ඒ ඒ අවස්ථාවෙ හැටියට ලෝකෙ දකින්න කොහෙ උගන්නන්නද ගොඩක් උන්ට? ලිංගිකතවය අදාළ වෙන අවස්ථා වල එහෙම දැකලා අනික් වෙලාවට වෙන විදියට ගෑනු (හෝ මිනිස්සු) දකින්න පුලුවන් උනා නම් මේ වෙන ඒව වෙයිද? මුන්ට වැලේ වනපු රෙද්දක් දැක්කත් ලිංගිකත්වෙ.
මේ හිර ඩෙනිම්, කකුල් දැක්කම් හැඟීම් ඇවිස්සෙන උන්ට කොන්ඩෙ මූන දැක්කම ඇවිස්සෙන්නෙ නැත්තෙ හොඳ වෙලාවට. නැත්තන් ගෑනුන්ට ඒවත් වහගෙන යන්න වෙන්නෙ. ආ... අමතක වුනා. එහෙම කොන්ඩෙ දැක්කත් චූන් වෙන නිසා ඔලුවත් වහල තියන ජාතියක් ඉන්නවනෙ. උන්ට ඇස් දෙක දැක්කත් ඇවිස්සෙනවලු. එහෙම බැලුවම උනුත් හරි.

තමන්ගෙ චේතනා වලට වගකියන්න ඕන තමන්මයි. තමන්ට තමන් control නැති එකට වෙන කවුරුවත් වගකියන්න ඕන නෑ. කොටින්ම, උඹල මොනව බලල මොනව හිතුවත් ඒ හිතන දෙයින් තමන්ගෙ low class එක ඔප්පු වෙන එක ඇර වෙන දෙයක් වෙන්නෙ නෑ. කැමති කෙනෙකුට තමන් කැමති දෙයක් බලන්න, හිතන්න අයිතියක් තියෙනවා. හැබැයි කාටවත් බලෙන් මොනවත් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නෑ. අර විදියෙ ඇඳුමක් ඇදගෙන හිටි නිසා මට මේකිට ඕන දෙයක් කරන්න පුලුවන් කියන එක ඉතින් මානසික රෝගියෙක්ගෙ සිතිවිල්ලක්. civilized ලෝකෙ ගෙදර ගෑනිටවත් බලෙන් මොකුත් කරන්න බෑ.