ගීතය සහ එළකිරි

jaya sri.com

Member
Feb 7, 2010
1,268
29
0
ගීතය සහ එළකිරි

යම් ගීතයක් ජනප්‍රිය වන්නේ කුමන හේතුවක් මතද
?එම ගීතය ගයනාකරන කරන පුද්ගලයා මතද?පද රචකයා මතද?සංගීත නිර්මාණය මතද?
ගායකයා මතනම් ලංකාවේ ඕන තරම් ලස්සන කට හඩවල් තිබෙන පුද්ගලයන් ඇත......එය එසේම සිදු වන්නේද?
පද රචකයා මතනම් උගත් පුද්ගලින්ගේ අර්ථයක් ඇති පද මාලා සහිත ගීත ජනප්‍රිය වන්නේද?
සංගීත නිර්මාණය මතනම් ඉතා අලංකාර සංගීත සංයෝග සහිත ගීත ජනප්‍රිය වන්නේද?
(හොද ගායකයෙක් යනු ජනප්‍රිය ගායකයන්ද?ප්‍රසිද්ද ගායකයන්ද? ජනප්‍රිය ගායකයෙක් යනු ජනයා අතර ප්‍රියමනාප පුද්ගලයාය.ප්‍රසිද්ද වීමට ඕනෑම කෙනෙකුට පුළුවන්ය..................මැරයෙක්,හොරෙක් පවා ප්‍රසිද්දය........................ඔවුන් ගැනද නිතර කතා බහට ලක්වේ.
එළකිරි.කොම් වෙබ් අඩවියද නිර්මාණය වී තිබෙන මුලික කාරණය ගීත ලබා දීමය...............විශාල වශයෙන් ගීත නිර්මාණය කරනු ලබන්නේ සහ එම නිර්මාණ වලට විශාල වියදමක් දර රුප රාමු නිර්මාණය කරන්නේද නවක හෝ තරුණ ගායකයන්ය................

ලංකාවේ ජනප්‍රියම ගීත පද ගලපන්නම් ....නම්
වසන්ත දුක්ගන්නාරාල,මනුරංග විජේසේකර ,ෂෙහාන් ගලහිටියාව
කැලුම් ශ්‍රීමාල් .නිලාම් කාසිම්

ලංකාවේ ජනප්‍රියම ගීතය රම්බරි ..............මෙය බොරුවක් නෙවේ බව අපි කවුරුත් දන්නවා.....මෙය ගලපා ඇත්තේ මනුරංග විජේසේකර...........සුදු ගවුම,රතු රට කජු .........නිර්මාණ කරුද මොහුය.ඉරාජ්ගේ ගීත වලින් වැඩි කොටසක් වසන්ත දුක්ගන්නාරාල.පපරේ ගීතය ෂෙහාන් ගලහිටියාව.වැවූ තලේ කැලුම් ශ්‍රීමාල්
{ මෙම අයට මම දොසක් කියනවා නොව....................මොවුන් ගීතයක් රචනා කිරීමට විශාල මුදලක් ගන්නවා ඇති................අපේ එළකිරි.කොම් යාලුවෙක්ටද ප්‍රසිද්ද හෝ ජනප්‍රිය වීමට මොවුන්ට කියා ගීතයක් රචනා කර......Wide angel රුප රචනාවක් කල විට ඔබත් සුපිරි තරුවක්ද?මමත් සංගීතයට හුගක් ලදීය...........
ගීතයක් නිර්මාණය කල යුත්තේ කුමන ආකාරයටද.......................??????????????ඔබේ අදහස කුමක්ද
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම නම් හිතන්නේ සිංදුවක් ලස්සන වෙන්න ඒකේ පද රචනය, සංගීතය තමයි ලොකු දායකත්වයක් දෙන්නේ. ලස්සන සිංදුවක් තවත් ලස්සන වෙන්න තමයි video එකක් කරන්න ඕනේ. නැතුව ඕනෙම සිංදුවකට video එකක් කලා කියල හරි යන්නේ නෑ. තව එකක් video එක ‍අමුතුම ලස්සන එකක් නම් සිංදුව එච්චර ලස්සන වෙන්න ඕනෙත් නෑ:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජනප්‍රිය වීමට මොවුන්ට කියා ගීතයක් රචනා කර......Wide angel රුප රචනාවක් කල විට ඔබත් සුපිරි තරුවක්ද?

