ගැණු බස් වල යනකොට වෙන දේ

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ගැණු බස් වල යනකොට වෙන දේ

බස් එකේ යනකොට ඔබත් අපහසුතාවයට පත් වූ කාන්තාවක් ද


ශ්‍රී ලංකාවේ කාන්තාවන් ( women ) සහ ගැහැණු ළමුන්ගෙන් 90% ක්ම පොදු ප්‍රවාහන සේවයේදී හිංසනයට ලක් වන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස එලෙස හිංසනයට ලක්වන ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනයට සහ මානසික තත්වයට එය අහිතකර ලෙස බලපාන බවත් ඔවුන් විසින් පෙන්වා දී ඇත.



පොදු ප්‍රවාහන සේවය කාන්තාවන් ( women ) සුරක්ෂිත ද
ලිංගික හිංසනය මුලික මිනිස් අයිතිවාසිකම් හා නිදහස උල්ලංගනය කිරීමකි. ශ්‍රී ලංකාවේ නීතිමය රාමුව යටතේ ආරක්ෂා කර ඇති පරිදි ඵලදායි ආර්ථිකයක ප්‍රධාන සාධකයක් වන පොදු ප්‍රවාහන සේවය තව දුරටත් කාන්තාවට සුරක්ෂිත නොවන බවට පත් වෙමින් තිබේ.



මෙලෙස පොදු බස් රථ සහ දුම්රිය සේවාවන් වලදී සිදුවන අපහසුතාවයන් අවධානම් තත්වයන් නිසාම අධ්‍යාපන සහ වෙනත් ක්ෂේත්‍රවල රැකියාවන් කරන කාන්තාවන් එයින් ඉවත්ව සිටින තත්වයට පත්ව ඇත. පුද්ගලික වාහන තබා ගැනීම සඳහා ආර්ථිකය ශක්තිමත් නොමැතිකම හා කාර්‍යයාල වෑන් සේවාව සඳහා ගෙවීමට ඇති මුදල මෙසේ ආදායම් වියදම් සමඟ ගලපා ගැනීමට නොහැකි අවස්ථා වලදී මෙම තත්වයන් වඩාත් වැඩි වශයෙන් ඇති වේ.



මෙවැනි තත්වයන් උදා වීම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය නැතිවීම කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා සිටි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාව මේ වන විට වයස්ගත ජනගහනයක් කරා ගමන් කරමින් සිටීමයි.



පොදු ප්‍රවාහන සේවයේදී කාන්තාව හිංසනයට පත් වෙන්නේ ඇයි
පොදු ප්‍රවාහන සේවයේදී මෙලෙස කාන්තාවන් 90% ප්‍රමාණයක් හිංසනයට පත් වෙන බව හෙළිදරව් වීම පුදුමයට කරුණක් නොවේ. ඔබ අප සියලු දෙනාම වරක් හෝ අත්විඳ ඇති මෙවැනි අවස්ථාවකදී එම හිංසනය සිදු කරන පිරිමි පාර්ශවය නිදහස් කර හිංසනයට පත් වූ කාන්තාව වැරදිකරු බවට පත් කරන සිදුවීම් බොහෝ විට පොදු ප්‍රවාහන සේවාවල දැකිය හැකිය.



මෙම වාර්තාවේ පවසන පරිදි හිංසනයට පත් වෙන සිදුවීම් වලින් 4% පමණ ප්‍රමාණයක් පොලිසියේ සහය සඳහා යොමු කර ඇත. මෙලෙස ඉල්ලීම් ප්‍රමාණය ඉතා අඩු ප්‍රතිශතයක් වීමට එක් හේතුවක් වන්නේ මෙවැනි සිදුවීම් වලදී පොලිසිය කෙරෙහි ඇති විශ්වාසටේ අඩුකමක්, වරද සිදු වූ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති විමක්ය.

පොදු ප්‍රවාහනයේදී කොහොමද කාන්තාව ( women ) අපයෝජනයට ලක්වෙන්නේ
පොදු ප්‍රවාහන සේවාවන් වලදී සිදුවන හිංසනයන් අතර ප්‍රධාන තැනක් ගන්නේ ශරීරයේ ස්ථානය අනවශ්‍ය ලෙස හිතා මතා ස්පර්ශ කිරීම, අනවශ්‍ය ලෙස සිරුරට බර වීම සහ තල්ලු කිරීම, ලිංගික අවයව ශරීරයෙ ස්පර්ශ කිරීමට සැලැස්වීම සහ ඇතිල්ලීම ආදියයි.



වර්තමාන තත්වයන් දෙස බලන විට ප්‍රවාහනයේ දී කාන්තාවන් හිංසනයට ලක් කිරීම මානසික රෝගාබාධයක දෘෂ්ටිකෝණයෙන් බැලිය යුතු තත්වයකට පත්ව ඇත. එය සමාජ ප්‍රතිශතයකට එහා ගිය තත්වයක් ලෙස සැලකිය හැකිය.



බොහෝ විට කාන්තාවන් වාචිකව, මානසිකව විවිධ ස්ථාන වලදී අපයෝජනයට ලක් වේ. පාරේ ගමන් කරන විට වුවද අසභ්‍ය වචන පැවසීම, ලිංගික ක්‍රියාකාරකම් වලට ඇමතීම, ශරීරය ස්පර්ශ කර දිවීම වැනි අවස්ථාවන් ඕනෑ තරම් දක්නට ලැබේ. පොදු ප්‍රවාහනයේදී පමණක් නොව රැකියා ස්ථානයේදී, වෙලන්දපොලේදී, පාසලේදී, උසස් අධ්‍යාපන ආයතන වලදී කාන්තාවන් හිංසනයට හා අපයෝජනයට ලක්වේ. 2014 වර්ෂයේදී දකුණු ආසියානු කලාපයේ මාධ්‍ය ආයතන වල කාන්තා හිංසනයන් හා අපයෝජනයන් වලට ලක්වීමේ පළමු ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන ඇත.


source http://thewoman.lk/women-get-embarrassed-public-transport/

 
  • Like
Reactions: Dishta Didin

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    කාන්තාවන් සහ ගැහැණු ළමයින් නිසා පිරිමි අතවරයට ලක් වෙනවා ඉතුරු සීයට 10%
     

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මුලින් උඹ ගානියෙක්ද පිරිමියෙක්ද පොන්නයෙක්ද කියපන්කො :D
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Ganu Pirimi qwata hamoma minissune. Hamotama hagim danim thiyenawane. Ai ethakota mehema dewal pirimi athin witharakma wenawa kiyala kiyanne.. :confused: Ganu ayath hiti gaman piriminta athawara kiyanawane. :angry:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දැකලා තියන සමහරු ඉස්සර ජැක් ගහපු සිද්දි මහත් ආඩම්බරයෙන් කියනවා. කෙනෙක් එසේ එක සැරයක් හෝ කාන්තවක් අපහසුතාවයකට පත්කොට ඇත්නම් ඔහු කාන්තවක් ලිංගික හිංසාවකට පත්කර ඇති අයෙකි. ඔහු තමන් ගැනම ලජ්ජා විය යුතුය. ඔහු අනියම් දුෂකයෙකි.
     
    • Like
    Reactions: smad and Djsash

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    මම දැකලා තියන සමහරු ඉස්සර ජැක් ගහපු සිද්දි මහත් ආඩම්බරයෙන් කියනවා. කෙනෙක් එසේ එක සැරයක් හෝ කාන්තවක් අපහසුතාවයකට පත්කොට ඇත්නම් ඔහු කාන්තවක් ලිංගික හිංසාවකට පත්කර ඇති අයෙකි. ඔහු තමන් ගැනම ලජ්ජා විය යුතුය. ඔහු අනියම් දුෂකයෙකි.

    eeeeyaaa....:angry::angry:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    මම දැකලා තියන සමහරු ඉස්සර ජැක් ගහපු සිද්දි මහත් ආඩම්බරයෙන් කියනවා. කෙනෙක් එසේ එක සැරයක් හෝ කාන්තවක් අපහසුතාවයකට පත්කොට ඇත්නම් ඔහු කාන්තවක් ලිංගික හිංසාවකට පත්කර ඇති අයෙකි. ඔහු තමන් ගැනම ලජ්ජා විය යුතුය. ඔහු අනියම් දුෂකයෙකි.
    ජැක් නොගහ රනිල් වගේ ඉන්න ඕන :yes:
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    මම දැකලා තියන සමහරු ඉස්සර ජැක් ගහපු සිද්දි මහත් ආඩම්බරයෙන් කියනවා. කෙනෙක් එසේ එක සැරයක් හෝ කාන්තවක් අපහසුතාවයකට පත්කොට ඇත්නම් ඔහු කාන්තවක් ලිංගික හිංසාවකට පත්කර ඇති අයෙකි. ඔහු තමන් ගැනම ලජ්ජා විය යුතුය. ඔහු අනියම් දුෂකයෙකි.

    aththa thathwe okayi
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ඔය හිංසනයට පත්වෙන කාන්තාවන් 90% ක් ගෙන් 70%ක් ම හින්සනයට පත්කරන එවුන් අැත්තෙ මේ එළකිරි එකේ
    බස් කතා, කොච්චි කතා thread බැලුවම හොඳට තේරෙනවා
     

    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    ඔය හිංසනයට පත්වෙන කාන්තාවන් 90% ක් ගෙන් 70%ක් ම හින්සනයට පත්කරන එවුන් අැත්තෙ මේ එළකිරි එකේ
    බස් කතා, කොච්චි කතා thread බැලුවම හොඳට තේරෙනවා

    කතා ඔක්කොම කියෙව්වැයි?