ගැහැනු-විකුණන-සෙල්ලම

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ගැහැනු-විකුණන-සෙල්ලම

    ගැහැනු විකුණන සෙල්ලම වුණේ මෙහෙමයි ලෙල්ලම

    deal_or_no_deal_girl-alison-waite.jpg


    ඔයා කරුමය සහ ඉල්ලන් කෑම අතර වෙනසක් තියෙන බව විශ්වාස කරනවද, හැබැයි කෙනෙක් දෙයක් ඉල්ලන් කන්නත් හේතු තියෙනවා. මොකද සමාජය මිනිස්සු විසින් ඒ මොහොතේ තමන්ට උදා කරවන තත්ත්වය අනුව ඕනම කෙනෙක් විනාශ වෙන්න පුළුවන්. ලංකාව වගේ දන්න දේකුත් නැති නොදන්නා දේකුත් නැති ආකල්පමය ප්‍රශ්න සහිත සමාජයක අපිට මිනිස්සු හොඳම කරයි. හොඳ දේම සමාජයට දෙයි කියලා හිතන්න බැහැ.

    ඒක නිසා මුලින්ම අපි ආකල්පමය වශයෙන් වෙනස් වෙන්න ඕන. කොහොමත් අපේ මිනිස්සුන්ගේ ආකල්පමය ප්‍රශ්න තියෙනවනේ. තමන්ට හිරිහැරයක්, කරදරයක් නැති කෙනෙක්ට වුණත් මොකක් හරි කරලා අපහසුතාවට පත් කරන්න බලාගෙන ඉන්න රටක්නෙ මේක. ඒත් මතක තියාගන්න ඕනම දෙයක් ඔයාටත් වෙන්න පුළුවන්. ඒක නිසා අනිත් අයට මඩ ගහන්න කලින් තමන් ඉන්න වීදුරු ගෙදර වීදුරු ශක්තිමත්ද බලන්න.
    මම විවාහ වෙලා හිටියේ චීටර් කෙනකුගේ පුතෙක් එක්ක. ඊට කලින් ඉස්කෝලෙ යන කාලේ මට ළමයකුත් එක්ක සම්බන්ධයක් තිබුණා. මගේ අම්මත් ටීචර් කෙනෙක්. ඉතින් කොහොම හරි මට ඒ ළමයාව කසාද බඳින්න බැරි වුණා. ඉස්කෝලෙ ගිහින් ඉවර වුණු ගමන්ම මට අර මුලින් කියපු ටීචර්ගේ පුතාගෙන් යෝජනාව ආවා. අපේ අම්මලා එයාලව ඉස්සර ඉඳලම දන්නවා. ඉතින් මම එයා එක්ක විවාහ වුණා.


    එයා කළේ බේකරි බිස්නස් එකක්. අපිට ලොකු බේකරියක් තිබුණා. අපි සාමාන්‍ය විදියට බේකරියෙ වැඩ බලාගෙන හිටියා. එයාට සෑහෙන්න සල්ලි තිබුණා. ඒ නිසා මට රස්සාවක් කරන්න ඕන වුණේ නැහැ. අපිත් හිටියේ අම්මලාගේ මහ ගෙදර. මගේ මහත්තයා ඒ පවුලේ එකම දරුවා. ඉතින් අපිට එහෙම දේපොළ ප්‍රශ්න තිබුණෙත් නැහැ.
    මට දුවලම තුන් දෙනෙක් හිටියා. ලොකු දුවට අවුරුදු එකොළහයි. දෙවැනියාට නවයයි. තුන් වැනියාට පහයි. ඒ අලුත් අවුරුදු කාලේ. මහත්තයා දුවලා තුන් දෙනාට කජු කඩලා දෙන්න ගහට නැඟලා ඉද්දි ගහෙන් වැටිලා කොන්ද කැඩුණා. අපිට සල්ලි ප්‍රශ්න නොතිබුණු නිසා අපි මහත්තයාව ගෙදර තියාගෙන බෙහෙත් කළා. ඒත් හරි ගියේ නැහැ. කොහොම හරි මහත්තයා මාස 8ක් එක තැන හිටියා.


    පස්සේ අන්තිමට බැරිම තැන අපි රාගම ගියා. රාගම මහත්තයා නවත්තගෙන බෙහෙත් කළාට වැඩක් වුණේ නැහැ. එයා අසනීපය වැඩිවෙලා මැරුණා. අන්තිමට දරුවෝ තුන්දෙනත් අරගෙන මම මහත්තයාගේ මහ ගෙදර ඇවිල්ලා නැවැතුණා. මට තේරුණා මට එහේ ඉන්න බැහැ කියලා.
    එයාගෙ අම්මා නිකන් මාව පාපිස්සක් ගානට දමලා සැලකුවේ. පුළුවන් තරම් වැඩ ගත්තා. මාව ගණන් ගත්තෙත් නැහැ. මට සැලකුවෙත් නැහැ. අන්තිමට මම තීරණය කළා ගෙදර එන්න ඕන කියලා. මම එද්දී මට ගේන්න දුන්නේ පොඩි දුව විතරයි. අනෙත් දුවලා දෙන්නම එයාලා තියා ගත්තා.
    පොඩි දුව කොහොමත් මට කිට්ටුයි. එයාට අවුරුදු පහක් වෙලත් ඒ වෙද්දිත් කිරි බොනවා. ඉතින් දුව අරගෙන මම අපේ ගෙදර ඇවිල්ලා දුවව ගෙදර තියලා නිකාඩෝ එකේ වැඩට ගියා. ඒ යද්දිත් අම්මා වුණත් මට හරියට සැලකුවේ නැහැ. මම කෑවද බිව්වද කියලා හෙව්වේ නැහැ. එයා මට පේන්නත් එක්ක අනෙක් අයට සලකනවා. කෑවද බිව්වද අහනවා. ඒත් මට මොනවත් නැහැ.


    අම්මා ඉස්කෝලෙ ගිහින් එනකොට මම වී තම්බලා තියන්න ඕන. ගෙවල් අස්කරන්න ඕනෑ. ගෙදර ඉන්න අනෙත් අයගේ ළමයි බලන්න සිද්ධ වෙනවා. වැඩ වැඩ ඉවරයක් තිබ්බේ නැහැ. අන්තිමට මම හිතුවා පොඩි දුව ගෙදර දාලා වෙන කොහේ හරි යනවා කියලා.
    එහෙම හිත හිතා ඉද්දී තමයි මම දෙවැනියට කසාද බැඳපු මහත්තයාව මට මුණගැහුණේ. එයා මම කලින් ඉඳලම දන්නවා. මොකද එයා අපේ ගෙදර, බේකරිය තිබුණු කාලේ බේකරියේ වැඩ කළා. ඉතින් මම එයා එක්ක යාළුවෙලා එයත් එක්ක ඉන්න පටන් ගත්තා. දුව හිටියේ අම්මලාගේ ගෙදර. පස්සේ ගෙදරින් දැනගෙන ඒ ගැන කතා කළාම මගේ කලින් මහත්තයාගේ අම්මා කියලා තිබුණා 'එයා බැන්දේ අපේ පුතා මැරුණාමනේ. පුතා ඉන්න කාලේ ඕවා තිබුණේ නැහැනේ. අනෙක අපිට එයාට එපා කියන්න බැරි නිසා කමක් නැහැ කියලා.


