ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

    මෙරට ජනප්‍රිය ගායන ශිල්පයෙකු වන දමිත් අසංක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    ඔහු අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ඔක්තොබර් 09 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

    ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලල්වායේ ඔහුගේ නිවසේදී මත්ද්‍රව්‍ය පානය කරමින් කලහ කලේ යයි අසල් වාසීන් විසින් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවයි.

    ගායන ශිල්පියා මානසික වෛද්‍යවරයෙකුටද යොමු කරන්නැයි නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹ වගේම මානසික රෝගියෙක් වෙන්නැති.

    සමහර විට මීවනපලානෙද දන්නෙ නෑ .ඔය ඇවිදින්න්නෙ ඉබාගාතේ:lol::lol::lol:
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මට මතකයි පොර ෆීල්ඩ් එකට ආපු මුල් දවස්වල ලස්සනට හිටිය. ඒත් පස්සෙ පස්සෙ වැහැරිලා ගියා. දෙරණෙ ද කොහෙද යන ‘‘මා නොවන මම’’ පොරගෙ ප්‍රෝග‍්‍රෑම් එක බැලුවනම් තේරෙයි. සමහර තැන්වල පොර අඳුරගන්නත් බෑ. සමහරවිට මත්ද‍්‍රව්‍යවල ආනිසංස වෙන්න ඇති.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට මතකයි පොර ෆීල්ඩ් එකට ආපු මුල් දවස්වල ලස්සනට හිටිය. ඒත් පස්සෙ පස්සෙ වැහැරිලා ගියා. දෙරණෙ ද කොහෙද යන ‘‘මා නොවන මම’’ පොරගෙ ප්‍රෝග‍්‍රෑම් එක බැලුවනම් තේරෙයි. සමහර තැන්වල පොර අඳුරගන්නත් බෑ. සමහරවිට මත්ද‍්‍රව්‍යවල ආනිසංස වෙන්න ඇති.

    ඔව් බං එදානම් ඌ මොනවා හරි ගහලා හිටියේ කුඩු වෙන්න.
    මොනවා කිව්වද ඌටවත් මතකද දන්නේ නෑ :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    මානසික රෝගයක් හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුණු ජනප්‍රිය ගායකයා 9 වැනිදා තෙක් රිමාන්ඩ්

    මානසික රෝගයක් හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුණු මෙරට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායකයකු වන දමිත් අසංක යන අය ඊයේ (27දා) කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් මස 09 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට වැල්ලවාය මහෙස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කර තිබේ.

    මොහු මීට දින දෙකකට පෙර ප්‍රදේශයේ විහාරස්ථානයකට පැන එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමකගේ සිවුරක් පොරවාගෙන ගම පුරා ඇවිද ඇති බවද කුඩාඔය පොලිසිය පවසයි.

    සැකකාර ගායකයා නිවැසියන්ට බැන වදිමින් පහර දෙන බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරකට අනුව සැකකරු කුඩාඔය පොලිසිය ඊයේ (27දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙත තිබිණි.
    මොහු කිසියම් මත්ද්‍රව්‍යකට තදින් ඇබ්බැහි වීම හේතුවෙන් කිසියම් මානසික රෝගයකින් පෙළෙන බවට පොලිසිය සැක කරයි.

    මීට පෙරද මෙම ගායකයා බීමතින් මෙසේ කලහකාරීව හැසිරෙද්දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණු බව ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවැසීය.

    චූදිතයා මානසික වෛද්‍යවරයකුට යොමු කර වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

    මොනරාගල කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරි ඩී.යූ.පී. අමරතුංග යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.


    - http://mawbima.lk/print20180101MB20181230.php?id=20881
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මානසික රෝගයක් හේතුවෙන් කලහකාරී ලෙස හැසිරුණු ජනප්‍රිය ගායකයා 9 වැනිදා තෙක් රිමාන්ඩ්



    මොහු මීට දින දෙකකට පෙර ප්‍රදේශයේ විහාරස්ථානයකට පැන එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේ නමකගේ සිවුරක් පොරවාගෙන ගම පුරා ඇවිද ඇති බවද කුඩාඔය පොලිසිය පවසයි.
    :lol::(
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    Pora darunu but ekak kawa danna tharamin eken passe thamai awl une nathnam hodata hitiya . lassana kellek set wela hityeth
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Ane manda kudu gahanna gaththama kochara nawaththanna haduwath nawaththanna ba.chamarayath aye patan ganida danna kudu gahanna :sorry::sorry: