අපි අද කතාකරන්න යන්නේ දකුණු ලකේ තියෙන ලස්සන වන පියසක් ගැන එය නමින් කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරයයි.
ගොඩක් අය මෙහෙම වනාන්තරයක් තියෙනවද කියලා දන්නෙත් නැතුව ඇති.. කොට්ටාව නෙමේ කොට්ටව.
ගාල්ල සිට කි.මි. 17 ක් පමණ දුරින් ගාල්ල උඩුගම මාර්ගයේ දෙපස තමා මෙම සුන්දර වන පියස හමුවෙන්නේ..සිංහරාජ වනාන්තරයේ උප කොටසක් ලෙසන් සැලකෙන මෙම සොදුරු වන පෙත වන උයනක් ලෙසින් තමා මෙය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ..
1870 දී සුදු ජාතික පාලන සමයේ දී අක්‌කර 3000 කට අධිකව වන පෙදෙසක්ව පැවති බවට තොරතුරු තිබෙනවා..හැබැයි දැන්නම් එතරම් ප්‍රමාණයක් නෑ.. අක්කර 37කට පමණක් සීමාවෙලයි තියෙන්නේ...
1937 දී කොට්ටව වන උද්‍යානයක් ලෙසින් නම් කරලා තියෙනවා... පස්සේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙය කොට්ටව කෝඹල රක්ෂිතයක් ලෙසින් නම් කර තිබෙනවා..
ස්වාභාවික වෘක්ෂලතා ඉතාමත් හොදින් අධ්‍යයනය කරන්න මෙහි යන ඔබටත් පුලුවන්...මෙහි හොදම දේ තමා සර්ප ගහණය ඉතාමත් අඩු බැවින් සංචාරකයින්ට නිදහසේ ඇවිදින්න පුලුවන් වන අඩවියක් වීමයි.
අතීතයේ මෙම වන පියස කන්නෙළිය හා සිංහරාජය යන වර්ෂා වනාන්තරයන් හා සම්බන්ධව තිබූ බවට සාධක ඇතත් වර්තමානයේ ගම්මාන 19 කට වටවූ කුඩා වනගොමුවක් බවට පත්ව තිබෙනවා.. ඒ ඉතින් වන විනාශයේ තරම තමා..
මුහුදු මට්ටමේ සිට මීටර 50 ත් 300 ත් අතර උසකින් පිහිටා ඇති මෙම වන ගොමුව නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි.
මෙම සොදුරු වන පෙතට යාබදව පිහිට පැල තවානද ඉතාමත් සුවිශේෂි වෙනවා.. අනෙක් පසින් පිහිටි නාන තටාකය ද සංචාරකයින්ගේ අවධානය දිනාගත් සංචාරක ස්ථානයක් වෙනවා..
ශ්‍රී ලංකාවට ආවේනි ශාක මෙන්ම සත්ව විශේෂයන්ද මෙහි දක්නට ලැබෙනවා..
අතීත පොතපත් පරිශීලනයේ දී පෙනී යන්නේ ශාක වර්ග 153 ක් පවතින බවත් ඉන් 65 ක් ඒකදේශීය ශාකයි. සත්ත්ව විශේෂද රාශියක් මෙහි ඇත.
මත්ස්‍ය වර්ග 17 ක් සහ උභය ජීවීන් වර්ග 14 ක් මේ වන පෙදෙසේදී දැකිය හැකිය. ඒ වගේම පක්‍ෂීන් වර්ගද 57 ක් මේ වනාන්තරයේදී දැකගන්න පුලුවන්... සමනළ විශේෂ 40 ක් මෙහි සිටි බව කියවෙති..
හැබැයි වර්තමානයේ මේ තත්ත්වය මේ විදියටම තියනවද කියලා දන්නේ නෑ මොකද.අපේම ක්‍රියාකාරකම් නිසා වන ගහණය ක්‍රමයෙන් අඩුවන ලකුණු තමා තියෙන්නේ...
මේ උරුමයන් ආරක්ෂා කරගන්න ඔබත් සහය වන්න..
මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න
Original Article Click Here
