ගාල්ලේ දැරියගේ ඝාතකයින් සොයා පොලිස් පරීක
ගාල්ල අක්මීමන ජනබල ගම්මානයේ පදිංචි පාසල් දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දැරියගේ නිවස අසල මාදොළ ඇළට නුදුරින් පිහිටි තේ වත්තක තිබී ඊයේ පස්වරුවේ ඇගේ මළ සිරුර සොයාගත් බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අසන්ති ලංකාතිලක ද සොයිසා නමැති 8 හැවිරිදි දැරියක්. ඇය සිය වැඩිමහල් සොහොයුරියත් සමග පාසල් ගොස් ඊයේ පස්වරුවේ යළි නිවසට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව වැඩිමහල් සොහොයුරිය උපකාරක පන්තියකට සහභාගි වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. දැරියගේ පියා පෙදරේරුවෙකු වන අතර, මව තේ දළු නෙලන්නියක්.
ඔවුන් ඊයේ පස්වරුවේ නිවසට පැමිණෙන විට දැරිය එහි නොසිටි බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඉන් අනතුරුව පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව දැරිය සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එහිදී මෙම දැරියගේ මළ සිරුර තේ පඳුරක් අසල තිබී සොයාගැනුණා. අදාළ දැරිය දූෂණය කර මරා දමා ඇති බවට පොලිසිය සැකකරන අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.