ගැහැණියකගේ දුක්බර දිවිය …..

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    මට මේ ගෑණිව එපා
    පොලීසිය දෙවනක් වෙන්න තරම්
    එයා කියපු සද්දෙට
    සමහර නිළදාරින්
    රවලයි බැලුවේ...

    මොකක්ද හේතු ව
    පැමිණිල්ල විභාගයටත් නිළදාරිනිය ඇහුවේ
    කාරුණිකව නම් නෙමෙයි ...

    ඉස්සර වගේ මෙයා දැන්
    මං ගැන සැලකිල්ලක් නැහැ
    මාත් එක්ක වෙනදා වගේ
    ලිංගික ඇසුරකට
    එන්නෙත් නෑ..

    ඔහු එහෙම කියනකොට
    ඇස් අග මෝදුවුන කදුළ
    කම්බුල් හරහා ගලා ගියා..

    ඇත්ත ද මේ කියන්නෙ
    මිස් අහනකොට
    මං කම්බුල් වල බේරෙන කදුළු
    හෙමින් පිස දැම්මා..

    ඇත්ත මිස්..
    ඉස්සර මං කෙල්ලෙක්
    මෙයා ගැන විතරයි හෙව්වෙ..

    මෙයාගෙ ඕන එපාකම්
    විතරයි බැලුවේ..

    ඒත් මං දැන් අම්මෙක්
    දරු දෙන්නත් එක්ක
    තුන් දෙනෙක් ගැන බලන්න ඕන ..

    උදේ හතරට නැගිට්ටම
    පුංචි එක්කෙනත් අවදි වෙනවා
    මෙයාට නිදියන්න දීලා..

    දරුවා එක අතක වඩන්
    ඔක්කොටම කන්න
    කෑම පිළියෙල කරනවා..

    තේ එකත් දුන්නම
    මෙයා ඒක බීලා
    ඇද පාමුල තියලා
    මූණ හෝදන්න යනවා..

    කෑම එක අතට දුන්නම
    ඒකෙ වසන් ටික ඉතුරු කරලා
    සින්ක් එක ලඟ තියනවා ..

    රෑ අදපු ඇදුම්
    ටැප් එක ලඟට දාලා
    එයා ඔෆිස් යන්න ලෑස්ති වෙනවා..

    ඒ අතර මං
    ලොකු පුතා පාසල් යන්න
    ලෑස්ති කරනවා
    හැමදේම කරන්නෙ
    පොඩි එක්කෙනත් එක අතක වඩන්..

    අත කැඩෙන්න වගේ වෙනකොට
    බිම රෙද්දක් දාලා තියනවා
    වාඩි වෙන්න හදන දරුවනේ
    කොට්ට වටේට තිබ්බත්
    කොහොම හරි වැටෙනවා..

    ඒ බයටම
    වැඩිපුරම අතේ ඉන්නෙ..

    කෑම කන්නෙ
    සමහර වෙලාවට වඩන්
    බාත් රූම් යන්නෙත්
    සමහර වෙලාවට දරුවා එක්ක..

    දවල් කෑම පිසින ඒවා
    රෙදි හෝදන ඒවා
    දරුවා ඉස්කෝලේ ඉදන් ආවම
    එයාගෙ වැඩත් කරනවා..

    මේ හැමෝම කාපු බීපු
    පිගාන කෝප්පෙ ඉදලම
    මං මැදලා හෝදලා තියනවා ..

    හවසට මෙයා
    ගෙට ගොඩ වෙන්නෙ
    මහන්සියි තේ එකක් ඕන කියාගෙන..

    ඔෆිස් ඇදුම් ගලවලා දාලා
    එයා නාගෙන
    හදලා දෙන තේ එක බොනවා..

    බලෙන්ම වගේ
    ළමයා අතට දීලා
    රෑට උයන්න ගත්තත්
    ළමයා අඬනවා කියලා
    ඉක්මනින් ම ආපහු දෙනවා..

