ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    කරද්දි කට්ටිය සෙට් වෙනවා බං. ඉස්සර 2009 දි 2010 වගේ මම එහෙම යනවා කුරුණෑගල මහ ඉස්පිරිතාලෙට කැඳ දානයක් දෙන්න සතියට දවසක් පාන්දර 4.30 ;);) ඒක සංවිධානය කරලා තිබ්බේ පින්නපොල කියලා සර් කෙනෙක්. කොල කැඳයි හකුරුයි. මුලු ඉස්පිරිතාලෙටම බෙදුවා. නැගිටින්න බැරි අයගේ කෝප්ප පවා හෝදලා ගොඩක් ලොකු පිනක් කරගත්තා කට්ටියම. ලෙඩ බෝ වෙයි, අරවා මේවා කියලා කවුරුත් හිතුවේ නෑ. එහෙම වුනා නම් දොස්තරලාට, නර්ස්ලාට ඉන්නත් බෑනේ. කොහොමත් හොඳ හිතින් කරන දේක නරක විපාක අඩුයි. සෑහෙන්න කාලයක් යනකන් ඒක අපි කරා :yes::yes: හිතුවට කට්ටිය ඉන්නේ නැති වෙයි කියලා කට්ටිය නම් ආවා. ගොඩක් වෙලාවට බං ඔය මැච් වගේ නෙමෙයි, එනවා කියන එවුන් මේ වගේ වැඩ වලට එනවා. දැක්කානේ මැච් ගහන්න 200ක් වගේ හිටියා, අන්තිමට ආවේ කීයෙන් කීයද?

    පින්නපොල සර් තමයි මගේ ජීවිතේ හැරුම් ලක්ෂය. දෙවනි පාර A/L කරද්දි මගෙ යාලුවෙක් මාව බලෙන් වගේ එක්කන් ගියේ, කල්‍යාණ මිත්‍රයෙක්. උට පින්සිද්ද වෙන්න ඕන. පින්නපොල සර් නිසා බණ අහන්න, පින් කරන්න, සිල් ගන්න යොමු උනා. සර්ට පින් සිද්ද වෙන්න ඕන.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    ඉරිදට දහම් පාසලේ උගන්නනවා.
    2006~2007 කාලෙ ඉඳන් මදුරුවෙක් වත් මරණ එක නැවැත්තුවා.
    සෙනසුරාදා දවස්වලට මහමෙව්නාවේ බෝධි පූජාවලට සහභාගී වෙනවා.
    ගිය මාසේ ඈත තියන ආරාමයකට බුදු පිළිමයක් පූජා කරන පින්කමකට පුලුවන් විදිහට සල්ලි දුන්නා.
    ලැබෙන කෑම,බීම වර්ග පුලුවන් තරම් කට්ටියට බෙදලා දෙනවා.
    දහම්පාසලේ ළමයින්ට 160 පොත් පණහක් අරන් දුන්නා මාස කීපයකට කලින්.
    අනුරාධපුරේ ගියපු වෙලාවක අඳුනන්නෙ නැති කට්ටියක් එයාලගේ කප්රුක් පූජාවට සහභාගිවෙන්න කතාකලා. බොහොම සතුටින් ඒකට සහබාගි උනා.
    මගේ යාලුවෝ ගොඩක් වෙලාවට මොනා හරි පිනක් කරද්දි මටත් කතාකරලා කියනවා අනුමෝදන් වෙන්න කියලා.
    අනිත් අය කරන පින් වලට සතුටින් අනුමෝදන් වෙනවා.
    මේ ත්‍රෙඩ් එකත් මුල ඉඳලම කියවලා සියලු පින් සතුටින් අනුමෝදන් උනා.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    දස කුසල්
    • දානය – පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් කරන පරිත්‍යාගය
    • සීලය – පාප ක්‍රියා වලින් වැළකීම, ථතාගතයන් වහන්සේ පැනවූ සික පද රැකීම හා වත් පිළිවෙත් කිරීම
    • භාවනාව – සමථ, විපස්සනා භාවනා වල යෙදීම හා සත් තිස් බෝධි පාක්ෂික ධර්ම දියුණු කර ගැනීම
    • අපචායනය – ගරු කළ යුතු පුද්ගලයන්ට ගරු කිරීම
    • වෙය්‍යාවච්චය – ත්‍රිවිධ රත්නයට, මව්පියන්ට, ගුරුවරයින්ට, මහල්ලන්ට, රෝගීන්ට, ආගන්තුකයින්ට ආදීන්ට වතාවත් කිරීම
    • ප්‍රාප්ති දානය (පින් දීම) – තමන් විසින් කළ පින් අනුන්ට අනුමෝදන් කරවීම
    • පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම) – අනුන් අනුමෝදන් කරවන පින් සතුටින් පිළිගැනීම, එනම් අනුන් කළ පුණ්‍යක්‍රියා බලා සතුටු වීම, සිතෙහි පැහැදීම ඇති කර ගැනීම
    • ධම්ම ශ්‍රවණය – තථාගතයන් වහන්සේගේ පිරිසිදු ගාම්භිර ධර්මය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් ශ්‍රවණය කිරීම
    • ධම්ම දේශනාව – ලාභ කීර්ති ප්‍රශංසා ලැබීමේ බලාපොරොත්තු රහිතව, සත්වයන් කෙරෙහි කරුණාවෙන්, ඔවුන් දුකින් මුදවා ගැනීමේ අදහසින් ථතාගතයන් වහන්සේගේ ධර්මය අන්‍යයන්ට දේශනා කිරීම හා කරවීම
    • දිට්ඨිජ්ජු කම්මය – සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම, ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම
    දස කුසල් සියල්ල කරා ඉදිරියෙදිත් පුලුවන් හැම අවස්තාවකම කරන්න බලනවා. .


