ගැහැණු භාෂාව උගනිමු

ඔබ මේ වනවිටත් ඉංග්‍රීසි, ප්‍රංශ හෝ ජර්මන් වැනි භාෂාවක් ඉගෙන ගැනීමට උත්සාහ දරා ඇතැයි සිතමි. නමුත් ගැහැණු භාෂාව හා සංසන්දනය කිරීමේදී ඉහත භාෂා ඉගෙනුමට දැරිය යුතු පරිශ්රමය සැළකිය යුතු තරම් නොවේ. බොහෝ භාෂා විශාරධයන් පවසන පරිදි ගැහැණු භාෂාව තේරුම් ගැනීමට වඩා අමාරු එකම දෙය වන්නේ "0 න් බෙදීම" යි.

අද පාඩමින් ගැහැණු භාෂාවේ බහුලව භාවිතා වන යෙදුම් කිහිපයක් උගනිමු.
1.මොකුත් නෑ
එනම් යම් කිසි දෙයක් සිදුවී හෝ සිදුවීමට ඇති බවයි. නැතිනම් යම් කිසි දෙයක් ඇයට අවශ්‍යව ඇති බවයි. ඒ කුමක්දැයි ඔබ හැකිඉක්මනින් තේරුම් ගත යුතුය.
2.මේක ඇන්දම මාව මහතයි වගේ පේනවද?
මෙය සිංහලට පරිවර්තනය වන්නේ "ඔයාට මම කැතයි කියල හිතෙනවද?" ලෙසයි. සැමවිටම පිළිතුරු දිය යුත්තේ "නෑ" යනුවෙන්ය.
3.හරි, එහෙම කරන්නකෝ!
මෙය ඔබට ලැබුණු අවසරයක් ලෙස වරදවා වටහා ගත යුතු නොවේ. පැහැදිලිවම මෙය තර්ජනයකි. බොහෝ විට ඔබ කරන්නට ගිය වැඩය නොකර සිටීමෙන් අයහපත් ප්‍රතිපල වලක්වා ගත හැක.
4.එපා
සිංහල පරිවර්තනය "එපා"
5.හා
බොහෝ විට මෙහි තේරුම වන්නේද "එපා" යන්නයි. "හා" යනුවෙන් යෙදෙන විරල අවස්ථාද ඇති මුත් එවැනි අවස්ථා වෙන්කර හදුනා ගැනීම ඉතා අපහසුය.
6.සමහරවිට
සිංහල පරිවර්තනය "නැහැ" හෝ "එපා"
7.මෙහෙම කරන්න පුලුවන්නම් හොදයි/ මෙහෙම හොදයි
සෑම වැකියක් අවසානයේදීම "හොදයි" යනුවෙන් යෙදේ නම් එය "කොන්දේසි විරහිත අණ කිරීමක්" වේ.
8.හොදයි!
තර්ක කිරීම අවසාන බවත් ඔබ පැරදී ඇතිබවත්ය. උදා: හොදයි! එහෙම කරමු
9.ඒකට කමක් නැහැ
ඔබට දියයුතු දඩුවම තීරණය කිරීමට ඇයට යම් කාලයක් අවශ්‍ය වී ඇතිබව හැගවෙන පදයකි. උදා: හරි හරි..ඒකට කමක් නැහැ..ඒ ගැන හිතන්න එපා.
10.ඔයා අහගෙනද ඉන්නේ?
ඔබ ඇයට ඇහුම්කන් දී නැත. කනගාටුයි! මෙයින් බේරීමට ක්‍රමයක් නැත.
11.ඔයාට කැමති විදියක්....
මෙය, තෝරාගැනීමට ඔබට ලැබුණු නිදහසක් ලෙස සිතන්නේ නම් සැබවින්ම ඔබ නොමග ගොස් ඇත. මෙහි වඩාත් නිවැරදි පරිවර්තනය වන්නේ " නිවැරදිම තෝරාගැනීම කිරීමට ඔයාට බාරයි, මම දැනටමත් හරි දේ මොකක්ද කියල දන්නවා එත් මන් ඒක ඔයාට කියන්නේ නෑ..මොකද මට අවශ්‍ය කරන තෝරා ගැනීම කිරීමට ඔයා දැනගෙන සිටිය යුතු නිසා.." යන්නයි. වැරදි තෝරා ගැනීම සිදු කිරීමෙන් ඔබට ඉහත සදහන් "ඒකට කමක් නැහැ, it's okay" ලෙස පිළිතුරු ලැබෙනු ඇත.
