ලංකාවේ නීතිය අනුව age for consent 18. එතකොට මේක ඉබේම without consent කියලා count වෙනවා. එතකොට ඕක rape case එකක් වෙනවා. ඔතන කෙල්ල initiate කරා උනත් කොල්ලට නඩු වැටෙනවා rape case එහෙකට. Rape law එක ගෑණු අයගේ පැත්තට biased.
"ලංකාවේ නීතිය යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහය හා දණ්ඩ නීති සංග්‍රහ මූලිකවම මෙවැනි අපරාධමය චෝදනා සම්බන්ධයෙන් නීති දක්වා ඇත. ලංකාවේ සාමාන්‍ය පොදු නීතිය යටතේ කාන්තාවන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 363/364 හා 364 (අ) යන වගන්ති යටතේ ආරක්‍ෂණයන් දක්වා ඇත.
එහිදී ස්ත්‍රී දූෂණ චෝදනාවට ලක්වන තැනැත්තා තමන් යටතේ සිටි කාන්තාවට වයස අවුරුදු 16ට අඩු නම්, ලංකාවේ නීතිය එම වරද අර්ථ දක්වා ඇත්තේ %ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ වරද^ ලෙසය. 1995 අංක 20 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනතේ 364 (අ) වගන්තිය යටතේ දක්වා ඇති මෙම ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය තුළදී දැරියගේ,
1. කැමැත්ත ඇතිව
2. කැමැත්ත නැතිව
යන මූලික නෛතික සිද්ධාන්ත දෙකම මෙහිදී අදාළ නොවේ. ඒ අනුව වයස අවුරුදු දහසයකට අඩු තැනැත්තියක සමග ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදෙන තැනැත්තෙකු, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ චෝදනාවට වරදකරු වනු ඇත. ඊට අදාළ දඬුවම් ලෙස,
* අවුරුදු හතකට නොඅඩු වූද, අවුරුදු විස්සක් නොඉක්මවන්නා වූද කාලයකට බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමක්,දඩ මුදලක්,
ලෙස දක්වා ඇත
තවද ව්‍යස්ථාපිත ස්ත්‍රී දූෂණ වරද සිදු කිරීමට තැත් කිරීමද වරදකි. ඊට අදාළ දඬුවම් ලෙස,
* අවුරුදු දෙකක කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමක්,දඩයක් ලෙස දක්වා ඇත. "