ගැඹුරු වූ අනිත්‍යය දැකීම

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113

    පින්වත් ex-muslim Ahmed,

    කුමාර කස්සප හිමි උවත්, වෙනත් භික්ෂූන් වහන්සේ නමක් උවත් එවැනි දෙයක් තනිවම කිරීම අපහසුයි. එතැනදී සංඝ සමඟියේ උවමනාව හොඳින් පෙනෙනවා.

    ත්‍රිපිටකයේ විනය පිටකයේ මහාවග්ගපාළියේ කොසම්බක්ඛන්ධකයේ [ http://thripitaka.org/view/bjts/vp3p2/336 ] ඇති කරුණු වලින් ඔවැනි අවස්ථාවකදී සිව්වනක් පිරිස කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න ගැන අදහසක් ඇති කර ගන්න පුළුවන්. කොසම්බක්ඛන්ධකයේ (885 පිටුව [ http://thripitaka.org/view/bjts/vp3p2/378 ]) සඳහන්ව ඇති අනේපිඬු සිටුතුමාට සහ විශාඛා මිගාරමාතාවට බුදුරජානන් වහන්සේ පවසා ඇති කරුණු කියවා බලන්න. සංඝයා කෙසේ කටයුතු කළ යුතු දැයි යන්න ඊට පිටු කිහිපයකට කලින් සිට විස්තර වෙනවා.

    එනිසා සෘජුව මැදිහත්ව අධර්මය දෙසන්නන් වැළැක්වීම සුදුසු ක්‍රමය නොවෙයි. දෙසන අය කොයි පාර්ශවයේ උවත් අන් පාර්ශවයේ අය පවසන දේ පැවසීමට ඉඩ දෙන්න ඕනෑ. අසන අය දෙපාර්ශවයම පවසන දෑ අසා කටයුතු කරන්නත් ඕනෑ.

    ධර්මවාදී, විනයවාදී භික්ෂූන් කම්මැලි උනොත් තමයි ගැටළුව සුව නොවෙන්නේ. මම කුමාර කස්සප හිමි ගැන නම් දන්නේ නැහැ, නමුත් මේ කාලේ සමහර භික්ෂූන් වහන්සේලා අතර අන්න එහෙම ස්වරූපයකුත් විද්‍යාමාන වෙනවා. එනම් ප්‍රශ්නයක් තියෙනවා, මෙය විසදිය යුතුය, එනමුත් මෙය විසදන්න බැරිය යැයි සිතා කිසිවක් නොකර ඉන්න සිතනා අය ඉන්නවා.

    Skylark

    පින්වත් ස්කයිලාක්,

    ඔබ කියන දේත් ඇත්ත. බොහෝ ස්වාමීන්වහන්සේලා ගැටුමකට යන්නේ නැහැ. මට මෑතකදී බොස්ටන් වල ස්වාමීන්වහන්සේ කෙනෙක් හමුවුනා නෙවාර්ක් ගුවන්තොටුපලේදී. එතුමා හා මම මිතුරු වුන විට එතුමා කිව්වා නොයෙක් මත තියෙනවා, හුඟාක් මත වලින් වෙන්නේ අවැඩක්මැයි, ඒත් අපි ගැටුමක් ඇතිනොකරගෙන බොහෝම පරිස්සමෙන් ඉන්නේ, මොකද දායකයෝ අතර වුනත් බෙදීමක් ඇතිවුනොත් අපට පැත්තක් ගන්න බැහැනේ කියා.
    :yes::yes:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සොයන්නා;22746120 said:
    නාටක මාරයි.... :lol:

    හොරු තුන් කට්ටුව ඉඳලා හමාරයි :rolleyes:

    අලුත් එකත් එක්ක ඔක්කොම හොරු හතරයි :lol:

    :rofl::rofl::rofl::rofl:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ස්කයිලාක්,

    ඔබ කියන දේත් ඇත්ත. බොහෝ ස්වාමීන්වහන්සේලා ගැටුමකට යන්නේ නැහැ. මට මෑතකදී බොස්ටන් වල ස්වාමීන්වහන්සේ කෙනෙක් හමුවුනා නෙවාර්ක් ගුවන්තොටුපලේදී. එතුමා හා මම මිතුරු වුන විට එතුමා කිව්වා නොයෙක් මත තියෙනවා, හුඟාක් මත වලින් වෙන්නේ අවැඩක්මැයි, ඒත් අපි ගැටුමක් ඇතිනොකරගෙන බොහෝම පරිස්සමෙන් ඉන්නේ, මොකද දායකයෝ අතර වුනත් බෙදීමක් ඇතිවුනොත් අපට පැත්තක් ගන්න බැහැනේ කියා.
    :yes::yes:


    පින්වත් ex-muslim Ahmed,

    ස්වාමීන්වහන්සේලා ගැටුම් ඇති නොවන පරිද්දෙන් ඉන්න උත්සාහ ගන්නවා නම් එය ඉතාම සුදුසුයි. ඒත් ඒ කාරණාව ගැන හිතා අධර්මය, අවිනය මතුවන විට ධර්මයෙන් විනයෙන් ඊට ප්‍රතිකර්ම කරන්න පසුබට වෙනවා නම් එය නුසුදුසුයි.

    මම මෙහෙ UK වල සහ ලංකාවේ භික්ෂූන් වහන්සේලා සමඟ කළ සාකච්ඡා වලදී මට හිතුන දෙයක් නම් දහම් අවබෝධයට උනන්දුවක් ඇති සෑහෙන පමණ භික්ෂූන් වහන්සේලා නිවැරදි ප්‍රතිපදාවට නොපැමිණ ඇති බව. උනන්දුවක් තිබුනාට බොහෝ අයගේ උනන්දුව ප්‍රමාණවත් නැහැ. සමහරක් ස්වාමීන් වහන්සේලා බොහෝම අල්ප මාත්‍ර දහම් කරුණු ටිකක් ඉගෙන ගෙන ඒ උපකාරයෙන් හොදින් දහම් අවබෝධ වෙයි කියලා හිතන් ඉන්නවා. බොහෝ අය විනය ගැන ප්‍රමාණවත් තරම් තැකීමක් කරන්නේ නැහැ. එසේ සිටීම ඒ අයගේ අභිවෘද්ධියට හේතුවක් නොවෙයි, අන් අයගේ අභිවෘද්ධියට හේතුවක් නොවෙයි, දෙපිරිසේම අභිවෘද්ධියට හේතුවක් නොවෙයි. එවන් භික්ෂූන් වහන්සේලාට අධර්මය, අවිනය මතුවන විට ඊට යමක් කරන්න හැකියාවක් නැහැ.

    ඒ නිසා ඔබට හැකි අයුරින් භික්ෂූන් වහන්සේලාව පොළඹවන්න. ධර්මය සොයන්න පොළඹවන්න, විනයට අනුගත වීමට පොළඹවන්න, සංඝ සමඟිය ඇති කර ගැනීමට වචනයෙන් හෝ කටයුතු කෙරුමට පොළඹවන්න. ගිහියනුත් යහපතට පොළඹවන්න, ගිහියනුත් සංඝ සමඟිය ඇති කර ගැනුමට උත්සුක කරවන්න. ඒ උත්සාහයට බොහෝ දෙනා එකතු උනොත් අධර්මය සහ අවිනය යටපත් වීමත්, ධර්මය සහ විනය මතු වීමත් පහසුවෙන් සිදුවෙනවා.

    ඔය කාරණාව කිරීම පහසු දෙයක් නම් නොවෙයි. වැරදි මඟට වැටුණු ගිහි පැවිදි දෙපිරිසේම යොමුව වෙනස් කිරීමක්, මත වෙනස් කිරීමක්, සම්පූර්ණ සමාජ ශෝධනයක් වැනි යමක් කර තමයි ඔය කාරණාව කර ගත හැක්කේ. ඒ අපහසුව සමහර භික්ෂූන් වහන්සේලා හොඳින් දන්නවා ඇතැයි මම හිතනවා. ඒක කරන්න බැරි දෙයක් යැයි ඒ බොහෝ අය හිතනවා වෙන්න පුළුවන්. බෙහෙවින්ම අපහසු උනත් ඔය කාරණාව කරගන්න බැරි වෙන්න බෑ. අපි කම්මැලි නොවී අඩුපාඩු නිවැරදි කරගනිමින් ඊට දිගටම උත්සාහ කරන්න ඕනැ. ප්‍රතිඵල ලැබෙන්න සෑහෙන කාලයක් යාවි. ඒත් ඒ උත්සාහය උත්සාහ ගන්නා අයටත් අන් බොහෝ අයටත් බෙහෙවින්ම වැඩදායක වේවි.

    Skylark
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් අර පින්වත් ජිල්ල බකට අකවුන්ට් එකෙන් ලොග්වෙලා පෝස්ට් එකක් දාන්න පින්වත් කමල් මම ස්වාසිලන්තෙ හංදියෙ ඉන්නෙ අපි සංඝයාවහන්සේලට උගන්නමු කියලා...
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    මට මතක් උනා ඔබ පළ කළ "ශාසනය බේරාගන්නට නම්..අති පුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ" [ http://www.elakiri.com/forum/showthread.php?t=1789846 ] යන ත්‍රෙඩ් එක. මේ එහි ඔබ දක්වා තිබූ වීඩියෝව:




    වැඩේ පහසු වෙන එකක් නම් නැහැ, හැබැයි පිලිකාවක් වගේ තියෙන නිකාය භේදයත් නැති භංග වේවා!

