ගෑස්ට්‍රයිටීස් ගැන

ප්‍රශ්නය- ගැස්‌ට්‍රයිටිස්‌ යනු කුමක්‌ද?

පිළිතුර- ගලනාලය අවසානයේ තිබෙන කපාටයේ ඇති දෝෂයක්‌ නිසා ආමාශයේ තියෙන පිත ද්‍රව කොටස්‌ හා යුෂ ආදිය උගුරට එනවා. සමහර අවස්‌ථාවල වමනෙට යනවා. එය ගැස්‌ට්‍රයිටිස්‌ යනුවෙන් හඳුන්වන්න පුළුවන්. ආමාශයේ හා කුඩා බඩවැල් වල ඇතිවන තුවාල තත්ත්වයන්ද ගැස්‌ට්‍රයිටිස්‌ තත්ත්වයක්‌ ලෙස හැඳින්වීමට හැකියාව ඇත. එහෙත් සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ ආමාශයේ ඇසිඩ් වැඩිකම ගැස්‌ට්‍රයිටිස්‌ තත්ත්වයක්‌ ලෙසයි.

ප්‍රශ්නය- ගැස්‌ට්‍රයිටිස්‌ වැළඳීමට හේතු?

පිළිතුර- ගැස්‌ට්‍රයිටිස්‌ හෙවත් අම්ල පිත්ත රෝගය වැළඳීමට හේතු රාශියක්‌ තිබෙනවා. අපි භාවිතා කරන ආහාර රටාව ඒ සඳහා ප්‍රධාන ලෙස බලපානවා. උදාහරණ වශයෙන් අධික මේදය සහිත ආහාර ගැනීම, අධික කැෆේන් ඇති පාන වර්ග භාවිතයට ගැනීම, කුළු බඩු හා මිරිස්‌ අධික ලෙස භාවිතා කිරීම, දුම්පානය හා මධ්‍යසාර භාවිතය, ඇස්‌ප්‍රීන් හා ඇටකටු දිරීම පාලනය කිරීමට බෙහෙත් වර්ග ගැනීම ආදිය දැක්‌විය හැක.

මීට අමතරව බැක්‌ටීරියාවක්‌ නිසාද ආමාශප්‍රදාහයේ ඇතිවන විෂබීජ තත්වයත්, ගලනාලයේ පහළ කෙලවරේ කපාටයේ ඇතිවන විවිධ දෝෂ ආදිය මෙන්ම කාන්තාවකගේ ගර්භණී තත්ත්වයකදීද ගැස්‌ට්‍රයිටිස්‌ වැළඳීමට හැකියාව තිබෙනවා.

එහෙත් විශේෂ හේතුවකින් තොරව මෙම රෝගය ඉබේම වැළදීමේ හැකියාවද තිබෙනවා.

ප්‍රශ්නය -ගැස්‌ට්‍රයිටිස්‌වල රෝග ලක්‍ෂණ?

පිළිතුර- පපුවේ මැද කොටසේ සහ උදරයේ පහළ කොටසේ ඇතිවන දැවීම, තිත්ත හා ඇඹුල් රහට උගුරට ඒම, උගුරේ යමක්‌ හිරවෙලා තියෙනවා වගේ දැනීම, මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණ ලෙස දැක්‌විය හැක. එහෙත් සමහර අයට කැස්‌ස වමනේ යැම උගුරට ඒම සමග ක්‌ලාන්ත ගතියක්‌ දැනීම ආදියද රෝග ලක්‍ෂණ ලෙස පෙන්නුම් කරනවා. මීට අමතරව වෙනත් රෝග ලක්‍ෂණද පෙන්නුම් කිරීමට හැකියාව තිබෙනවා. මානසික ආතතියද ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට බලපාන අතුරු කාරණාවක්‌ ලෙස දැක්‌විය හැක. කුඩා දරුවන්ට මෙම රෝගය වැළදුන විට කුඩා දරුවන්ගේ වර්ධනය බාලවීම කැස්‌ස ගතිය ඇතිවීම දැක්‌විය හැකියි. ගැස්‌ට්‍රයිටිස්‌ සංකීර්ණ වූ විට ගිලීමේ අපහසුතාවයද ඇති වීමට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය- ගැස්‌ට්‍රයිටිස්‌ වැළඳුන රෝගියකු ගත යුතු ආහාර වර්ග හා පිළිපැදිය යුතු කරුණු මොනවාද?

