ගිනස් වාර්තා කිහිපයක් බලමු ද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ගිනස් වාර්තා කිහිපයක් බලමු ද ?

    ..ලෝකයේ වේගයෙන්ම වැඩෙන ගස..

    513536


    ලෝකයේ වේගයෙන්ම වැඩෙන ශාකය ලෙස දැනට ගිනෙස් වාර්තා අතරට එක වී තිබෙන්නේ එක් වී තිබෙන්නේ උණ බම්බු විශේෂයක්. මේ ගස දිනකට සෙන්ටිමීටර 91 ක් එහෙමත් නැතිනම් අඟල් 35ක් උස යනවා. ඒ කියන්නේ පැයට කිලෝමීටර 0.00003 වේගයකින් මේ ශාකය වර්ධනය වෙනවා. දැනට පිළිගැනෙන විදියට උණ ගස් වර්ග 1000ක් පමණ තිබෙනවා. මේ අතර දැනට වාර්තා වෙලා තියන උසම උණ ශාකය මීටර 40ක්. වේගයෙන් වැඩෙන මේ උණ ශාක අපට හමුවන්නේ එක්සත් රාජධානියෙන්.

    ..උසම කන්ද..

    327048


    මේ කන්ද පිහිටලා තියෙන්නේ ඇමෙරිකාවේ හවායි වල. නමින් මෝනා කී. (Mauna Kea / සුදු කන්ද) මෙහි උස මුහුදු පතුලේ සිට සැලකුවොත් මීටර 10,205 ක් (අඩි 33,480). මුහුදු මට්ටමේ සිට ඉහලට ඇති කොටසේ උස මීටර 4,205 (අඩි 13,796) ක්. මුහුදු මට්ටමේ සිට උසම කන්ද ලෙස සලකන්නේ එවරස්ට් කන්දයි. එය උසින් මීටර 8,848ක්.

    ..ලෝකයේ භයානකම කුහුඹුවා..

    327742


    මෙයාව හඳුන්වන්නේ Bulldog ඈන්ට් කියලා. ඕස්ට්‍රේලියාවේ වෙරළාසන්න ප්‍රදේශ වල ජිවත් වෙනවා. මේ කුහුඹුවා ප්‍රහාර එල්ල කරද්දී උගේ විස දල මෙන්ම අඬු භාවිතා කරනවා. 1936 සිට මේ දක්වා තුල පුද්ගලයන් තිදෙනෙකු පමණ මේ නිසා මරණයට පත්වෙලා තියනවා. කිසිම බියකින් තොරව මිනිසුන්ට පහර එල්ල කර විශාල විෂ ප්‍රමාණයක් ඇතුළු කරනවා ලු. ඇතැම් අවස්ථා වල මේ විෂ වැඩිහිටි පුද්ගලයෙක් විනාඩි 15ක් තුල මරණයට පත්කිරීමට තරම් ප්‍රමාණවත්. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 2ක් පමණ වෙනවා. ආයුකාලය දින 21ක්. මුල්වරට හමුවෙලා තියෙන්නේ 1793 දී.

    ..විශාලම මකුළුවා..

    327097


    වෙනිසියුලාවෙන් හමුවන මේ මකුළු විශේෂය ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 28ක්. අවුරුදු දෙකක් පමණ වයස මේ වර්ගයේ මකුළුවෙකු බරින් ග්‍රෑම් 170ක් පමණ වෙනවා. මේ මකුළුවන් කුරුල්ලන් පවා ආහාරයට ගන්නවා. මේ මකුළුවන් ගේ ආයු කාලය වසර 10ක් පමණ වෙනවා.

    ..ලෝකයේ ධාවනය කළහැකි උසම මෝටර් සයිකලය..

    fabio_reggiani_-_tallest_rideable_motorcycle.jpg


    මීටර 5.1ක් උස මීටර 10.28ක් දිග මේ මෝටර් සයිකලයේ බර කිලෝ 5000ක් ! අශ්ව බල 280ක 5.7L V8 එන්ජිමකින් තමයි මෙය බලගැන්වෙන්නේ. අයිති ඉතාලි ජාතිකයෙක් ට. වාර්තාවට කලින් හිමිකම් කියලා තිබුනේ ඇමෙරිකාවේ නිෂ්පාදිත මීටර 3.5ක් උස මීටර 6.2ක් දිග යෝධ බයිසිකලයක්.



    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​