ගිනි මලක් පිපුනාය දොරකඩ !!!

Dec 21, 2012
411
162
0
හෙළwood
ගිනි මලක් පිපුනාය දොරකඩ !!!

දිනක් සරසවියක් තුල මුහුකුරාගිය ඇදුරුතුමන්ලා දෙදෙනෙකු හිස්වගිය සරසවි ශාලාවක් තුල යම්කිසි කාර්යයක නිරත වෙලා ඉන්නවා. එකපාරටම නොසිතූ නිමේෂයක ශාලාවට බොහූම සුරූපී තරුනියක් , (සරසවි ශිෂ්‍යාවක් ) දොර බාගෙට විවරකර එබිකම් කරනවා.. මේ සිද්දිය ශාලාව තුල සිටි ඇතුරු තුමන්ලා දෙන්නා දකිනවා. නොසිතූ වෙලාවක එ සුරූපී ශිෂ්‍යාව දකින ඇදුරුතුමන්ලා දෙන්නම ඒ ඇයගේ සුන්දරත්වයට මොහොතකට තිගැස්සෙනවා.තමන් සෙවු දේ ශාලාව තුල නොමැති බව තෙරුම් ගත්ත ශිෂ්‍යාව එ සැනින්ම එතැනින් නික්ම යනවා. එ නික්මයාමෙන් ලද අවසරෙන් ඇදුරු තුමන් දෙපල මූණෙන් මුහුන බලාගන්නේ සිදුවුනේ කුමක් දැයි ඔවුන් දෙපලටම තෙරුම් ගත නොහැකි නිසාවෙන්. නමුත් නැවතත් එ සුන්දර රූපයම එ දෙරෙන් මතුවෙන්නේ නැවත දෙදෙනාවම පුදුමයට පත් කරමින්


ගිනි මලක් පිපුනාය දොරකඩ
වරක් නොව තව වතාවක්
සඳක් සේ දිළිසුනා පුරපස
පිපුණී දොරකඩ රන් මලක්.....


ගැහැණියකගේ සුන්දරත්වය පහන් සිතින් විදින්න පිරිමියෙකුට වයස බලපාන්නේ නැහැ. ශුන්දර ගැහැණිය සැම විටම නෙත් ආකර්ෂනය කරගන්න මායවෙන් පරිපූර්ණයි . ඒ මායාවට මොහොතකට හෝ නතුවෙන්නට පෙර කී දෙපලට සිතුවෙනවා.


මඳහසක් දිලිසිය මුව අග
නිමේෂයකට කඩ ඉමක් ඇර
නමුදු ඒ ඇස ඉරා කඩ ඉම්
ගෙන ගියා අප අනන්තය වෙත.......


නිමේශයක් බදු ඇසිල්ලකින් සිදු වූ සිදුවීම තුල රචකයා ඔහුගේ නිර්මානය පෝෂනය කරන්න අවශ‍ය කාරනා ගොඩක් බොහොම සුන්දර විදිහට ඩැහැගන්නවා.සියුම් වූ ඇසිපියන් වල සුන්දරත්වය තමුන්ගේ නෙත් දෙකට ග්‍රහණය කරගන්න අතර තුර නිර්මාන කරුවා ඔවුන්ව කැලබූ එ නෙත් තුල ඇති කලබලකාරී,දගකාර බව බොහෝ කලකට පෙර අවසන්කල තමුන්ගේ තාරුණ්‍යයට ගෙනියනවා ...


දුටිමි අප ඇගෙ ඇස් පියන් යට
දෙසින් කැළඹූ නිල් උපුල් යුග
දැවි දැවී සැනසුණා අප සිත්
තැබී ඈ තව පියවරක් දුර .....
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකෙ තේරුම එලකිරියෙම දාල තිබුණා මීට කලින්...:rolleyes:
    ආයෙත් මතක් කලාට ස්තූතියි...:yes:
    ආපහු සිංදුව හොයා ගන්න ඕනෙ ෆෝල්ඩරේ අවුස්සලා..
    11.gif

    +Rep