එයාට ලස්සන නමක් තියෙන්නේ
එයාගේ කටහඩ කනට මි පැණි දැම්ම වගේ හරිම මිහිරි
එයාගේ උස මගේ උසමයි
අවුරුදු 10 ක ඉදන් තාමත් හිතින් ආදරය කරනවා
මේක උනේ මිට අවුරුදු කිහිපයකට කලින් එතකොට මම a/l කරනවා
මම දවසක් කඩේට ගියා පොතක් ගෙන්න මම යද්දී මෙයයි අම්මයි දෙන්නම කඩේ
කෙල්ලගේ අම්මා මාව දැක්ක ගමන් මගෙන් ඇහුව
කෙල්ලගේ අම්මා : ඔයා මොකද්ද මේ කියලා තියෙන්නේ අපේ දුව o/l ප්රතිපල අවා දවසේ කැගැහුව කියලා
මම : නැ මම කිව්වේ නැ
කෙල්ලගේ අම්මා : බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...
මම : නැ මම කිව්වේ නැ
කෙල්ලගේ අම්මා : බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...බ්ලා ...
මම : නැ මම කිව්වේ නැ
කෙල්ල පසකට වී සිනාසෙයි
මම ටග්ගලා මාරු උනා
ඔය කෙල්ල o/l ප්රතිපල අවා දවසේ පාස් වෙලා සතුටට හයියෙන් කැ ගැහුවා යේ ..මම පාස් කියලා
එකී ගියේ වෙන ස්කෝලෙකට මම ගියේ වෙන එකකට . ඉස්කෝල දෙකම ටිකක් ලගින් තිබ්බේ ඒ නිසා ඉස්කෝල දෙකේම ළමයි එකම බස් හෝල්ට් එකෙන් නගින්නේ ..
ඔක්කොම නගින්නේ CTB ඇයි සිසන්නේ යන්නේ
කෙල්ල ගිය ඉස්කෝලෙම හිටියා මම අදුරන කොල්ලෙක්
මම දවසක් ඌත් එක්ක කතාකරකර ඉන්න කොට .මම කිව්වා අර කෙල්ල කැගැහුව අරකයි මේකයි කියලා
මම දවසක් ඉස්කෝලේ ගියේ නැ
එදා මු ඒකිට කියලා මම කියපු එක
ඒකී අම්මට කියලා
ඔන්න ඕකයි උනේ
මට දැන් එයාගෙන් යාලු වෙන්න අහන්න බයයි . මම කවදාවත් එයාට පෙන්න එයාගේ දිහා බලලා නැ
හොරෙන් මම බලන්නේ
කතා කරලවත් නැ
මම යාලු වෙන්න ඇහුවට පස්සේ එයා කිව්වොත් . පිස්සුද කියලා
උන්ගේ අම්මට කියලා පස්සේ උන්ගේ අම්මා අපේ ගෙදරට කීවොත්
ඒ නිසා මම
තට්ටු දෙකේ ගෙයක් හදලා
හොද කාරෙකකුත් අරගෙනම
යෝජනාව දාන්න හදන්නේ
හැබැයි ඉතින් ඒ වෙද්දී එයා කොල්ලෙක් එක්ක යාළුවෙලා හිටියොත් වෙන අතක් බලනවා
![]()
Podi wayasata mehemanam Thawa issarahata thawa balaganna puluwan wei![]()
උඹට එහෙම එකක් පේන්නේ නැද්ද?
මගේ ඇස්වල අවුලක්ද මන්දා....
හරියට නිකං......
ඔව් ඔව්.... ඒ වගේ.....![]()

