ගෑස් කිලෝ එක රුපියල් දහයකින් ගනන් ඇරඹීමත් එක්ක අපේ ඇත්තෝ එක එක කතා කියනවානේ. ආරංචි විදිහට ලෝකේ ගැසූ මිල සියට පන්සියයක් විතර වැඩ්වෙලාලු. මේ ශ්රීත ඍතුව යුරෝපයේ විදුලි බලයත් ෂුවර් නෑ කියනවාලු. මොකද LPG බලාගාර වලටත් ගෑස් ෂුවර් නැති හින්දා. හැබයි අන්තිමට ඔක්කෝටම මුල ඇමරිකාව ප්රමුඛ යුරෝපා රටවල් රුසියාවට සම්පාදක දැමිල්ල. ලෝකේ ලොකුම ගෑස් නිෂ්පාදකයා රුසියාව යුරෝපේ ට දෙන්නේ ඒ ගෑස්. අපි රුසියාවෙන් ගෑස් ගන්නේ නැහැ. හැබයි දෙගොල්ලෝම දා ගත්තු කොකු හින්දා මේ වෙනකොට යුරෝපේ ලෝකේ වටෙන්ම ගෑස් ගන්නවා. අනික චීන ජපාන ඉල්ලුමක් වැඩි වෙලාලු. යුරේපේ බලන් හිටියා ඇමරිකාවෙන් ලයින් එකක් ගන්න මං හිතන්නේ මැදපෙරදිගින් . හැබයි ප්‍රශ්න එක්ක නතර වුනා. මොකද කොහොම ගියත් සිරියාව හරහා යන්න වෙනවා. සිරියාව කියන්නේ රුසියාවේ රූකඩ රාජ්‍යක්. දැන් අන්තිමට යුරෝපේ ලොක්කෝ යුක්රේනය කියන දේ අහලා රුසියාව හදන දෙවනි පයිප්ප ලයින් එකට ගේම ඉල්ලාලු. මේ පාර රුසියාව සාමාන්‍ය සැපයුමේ න් සියට 48 ක් කපලා. අන්තිමට මේ අහක යන යුක්රේනය ක් හින්දා අපි කන කට්ට. හිතන්න එපා මම ගෑස් වැඩි කරපු එක හොඳයි කියලා කියන්න හරි සාධාරණි කරනය කරන්න කියලා ලිව්වා කියලා. හැබයි යන්තම් නෙට් එකේ බලපු ගමන් තියන කතාව ඕක. හොඳම දේ කියන්නේ රුසියාව ගෑස් වලින් යුරෝපේ බව කරන්න ඉන්නවා කියලා කියන්නේ ක් යුක්රෙන් කාරයෙක් ම වීම.