කලට වෙලාවට ආහාර නොගැනීම තමයි ප්‍රධානම හේතුව. ගොඩක් අය කියන්නෙ මට බඩේ ගෑස් කියලනෙ. ගොඩක් අය හිතන්නෙ කෑම කෑවේ නැති උනාම අමාශයේ පිරෙන මොකක් හරි ගෑස් එකක් වායුවක් හින්ද ඔහොම වෙනවා කියල.

ඒක සම්පුර්ණයෙන්ම වැරදි.

ගෑස්ට්‍රයිටිස් කියන නම හැදිලා තියෙන්නේ ගැස්ට්‍රෝ කියන "ආමාශයික" කියන තේරුම දෙන වචන කන්ඩය එක්ක එකතු වෙලා. නැතුව ගෑස් කියන තේරුමක් ඇතුව නෙමෙයි
අමාශයේ අහාර ජීරණයට HCl අම්ලය ශ්‍රාවය වෙනවා. බඩගින්න දැනෙන්නෙ ඔය වෙලාවට තමයි. ඉතින් හරියට වෙලාවට කෑම කෑවනම් ආමාශයේ පවතින ඒ ආම්ලික ගතිය අඩු වෙනවා මොකද ඒවා ආහාර ජීරණයට වැයවන නිසා. වෙලාවට කෑම නොගන්න එක පුරුද්දක් වශයෙන් ගෙනගියොත් වෙන්නෙ මේ අම්ල මගින් අපේ ආමාශයම ජීර්ණයට ලක් කරන එකයි. ඒක වලක්වන්න අමාශ බිත්තියේ ඇතුලතින් පවතින සෙවල වගේ ස්තරයක් තියෙනවා. ඒකෙන් තමා අම්ල අමාශ බිත්තියේ වදින ඒක නවත්තන්නෙ. කවුරු හරි පුරුද්දක් වශයෙන් අහාර ගන්න එක කල් දම දමා ඉන්නවනම් අර කියපු සෙවෙල වගේ ස්තරය බිඳගෙන අමාශ බිත්තියට අම්ලය ස්පර්ශ වෙන්න ගන්නවා කලක් යද්දී. ඒ අවස්ථාවේදී අම්ල මගින් අමාශ බිත්තිය ජීරණය කරනවා. එහෙම තමයි ඔය කියන අමාශයේ තුවාල ඇති වෙන්නෙ. ඒ තත්වයට ආවම ඉතින් සෑහෙන්න අමාරුයි. හරියටම වෙලාවට කෑම බීම ගන්න වෙනවා.
අනිත් එක වෙලාවට කෑම ගන්න බැරි උනොත් ආම්ලික තාව අඩුවෙන්න කියල වතුර බොන්න හොඳ නෑ. මොකද ආම්ලික තාව පොඩ්ඩක් තනුක උනත් ඒකෙන් වෙන්නෙ අර අම්ලය මුළු අමාශය පුරාම හොඳට පැතිරිලා යන එකයි. එහෙම කරාම කාලයක් යද්දී වෙන හානිය තවත් වැඩි වෙනවා.
හරියට වෙලාවට කෑම ගත්ත නම් හැදුනට පස්සෙ ප්‍රතිකාර හොය හොයා යනවට වඩා කොච්චර ලේසිද.