    Skylark
     
    Nov 20, 2012
    1,467
    477
    0

    වැඩේ පහසු වෙන එකක් නම් නැහැ, හැබැයි පිලිකාවක් වගේ තියෙන නිකාය භේදයත් නැති භංග වේවා!

    Skylark

    පින්වත්ත තට්ට කුකුලොහ්

    උඹ වැඩකට ඇති දෙයක් කියලා තියෙනවා දැක්කමයි.....

    ඒ කතාවට නම් මමත් එකඟයි :yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සොයන්නා;22751344 said:
    පින්වත්ත තට්ට කුකුලොහ්

    උඹ වැඩකට ඇති දෙයක් කියලා තියෙනවා දැක්කමයි.....

    ඒ කතාවට නම් මමත් එකඟයි :yes:

    දැක්කමයි
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් ex-muslim Ahmed,

    මට මතක් උනා ඔබ පළ කළ "ශාසනය බේරාගන්නට නම්..අති පුජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ" [ http://www.elakiri.com/forum/showthread.php?t=1789846 ] යන ත්‍රෙඩ් එක. මේ එහි ඔබ දක්වා තිබූ වීඩියෝව:




    වැඩේ පහසු වෙන එකක් නම් නැහැ, හැබැයි පිලිකාවක් වගේ තියෙන නිකාය භේදයත් නැති භංග වේවා!

    Skylark
    නිකාය බේදයත් නැතිවෙනවා නම් තවත් හොඳයි. ඇත්තටම මේ වගේ විකාර සමාජගත කරන්න ඉඩ පෑදුනේ බුදු වදනට අනුව සංග සමාජය හැසිරෙන්නේ නැතුව එක එක ප්‍රාදේශීය කුල වාද ආදියට අනුව කටයුතු කිරීම නිසායි. ඒ නිසා ඔය වහරක, අභය, මීවනපාලානේ, නිවාසතාප වැනි හොරුන්ට ඉතාම පහසු වුනා "අපියි සැඟවුනු ධර්මය දෙන්නේ, බලන්න සාම්ප්‍රදායික භික්ෂූන් ගේ කෙරුවාව මේකයි" කියා ධර්මය දන්න ස්වාමීන්ලා පවා ඩිස්ක්‍රෙඩිට් කරන්න. :yes::yes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නිකායවල් හැදුවෙ කවුද, කොයි කාලෙද, මොන හේතුවකටද කියලා ඔබතුමන්ලා දන්නවද?
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පින්වත් ex-muslim Ahmed,

    නිකාය භේදය නම් බැහැරලිය යුතු පිළිලයක්මයි!

    ඔන්න වලස්මුල්ලේ අභය බමුණාගේ නිකායට නම් මම කැමතියි බමුණු නිකාය කියලා කියන්න.

    පින්වත් ජිංතක ජිල්ලබකිට පළ කොට තිබූ "වමනේ යන කක්කා යන භාවනා" [ http://www.elakiri.com/forum/showthread.php?t=1833185 ] ත්‍රෙඩ් එකේ වීඩියෝවේ කියැවෙන දේ ගැන මමත් මගේ වෙබ් අඩවියේ ලිපියක් ලියුවා. "වලස්මුල්ලේ අභය බමුණා අත්ත සහ අත්ථ පටලවා ගැනීම" යන මාතෘකාව යොදා තවත් ලිපියක් ලියුවා.

    මම ඊළඟට ලියන්න යන ලිපිය "අනේ අනිච්චං බමුණුදම්මසාරථි" යන මාතෘකාව ඇතිව පළ කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.

    Skylark
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    පින්වත් ex-muslim Ahmed,

    නිකාය භේදය නම් බැහැරලිය යුතු පිළිලයක්මයි!

    ඔන්න වලස්මුල්ලේ අභය බමුණාගේ නිකායට නම් මම කැමතියි බමුණු නිකාය කියලා කියන්න.

    පින්වත් ජිංතක ජිල්ලබකිට පළ කොට තිබූ "වමනේ යන කක්කා යන භාවනා" [ http://www.elakiri.com/forum/showthread.php?t=1833185 ] ත්‍රෙඩ් එකේ වීඩියෝවේ කියැවෙන දේ ගැන මමත් මගේ වෙබ් අඩවියේ ලිපියක් ලියුවා. "වලස්මුල්ලේ අභය බමුණා අත්ත සහ අත්ථ පටලවා ගැනීම" යන මාතෘකාව යොදා තවත් ලිපියක් ලියුවා.

    මම ඊළඟට ලියන්න යන ලිපිය "අනේ අනිච්චං බමුණුදම්මසාරථි" යන මාතෘකාව ඇතිව පළ කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.

    Skylark


    පින්වත් ස්කයිලාක්,

    අභය වැනි පුද්ගලයෙක්ගේ මානසිකත්වය ඉතාම සුලභයි. මෙවැනි අය අපට 10 පන්තියේදී , 8 පන්තියේදී හමුවෙනවා. බටහිර පොප් සයන්ස් පොත් කියවා මම කොන්ටම් දන්නවා, සාපේක්ශතාවාදයත් දන්නවා, ස්ට්‍රින්ග් තියරියත් දන්නවා කියා මුදුනා වෙන්න දඟලන අය අපිට ඉස්කෝලවල හමුවෙනවා. අභයටත් ලොකු පබ්ලිසිටි කෑදර කමක් තියෙනවා. ඒ වගේම දෙයක් එහි මතුපිටින් ගන්නා ගතියත් ඉන් පසු ඒ වැරදි මතය උඩ තව තියරි හැදීම. මේක ගණිතය වගේ විෂයක් හැදෑරූ අය අතර යම් පමණකට තිබුනත් කොමන්සෙන්ස් නිසා, ලෝකය ගැන දැනීම නිසා බොහෝ දෙනක් මේව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරනවා- යම් පුද්ගල විනයක් සමාජය තුල පෙන්වනවා.

    අභයගේ සීන් එක, එයා ආගමික පසුබිමක් සොයාගන්නවා- මේක ඇතුලේ විශාල අධිකාරි බලයක් තියෙනවා, බුද්ධ චීවරයට ලොකු වටිනාකමක් තියෙනවා. ඒකත් එක්ක වහරක හිමිගේ බොරු දේශනා වලින් විසේශයෙන් පද නිරුක්ති සෙල්ලමට ඔහු ඉතා දැඩිව ආශාවෙනවා.

    භාෂාවක අරුත් දනවන ආකාරය විවිධයි, එය තුල රේකීය, ගණිතමය බවක් නැති බව නොදන්න ඔහුට මේක ලේසි මැජික් එකක් වෙනවා. ත්‍රිපිටකය ගැන අඩු දැනුමයි, බුදු සමය ගැන නිවැරදි පදනමක් නැති කමයි නිසා ඔහුට හිතෙනවා ඔන්න අල්ලා ගත්තා "සැඟවුනු දහම" කියා. තවත් කීප දෙනෙක් සැඟවුනු දහම කියන නිසා දැන් එයා රේස් එකේ ඉස්සරහට එන්න වලිකනවා. තවත් අභූත දේ කියනවා.

    සාමාන්‍යයෙන් ඉස්කෝලෙදි නම් මෙ වගේ අය බයිට් වෙලා හැදෙනවා. නමුත් ඇත්ත සමාජයෙත් ඉන්නව අර වගේම පිරිසක්, මෙන්න අර නොදන්න "සැඟවුනු දහම" දෙසන "දේශකයානෝ" ඒ ගොල්ලන්ට හම්බවෙනවා, බයිට් වෙනවා වෙනුවට දැන් කර තියාගෙන යන්න කට්ටියක් සෙට් වෙනවා, ආගමික අදිකාරි බලය, භික්ෂුවක් කියන එක නිසා බයිට් කරන එක වෙන්නේ අඩුවෙන්.

    දැන් ඉතින් "ඉන්ස්ටන්ට් සෝවාන්" වෙන්න, "ඉන්ස්ටන්ට් සකෘදාගාමිවෙලා බඹ ලොව යන්න" ඉන්න බිස්නස් කාරයෝ ටිකත් සෙට් වෙනවා. ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ, යුරෝපේ ඉන්න "ඉන්ස්ටන්ට් ඉන(ර්) පීස්" සොයන කට්ටියට දැන් අභය හම්බුවෙනවා. ඒ ගොල්ලන්ගේ අවශ්‍යතාවයට අනුව බුදු බණ වෙනස් කරන, නවන, කපන කෙනෙක් හම්බෙනවා. භවනා නොකර සෝවාන් කරන, භාවනා කරවලා " ඇඟෙන් කිරණ පිටකරවන" කෙනෙක් , අලුත් සාස්තෲ කෙනෙක් ලැබෙනවා. හිප්නොසිස් MP3 වල තියෙන බයිලයි, කිරිලියන් විකාරයි, කලු කිරණයි, කොන්ටම් මිකැනික්සුයි, ශුදාශ්ටකයි එකට අනලා පත අට එකට සිඳුවලා " "බුදු බණ" ලෙබල් එකෙන් බෙදන "සමිඳානෝ හම්බෙනවා"

