් රත්නායක වෙනුවෙන් සිය සහෝදරයා සහ තමන් විශාල කැපකිරීම් රාශියක් කළ ඇති බවත්, නමුත් එයින් කිසිදු පළක් නොවු බවත්ය.

    පසුගිය දිනක තමගේ මව සිහිකැඳවීම සඳහා දානමය පිංකමට පවා වික්ටර් රත්නායකයන් නොපැමිණි බවයි.

    එයට හේතුව වී ඇත්තේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය විදියට වික්ටර් රත්නායකයන් හැසිරෙන් බවත්ය.

    මෙම ගැටලුව මීට අවුරුදු කිහිපයකට පෙර සිටම පැණනගිමින් තිබෙන බවත්, එය තමන් සහ තමන්ගේ සහෝදරයා ඉවසාගෙන සිටි බවත්, ඔහු කියා සිටියේය.

    කෙසේ වෙතත් සමාජයේ මිනිසුන් දකින වික්ටර් රත්නායකයන් සෑබෑ ජීවිතයේදී නොමැති බවත්, ඔහු දරුවන් කියන දේට පවා ඇහුම්කන් නොදෙන බවත් පැවසුවේය.

    තමන් සහ තම සහෝදරයා වික්ටර් රත්නායකයන්ගේ ශ්‍රී නාමය රැක ගැනීමට කැප කිරීම් රාශීයක් සිදු කළද? තමන්ගේ පියා දරුවන් ගැන නොසිතා වැඩ කටයුතු කරන බවත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමකදී තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා “ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා“ යනුවෙන් කියූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.
     
    Last edited:

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    පිලිකා රෝහලේ නම් හිටියෙ, මැරිල තියෙන්න පිලිකාවක් නිසා නෙ. දේපල වෙන කෙනෙකුට දුන්න කියල කව්ද බං මැරෙන්නෙ? අනික මෙයාට සල්ලි නැතුව, කන්න බොන්න නැතුව හිටිය කියල හිතන්න අමාරුයි නෙ. තාත්ත වගේ නැතත් ලංකාවෙ සංගීතයට සේවයක් කරපු පුද්ගලයෙක්. නිවන් සුව පතනව!
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඌ උගේ තාත්තා වික්ටර් රත්නායක කියද්දී ම ඌට ලැබෙන දේ ලැබිල ඉවරයි .තාත්තා වික්ටර් රත්නායක වීම නිසා ම ඌ ප්‍රසිද්ධ උනා.බොරුවට මිනිස්සුන්ට දොස්කියන්න එපා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    අඩෝ මූ මැරිලද බන්. පව් බන් හොඳ කොල්ලා. තාත්තා වෙන ගෑනියෙක්ව කසාද බැන්දම මූ අනාත වුණා. :(
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඌ උගේ තාත්තා වික්ටර් රත්නායක කියද්දී ම ඌට ලැබෙන දේ ලැබිල ඉවරයි .තාත්තා වික්ටර් රත්නායක වීම නිසා ම ඌ ප්‍රසිද්ධ උනා.බොරුවට මිනිස්සුන්ට දොස්කියන්න එපා

    ප්‍රසිද්ද උනා කියලා ප්‍රසිද්ද එකාට සල්ලි දෙන්න සමාජය බැදිලා නෑ .ජීවත් වෙන්න සල්ලි/දේපල ඔනේ .:angry::angry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො

    :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො


    උඹ දිගටම ජීවත්වෙලා ඉන්නවනම් ඔය කතාව කිව්වට කමක් නෑ .එහෙනම් රටේ අනාගත පරපුර විනාශයි.දේපලවලට උබේ ලමයි මරා ගනීවි.කොටා ගනිවි.උසාවි පස්සේ යාවි .හිරේ ලගීවි. උඹ හෙට අනිද්දා මැරිලා යාවි. නොදකින් පාදඩයා..:angry::angry::angry:ලමයි මැරිච්ච තොට සාප කරාවි...
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    සමහරවිට අර වික්ටර් අළුතෙන් බැඳපු ගෑනි මූට පිළිකා හැදෙන්න MSG දාපු කෑම, රසදිය වගේ ඒවා දෙන්න ඇති කෑම වලට දාල. long term plan එකක්. :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    1. ජයන්ත මැරුණ එක ගැන පට්ට දුකයි. අපි පොඩිකාලෙ ජාතික රූපවාහිනියෙ බලපු ළමා වැඩසටහන් හැම එකකම වගේ සංගීතය මෙතුමාගේ. :(

    අනිත් කරුණු 2කම අමු ගොං

    විශේෂයෙන් දේපල කතාව.

    මම දේපල හම්බකරානම් ඒව අයිති මට. වෙන ස්වාධීන පුද්ගලයෙක්ට දෙනවද, එහෙම දෙනවනම් කාටද ආදී සියළුම තීරණ මගේ!

    ළමයව හදල, ඌව ලොකු කරල, උගන්නලා බොහෝවිට රස්සාවකුත් හොයල දුන්නට හරිනම් ඌ දෙමව්පියන්ට ගෙවන්න ඕන. ඔක්කොම කරල දේපල වලටත් අයිතිය ඉල්ලන්න? මොන ලැජ්ජ නැති වැඩක්ද. නෙද්දකින් පොන්නයො

    :)