ගෑණුන්ට පෙන්නපන්
ලංකාවේ නම් මෙම රටා හඳුන්වන්නේ "මරතොණ්ඩි රටා" යන නමින්. හින්දි භාෂාවෙන් අරුත් ගැන්වෙන්නේ "මෙහෙන්දි" කියාය. එමෙන්ම ආරාබි ජනවහරේ කියවෙන්නේ "හෙන්න" යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවේ "හෙනා" යෑයි කියනු ලැබෙනවා.
සාමාන්‍යයෙන් මරතොණ්ඩි රටා ගල්වන්නේ විවාහ උත්සව, දැරියන් මල්වරවීමේ උත්සව, විවාහ ගිවිස ගැනීම් වැනි උත්සවවලදී ඉන්දියානු, අරාබි සහ පාකිස්තාන කාන්තාවන්. මේ අය විවාහ දිනයට පෙර දිනය මෙහෙන්දි ගැල්වීමේ දිනය ලෙස උත්සව ශ්‍රීයෙන් සමරනවා.
මිනිස් සිරුරට මරතොණ්ඩි රටා සිසිලස ගෙන දෙන නිසාම උෂ්ණ අධික රටවල් වන දකුණු අප්‍රිකාව, ආරාබිකරය, පාකිස්ථානය, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය වැනි රටවල ද මරතොණ්ඩි රටා භාවිතය ප්‍රචලිත වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් නම් මෙය භාවිත කරන්නේ සුන්දරත්වය වැඩිකර ගැනීමටයි.
මේ මරතොණ්ඩි රටා නිසා තරුණියන්ට වුණු අකරතැබ්බයන්ද එමටයි. පසුගිය දා මරතොණ්ඩි රටා නිසා තරුණියකට වුණු අකරතැබ්බයක් පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.
මොරොක්කෝවේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් කළු හෙනා රටාවකින් දෙඅත් හැඩකර ගෙන තිබෙනවා.
හැබැයි අයට ලස්සන බල බලා සතුටුවෙන්න ලැබිලා තියෙන්නේ ටික වෙලාවක් විතරයි.
හෙනා රටාව කරලා පැය කිහිපයක් යනකොට ඇගේ අත් ඉදිමෙන්න අරගෙන ඉන් පස්සේ පිලිස්සුම් තුවාල මතුවෙලා.
පසුව ඇයව රෝහල් ගත කරාම වෛද්‍යවරු කියල තියෙන්නේ කළු හෙනා තවත් කළු කරගන්න එකතු කළ රසායනයක් ඇසිඩ් බවට පත්වීම නිසා මේ පිළිස්සීම ඇතිවෙලා තිබෙන බවයි.
මේ වෙනකොට මේ විශේෂයෙන් සැකසූ හෙනා වර්ගය තාවකාලිකව තහනම් කරන්නද මොරොක්කෝ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
http://nethgossip.lk/article/26092