ගාලු මුවදොර විකුණයි....
Labels: ඉඩම්, ගාලු මුවදොර, සංචාරක
(2011 ජනවාරි 16, W3Lanka)
"ගාලූමුවදොර පිටියට මුහුණ ලා තවත් දැවැන්ත සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබෙනවා. හොංකොං හි ෂාන්ග‍්‍රි - ලා හෝටල් සමූහය ගාලූමුවදොර අභියස කාමර 500ක සුපිරි තරු හතේ පන්තියේ හෝටලයක් ඉදිකිරීමට මීට පෙර ගිවිස ගත්තා. නව හෝටල් ව්‍යාපෘතිය ඉදිකරන්නේ, චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන සහ අපනයන සංස්ථාවයි. එය තරු පහේ හෝටලයක් සහිත ගොඩනැගිලි සංකීර්ණයක්. නව ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක් වැය කිරීමට අපේක්ෂිතයි. ගාලූ මුවදොර ආසන්නයේ නව සංචාරක හෝටල් ඉදිකිරීම සඳහා ඉඩම් විකිණීමෙන් පමණක් රජය උපයා ඇති ආදායම ඩොලර් මිලියන 250කට අධිකයි. මේ අතර, ගාලූමුවදොරට මුහුණ ලා පිහිටි ටාජ් සමුද්‍ර හෝටලයේ හිමිකරුවන් විසින් එහි තවත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්."
ඉහත සදහන් වුණේ රජයට සම්බන්ධ පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් වන හිරු එෆ්.එම්.හි 2011 ජනවාරි 15දා විකාශය වූ පුවතකි.
ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට මුල් වූ ප්‍රධාන හේතුවක් වන්නේ භූමියේ අයිතිය හෙවත් ඉඩම් පිළිබඳ කාරණයයි. මෙම ප්‍රශ්නය පැන නැඟුණේ 1940, 50 දශකවලදී ගොවි ජනපද පිහිටුවීමත් සමගයි. මෙම ජනපද සඳහා තෝරා ගත් බිම් වැඩිපුර රටේ උතුරු හා නැඟෙනහිර පළාත්වලට සමීපව පිහිටා තිබේ. ජනපද පිහිටුවීමත්, වෙනත් ආර්ථික හා සමාජ හේතුනුත් නිසා රටේ විශාල ජන සංචලනයක් සිදු වූ අතර එයින් ජන විකාශනයේ විශාල වෙනස්කම් සිදු විය.
දකුණේ ජනයා උතුරේ පදිංචියට යාම දෙමළ ජාතිවාදීන්ගේ විරෝධයට තුඩු දුන් අතර, උතුරේ ජනයා දකුණේ පදිංචි වීම දකුණේ ජනයා ඉවසුවේ නැත.
අවසානයේදී සිංහල ජාතිවාදීහු 1983 කළු ජූලිය ඇති කර දෙමළුන් පන්නා දමන්නට උත්සාහ කළ අතර දෙමළ ජාතිවාදීහු සිය බලය ඇති ප්‍රදේශවල වාර්ගික ශුද්ධියක් කළ හ.
දෙමළ ජාතිකවාදීන් විසින් ඉදිරිපත් කරන ලද නිජබිම් සංකල්පය හෙවත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ නිජබිම ය යන තර්කය සිංහලයන්ගේ තදබල විරෝධයට තුඩු දුන්නේ ය.
මේ අවුල් හැම එකක ම මුල ඉඩම් ය. දැන් රජය පිටරට සමාගම්වලට විකුණා මුදල් උපයන්නේ ද ඒ ඉඩම්වලිනි.
ජාතිකවාදීනි, දේශප්‍රේමීනි, කෝ ඔබ කොහි ද?

සුභ අනාගතයක්