    ඔය කියන කාලේ තමයි මේ හැමදේම පටන් ගත්තේ. මට හොඳට වියදම් කරන්න සල්ලි ඕන වුණා. මගේ දෙවැනි මහත්තයා කළේ වෑන් එකක් හයර් කරලා ගැහැනු අයව විකුණපු එක. අපිට ගෑනු 10ක් විතර හිටියා. මටත් ඉතින් සල්ලිනෙ ඕන. ඒ නිසා මිනිස්සු එක්ක යනවා කියන එක මට මහ ලොකු දෙයක් වුණේ නැහැ.
    මට සෑහෙන්න සල්ලි ලැබුණා. එයා කළේ වාහනේ හයර් එකට ගලධාරි එක ගාව තියන් අපිව විකුණපු එක. අපි ළඟට එක එක මිනිස්සු ආවා ගියා. මට ඔය ඩ්ධ්ඍ අරවා මේවා ගැන එහෙම ලොකුවට දැනුමක් තිබුණෙත් නැහැ. මම අවධානයක් දැක්කුවෙත් නැහැ.
    මම දුවලා තුන් දෙනාටත් හොඳටම සැලකුවා. පොඩි දුවට නම් දෙන්න ඕන හැම සැපසම්පතක්ම දුන්නා. කොහොම හරි මම ලස්සනට අඳින එක, දුවලට හොඳට වියදම් කරන එක අපේ ගෙදර අයට ප්‍රශ්නයක් වෙලා තිබුණේ. එයාලා අන්තිමට මගෙන් ඇහුවා මොකද මට එහෙම සල්ලි තියෙන්න විදියක් නැහැ කියලා. එයාලා දන්නවා. මම කිව්වා මම ප්‍රයිවට් හොස්පිට්ල් එකක වැඩට යනවා කියලා.
    මට කිසිම දේක හරි වැරැද්ද තේරුණේ නැහැ. එහෙම තේරුම් ගන්න මානසිකත්වයක මම හිටියෙත් නැහැ. ඒ වෙලාවේ මට ඕන වුණේ සල්ලි විතරයි. මහන්සි වෙලා සල්ලි හොයනවා වෙනුවට මට තේරුණේ මේ විදිය ලේසියි කියලා. ඒක තමයි මට මෙහෙම වරදින්න හේතුවක් වුණේ. මට මාර විදියට සල්ලි ලැබුණා. මම වෙන තැනකට නොයා මේකට ඇබ්බැහි වෙලා හිටියේ.


    ඒත් ඔහොම කාලයක් ඉද්දි මට තේරුණා මට මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. රට යන්න ඕන කියලා. අපි ගැහැනු අය 10 දෙනෙක් හිටියා. අපි දහදෙනාම කතා වුණා රට යමු කියලා. පාස්පෝර්ට් හදන්න ගියාම මට කිව්වා රුධිර පරීක්ෂාවක් කර ගන්න කියලා. පස්සේ අපි දහදෙනාම රුධිර පරීක්ෂාව කරගන්න ද සේරම් පෙදෙස තියෙන ජාතික ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අංශයට ගියා.
    අපි රිපෝර්ට් ගන්න ගියාම අනෙත් අයට රිපෝර්ට් දුන්නා. මට කිව්වා 'දැම්ම දෙන්න බැහැ, ඔයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දවස් දෙකකින් එන්න' කියලා. මම කිව්වා 'මට රට යන්න හදිසියි රිපෝර්ට් එක දෙන්න' කියලා. ඒත් එයාලා දුන්නේ නැහැ. දවස් දෙකකින් එන්න කිව්වා. මම දවස් දෙකකින් ගියාම එයාලා මට කිව්වා මට ඩ්ධ්ඍ කියලා.
    ඒ වෙද්දි ඩ්ධ්ඍ හැදුණාම හැදුණු ගමන්ම මැරෙනවා කියලා මම දැනගෙන හිටියා. මට පිස්සු හැදුණා වගේ. මුළු වාට්ටුවම දෙවනත් වෙන්න මම කෑගැහුවා. මේස පුටු පෙරළ පෙරළ කෑගැහුවා. එයාලා මොනවත් කිව්වේ නැහැ. මට බෙහෙත් පෙත්තක් දුන්නා බොන්න කියලා. මම ඒක බිව්වෙත් නැහැ. මම හිතුවේ කතා කරද්දිත් බෝ වෙනවා කියලා. මම දුව ළඟටවත් ගියේ නැහැ.


