නිදහස් දවසට නම් වහලද දන්නෙ නැහැ.. මං ගිහින් නැහැ..
ක්වින්ස් එක විතරයි ගාල්ලෙ හොඳ ෆිල්ම් හෝල් එකකට තියෙන්නෙ..
ප්රින්සස් එකේ චිත්රපටි බලන්න බැහැ.. සුදු ඇඳුමක් ඇඳන් ගියොත් එළියට එනකොට කලුපාට වෙනවා.. වහළෙන් දුඹුල්, සත්තු, කොල වැටෙනවා.. ඒකෙ සිවිලිමට ගෝනි ගහලා තියෙන්නෙ.. අනික ඒකෙ සවුන්ඩ් කොලිටි නැහැ.. කලර්ස් කොලිටි නැහැ.. චාටර් හෝල් එකක්..
ක්වින්ස් එකේ
ODC 180.00
Balcony 240.00
Box නම් හරියටම දන්නෙ නැහැ මං ගිහින් නෑ.. රුපියල් පන්සීයක් හයසීයක් අතර ඇති..
අර ගණන් නම් ශුවර්.. ඔයිට වඩා වැඩිත් නැහැ අඩුත් නැහැ..

ගාල්ලේ හෝල් 4ක් තියෙනවා බන් ප්රින්ස්, රීගල්, ප්රින්සස්, ක්වින්ස්.
රීගල් කියල එකක් නැහැ බං ගාල්ලෙ.. සරසවි, ප්රින්සස්, ප්රින්ස්, ක්වින්ස් තමා තියෙන්නෙ.. දැන් ප්රින්ස් එකයි, සරසවි එකයි නැහැ.. ප්රින්ස් එක මෑතක අයින් කලා.. සරසවි එක අයින් කරලා පත සයිස් බිල්ඩින් එකක් ගැහුවා.. ඒකෙ තමා දැන් KFC එක දාලා තියෙන්නෙ.. තවම හදනො ඒක..

අම්බලන්ගොඩ තියෙන්නේ ගාලු දිස්ත්රික්කේ නේ?
එතකොට බන් දොලොස් මහේ කියලා shop එකක් පිටිපස්සේ තියෙන්නේ මොකක්ද? ඒක රීගල් එක නේ?
USB වලින් ගහලා ප්ලේ කරන්නෙ ෆිල්ම් එක.. කොලිටි නෑ..
මම කිව්වෙ ගාල්ලෙ ටවුන් එකේ එව්වා.. රීගල් එක කොළඹ නේද බං තියෙන්නෙ..?
ක්වින්ස් එක ඉස්සර තිබ්බෙ ජීවන් කියලා.. පස්සෙ තමා ක්වින්ස් කලේ.. ඒක අලුතින් හැදුවනේ.. ඒත් වැඩක් නෑ ඕයි.. හෙන චොරයි..USB වලින් ගහලා ප්ලේ කරන්නෙ ෆිල්ම් එක.. කොලිටි නෑ..

