ගීතා_කතා_කරයි

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    මා දිනුවේ මහින්ද නිසයි.. කිසිදු ඔහු හැරයන්නේ නෑ.. මහින්ද අදට වඩා හෙට රටට ඕනෑවෙයි..


    images


    තමා කිසිම ආකාරයකින් තනතුරු හා වරප්‍රසාද උදෙසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙන්ම ශ්‍රී.ල.නි.ප. ය හා තම ජයග්‍රහණය උදෙසා උරදුන් ජනතාව හැර යන්නේ නැතැයි දකුණු පළාතෙන් මෙවර පාර්ලිමේන්තුවට පත්ව සිටින එකම මන්ත්‍රීවරිය වූ ප්‍රවීණ සිනමා නිලි ගීතා කුමාරසිංහ මහත්මිය දිවුරමින් පැවසුවාය.

    මගේ ජයග්‍රහණය පිටුපස හිටියේ මහින්ද රාජපක්ෂ මහතායි .එතුමාට අගමැතිවීමට නොහැකි වීම ගැන අපට ලොකු දුකක් තියෙනවා.කෙසේ වෙතත් අපි එතුමාව හැර යන්නේ නැහැ.තව වසරක් දෙකක් යනකොට අපිට එතුමාගේ අගය අදටත් වඩා දැනෙනවා.ඒ වගේම විපක්ෂයේ සිටින අපේ ජනතාවට කාටවත් ඇත තියන්න දෙන්නේ නැහැ.අපි ඒ ජනතාව ආරක්ෂා කර ගන්නවා.

    ජයග්‍රහණයෙන් පසු රාත්‍රියේ බෙන්තර ප්‍රදේශයේ පැවති පිළිගැනීමේ රැස්වීම්වලදී කුමාරසිංහ මහත්මිය මෙසේ පැවසුවාය