12.ශබ්ද නගා කරන සුසුම් ලෑම
සත්‍ය ලෙසම මෙය වචනයකි. මෙහි තේරුම දලවශයෙන් මෙසේය "අනේ මේකගේ මෝඩකම් බලාගෙන මට මෙතන ඉන්න උනානේ"
13.විනාඩි පහක් ඉන්න
මෙය යෙදෙන අවස්ථාව අනුව වෙනස්වේ. ඇය ඇදුම් හැද පැළද ගන්නා අවස්ථාවක් නම් බොහෝවිට විනාඩි 30ත් 40ත් අතර කාලයක් වේ. ඔබ දුරකතනයේ හෝ පරිගණකයේ යමක් කරමින් සිටින අවස්ථාවකදී නම් විනාඩි 0 අඩු කාලයක් වේ.
14.ඕනෑඑකක්
මෙය "හොදයි" මෙන් වුවත් එයට වඩා දරුණු තත්ත්වයක් වේ. බොහෝ විට මෙයට පසු "ඔයා අහගෙනද ඉන්නේ?" පැමිණේ.
15.Thanks
මෙහි තේරුම "ස්තුතියි" යන්නයි. you’re welcome ලෙස පිළිතුරු දෙන්න.
16.Thanks a lot
මෙය "ස්තුතියි" යන්නෙහි විරුද්ධ පදයයි. කිසිම අවස්ථාවකදී you’re welcome ලෙස පිළිතුරු නොදෙන්න. එසේ වුවහොත් "ඕනෑඑකක්" ලෙස ඔබට පිළිතුරු ලැබෙනු ඇත.
17.ඒ ගැන වද වෙන්න එපා
මෙයින් අදහස් වන්නේ ඇයගේ යම් වැඩක් කර දීමට ඔබට කලින් පවසා ඇති බවත්(එක් වාරයකට වැඩි ගණනකදී) දැන් ඇය විසින්ම එම වැඩය කර ගැනීමට යන බවත්ය.
18.ඔයා කැමති තැනකට අපි යමු
බොහෝ අවස්ථා වලදී මෙයින් අදහස් වන්නේ ඇයගේ ප්‍රියතම ආපනශාලාව ඔබ තෝරාගත යුතු බවයි.
19.ඔයා ඔය මොකක්ද කරන්නේ?
මෙය ප්‍රශ්නයක් නොවේ. මෙම යෙදුමෙහි තේරුම "ඔබ එම වැඩය වැරදියට සිදුකරන" බවයි.
20.ඔය වැඩේ මේ වෙලාවේම කරන්න ඕනෙද?
මෙය ද ප්‍රශ්නයක් නොවේ. මෙහි තේරුම "ඔබ දැන් කරන වැඩය නවතා දමා ඉදිරි නියෝග සදහා සුදානම් වන" ලෙසයි.
21.අපි දෙන්නා මේක කතා කරලා විසද ගන්න ඕනේ
"කතා කරලා විසද ගන්න ඕනේ" යන්නෙහි අරුත ඇය පවසන දෙයට "එකගවීම" යන්නයි.
22.නෑ මම කේන්තියෙන් නෙමෙයි
ඇයට කේන්ති ගොස් ඇත
23.අපිට ඕනේ
ඇයට ඕනේ
24.මට ඒ ගැන කතා කරන්න ඕනේ නෑ
ඔබ සිටින තැනින් ඉවත්ව යාමට ඇයට අවශ්‍යයි. මොකද තවමත් ඇය ඔබට විරුද්ධව සාක්ෂි ගොඩනගමින් සිටී.
25.අපි මේ ගැන කතා කරන්න ඕනේ
ඔබගේ අවසානය