ගිණි අවි නැති ගිණිකෙළි…
ලොකු කුඩා අපි හැමෝම කැමතියි ගිණිකෙළි දකින්න.. සමහර මැති ඇමතිවරු සහ ඒ ගොල්ලන්ගේ හෙංචයියෝ නම් ගිණි අවිවලින් ගිණිකෙළි කරනවා. තවත් සමහර අහිංසකයෝ නිලාකූරු, අහස්කූරු ආදියෙන් ගිණිකෙළි කරනවා… මට මතකයි අවුරුදු කාලෙ අපේ නෑදෑයො රතිඤ්ඤා, නිලා කූරු, බමර චක්‍ර ආදිය ගෙනත් දෙනකොට අපට තියෙන ආසාව… ඒ වගේමයි සමහර විට නිදහස් උත්සවය වැනි විශේෂ අවස්ථාවක ඇති ගිණිකෙළි සංදර්ශන ආදිය බලන්න පැය ගණන් කටු කාපු හැටි… ඒ ඔක්කෝම අපි කරන්නේ ගිණිකෙළි වලින් මැවෙන විවිධ වර්ණ රටා දකින්නට ඇති ආසාව නිසා… හොඳයි එහෙම නෙවෙයිද ?
මේ ගිණිකෙළිවල ප්‍රධාන අංග හතරක් තිබෙනවා. ශබ්ධය, ආලෝකය, දුම සහ පාවෙන ද්‍රව්‍ය ලෙසින්. මේවා විවිධ වර්ණ ලබා දෙන ලෙසට සකස් කර තිබෙන්නේ නරඹන්නන්ගේ අවධානය දිනාගනු පිණිසයි. ගිණිකෙළි මුලින්ම නිපදවනු ලැබුවේ ඈත පෙරදිග චීනයේදීයි. ඒ විවිධ භූත ආත්ම පළවාහැරීම සඳහායි. පෙරදිග චීනය වඩාත් ප්‍රසිද්ධ වන කාරණා හතරින් එක කාරණයක් වන්නේ වෙඩි බෙහෙත් නිපදවීම නිසා බව ඔබ සමහරවිට දන්නවා ඇති. අනෙක් කාරණා තුන වන්නේ කොම්පාසුව, කඩදාසි, සහ මුද්‍රණ කර්මාන්තයයි. චීනයේ වැදගත් අංග දෙකක් වන චීන අළුත් අවුරුද්ද සහ සැප්තැම්බර්/ඔක්තෝබර් මාසවල පැවැත්වෙන චන්ද්‍ර සැණකෙළිය (Moon Festival) වෙනුවෙන් පැවැත්වෙන ගිණිකෙළි හැමෝම බලාපොරොත්තුවෙන් ඉන්න දසුනක්. ලෝකයේ විශාලතම ගිණිකෙළි නිපදවන්නා හා අපනයනය කරන්නා වන්නේ චීනයයි. මේ නිසා චීනයේ සැදු වන බොහෝ උත්සව වල ගිණිකෙළි සංදර්ශන අනිවාර්ය අංගයක්.අමෙරිකාවේ නිදහස් දවස සමරන්නත් ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. සාමාන්‍ය නගරයක නම් විනාඩි 15 ක් පමණ පැවැත්වෙන අතර නිව්යෝක් වැනි තැනක පැය බාගයක්, පැයක් වැනි කාළයක් මේ ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා. මේවා බලන්නට සෙනඟ උදේ පටන් පැමිණ තැන් වෙන්කරගෙන බලාගෙන ඉන්නවා.
ලේඛණවලට අනුව මුලින්ම ගිණිකෙළි පිළිබඳ සටහනක් ලැබෙන්නේ හත්වන සියවසේ චීනයේ භූත ආත්ම පළවා හැරීම සඳහා විශාල හඬක් නැගෙන පරිදි පිපිරවූ ගිණිකෙළි වේ. දාහතරවන සියවස වන තෙක්ම ගිණිකෙළි සංදර්ශන පැවැත්වූයේ රජපවුල සහ ධනවත් වංශාධිපතියන් සඳහා පමණි. මිං රජ පවුල මේ සම්ප්‍රදාය බිඳ දමා ගිණිකෙළි සෑම දෙනාටම උරුම වූ දෙයක් සහ ඕනෑම අවස්ථාවක පාවිච්චි කළ හැකි දෙයක් බවට පත් කරන ලදී…
ගිණිකෙළි සංදර්ශන වල ක්‍රමය වන්නේ බිම සිට උඩට යවන රොකට්ටුවක් වැනි දෙයකින් ඉහල අහසේ පිපිරීමක් සිදු කර ගිණිකෙළි දර්ශනය වන්නට සැලැස්වීමයි. මෙහිදී වඩාත්ම පොදු රොකට්ටු ක්‍රමය වන්නේ කඩදාසි හෝ කාඩ්බෝඩ් වැනි ඝණ ද්‍රව්‍යයකින් වටකළ පුපුරණ ද්‍රව්‍යවලින් තැනූ ගිණිකෙළි වේ. පෙරකළ යුද්ධවලදී භාවිතා කළ රොකට්ටු භාවිතාව තවමත් බහුලවම භාවිතා කරන ක්‍රමයයි.
උඩ යන්න සූදානමින්
මේ සඳහා ගිණිකෙළි ඉහළට යැවීමට පිපිරුමක් ඇති කළ යුතුයි. දෙවනුව අදාල පිපිරුම් (තරු) අඩංගු කොටස නිසි පරිදි අහසේ අදාල උසේදී පිපිරීමට ගිණි නූල (Fuse) සැකසිය යුතුයි. පිපිරුම් අඩංගු තරු ඇතුලත් කොටස පිපිරී ගිණිකෙළි පිටතට පැමිණිය යුතුයි.
ඇතුල මෙහෙමයි
ගිණිකෙළිවල වර්ණයන් ලබා ගන්න විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. එසේම ගිණිකෙළි තුල මූලිකවම ඇත්තේ රසායනික ද්‍රව්‍යයි. මේ ද්‍රව්‍ය විවිධාකාරයෙන් කටයුතු කරනවා.

[*]ගිණිකෙළි දහනය සඳහා ඉන්ධන
[*]ගිණි දැල්වීමට අවශ්‍ය ඔක්සිජන් සැපයීම සඳහා ඔක්සිකාරකයක්
[*]වර්ණ ගැන්වීම සඳහා රසායනිකයක්
[*]ගිණිකෙළි පිපිරීමේදී හෝ අහසට යැවීමේදී නොකැඩීම සඳහා බැඳුම් ද්‍රව්‍යයක්.
[*]ගිණිකෙළිවල වර්ණය පැහැදිලිව පෙන්වීමට ක්ලෝරීන් දායකයෙක්.