    ඉතිං සුපුරුදු විදිහට
    මං ළමයා වඩන් උයලා
    මෙයාලාට කෑම බෙදලා දෙනවා..

    දරුවන්ටත් කවලා නිදි කරලා
    මෙයාගෙ ඔෆිස් ඇඳුම් මැදලා
    සපත්තු ෆොලිස් කරලා..

    කුස්සියත් අස් කරලා
    අතුගාලා තමයි
    ඇදට එන්නෙ..

    මං එනකම්
    මෙයා බලන් ඉන්නෙ
    ලිංගික ඇසුරකට..

    ඒත් මං ඇඳට එන්නෙ
    විඩාබර මගෙ ජීවිතේ
    පොඩ්ඩක් නිදහස් වෙන්න . .

    ඒත් සැරින් සැරේ
    පුංචි එක්කෙනා අවදි වෙලා අඬනවා
    ඒ සෑම අවස්තාවකම
    මම අවදි වෙලා දරුවා නලවනවා..
    ඒත් මෙයා නිදි...

    පුංචි හරි උදව්වක් දෙනවා නම්
    මට මේ වෙහෙසකර බව
    අඩු වෙන්න තිබුනා..

    කදුළු බේරෙන්න ඇති
    දෙකම්බුල් හරහා
    එයාගෙ මූණ රතු වෙලා
    ලැජ්ජාවෙන් ඉන්න බව දැනුනා..

    එයාව අපහතාවයට
    පත් කරන්න
    මටත් ඕන උනේ නැහැ...

    එයා දාපු පැමිණිල්ල ට
    මං උත්තර දුන්නා විතරයි ..

    දෙන්නෙක් එකතුවෙලා
    හදන දරුවන්
    දෙන්නම රැකබලා ගත යුතුයි ..

    මං එයාට ඕක
    පැහැදිලි කරන්න ගියානම්
    රංඩුවකින්
    කෙලවර වෙන්නෙ..

    කවදාවත් ඇහුම්කන්
    දෙන්නෙත් නැහැ
    එහෙත් මෙතනදි
    ඇහුකම් දෙන්න උනා...

    ඔහු තේරුම් ගත්තා
    කියලා කියපු නිසා
    සාමදාන කරා

    තේරුම් ගත්තා නම්
    අද ඉදන්
    අපේ ජීවිත සතුටින් ගෙවෙනු ඇත..
    එසේ සිතා ඔහු සමඟ
    පොලිස් ස්ථානයෙන් එළියට ආවේ..

    IMG-1260.jpg
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,655
    1
    51,395
    113
    ප*යාගල
    sorry.com
    මං ළමයා වඩන් උයලා
    මෙයාලාට කෑම බෙදලා දෙනවා..

    මෙයාගෙ ඔෆිස් ඇඳුම් මැදලා
    සපත්තු ෆොලිස් කරලා..

    කුස්සියත් අස් කරලා
    අතුගාලා තමයි

    මං එනකම්
    මෙයා බලන් ඉන්නෙ
    ලිංගික ඇසුරකට..
     
    ඔය මොකුත් නොකර සැපට ඉන්න අය ඉන්නවා. ඔයිට වඩා දුක් විදින අයත් ඉන්නවා. පිරිමි අයත් ඔහොම තමයි. හැමෝටම සැප විදින්න බෑ. එක එක කෙනාට ලැබුණු ජීවිතය තමයි.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය මොකුත් නොකර සැපට ඉන්න අය ඉන්නවා. ඔයිට වඩා දුක් විදින අයත් ඉන්නවා. පිරිමි අයත් ඔහොම තමයි. හැමෝටම සැප විදින්න බෑ. එක එක කෙනාට ලැබුණු ජීවිතය තමයි.
    දසාව හොඳ වෙන්න ඕනේ කියන්නේ අන්න ඒකයි :rolleyes:
     
    • Sad
    Reactions: Geshi95