ගෑස් රු2500යි,කිරිපිටි රු 850යි

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ගෑස් රු2500යි,කිරිපිටි රු 850යි

    lpgd.jpg
    BREAKING NEWS
    12.30 pm








    a
    ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල වැඩිවේ



    ගෑස් සිලින්ඩරයක් රු.350/- කින් ඉහළට
    කිරිපිටි කිලෝවක් රු. 163/- කින් ඉහළට
    සිමෙන්ති කොට්ටයක් රු.70/- කින් ඉහළට

    අද මධ්‍යම රාත‍්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කර තිබෙනවා. සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් මේ බව පැවසුවේ අද කොළඹ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ජාවකදීය.

    මේ අනුව දැනට රු. 2,080/- ක් වන කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු. 2430/- කි. මිල ඉහල යාම ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම බලපායි.

    මේ අතර, කිරිපිටි මිල ද ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කලා. මෙ අනුව කිලෝග‍්‍රෑම් එකක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 163 න් ඉහළ නංවා ඇති අතර රුපියල් 647ක් වු කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 810ක් වනු ඇති.

    ග‍්‍රෑම් 400 යේ කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 61 න් ඉහළ නංවා තිබේ. ඒ අනුව එම කිරිපිටි පැකැට්ටුවක නව මිල රුපියල් 325ක් වේ.

    මීට අමතරව කි.ග‍්‍රෑ 50 න් යුතු සිමෙන්ති කොට්ටයක මිල රු.70 න් ඉහළ දමා තිබෙනවා.

    පාං රාත්තලක මිල රු. 3කින් ඉහළ ගියේ මීට දින කීපයකට උඩදීයි. බොහෝ ප්‍රදේශ වල නව පාං රාත්තලක මිල රු. 60/- කි​



    Read more: http://www.**Please do not spam****...m**/2012/05/blog-post_8402.html#ixzz1tvCMnF71