~ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය !

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය !

    ගිණිගෙන දැවෙන පැරීසියේ ප්‍රේමය




    පණ ඇති මිනිසුන්ට ප්‍රේම කරනවාට වඩා ගහට කොළට , ඉතිහාසයට . කලාවට සහ ඉපැරණි ශිෂ්ඨාචාරවලට පෙම් කරන්නෙමි . දිගු කලක් තිස්සේ ප්‍රේමයෙන් වෙලී සිටි ඇය පණ පිටින් දැවෙන අයුරු දකිමි .
    සේන් ගඟ දිගේ යාත්‍රා කරන විට , මා තනි නොකර , පැරිස් නගරයේ ගොඩනැගිලි අතරින් ඇය ප්‍රතාපවත් ලෙස නැගී සිටියාය .
    නොත්‍ර දාම් පල්ලිය මුළුමනින්ම කළා ගාරයකි , ඉතිහාසයකි , සාහිත්‍යයකි.

    අවුරුදු 800කට වඩා පැරණි එහි වහලයද , ආරුක්කුද , කළු ගල් කැටයම්ද , ඇතුල්වන ප්‍රධාන දොරටුවේ පිහිටි ශාන්තුවරයින්ගේ ප්‍රතිමාද , දැවැන්ත බිත්ති වල ඇති වර්ණ වීදුරු කවුළුද ඉපැරණි ප්‍රංශ ගොතික් කලාවේ මහිමය කියයි .
    වික්ටර් හියුගෝ නම් මහා ලේඛකයා ලියූ HUNCHBACK OF NOTRE DAME කෘතියේ විරූපී මෙහෙකරුවෙකු සුරූපී නළඟනක් වෙනුවෙන් ප්‍රේමය සහ ජීවිතය පිදූ හැටි ළමා කාලයේ අප හඬවා තිබේ .
    ඒ මතකය ඔස්සේ මෙතැනින් යන එන හැම මොහොතකම අසළ ගං ඉවුරේ ඇති චෙස්නට් ගසක් යට සිට උඩුමහලේ ඇති එක් සුවිශේෂ ප්‍රතිමාවක් දෙස බොහෝ වේලා බලා සිට ඇත .

    හතර කොණේ ඇති කුරුළු මුහුණක් සහ මිනිස් දෑත් ඇති භූත පිළිරුව එහි තිබූ අපූරුම නිර්මාණය විය .පැරීසිය දෙස බලා සිටින එහි ඇති දෑස බිය ජනිත කරවයි . වසර 800 කට පෙර ඉතිහාසයේ, පැරිසියේ දරුණු ශීත ඍතුවල මේ ඉහළ අසීරු ආරුක්කු වල සිට මෙතරම් සුක්ෂම ලෙස මේවා නෙලූ මිනිසා පිළිබඳව සිහිපත් කරමි .
    අද අහසට නැගෙන ගිණි දළු අතරින් , ඒ ඉතිහාසය නිමා වෙයි . අහසට එසැවී සිටි මුදුන් කොත කඩා වැටෙන දර්ශනය ආදරණීය වැඩිහිටියෙකුගේ මරණා සන්න මොහොතේ මරණ මංචකය ළඟදී දැනෙන වේදනාව විය යුතුය . දැවෙන චිතකයක සැකිල්ල අඟුරු වී කඩා වැටෙන ශෝකීය දසුනකි.
    අවසන් වරට ගිය වසරේ පැරිසියේ සේන් ගඟ දිගේ විත් CITE නම් දුපතේ පිහිටි මේ උත්තුංග ශිෂ්ඨාචාරයේ සාක්ෂිය දෙස බලා සිටියෙමි , සේයා රූ ගත්තෙමි . අද මෙවැනි අවසන් ගමනක් යතැයි සිහිනෙනුදු නොසිතුවෙමි .
    යළි කිසි කලෙක මිහිතලය මත එවැනි කළා කෘතියක් බිහි නොවන බව ඉඳුරාම දනිමි .
    දැව කඳන් ද , ගල් කුට්ටිද , වීදුරුද, දේව භක්තියද , මනුෂ්‍යත්වයද එකතුකර බිහිකළ මෙතරම් රූමත් යමක් ලොවේ නැත .

    ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් අවාසනාවන්ත ලෙස අවසන් වෙමින් පවතී . කිතුණුවන්ගේ ශෝක කාලයේ අවසාන මහා සිකුරාදා එළඹෙන විට එහි භෂ්මාවශේෂ සීතල සුළඟේ පාවී සේන් ගඟ දිය මත පතිත වනු ඇත . එහෙත් මට ඇය කිසි දිනෙක අමතක නොවේ


    eo1oCQx.jpg



    LVfW25r.jpg



    wjevvD0.jpg



    S68owSE.jpg



    oS15U6U.jpg



    NINes2n.jpg



    nQRvn3x.jpg



    XvdmTz4.jpg



    lI9TIa6.jpg



    SVg9dai.jpg



    cxCdAiJ.jpg



    qHD9Ffx.jpg



    kUq7rtZ.jpg


     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    සියල්‍ල අනිත්‍යයි කියලා බුදුහාමුදුරුවොත් කියල තියෙනවනේ..:(
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    This is not the original 850 year old ,as it was subject to restoration in mid 19th century and iconic spire was added(which got burned). So there will be another major restoration under President Macron. A great loss to the art and culture.