    අතීතයෙන් මිදුණු වර්තමානයේ සංගීතය යනු වෙලදපොළ ඉලක්ක කරගෙන බිහිවන නිර්මාණයි,එහි මූලික පරමාර්තය නම් නිර්මාණ කාර්ය සදහා දරණ වියදම කේසේ හෝ සපුරා ගැනීමයි,එමෙන්ම ලාබ ලැබීමේ පරමාර්තයද නැතුව නොවෙයි,එහෙත් ඉන් මිදුන හොද නිර්මාණ බිහිකරන්නන්ද නැතුවා නොවෙයි අතීතයේ ශ්‍රී ලාංකීය සංගීත කලාව හා සසදා බලන කල වර්තමානයේ සංගීතය සමග බද්ද වන තාක්ෂණය ලොකු ඉදිරිපියවරකට මග පාදයි

    එහෙත් ඔබ පවසන පරිදි මුදල් තිබේ නම් තරුවක් වීමට සංගීතය යොදාගත හැකිය,එහෙත් එ විට බිහිවන නිර්මාණයන් සමාජය තුල කොතෙක් කලක් දරා සීටීද යන්න කුතුහලයකි,කිමද යත් හොද නිර්මාණයක් සමාජය වැලද ගැනීම නොවැලක්විය හැකියා මෙන්ම දුර්වල නිර්මාණ සමාජයෙන් ඈත්වීමද නිරායාසයෙන්ම සිදුවේ

    එහෙත් යම් විට වර්තමාන විද්‍යුත් මාධ්‍ය නිසා බලෙන් ජනප්‍රිය වීමේ පරමාර්තයෙන් මාධ්‍ය ආයතනයන්ට මුදල් ගෙවා වෙලාවක් කලාවක් නොමැතිව ගීත ප්‍රචාරයට මග සැලැස්වීමෙන් දුර්වල නිර්මාණ ජනප්‍රිය කල හැක එහෙත් ඉන් ඇති වන්නේ හොද නිර්මාණකරුවන් ගේ කුසලතාවයන්ට ඇතිවන ප්‍රහාරයක් මිස සමාජයට කිසිම පලක් නැත

    මෙයට ප්‍රධන හේතුව විද්‍යුත් මාධ්‍ය ආයතන ගීත ප්‍රචාරයේදී යම්කිසි ක්‍රමයක් හෝ වෙවා යම් තත්වපාලනයක් නොමැති වීමයි,එම නිසා සිදුවන්නේ සමාජයත් අනාගතයත් සංගීතයත් බෙලහීන වීමට ලක්වීම පමණි.එමෙන්ම පරිඝණක තාක්ෂණය මත හබායාම නිසා රසාන්‍යතාවයෙන් මිදුණු කනට අමිහිරි මනසට පිඩාකාරී ජිල්මාට් හෙවත් Computer Software Singers බිහිවීම සිදුවේ.

    කවුරු කෙසේ මොනයම් නිර්මාණයක් කරත් අවසානයේ එය විවෘත වන්නේ සමාජයටය එහෙයින් එම නිර්මාණයේ අනාගතය තීරණය වන්නේ සමාජය තුලිනි,සමාජය අන්දාණුකරනී වූ නූගත් රසවතුන් නම් හොද නිර්මාණ වෙවා නරක නිර්මාණ කියා වෙන් කරගත නොහකි අච්චාරු හැලියක් වනුයේය.

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    ඉස්සර බහුතර සින්දු ජනප්‍රිය වුනේ පදමාලාව නිසා, පස්සෙ සංගීතය & පදමාලාව දෙකම ඔනි උනා, දෑන් බීට් ඒකත් බලනව. හෑබෑයි සංගීතය කියන්නෙ මීට වඩා ලොකු දේවල් කරන්න පුලුවන් විශයක්. ලංකාවේ සංගීතය පාවිච්චි කරන්නේ සින්දු හා වෙලද දන්වීම් වල විතරයි.කේමදාස මාස්ටර් මේක ටිකක් දුරට කරා ඒකට පද රචනාවත් උදව් උනා මේ විදිහට උසස් මට්ටමේ නිර්මාන කරන්න උත්සාහ කරන කීප දෙනෙක් ලංකාවේ ඉන්නවා. නමුත් ඒකට වඩා මේ අපි කතා කරන විසුවල් සංගීතයට ඉන්න රසික ප්‍රමානය වෑඩී. නියම නිර්මානයක් ඒයින් කියනදේ අපේ හිතේ ඉබේම මෑවෙනවා ඒක එකිනෙකාගේ අත්දෑකීම් අනුව වෙනස් වෙනවා. දෑන් විශුවල් එක සින්දුවක ජනප්‍රියතාවට තීරනාත්මක සාදකය වෙන්නෙ රචකයා කියනදේ එතරම් සාර්තකව ඉදිරිපත් නොවන නිසයි.
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    අතීතයෙන් මිදුණු වර්තමානයේ සංගීතය යනු වෙලදපොළ ඉලක්ක කරගෙන බිහිවන නිර්මාණයි,එහි මූලික පරමාර්තය නම් නිර්මාණ කාර්ය සදහා දරණ වියදම කේසේ හෝ සපුරා ගැනීමයි,එමෙන්ම ලාබ ලැබීමේ පරමාර්තයද නැතුව නොවෙයි,එහෙත් ඉන් මිදුන හොද නිර්මාණ බිහිකරන්නන්ද නැතුවා නොවෙයි අතීතයේ ශ්‍රී ලාංකීය සංගීත කලාව හා සසදා බලන කල වර්තමානයේ සංගීතය සමග බද්ද වන තාක්ෂණය ලොකු ඉදිරිපියවරකට මග පාදයි

