මිනිස්සුන්ගෙ අතින් වැරදි වෙනවා..ඒක සාමාන්යයි.
මොකද කවුරුවත් 100% Perfect නෑ.
වටින්නේ අපේ අතින් එහෙම දෙයක් උනා කියලා අවංකම හිතට දැනිලා
ඒ දේ හදාගෙන ඉස්සරහට යන එක..
කවුරු මොනවා කියුවත් වැරදි හදාගෙන ඉස්සරහට නොයන උන් අතරින්
උඹ සෑහෙන්න හොඳ එකෙක්.
ඉතින් උඹට හිතෙන විදියට කොතනිනද ඔය දේ ගොඩ දාගන්න පුලුවන්..
(උඹට වාසිවෙන විදියක්නේ බලන්න ඕන..)
කෙනෙක් කියයි ගුරුවරයෙගෙන් සමාව ගනින්..
තව එකෙක් කියයි, යාලුවන්ට තේරුම් කරහන් කියලා
තව එකෙක් කියයි ඔය මොකවත් වැඩක් නෑ බං ඩිග්රී එක ගොඩ දාහන් කියලා..
උඹට හිතෙන විදියට මේ දේ කරන්න පුලුවන් කොතනින්ද ??
අපිට අනුන්ව මේ වැඩේට දා ගන්න බෑ නේ..
උඹ විතරයි අපිට ඉන්නේ..
ඒ නිසා උඹේ පැත්තෙන් පොඩි වෙනසක් කරලා
ඒ හරහා දෙයක් ලබා ගන්න එක ටිකක් ප්රායෝගිකයි
වගේ කියලා මට හිතෙනවා..
වෙලා තියෙන්නේ මේකනේ බන් මේ ගෑනි මට මෙහෙම කරාට අනිත් උන්ට යාළුවෙක් වගේ ඉන්නේ. ඒනිසා මම මේ ගෑනිට විරුද්ධව කොල්ලන්ට කෙල්ලන්ට මොකක් හරි කිව්වම ඒකටත් වැරිදි මම තමයි. උන් ඒ ගෑනි නැති තැන වත් ඒගෑනිට මුකුත් කියන්නෑ.
ඒ හින්ද මෙ ගැන මම උන් එක්ක කතා කරන්නෑ. කොහෙමත් දැන් මම වැඩිය උන්ට මූන දෙන්න යන්නේ නෑ.
කැන්ටිමේදි සෙට් උනත් පිටට තට්ටුවක් දාල හිමින්සැරේ මාරුවෙනව. 
මම කිව්වනේ බන් මට වෙලාවකට පලිගන්න හිතෙනවා. වෙලාවකට ඉවසන් ඉන්නව කියල හිතෙනව. විශේෂයෙන් රෑට මට හිතෙන්නේ ඉවසන එක හොඳයි කියල. ඒත් සමහරවෙලාවට මූඩ් අවුල් ගියාම අර ගෑනි මතක් වෙනව. මොකද ඒ පරිසරයම චාටර් උනේ ඒ ගෑනි නිසා.

මම සතියක් ගෙදරත් ගිහින් හිටිය බන් එපා වෙලා. එක බල්ලෙක් නිකමට වත් ඇහුවෙ නෑ කෝල් එකක් දාල තෝ කෙහෙද ගියේ කියල.




එක නිසා exam එක හොදට ලියපන් උබට ෆුල් ශුවර් වෙන විදියට. එහෙම උනොත් උබට පස්සෙ action එකක් ගන්න පුලුවන්.