    අට මහා කුසල්

    1.කඨින සිවුරක් පූජා කිරීම
    2.අටපිරිකර පූජාකිරීම
    3.ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම
    4.බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.
    5.බුද්ධ ධර්මය ලිවීම හා ලියවීම දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම.
    6.සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම
    7.බුදු පිළිම සෑදවීම, චෛත්‍ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම
    8.වැසිකිළි තනවා සඟසතු කර පිදීම.
    යන මේ පිංකම් අට අටමහා කුසල් නම්වේ.



    අටමහ කුසල් වලින් අට පිරිකර පූජා කිරීමත්, සාන්ගික දාන දීමත්, දර්මය ලිවීම බෙදාදීමත් ගොඩක් කරලා තියෙනවා. .

    ඊට අමතරව සොළොස් මහ පිරිකරත් පූජාකරලා තියෙනවා. .
    ඉතිරි කුසල් සියල්ලත් මැරෙන්න කලින් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. .


    විවිදාකාර දානයන් දීලා තියෙනවා. . සීලයත් රැකලා තියෙනවා. . බාවනා කරන්නත් උත්සහා කරනවා. .

    ඔයිට අමතරව වගුරු බිමක් වුන පන්සලකට චයිත්තියක් ඉදිකරන්න පොලව සදාගන්න පස් පූජා කරලා තියෙනවා. .


    :):):)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,641
    113
    පින්නපොල සර් තමයි මගේ ජීවිතේ හැරුම් ලක්ෂය. දෙවනි පාර A/L කරද්දි මගෙ යාලුවෙක් මාව බලෙන් වගේ එක්කන් ගියේ, කල්‍යාණ මිත්‍රයෙක්. උට පින්සිද්ද වෙන්න ඕන. පින්නපොල සර් නිසා බණ අහන්න, පින් කරන්න, සිල් ගන්න යොමු උනා. සර්ට පින් සිද්ද වෙන්න ඕන.

    පින්නපොල සර් ..මගෙත් කෙමිස්ට්‍රි ගුරුතුමා ...:love::love:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    දුෂ්කර පළාතක භාවනා කරන හාමුදුරුවරුන් වැඩ සිටින අාරණ්‍ය සෙනසුනකට දාන වේලකට දායක වුණා.
    තව පොඩි පොඩි මුදල් අාධාර කළා.

    මම උපතින් කතෝලික කියල උප්පැන්නෙ තියෙනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දුෂ්කර පළාතක භාවනා කරන හාමුදුරුවරුන් වැඩ සිටින අාරණ්‍ය සෙනසුනකට දාන වේලකට දායක වුණා.
    තව පොඩි පොඩි මුදල් අාධාර කළා.

    මම උපතින් කතෝලික කියල උප්පැන්නෙ තියෙනවා.

    :love::):)
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ගිය අවුරුද්ද අමතක කරමුකෝ. මේ අවුරුද්දෙ දැනට
    පොහොය දවසෙ 12 වෙනි වතාවට ලේ දන් දුන්නා.
    ඊට දවස් 3 කට පස්සෙ පංසලට හීල් දානයක් දුන්න හාමුදුරුවන්ට පිරිකරත් එක්ක.

    පස් පවින් වැලකුණා මුලු මාසෙම.
    තව මම කන්න ගන්න කෑම පත වටේ ඉන්න අයටත් බෙදලා දීලා ටිකක් කාලා බඩ පුරව ගත්තා.

    ජනවාරි මට හොද මාසයක්. බලමු. හෙට මැරුනත් මට නම් දුකක් නෑ.