    මේකයි ස්කයිලාක් වෙන්නේ.
    :D:D
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අනිච්ච සහ අනත්ත යන මාගධී පද අනිත්‍ය සහ අනාත්ම ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම තුලින් එම පද වල අර්තයන් විකෘති වී ඇති බවත් ඉදිරි ත්‍රිපිටක මුද්‍රන වලදී එම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවත් පූජ්‍ය කිරම විමලජෝති හිමියන් විසින් ප්‍රකාශ කර තිබේ.
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අනිච්ච සහ අනත්ත යන මාගධී පද අනිත්‍ය සහ අනාත්ම ලෙස සිංහලට පරිවර්තනය කර තිබීම තුලින් එම පද වල අර්තයන් විකෘති වී ඇති බවත් ඉදිරි ත්‍රිපිටක මුද්‍රන වලදී එම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවත් පූජ්‍ය කිරම විමලජෝති හිමියන් විසින් ප්‍රකාශ කර තිබේ.

    පිලිකාව නිත්‍යව තිබීම සැපයකි.

    මුන් කියන විදියට චතුරාර්ය සත්‍ය නිත්‍ය නැතිලු

    එකෙක් ආත්මය තියෙනවලු අනිකා අනාත්මයිලු.

    තව මොංගලයෙක් ත්‍රෙඩ් උඩ බොක දානවා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පින්වත් ex-muslim Ahmed,

    එසේ හෝ ඔබේ කැමැත්ත ඉෂ්ඨ වේවා! මාන්කඩවල සුදස්සන හිමි, පිටිගල ගුණරතන හිමි, කොත්මලේ කුමාර කස්සප හිමි වැනි ස්වාමීන් වහන්සේලා සියුම් දහම් කරුණු දේශනා කරන්න දක්ෂ බවක් පෙන්වනවා. ඒ ස්වාමීන් වහන්සේලා දේශනා කරන දහම් කරුණු ස්වල්පයක් පිළිබඳ මට යම් යම් කුකුස් ද පවතිනවා. ඒ ගැන හමුවෙලා කථා කිරීම සුදුසු යැයි සිතීමත් එක් හේතුවක් උනා සුදස්සන හිමිව සහ ගුණරතන හිමිව හමුවන්නට උත්සාහ කෙරුමට. කුමාර කස්සප හිමි සමහරක් විට වැඩ වාසය කරනවා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වෙන්න ඇති.

    Skylark

    කොත්මලේ කුමාර කස්සප හිමි dan lankawe weda innawa kiyala thamai aranchi wune.
    Unnanse bana deshana karanna Australia walata wedama karala hitiya kalayak.
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සොයන්නා;22744307 said:
    පින්වත් ex-muslim Ahmed..... පින්වත් ජිංතක ජිල්ලබකිට.... පින්වත් Skylark

    හොර තුන් කට්ටුව ගැන සලකා බලන්න කියලා එලකිරියට දැනුම් දීල තියෙන්නෙ. :lol::lol:

    තව ටිකක් කල් ඔහොම නටපන් :lol:

     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මෙන්න හාවඩ් (ඔරිජිනල් ස්කයිලාක්) වහරක හිමිගේ බණ උවමනාවෙන්ම විකුර්තිකර දක්වමින් , උන්වහන්සේට අපහාසකරන්න යද්දී වැඩේ මාට්ටු වීම.

    :cool::cool::yes::yes::cool::cool::yes::yes:
    :rolleyes::rolleyes::yes::yes::rolleyes::rolleyes::yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1839138
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඊට පස්සෙ ඒ ලිපිය කියෙව්ව ද ඔයා?
    (මහාවිහාර ලිපිය ද හලෝ? ඒක ටොප්!)
    ඊට පස්සේ අනිච්ච අනිච්ඡ ගැන කතන්දරේ
    නොබැලු අයට මං ආපහු පෙන්නනවා දැන්



    මහාවිහාරය: අනිච්ච ද? අනිච්ඡ ද? ධර්මානුකූල විග්‍රහයක්
    http://mahaviharaya.lk/article/25659


    Skylark


    * ගී පද "ඊතල ධර්මය - අනිච්ච කථා" ලිපියේ පරිදිම ලියන ලදී.