ගිලිහුණු පෙම

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    Alone_In_Road_2.jpg


    සිනහ වෙන්නැති කතා වෙන්නැති
    රුදුරු අඳුරක ඔබ ගිලෙන්නැති
    ඔබත් දන්නැති මමත් දන්නැති
    අපේ හිත් වල දුක පිරෙන්නැති

    කතා කෙරුවද සිනහ වූවද
    හදෙහි දුක සැමටම දැනෙන්නැති
    සිනහසී රහසින් හැඬූ මුත්
    අපේ දුක ලොවටම පෙනෙන්නැති

    වෙන් වෙලා රහසින් හැඬූ මුත්
    එකට හමුවී සිනා වෙන්නැති
    එසේ හමුවී සිනා සැලුමුත්
    ඔබේ හදවත මට පෙනෙන්නැති


    එසේ තේරුම් ගත් ඔබේ හද
    ලබන්නට මට පින් මද වෙන්නැති
    සොඳුරු යුගයක මතක සටහන්
    වේදනාවෙන් රිදුම් දෙන්නැති

    ඔබත් යන්නැති මමත් යන්නැති
    හැරී ඔබ දෙස මම බලන්නැති
    ඔබ මගේ දෙස නොහැරුනා මුත්
    සිතින් මා දෙස බලා ඉන්නැති


    එවිට ඔබ වෙත එන්න සිතුමුත්
    එසේ එන්නට නොහැකි වෙන්නැති
    එසේ එන්නට නොහැකි වන්නට
    ඔබ ඔහුට තව තුරුළු වෙන්නැති
     

    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    apa mewu lowa bondawa giyamuth
    sadaa oba mage mathakaye athi....
    ruduru melowa ekwa innata
    pin kalaa api madiwa wennathi
    ...

    sith walin ape kandulu ennethi
    namuth ewa sangawa gannethi
    ape aalaya nimaawak nethi
    dhuk kawak lesa nimaa menneth :( :(

    (lassana nirmanayata magenuth athwalak:) )

    thanx machan :D :D

    අඩෝ මූ කොස්තාපල් නෙවෙයි අර්තාපල් :P දැන් කවිත් ලියනවා එල එල ෆට්ට මචන් දිගටම ලියමු :)

    sthuthi obe prathicharayata :rofl::rofl:

    nice machooo

    thanx boss


    thanx dr

    NIyameta Liyala thiyanawa

    Mang Hithanne meka Athdekeemak Wenna Ethi.

    Me Wage Siddi Hugak Ayata (Mamath) Wela Thiyanwa. :( :(

    athdekiimak nam newei. api deyak liyanakota ape character 1 eke inna kena bawa hithin mawa ganna oni ethakota hari :D