    එහෙත් ඔබ පවසන පරිදි මුදල් තිබේ නම් තරුවක් වීමට සංගීතය යොදාගත හැකිය,එහෙත් එ විට බිහිවන නිර්මාණයන් සමාජය තුල කොතෙක් කලක් දරා සීටීද යන්න කුතුහලයකි,කිමද යත් හොද නිර්මාණයක් සමාජය වැලද ගැනීම නොවැලක්විය හැකියා මෙන්ම දුර්වල නිර්මාණ සමාජයෙන් ඈත්වීමද නිරායාසයෙන්ම සිදුවේ

    එහෙත් යම් විට වර්තමාන විද්‍යුත් මාධ්‍ය නිසා බලෙන් ජනප්‍රිය වීමේ පරමාර්තයෙන් මාධ්‍ය ආයතනයන්ට මුදල් ගෙවා වෙලාවක් කලාවක් නොමැතිව ගීත ප්‍රචාරයට මග සැලැස්වීමෙන් දුර්වල නිර්මාණ ජනප්‍රිය කල හැක එහෙත් ඉන් ඇති වන්නේ හොද නිර්මාණකරුවන් ගේ කුසලතාවයන්ට ඇතිවන ප්‍රහාරයක් මිස සමාජයට කිසිම පලක් නැත

    මෙයට ප්‍රධන හේතුව විද්‍යුත් මාධ්‍ය ආයතන ගීත ප්‍රචාරයේදී යම්කිසි ක්‍රමයක් හෝ වෙවා යම් තත්වපාලනයක් නොමැති වීමයි,එම නිසා සිදුවන්නේ සමාජයත් අනාගතයත් සංගීතයත් බෙලහීන වීමට ලක්වීම පමණි.එමෙන්ම පරිඝණක තාක්ෂණය මත හබායාම නිසා රසාන්‍යතාවයෙන් මිදුණු කනට අමිහිරි මනසට පිඩාකාරී ජිල්මාට් හෙවත් Computer Software Singers බිහිවීම සිදුවේ.

    කවුරු කෙසේ මොනයම් නිර්මාණයක් කරත් අවසානයේ එය විවෘත වන්නේ සමාජයටය එහෙයින් එම නිර්මාණයේ අනාගතය තීරණය වන්නේ සමාජය තුලිනි,සමාජය අන්දාණුකරනී වූ නූගත් රසවතුන් නම් හොද නිර්මාණ වෙවා නරක නිර්මාණ කියා වෙන් කරගත නොහකි අච්චාරු හැලියක් වනුයේය.

    [/LEFT]

    Sthuthi shodarayaya...adahas walata...........
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    සින්දුවකට පුලුවන්නම් අපේ හදවතට කතා කරන්න අපිව වෙනත් ලෝකෙකට අරගෙන යන්න මම දකින විදියට ඒක තමා නියම සින්දුවක් කියන්නෙ..ඒකට ස0ගීතය වගේම පද මාලාවත් වැදගත් වෙනව..එකයි අපි හමෝම කසුන් කල්හාරට කමති :yes::yes:
     
    jaya sri.com

    Member
    Feb 7, 2010
    1,268
    29
    0
    සින්දුවකට පුලුවන්නම් අපේ හදවතට කතා කරන්න අපිව වෙනත් ලෝකෙකට අරගෙන යන්න මම දකින විදියට ඒක තමා නියම සින්දුවක් කියන්නෙ..ඒකට ස0ගීතය වගේම පද මාලාවත් වැදගත් වෙනව..එකයි අපි හමෝම කසුන් කල්හාරට කමති :yes::yes:

    hm...kasun kalhara hoda gayakayek....music leder