ගිනි_ඇවිලිලා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

ගෙදර තිබ්බ සූනියම් දේවාලේ කැඩුවට පස්සෙ වැදුණු ශාපය නිසා ගමක් භීතියෙන් ඇළලෙයි

8916-wennappuwa-dewala-case631602420.png


ගෙදර කන්න තිබ්බ හාල්වලට ගිනි ඇවිළිලා..

වෙන්නප්පුව, ලුණුවිල සන්තානාපුර නිවසක කාලයක් සිට පවත්වාගෙන ගිය සූනියම් දේවාලයක් හදිසියේ කඩා ඉවත් කිරීමෙන් පසු එම නිවස පුරා ස්ථාන රැසක් ගිනිගෙන විනාශ වෙමින් පවතින බව දැනගන්නට ලැබෙනවා. සන්තානාපුර, 7 ඒ, අංක 109 දරන නිවෙසේ මේ ගිනි ගැනීම සිදුවන අතර ගම්වාසීන් මේ පිළිබඳව සිටින්නේ මහත් බියකින්.


මේ නිවෙසේ හිමියන් රෝමානු කතෝලික බැතිමතුන් වන අතර ඔවුන් එම ආගම අදහන අතරතුරම නිවස අසල දේවාලයක් පවත්වාගෙන යමින් සූනියම් දෙවියන්ට හා වෙනත් දෙවිවරුන්ට යාතිකා කර තිබුණා. නමුත් මෑතකදී ගමේ කතෝලික පියතුමන් විසින් මේ කටයුත්ත දහමට නින්දාවක් හා දරුවන්ට කැළැලක් වන හෙයින් වහා නතර කර දමන ලෙසට උපදෙස් දී තිබුණා.

පසුව නිවැසියන් අකැමැත්තෙන් හෝ ඊට අවනත වී තිබෙනවා.


නමුත් ඔවුන් පවසන්නේ ඉන් පසුව තමන්ට රෝග පීඩාවලින් කරදර සිදුවූ බවත් මෑතක සිට නිවෙසේ සෑම තැනකින්ම ගිනි ඇවිළීමක් සිදුවන බවත්.


මේ නිසා නිවැසියන් හා ගම්මුන් බියට පත්ව සිටින බවටත් තොරතුරු වාර්තා වනවා. නිවැසියන් තදුරටත් පවසන්නේ තෙත රෙදි පවා එක්වරම ගිනිගන්නා බවයි. තවද ගෙයි වහලය, කැලැන්ඩර්, උයන පිහන දේවල් පවා ගිනි ඇවිළෙන බවත් එක් ස්ථානයක ඇතිවන ගින්න නිවා දමද්දී මොහොතකින් තවත් තැනකින් ගින්න හටගන්නා බවයි. මාර්තු 21 දින උදේ අතට ගත් හාල්වලටත් ගිනි ඇවිලී තිබෙනවා. මෙය කෙසේ සිදුවන්නේද යන්න විශාල ප්‍රේහේලිකාවක් බවද නිවැසියන් හා ගම්මු පවසනවා.


මේ වන විට නිවැසියන්ට ඊට පිළියම් සොයා කට්ටඩියන් වෙත ගියත් ඔවුන් මෙය මග හරින බවයි දැනගන්නට ලැබෙන්නේ. මේ නිසා අපහසුතාවට පත්ව සිටින මේ නිවැසියන්ට පිටස්තර නිවෙස්වලින් ආහාර පානා ගෙනවිත් දෙන බවත් වාර්තා වනවා.

 

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Owa ohoma wenawa ban, Mama dewiyan ada hanne na, eth ewa gana wiwechanayak na, Eka ekkenage kamaththane, Math ahala thiyenawa suniyam dewiyo innakam hondai, habai wade gassunoth ewaretama ewarai kiyala, Oya kiyana widiyata aitth pahana thiyanna patan gannakan owa ohoma wei :)
     
    • Like
    Reactions: Nirmal1991

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Owa ohoma wenawa ban, Mama dewiyan ada hanne na, eth ewa gana wiwechanayak na, Eka ekkenage kamaththane, Math ahala thiyenawa suniyam dewiyo innakam hondai, habai wade gassunoth ewaretama ewarai kiyala, Oya kiyana widiyata aitth pahana thiyanna patan gannakan owa ohoma wei :)

    :yes::yes::yes:

    Suniyam dewiyanta eka dawasak pahana thiyanna beriwunath eka eka karadara enawalu.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ජනවහරේ එන විදිහට සුනියම් දෙවියන්ට පුද සත්කාර කරන්න පටන් ගත්තොත් එය නතර කරන්න බැහැ.