පින්වත් ex-muslim Ahmed,
කුමාර කස්සප හිමි උවත්, වෙනත් භික්ෂූන් වහන්සේ නමක් උවත් එවැනි දෙයක් තනිවම කිරීම අපහසුයි. එතැනදී සංඝ සමඟියේ උවමනාව හොඳින් පෙනෙනවා.
ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ කොසම්බක්ඛන්ධකයේ [ http://thripitaka.org/view/bjts/vp3p2/336 ] ඇති කරුණු වලින් ඔවැනි අවස්ථාවකදී සිව්වනක් පිරිස කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න ගැන අදහසක් ඇති කර ගන්න පුළුවන්. කොසම්බක්ඛන්ධකයේ (885 පිටුව [ http://thripitaka.org/view/bjts/vp3p2/378 ]) සඳහන්ව ඇති අනේපිඬු සිටුතුමාට සහ විශාඛා මිගාරමාතාවට බුදුරජානන් වහන්සේ පවසා ඇති කරුණු කියවා බලන්න. සංඝයා කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න ඊට පිටු කිහිපයකට කලින් සිට විස්තර වෙනවා.
එනිසා සෘජුව මැදිහත්ව අධර්මය දෙසන්නන් වැළැක්වීම සුදුසු ක්‍රමය නොවෙයි. දෙසන අය කොයි පාර්ශවයේ උවත් අන් පාර්ශවයේ අය පවසන දේ පැවසීමට ඉඩ දෙන්න ඕනෑ. අසන අය දෙපාර්ශවයම පවසන දෑ අසා කටයුතු කරන්නත් ඕනෑ.
ධර්මවාදී, විනයවාදී භික්ෂූන් කම්මැලි උනොත් තමයි ගැටළුව සුව නොවෙන්නේ. මම කුමාර කස්සප හිමි ගැන නම් දන්නේ නැහැ, නමුත් මේ කාලේ සමහර භික්ෂූන් වහන්සේලා අතර අන්න එහෙම ස්වරූපයකුත් විද්‍යාමාන වෙනවා. එනම් ප්‍රශ්නයක් තියෙනවා, මෙය විසදිය යුතුය, එනමුත් මෙය විසදන්න බැරිය යැයි සිතා කිසිවක් නොකර ඉන්න සිතනා අය ඉන්නවා.
Skylark
පින්වත් ස්කයිලාක්,
ඔබ කියන දේත් ඇත්ත. බොහෝ ස්වාමීන්වහන්සේලා ගැටුමකට යන්නේ නැහැ. මට මෑතකදී බොස්ටන් වල ස්වාමීන්වහන්සේ කෙනෙක් හමුවුනා නෙවාර්ක් ගුවන්තොටුපලේදී. එතුමා හා මම මිතුරු වුන විට එතුමා කිව්වා නොයෙක් මත තියෙනවා, හුඟාක් මත වලින් වෙන්නේ අවැඩක්මැයි, ඒත් අපි ගැටුමක් ඇතිනොකරගෙන බොහෝම පරිස්සමෙන් ඉන්නේ, මොකද දායකයෝ අතර වුනත් බෙදීමක් ඇතිවුනොත් අපට පැත්තක් ගන්න බැහැනේ කියා.







