දෙයක් දහනය වෙන්න සාධක තුනක් තියෙන්න ඕනි.
- දාහය ද්‍රව්‍ය තිබීම
- දහන දහන පෝෂකයක් (ඔක්සිජන් )ලැබීම
- දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වීම
සංවෘත කාමරයක ගෑස් ටැංකියකින් ලීක් වෙනවා.
එතකොට
- දාහය ද්‍රව්‍ය = LP Gas
- දහන දහන පෝෂකය = Mainly Oxygen
- දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වීම = ස්විච් එකක ස්පාර්ක් එකක් හරි, ගිනි කූරක් හරි, කුකර් එකේ ගිනි ගල හරි පත්තු කරලා ගින්දර පිටවෙනවා. එතකොට කාමරය LP ගෑස් වලින් සංතෘප්ත නිසා ක්ෂණික දහනයක් සිද්ද වෙනවා. ජ්වලන උෂ්ණත්වයට පත්වෙන්නම ඕනි නෑ, LP ගෑස් ලේසියෙන්ම දහනය වෙන නිසා.
ගින්න නවත්තන්න නම් එක්කෝ
- ජ්වලන උෂ්ණත්වය ට පත් වෙන එක නවත්තන්න ඕනි.
- දාහය ද්‍රව්‍ය ඉවත් කරන්න ඕනි.
මේ දෙකම මේ අවස්ථාවේ කරන්න බෑ. මොකද මිලි තත්පර ගාණකින් දහනය වෙන්න පටන් ගන්නවා.
එතකොට කාමරේ තියෙන දහන පෝෂක වායු ඉවත් වෙනවා. එතකොට තාමත් ගෑස් ලීක් වෙනවා නම් සහ ඔක්සිජන් ප්‍රමාණය ඉවරයි.
තාවකාලික අඩු පීඩන කලාපයක් නිර්මාණය වෙනවා. ගොඩක් වෙලාවට බාර්ස් 15-20ක පීඩනයක්.
පීඩන අසමතුලිතතාවයක් ඇතිවෙනවා කාමරයේ සහ පිටත පරිසර වල.
එතකොට තමයි පිපුරුමක් වෙන්නේ.
ඉටිපන්දමක් පත්තු කරලා එක වීදුරුවකින් වහන්න,
වහලා ඉටිපන්දමේ දැල්ල නිමෙනකන් ඉදලා වීදුරුව අයින් කරන්න,
ඇතුලේ පීඩනය අඩු නිසා වීදුරුව ඇතුලට වාතය ඇදිලා යනවා දැනෙයි.
පල්ලෙහා තියෙන්නේ එහෙම ගෑස් නිසා පිපුරුම් වුන අවස්ථා කිහිපයක්.