    කොහොම හරි අන්තිමට එයාලා මට ප්‍රින්සි මිස්ව මුණගැස්සුවා. ප්‍රින්සි මිස් ළඟට ගියාම එයා කිව්වා ඕවා ගණන් ගන්න එපා මගේ ළඟත් ඕන තරම් අය ඉන්නවා. මටත් ඔය ලෙඩේම තියෙනවා කියලා. ඒ වෙලාවේ මට පුදුම හිතුණා. පස්සේ එයා කාමරයක් ඇරලා මට ඇතුළ පෙන්නුවා. ඒ කාමරේ ඇතුළෙත් පහළොවක්, විස්ක් විතර ගැහැනු අය හිටියා. ඒගොල්ලෝ ටී. වී. බල බල හිනා වෙවී හිටියේ. එයාලටත් ඩ්ධ්ඍ කියලා ප්‍රින්සි මිස් මට කිව්වා. මම ඉතින් කල්පනා කළා. ඇයි මම විතරක් අඬන්නෙ මේ ඉන්නෙත් ගෑනුනේ කියලා.
    මම වෙලාවට බෙහෙත් ටික බීලා සතුටින් හිටියා. මගේ දෙවැනි මහත්තයා නැති වුණේ 2011 අවුරුද්දේ. එයාගේ උගුරේ පිළිකාවක් තිබුණා. ඒත් එයා මැරුණේ ඒ නිසා නෙවෙයි කියලා මගේ හිත කියනවා. මම දන්නවා එයාට මගෙන් ඩ්ධ්ඍ හැදිලා තමයි එයා මැරුණේ. මට ඒක හොඳටම විශ්වාසයි. මහත්තයාගෙ මරණ වැඩවලට ප්‍රින්සි මිස් මට හුඟක් උදවු කළා. එයාලා තමයි පෙට්ටියත් අරන් දුන්නේ.
    ජීවත් වෙන්න ආදායමක් ඕන නිසා මම පොඩි රස්සාවක් කරන්න පටන් ගත්තා. ඒත් බෙහෙත් බොන නිසා මට රෑ වැඩ කරන්න බැහැ. මම එයාලට ඒ ගැන කියලා තියෙන්නේ. ලංකා ප්ලස් ආයතනයෙන් ගමන් වියදම්වලට මාසෙට රු. 750ක් දානවා. මට ලොකු බලාපොරොත්තු නැහැ. මම කරාබු දෙකක් හදා ගත්තා. තව වළල්ලකුයි, මාලෙකුයි හදා ගන්න ආසාවෙන් ඉන්නේ.


    දරුවෝ තුන් දෙනාත් හොඳ තැන්වල ඉන්නවා. එයාලා ළඟට වුණත් යන්න මට එහෙම බලාපොරොත්තුවක් නැහැ. මම මට බැරි කාලෙක ඉස්පිරිතාලෙ ගිහින් නවතිනවා. මැරිලා ගියාම කවුරු හරි මාව වළදායිනෙ. මම දැන් කිසිම කෙනෙක් එක්ක කිසිම සබඳතාවක් නැහැ. මගේ පාඩුවේ ඉන්නවා. කාටවත් ලෙඩක් බෝ කරලා පවු පුරවගන්නත් මට ඕනෑ නැහැ. මේක මම බලෙන් ඉල්ලන් කාපු දෙයක්. මගේ අම්මලා, තාත්තලා උගත් අය. මටත් ඉගෙන ගෙන හොඳ තැනකට යන්න තිබුණා. ඒ නැතත් අර ගෙදර වුණත් මට වළඳක් හරි හෝදගෙන ඉන්න තිබුණනේ.
    මට මතකයි ඉස්සර මම බෙහෙත් බීලා නිදාගෙන ඉද්දී මට හීනෙන් පේනවා මිනිස්සු මගේ පස්සෙන් කැති, පොලු අරගෙන මරන්න එනවා. මම ඇඳෙන් නැඟිටලා කෑ ගහ ගහ දුවනවා. අන්තිමට මාව ඇඳක ගැටගහලා තිබුණා. දැන් නම් එහෙම දුකක් නැහැ. බෙහෙත් ටික බීලා හොඳට පෙනුමට ඉන්නවා. ඉතින් කාටවත් බෝ කරන්නේ කොහොමද? කරලා තියෙන පව් ගෙවලා නිදහසේ මැරිලා යනවා මිසක.
     
    • Like
    Reactions: LalaJ