පිළිතුර- තෙල් අඩු ආහාර ගැනීම, පීෂ්ඨ ධාතු අඩු කෑම වේලක්‌ ගැනීම, කැෆේන් අධික ආහාර නොගැනීම, අරක්‌කු සිගරැට්‌ දුම්වැටි ආදියෙන් අත්මිදීම, වෙලාවට කෑම ගැනීම, ශරීරයේ බර වැඩි නම් බර අඩුකර ගැනීම,

ගතයුතු ආහාර වර්ග හා පිළිපැදීය යුතු කරුණු ලෙස දැක්‌විය හැක.

ප්‍රශ්නය- ගැස්‌ට්‍රයිටිස්‌ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම?

පිළිතුර- ඊට විවිධාකාර ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. එහෙත් මේ හැම ප්‍රතිකාරයක්‌ම බෙහෙත් පෙති නොවේ. මේ සඳහා සුළු බෙහෙත් වර්ගයේ සිට වැඩි බෙහෙත් වර්ගය දක්‌වා බෙහෙත් වර්ග තිබෙනවා. මූලික ප්‍රතිකාරවලින් සුවයක්‌ නැතිනම් එන්ඩොස්‌කොපි පරීක්‍ෂණයක්‌ සිදුකරනවා. ඒ අනුව තවදුරටත් පරීක්‍ෂණ වලට යනවා.

ප්‍රශ්නය- ගැස්‌ට්‍රයිටිස්‌ වැළඳිය හැකි වයස්‌ සීමාවන් මොනවාද?

පිළිතුර- මෙය ඇතිවීමට කිසිම වයස්‌ භේදයක්‌ වයස්‌ සීමාවක්‌ නොමැත. ලොකු කුඩා භේදයකින් තොරව හැම වයසකම අයට මෙම රෝගය වැළඳිය හැකියි.

ප්‍රශ්නය- ගැස්‌ට්‍රයිටිස්‌ නිට්‌ටාවට සුවකළ හැකිද?

පිළිතුර- "ගැස්‌ට්‍රයිටිස්‌ නිට්‌ටාවට සනීපකිරීම ගැන කතා කිරීමේ හැකියාවක්‌ නෑ. කතා කිරීමට හැකියාව ඇත්තේ මෙම රෝගය පාලනය කිරීම ගැන පමණයි. නිසි ප්‍රතිකාර හා නිසි ආහාර වර්ග ගැනීමෙන් මෙම රෝගය පාලනය කිරීමට හැකියාව තිබෙනවා. කෙසේ වුවද මෙම රෝගය පිළිබඳ අනවශ්‍ය කලබලයක්‌ ඇති කරගත යුතු නැත. සිදුකළ යුත්තේ මෙම රෝගය පාලනය කිරීම සඳහා නිවැරදි ආහාර රටාවක්‌ අනුගමනය කිරීමයි.

:dull:]
 
Last edited:

Tron-original

Member
Jun 29, 2013
676
76
0
cyberworld
Oya magula matath tiyanwa... oka hoda karanda amarui bn..

Welawata kawath stress aka tiyanwa nam oka aniwa hadenawa...

Man nam English behath kala denna akama beth set aka awata dan ahanaha bn, bonakan hodai nawatapu gaman aye anawa...

omeprazole

digene tablet or syrup


Dan man hitan inne Sinhala beheth wath tika kalayak karanda, nitawatama hoda karaganda

anith de tama udeta watura widurawak bonda kiri aka bonda kalin.. ude kama paraku nokara kanda
 
Last edited: