යුක්‍රේන රුසියා අර්බුදය. ඇත්තට මොකද උනේ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    යුක්‍රේනය

    යුක්‍රේනය කියන්නේ රුසියානු අධිරාජ්‍යයේ කොටසක්. ඊට කලින් පෝලන්ත අධිරාජ්‍යයේ කොටසක්.ඊටත් කලින් තව මොකද්ද අධිරාජ්‍යයක කොටසක්.කිසිම දවසක් වැඩාකාලයක් රටක් විදිහට තිබුණු තැනක් නෙමේ. යුක්‍රේනය කියනනේ වැඩි සම්පත් වලින් සමන්විත රටක් නෙමෙයි. තනිකරම සමතලා බිමකින් යුක්ත යුක්‍රේනය හැමදාම අධිරාජ්‍යය වල ගොවිබිම් විදිහට වැඩ කලා. රුසියානු අධිරාජ්‍යයේ අවසන් කාලය වෙනකොට යුක්‍රේනය කොසාක් වරුන්ට නින්දගමක් විදිහට දිනලා තිබ්බා. නමුත් ලෝක යුද්ධයෙ අවසානයේදී රුසියානු අධිරාජ්‍යයේ බිඳ වැටීමත් එක්ක යුක්‍රේනය නිදහස් රටක් විදිහට ප්‍රකාශ කරනවා

    1917දී නිදහස් රටක් විදිහට නම් කරගත්තත් යුක්‍රේනය ඇතුලේ ඇතිවෙන දේශපාලන ගැටුම් එක්ක රුසියානු බෝල්විෂික් බලපෑම් එක්ක රට ඇතුලේ දේශපාලන තත්වය හොඳ තැනක් නැති වෙන අතරේ රුසියාවෙන් සම්පූර්ණ නිදහස 1918දී ප්‍රකාශ කරනවා. හැබයි මාසයක් ඇතුලත රතු හමුදාව කියෙව් වට කරනවා. ඒකෙන් පස්සේ දෙගොල්ලොම එකතු වෙලා යුක්‍රේන බෝල්ෂිවික් එකමුතුව යටතේ යුක්‍රේනය පාලනය කරනවා.

    හැබයි මේ කාලේ ඇතුලත බෝල්ෂෙවික් විරෝධී නැගිටීම් කිහිපයක් වගේම බොල්ෂවික් විරෝධි කුළී හමුදා වල ඉක්මන් වලට යුක්‍රේනය යටත් වෙනවා. ගොඩක් එව්වා මහා භයානක විදිහට රතු හමුදාව විනාශ කරලා දානවා. හැබයි දවල හමුදාව වගේ ඒවා යුක්‍රේන ජනතාව රුසියන් ජනතාව සාමාජික විදිහට සමුල ගාතනය කරනවා. නමුත් අන්තිමේදී රුසියානු සිවිල් යුද්ධය රතු හමුදාව ජය ගන්නවා.මේකෙදි වැඩි හරියක් යුක්‍රේනියානුවෝ සටන් කරන්නේ දවල හමුදාව පැත්තට. මොකද ඉඩම් හිමි කොසාක් වරු අධිරාජ්‍යය හමුදා නිලධාරීන් සටන් කරනවා දවල හමුදාව පැත්තට. ඒක හින්දා සාමාන්‍ය මිනිස්සු ඒ පැත්තට උදව් කරනවා. රුසියාවට කියන්නේ ගොඩක් බටහිර ජාතින් වග නේමේ. තමුන් ඉඩම් හිමියෙන් නෙමේ නම් වහලේක් විදිහට තමා ඉන්න වෙන්නේ. තමුන්ගේ ගම අයිති ඉඩම් හිමියන්ට තමුනුත් අයිතියි. රුසියානූ ඉඩම් හිමියෝ කියන්නේත් සැහෙන අඩු පිරිසක්. රුසියානු ක්‍රමයේදී සාමන්‍ය ජනතාවට තැනක් නැහැ. මම දන්න විදිහට යුරෝපයේ තිබ්බ වරක්ම ක්‍රමය. ඒ හින්දා ජනතාව ඉඩම් හිමියන්ට බැදිලා හිටියා. අධිරාජ්‍ය බිඳ වැටිලා අවුරුදු දෙකක් වගේ යනකනුත් තත්වය එහෙම්මමයි. අනික බෝල්ෂෙවික් වරු තාම මොස්කව් වල කටයුතු ඉවර කරලා තිබ්බේ නැහැ. මේ දවල හමුදාව ජර්මන් ඔස්ට්‍රියන් බ්‍රිතාන්‍ය සහය මැද තමයි ක්‍රියාත්මක වෙන්නේ.අන්තිමට ඔවුන්ට අයිති කොටස් පෝලන්තය විසින් අල්ල ගන්නවා.

    රුසියාව සිවිල් යුද්ධයෙන් පස්සේ සමූහ ගොවිපලවල් ආරම්භ කරනවා. මේකෙදි යුක්‍රේනය රුසියානු බටහිර කලාපය වගේ අයත්වෙනවා. සමුහ ගොවිපලවල් මුල් අවුරුදු කිහිපයදි සම්පූර්ණ අවුල් ජාලයක් වෙනවා. මොකද ස්ටාලීන් ඉඩම් හිමි රදළයින්ව පිටුවහල් කරලා ඉඩම්වල බලය බෝල්ෂෙවික් වරු හරහා සාමාන්‍ය මිනිස්සුන්ට දෙනවා. හරියට අපේ රටේ වතු ජනසතු කලා වගේ තමා. එකෙක්වත් කිසිම සැලසුමක් ඇතුව වැඩ කරන්නේ නැහැ. වැඩ මෙහෙයවන්න දෙන්නේත් නැහැ. ( පෙරළුනු නැවුම් පස කියවලා තියනවානම් දන්නවා නාන නෑම) මේකෙදි රුසියාවේ අනිත් තැන්වලට දෙන්න යුක්‍රේනයෙන් තිරිඟු එකතු කරනවා. හැබයි යුක්‍රේනය දුවන්නේත් රිම් එකෙන් අන්තිමට යුක්‍රේනයේ මිලියන තුනහමාරක් මැරෙනවා. මුළු සෝවියට් දේශයේ ම මිලියන අටහාමාරක් මැරෙනවා.
    හැබයි ඉතින් එතනින් පස්සේ සෝවියට් සංගමය මුලු සංගමය දියුණු කරන්න පටන් ගන්නවා. පන්නපු ඉඩම් හිමියන්ට එන්න දෙනවා.හැබයි NKVD ඒකේ සම්පූර්ණ පරික්ෂාව යටතේ. මුල් අවුරුදු කිහිපයදි ස්ටාලින්ගේ කාර්මිකරනය යටතේ කියෙව් ප්‍රධාන තැනක් බවට පත් වෙනවා.

    දෙවන ලෝක යුද්ධයේදී රතු හමුදාව යුක්‍රේනය රැක ගන්න අසමත් වෙනවා. රතු හමුදාවේ මිලියන එකහමාරක් කියෙව් මිනිස්ක් නගර දෙක ඇතුලේ දි නැතිවෙනවා. දෙවනි ලෝක යුද්දේදි යුක්‍රේනය ඇතුලේ ජර්මන් හමුදාව හැසිරෙන්නේ නිකන් නිවාඩුවට ගමේ ගියා වගේ. සමහර යුක්‍රේන ජාතිකයෝ ජර්මන් නාසි හමුදාවට දෙවියන්ට වගේ සලකනවා. යුක්‍රේනය පාලනය සාමාන්‍ය ජර්මන් හමුදාව අතින් නාසි SS වරු. ඒ අතරේ යුක්‍රේනය. ජාතික වීරයෙකු විදිහට නම් කරපු Stephan Bandera වගේ අයත් හිටියා. ඔහු පුද්ගලිකව නාසි රුදවුම් කදවුරක් පවත්වපු පුද්ගලයෙක්. හැබයි අන්තිමට ඔහු සියලු චෝදනාවලින් නිදහස් කරනවා ඇමරිකාව. නමුත් අන්තිමට 1943දී රතු හමුදාව යුක්‍රේනය අල්ල ගන්නවා Bandera KGB ඔත්තුකරුවෝ මරනවා බටහිර ජර්මනියේදි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආපහු ස්ටාලීන්ගේ ඇහැ යුක්‍රේනයට යොමූ වෙනවා. දියුණු කරනවා වගේම ගුලාග් වලට දක්කන්න. 1953 දී ස්ටාලින් මැරෙනවා. 54දී නිකිතා කුෂෙව් සෝවියට් නායකයා වෙනවා ඒත් එක්කම කුෂෝව් යුක්‍රේනයට ප්‍රමුකතාව දෙනවා. මොකද කුසෙන් යුක්‍රේන බෝඩරේ ඉපදුනු කෙනෙක් විදිහට. ඇන්ටනොව් බියුරෝ වගේ ගොඩක් දේවල් යුක්‍රේනයේ ලැබෙන්නේ මේ කාලේ යුක්‍රේනය සෝවියට් සංගමේ ප්‍රධාන වැඩබිම වලින් එකක් බවට පත් වෙනවා. ඔඩෙස්සාව, ක්‍රිමියාව, යුක්‍රේන සමුහාණ්ඩුවේ කොටස් බවට පත් වෙනවා.(ක්‍රිමියාව රුසියාවට අයිති වෙලා තිබුනේ මෙතෙක් කල්). කුසෙන් අහක් කරන කොට සෝවියට් සංගමයේ දෙවන ප්‍රධාන රට බවට යුක්‍රේනය පත් වෙනවා. ඒ දේ සෝවියට් දේශය බිඳ වැටීම පෙන්නුම් වෙනස් වෙන්නේ නැහැ.

    1986දි යුක්‍රේන සමූහ ආණ්ඩුවේ වැරදි නිසා සහ KGBය හරි තොරතුරු ලබා නොදීම හේතුවෙන් චර්නොබිල් නෂ්ඨික බලාගාරයේ හතර වෙනි ප්‍රතික්‍රියාකාරකය පුපුරණවා. චර්නොබිල් වල අරමුණ ක්‍රියෙව් වලට විදුලිය සැපයීම. ඒකත් එක්ක වර්ගකිලෝමීටර 2000ක් ජිවත් වීමට නුසුදුසු වෙනවා. ඒත් එක්කම මේ පිපිරීම් සෝවියට් දේශය බංකොලොත් කරනවා.

    1991 දී සෝවියට් සංගමය බිඳ වැටීම එක්ක පලවෙනි වතාවට යුක්‍රේනය රටක් හැටියට වෙන් වෙනවා. මුල් කාලයේදී ඇමරිකාව සැහෙන්න උදව් කරනවා. මූලිකම හේතුව රුසියාව සතුවෙච්ච අවි ආයුධ රැසක් යුක්‍රේනයේ ඉතිරි වෙලා තියන එක. කිරි කිරි tu160 දහනමයක් යුක්‍රේනයට අයිතිවෙනවා. එයින් දහයක්ම විනාශ කරන්න ඇමරිකාව ආධාර දෙනවා. මුළු production run එකම 26යි. යුක්‍රේනය නිදහස් රටක් උනාට ඇමරිකන් බලපෑම් එක්ක පත් වෙච්ච දූෂිත ආණ්ඩු ටිකෙන් ටික රට නැති නාස්ති කරනවා. රුසියාව ඉතුරු වුණු Tu 160 අටක් TU 95S තුනක් kh 55 cruise missile 575 ක් ආපහු ගන්නවා නොගෙවපු ගෑස් ණයට හිලව් වෙන්න.
    රුසියාවත් යුක්‍රේනයත් අතර සම්බන්ධතාව සාමන්‍ය තත්වයක අවුරුදු විසි තුනක් විතර කාලයක් පවතිනවා. කාලෙකට ගැටළු ඇති වුනත් ඒවා එච්චර දුර දිග යන්න දෙන්නේ නැහැ.
    2010දී ඇමරිකානු ගැති ylia tymoshenko පරාද කරලා රුසියානු හිතවාදී Viktor yanukovych ජනාධිපතිවරනය දිනනවා.2014 දී ඇමරිකානු දේදුනු විප්ලවයේ තවත් ගොදුරක් බවට යුක්‍රේනය පත් වනවා. ඒ යුරෝපා සංගමය එක්ක නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් නොකලයි කියලා..ඒ වෙන කොට අවුරුද්දකට ඩොලර් බිලියන දහයක් අපනයන රුසියාවත් එක්ක. රටේ ප්‍රධාන ගැනුම් කරුවෙක් උනේ රුසියාව. අදටත් යුක්‍රේනය EU ඒකේ නැහැ. ඒකත් එක්ක CIA backed විරෝධතා වියාපාරයක් පටන් ගැනෙනවා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට viktor රුසියාවට පලා යන අතරේ oleksandr turchynov වැඩ බලන ජනාධිපති වෙනවා. ඊළඟට ජනාධිපති වර්ණයෙන් pertro proshenko පත්වෙනවා. ඔන්න ඔතන තමා ඔය ප්‍රශ්නෙ පටන් ගන්නේ.

    මේ විප්ලවය වෙලාවේ ක්‍රිමියාව තනිකරම අනිත් පැත්තට තමා වැඩ කරන්නේ. ක්‍රිමියාව 1960 ගනන් වෙනකම් රුසියාවේ කොටසක්. ඉතින් වැඩි හරියක් රුසියානු ජාතිකයෝ. මේ ගැටුම් සිද්ද වෙන වෙලාවේ ක්‍රිමියාව තමුන්ගේ නිදහස් ප්‍රකාශ කරනවා. යුක්‍රේනය තමුන්ගේ නාවික හමුදාවට නියෝග කරනවා ක්‍රිමියාව අල්ල ගන්න. මෙන්න මෙතෙන්දි තමා යුක්‍රේනෙට මුලින්ම තරු පේන්නේ. ක්‍රිමියාවේ තමා යුක්‍රේන නාවික හමුදා මූලස්ථානය තිබ්බේ. සම්පූර්ණ නාවික හමුදාවේ නිලධාරින් ක්‍රිමියාව පැත්ත ගන්නවා. ඔවුන් ක්‍රිමියාවේ නාවික හමුදාව විදිහට ක්‍රියා කරනවා තියනවා. නාවික හමුදාව සතු වෙච්ච ප්‍රධාන නැව් තමුන්ගේ කොඩිය විදිහට රුසියානු ජාතික කොඩිය උස්සනවා.යුක්‍රෙනෙත් නිකන් ඉන්නේ නැහැ. ක්‍රිමියාවට වතුර යන එක නවත්තනවා. අන්තිමට රුසියාව ක්‍රිමියාව තමුන්ගේ රටේ කොටසක් විදිහට පිලින්නවා.
    Petro රටේ පිළිගත්ත එකම භාෂාව යුක්‍රේනය කරනවා. අවුරුදු සිය ගානක් රුසියාව යටතේ තිබ්බ යුක්‍රේනයේ අදටත් වැඩි වශයෙන් එදිනෙදා කතා කරන්නේ රුසියානු. මේක රුසියානු ජනතාව වැඩි කළු මුහුද අවට ජනතාව ඉන්න ප්‍රදේශ වල ගැටුම් අවුල් වන්න හේතු වෙනවා. ඩොනබාස් ලුහනස්ක් ප්‍රදේශ වල සියට අසූවක් විතර ඉන්න රුසියානුවන් තමුන්ගේ ප්‍රදේශ ස්වයං පාලිත ප්‍රදේශ විදිහට නම් කරනවා. ඔඩෙස්සාව වගේ පැතිවල සාමකාමී විරෝධතා පවත්වනවා. යුක්‍රේන ආණ්ඩුව තමුන්ගේ පක්ශ පාතී නියෝ නාසි සංවිධානවල ආයුධ ගත්ත උද්ගෝෂණය නොදැක්කා වගේ ඉන්නවා. අන්තිමේදි නියෝනාසි වරු රුසියානු හිතවාදියා තිස්ගානක් එක බිල්ඩිමක් ඇතුලට දාලා ගිනි තියනවා. දොරවල් ඔක්කෝම බොලොක් කරගෙන එලියට එන්න හදන අයව පොදු වලින් ගගහා ඇතුලට පන්නනවා. බටහිර මාධ්‍ය සම්පූර්ණ වරද රුසියානු හිතවාදීන් පිට පටවනවා. අඩුම තරමේ නාසි වාදීන් ගැන කියන්නේ ක් නෑහැ. අදටත් මේගැන පැහැදිලි පරික්ෂණයක් යුක්‍රේන රජය පවත්වන්නේ නැහැ.
    ඔය අතරේ යුක්‍රේන හමුදා ඩොනබාස් ස්වයං පාලිත ප්‍රදේශයට විරුද්ධව යුද්ධයක් පටන් ගන්නවා. ඒත් රුසියාව යටින් සපෝර්ට් කරන හින්දා ඒක ලේසි වෙන්නේ නැහැ. ඔය අතරේ කාගේහරි මිසයිලයකින් mh 17 ගුවන්යානය විනාශ වෙනවා. තාම හරියට කවුද කලේ කියන්න ශාන්ති නැහැ. මොකද ඩොනබාස් වලට සිවිල් ගුවන් යානයකට පහර දෙන්න අවශ්‍ය නැහැ. අනික යුක්‍රේනයටත් පැහැදිලි හේතුවක් නැහැ.

    අන්තිමට 2015 බෙලරුසියාවේ මිනිස්ක් වලදි දෙගොල්ලොම සටන් විරාමයක් අත්සන් කරනවා. හැබයි යුක්‍රේනය කාලතුවක්කු ප්‍රහාර වගේ නතර කරන්නේ නැහැ. හැබයි සටන් විරාම නිරීක්ෂකයෝ විදිහට EU එකෙන් ඉන්න හින්දා එලිපිට ගහන්නෙත් බැහැ. ඔය අතරේ බටහිර රටවල් රුසියාවට විරුද්ධව සම්භාධත දානවා. නමුත් ක්‍රමානුකූලව EU සමඟ තියන රුසියානු සම්බන්ධතා හොඳ වෙනවා. හැබයි කොහෙවත් ඉන්න බ්‍රිතාන්‍යයට මේක පේන්න බැහැ.
    2017 දී යුක්‍රේනය තමුන්ගේ නාවික යාත්‍රා තුනක් රුසියානු අවසරයක් නැතුව Kerch සමුද්‍ර සන්ධිය හරහා යන්න ගිහින් තුනම අත්අඩංගුවට ගන්නවා. ඒවාගේ සිද්ධි පිට දාලා එංගලන්තේ ඇතුලට එන්ටර් වෙනවා. ඒත් රුසියාව තබා සතේකට ගනන් ගන්නේ නැහැ.

    රුසියාව 2014 ඉදන්ම යුක්‍රෙන දේශසීමාව අසල යුධ අභ්‍යාස පවත්වනවා. ඒ හින්දා බටහිර මාධ්‍ය වල රුසියාව හැමදාම යුක්‍රේනය ආක්‍රමණය කරනවා. මේ වෙන කොට රුසියාව යුක්රේනය සමග තිබ්බ එකම සම්බන්ධතාව වෙච්ච යුරෝපයට ගෑස් යවන බවට පද්ධතිය අත්හරින්න සූදානම්. ඒක යුක්‍රේනය පැත්තේ ක් මෙන් පාඩුවක් මොකද යුක්‍රේනය ගැසූ ගන්නේ එකෙන් ලැබෙන කුලියෙන්. ඒ වගේම රුසියාවට යුක්‍රේනය නේටෝවට එකතු වෙන එක නවත්තන්න ඕනේ ඒකට රුසියාව යුක්රේනය ප්‍රයෝජනයට ගන්නවා. යුක්රේනය වට කරහම. යුක්රේනෙ නේටෝවේ සාමාජිකයෙක් නම් යුරෝපයේ රටවල් යුද්ධයට එන්න ඕනේ. ඔය එක යුරෝපයේ චණ්ඩියෙක් වත් යුද්ධයකට කැමති නැහැ වගේම රුසියාව තරහා කර ගන්න කැමති නැහැ. යුරෝපයේ ප්‍රධානියා වෙන ජර්මනිය අදටත් හමුදා ආධාර විදිහට හෙල්මට් ටිකක් විතරයි යවලා තියෙන්නේ. ඒ උනාට ඇමරිකාවට රුසියාව නැති කරන්න ඕනේ වෙලා තියනවා. එංගලන්තේත් තාමා 1940 ගනන් වල තත්වේ කියලා වැඩ පෙන්නන යනවා.හැබයි දෙගොල්ලොන්ටම යුරෝපය යුද්ධයක පැටලෙනවා කියන්නේ හොඳ දෙයක් ආර්ථික වශයෙන්.

    යුක්රේනය රුසියාවෙන් ඇතිවීමත් එක්ක ලොකුවට කඩන් වැටෙනවා ඇන්ටනොව් බියුරෝ ඒකේ ගුවන් යානා නිපදවීම. යුක්රේනය ගෑස් ටර්බයින් එන්ජින් නිෂ්පාදනය වගේ දේවල් නැත්තටම නැති වෙනවා. දැනට යුරෝපයට එලවළු පලතුරු යවන එකෙන් තමා ජීවත් වෙන්නේ. ගොඩක් රජය සතු.ආයතන පුද්ගලික කරනය කරලා තියනවා. ඒක අතකින් බැළුවොත් යුක්‍රේනය ආර්ථිකමය වශයෙන් හිටියට වඩා පහලට වැටිලා තියනවා.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කියුබා මිසයිල් ක්‍රයිසිස් එක වගේම දෙයක් තමයි දැන් වෙලා තියෙන්නෙ. කිසිම ප්‍රභල රටක් තමන්ගෙ දේශ සීමා ආසන්නයට ආයුද ස්තානගත කරන්න දෙන්නෙ නෑ. එක්කෝ යුක්‍රේන් එක නේටෝ එක ඇතුලට ගන්න ඕනෙ... එහෙම උනොත් නම් සමහර විට රශියා ඉන්වේඩ් කරන එකක් නෑ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කියුබා මිසයිල් ක්‍රයිසිස් එක වගේම දෙයක් තමයි දැන් වෙලා තියෙන්නෙ. කිසිම ප්‍රභල රටක් තමන්ගෙ දේශ සීමා ආසන්නයට ආයුද ස්තානගත කරන්න දෙන්නෙ නෑ. එක්කෝ යුක්‍රේන් එක නේටෝ එක ඇතුලට ගන්න ඕනෙ... එහෙම උනොත් නම් සමහර විට රශියා ඉන්වේඩ් කරන එකක් නෑ
    ඔන්න කිව්වා කතාව
     
    • Like
    Reactions: Rankira and S.GUNE

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    තේරුනෙ නෑ.. :eek:
    මෙතන යුරෝපයේ කවුරුත් ලොකු යුද්ධයකට කැමති නැහැ බන්. රුසියාව කැමැතිත් නැහැ. යුක්‍රේනය නේටෝ ඒකට ගත්තෝත් රුසියාව යුක්රේනයට ගහනවා. එතකොට අරුන් කැමැත්තෙන් හරි අකමැත්තේන් හරි යුද්ධෙට යන්න ඕනේ. හැබයි ගන්නේ නැහැ කියලා උත්තරයක් දුන්නෝත් රුසියාවත් නිකන් ඉන්නවා යුරෝපෙට ප්‍රශ්න යනුත් නැහැ. මෙතන ඇමරිකා එංගලන්ත දගලනවා යුද්ධයක් ඇසුවොත් උන්ගේ ආයුධ ටික විකුණා ගන්න.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම යුක්‍රේනය පැත්තේ..අපේ මිතුරෝ නේ.කොවිඩ් තියෙනකොටත් ලංකාවට අැවිත් සපෝර්ට් කරා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තේරුනෙ නෑ.. :eek:


    යුක්‍රේනය නේටෝවට එකතු කරගන්න හදන එකම තමයි මේ ඇවිලිල්ලට හේතුව.

    හරියට අඩන්න ඉන්න එකෙක්ගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ වැඩක් වෙන්නේ උඹ කියන දේ කලොත්.

    ආක්‍රමණයට හේතුව සපයද්දී පුටීන්කාරයා කකුලක් පස්සට අරන් පාඩුවේ ඉදිද?

    නේටෝ එකට රටක් එකතු කර ගන්නවා කියන එක රැයකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.සාමාජික රටවල් ඔක්කොමගෙම වගේ කැමැත්ත ලැබෙන්න ඕනේ.ජොබ් එකකට ගන්නකොට අහවල් සුදුසුකම් ටික සම්පූර්ණ කලා තියෙන්න ඕනේ කියනවා වගේ තමයි ,ඕවාට ජොයින් කර ගන්න කොටත්.සාමාජිකත්වය ඉල්ලන එකෙක්,නේටෝ එකට ජොයින් වෙන්න ඒ ඒ සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ.උදාහරණයකට යුක්‍රේනයේ හමුදාව නේටෝ මිලිටරි ස්ටෑන්ඩ්ස් වලට අනුව හදන්න වෙනවා.

    දේශසීමා/බෙදුම්වාදී ප්‍රශ්න තියෙන රටවල් නේටෝ එකට වත් යුරෝපා සංගමයට වත් ජොයින් කර ගන්නේ නැති කතාවක් තියෙනවා.

    2008දී ජෝර්ජියාව,යුක්‍රේනය නේටෝ එකට ජොයින් වෙන්න රික්වෙස්ට් කලා.

    ඒත් ජර්මනිය,ප්‍රංශය යෝජනාවට විරුද්ධ වුනා.කැඩිලා ගිය සෝවියට් සමූහාණ්ඩු නේටෝ එකට ඈදගන්නවට ජර්මනිය කැමති වුනේ නැත්තේ,රුසියාව තරහ ගස්ස ගන්න ඕන නැති හින්දා.අදටත් ජර්මන්කාරයෝ ඒ මතයෙම තමයි ඉන්නේ.

    2008 අවුරුද්දෙම ජෝර්ජියාවට ගැහුවා රුසියාවෙන්.කැඩුවා වෙනම කෑලි දෙකක්..දැන් සද්ද නෑ.

    2014 දී යුක්‍රේනයටත් ඒ වැඩේම වුනා.ක්‍රිමියාව උන්ට නැති වුනා.නැගෙනහිර යුක්‍රේනයෙන් කෑලි දෙකක් නැති වුනා.


    2014-09-06_12.55.36.png


    ඒ රටවල් දෙක ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්න.ඔය රටවල් දෙක නේටෝ එකට ඈද ගන්නවා කියන්නේ නිල වශයෙන් නේටෝ-රුසියා යුද්ධයක් කියන එක.

    යුක්‍රේනය නේටෝවට ජොයින් වුනාම උන් සාමාජික රාජ්‍යයක් වෙනවා,දැන් නේටෝ එක රතු ඉර පැන්නා,රුසියාවයි නේටෝ එකයි අතර බෆර් සෝන් එක අතුරුදහන් වුනා.රුසියාව යුද ප්‍රකාශ කරනවා. යුක්‍රේනයට රුසියාව ගැහුවොත් ,නේටෝ ගිවිසුමට අනුව අනෙක් සාමාජික රටවලට යුක්‍රේනය වෙනුවෙන් රුසියාව එක්ක මූණට මූණ සටන් කරන්න සිද්ධ වෙනවා.යුරෝපයට නේද ඒකෙන් අවාසි. කාටද ඒකෙන් වාසි?
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මේ වෙන කොට රුසියාව යුක්රේනය සමග තිබ්බ එකම සම්බන්ධතාව වෙච්ච යුරෝපයට ගෑස් යවන බවට පද්ධතිය අත්හරින්න සූදානම්.
    Nordstream eka fully functional wunama EU and Russia ties thawa dura tath strong wenawa. Eth oya pipeline eka thaama operate wenna patan gaththe naa :no:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැති ආක්‍රමණයක් මවලා,දිනයි වෙලාවලුයි කියලා බයි සීයා මොනවද බලාපොරොත්තු වුනේ? ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාපන්.

     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    NATO and USA want Ukraine because then they can install nuke missile sites in Ukraine. So in the event of nuke war, USA can lounch nuke missiles which is few km away from Russian border. So even Russia try to lunch nuke missiles, by the time they just lunch them but rassia may no more because nuke from Ukraine. That's why Rassia don't want Ukraine to become NATO county
     
    Last edited: