Child prodigy කියන එක අහල තියෙනවාද?
ආනන්ද හාමුදුරුවෝ හැම වෙලේම බුදු රජාණන් වහන්සේ ගාව ඉඳලත් රහත් වුනේ පස්සේ කාලෙක නේද?
ඔය ත්‍රිපිටකයෙන් සාක්ෂි දානව කියල කරන්නේ අමු ප්‍රෝඩාවක්. එහෙන් මෙහෙන් තියෙන කෑලි ටිකක් out of context අරගෙන ඒක තමයි ප්‍රධාන අර්තය කියල පෙන්නනවා. නමුත් in context බැලුවහම ඕනෑම කෙනෙකුට පේනවා අනිච්ච කියන්නේ අනිත්‍යය , අනාත්ම කියන්නේ සත්ව පුද්ගල ආත්මභාවයක් නොමැති බව.
පින්වත් ex-muslim Ahmed,
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ පටිසම්භිදාමග්ගප්පකරණයේ මහාවග්ගයේ ඤාණකථා වල එන සුතමයඤාණ විස්තරයේ ලක්ඛණතතික නිද්දෙසයේ [ http://thripitaka.org/view/bjts/sp29/91 ] අනිච්ච යන්නෙන් කවර අර්ථයක් ගෙන දේ ද යන්න දැක්වෙනවා. "රූපං අනිච්චං ඛයට්ඨෙන,..." ආදී ලෙස ලියැවී ඇති කරුණු වලින් අනිච්ච යන්නෙන් ක්ෂය වන අර්ථය ගෙන දෙන බව දැක්වෙනවා. එපරිද්දෙනුත් අනිච්ච යන්න අනිත්‍ය ලෙස පරිවර්තනය කර තිබීම නිවැරදි බව දකින්න පුළුවන්.
අනිච්ච යන්නට වෙනත් අර්ථයක් දී දහම් පටලැවීමට මෑත කාලයේ මූලික වන්නට ඇත්තේ වහරක අභයරතනාලංකාර හිමි වෙන්න ඇති.
Skylark

