ගීයක පද බැඳුන හැටි

Djsash

Member
Jun 1, 2018
274
9
0
ගීයක පද බැඳුන හැටි

ඉඟි බිඟි කරනා තරු නෙතු
වලට හොරා ..
සැගව සිනාසෙමු අපි ලොව
හිදින තුරා …

ගිවිසා ගත්තෙමු වෙන්න
නොයන සේ
අප දෙදෙනා හැරදා
ඔබට කලින් මා මටද කලින් ඔබ
කිසිම දිනෙක හෝ අපට
හොරෙන්

ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන
සේ
අප දෙදෙනා බවයේ
මා මියයන දින ඔබ මියයන දින
එකම මොහොතක් ලෙස මතු
දවසේ ..

මාසෙ අන්තිම දවස උදාවෙද්දි කොහේදෝ ඉදල ආයේමත් මේ ගීයම මගේ හිතට අවා..ප්‍රවීණ ගායන ශිල්පිනී ” නීලා වික්‍රමසිංහයන් ගයන මේ ගීතය ඇසුවම හිතට දැනෙන හැඟීම නිසාම ආයෙමත්ම මේ ගැන ලියන්න හිතුන …ආදරයක් ගැන ලියවුනු පද පේළි වචන අතරෙ ඔහේ සැරිසරන ගමනෙදි ඇසෙන මේ ගීයට මම වගේම ඔබත් ආදරෙයි කියල මම දන්නවා…

හිතට දැනෙන ගීයක අගමුල හොයාගෙන යෑමේ පුරුද්දක් තියන නිසාම ඒ ගැන හොයන්න කතාකලේ මෙහි නියම හිමිකරුවානන් වන ප්‍රවීණ ගීත රචක ප්‍රියානන්ද විජේසුන්දරයන්ට.ඔහුගෙ දුරකථනය එවෙලෙ සක්‍රීයව නොතිබුණ නිසා පණිවිඩයක් තබා ආයෙමත් ගීතයට සවන් දුන්න ..

” ජගත් දැන් එන්න පුළුවන්ද …එක් වරම ලැබුණු විද්‍යුත් පණිවිඩයෙහි එහෙම සටහන් වෙලා තිබුණා ..

skype තිරයෙන් එහා පැත්තෙ සුපුරුදු මුහුණ ඉතාම දයාබරයි ..තවමත් ඒ වගේමයි ..

මගේ ඇරයුමින් ප්‍රියානන්ද විජේසුන්දරයන් මෙහි අතීත කතාවට මුල් පිරුවෙ මෙන්න මේ විදියට ..

මේ ගීතය මම ලියුවෙ එක්දාස් නමසිය හැත්තෑ ගනන්වල .මතුපිටින් ආදර ගීතයක් වගේ පෙනුනට මේ ගීයට මුල් වුනේ මයිනන් දෙදෙනෙකුගෙ සිද්දියක්..ඇත්තෙන්ම එක් සිද්ධියක් නෙමෙයි සිද්ධීන් දෙකක් ..ගමේ ගොඩේ කතාවක් තියනව මයිනන් ජෝඩුවක් මැරෙනකන්ම එකට ජීවත් වෙනව කියල..මොනවහරි අනතුරකින් එක සතෙක් මැරුණොතින් අනෙක් සතා ජීවිත කාළයම තනිවම ජීවත් වෙනව..ඒ ඒ සතුන්ගෙ හැටි..

දවසක් මම සුවාරපොළ අපේ ගෙදරට යන පාරෙ එනකොට වාහනයකට යටවෙලා මයිනෙක් මැරිල..අනෙක් සතා මේ මැරුණ සතාගෙ සිරුර පාරෙ අයිනට අදින්න උත්සාහ කරනව..අමාරුවෙන් ඌ උගේ නැතිවුන සහකරුගෙ නැතිනම් සහකාරියගෙ සිරුර පාරෙන් ඉවතට ගත්තා …මේ සිද්දිය මගේ හිත සසල කලා …

පස්සෙ දවසක මේ කතාව මම කිඳෙල්පිටියෙ පන්සලේ නායක පාලිත හාමුදුරුවොත් එක්කල කීවම උන්වහන්සේ මේ වගේම තවත් කතාවක් කීව.. පාලිත හාමුදුරුවෝ පැවිදි වෙන්න කලින් කුඩා අවදියෙදි ගෙදරට මයිනෙක් අල්ලන් ඇවිත් කූඩුවක දමල ඇති කරල තියෙනව..එහෙම කරල තියෙන්නෙ ඌට කතා කරන්න පුරුදු කරන්න..මයිනෙක් කීවට පැටියෙක් නෙමෙයි ටිකක් වැඩුන සතෙක්..ඉතිං මේ සතාට හොඳට කන්න බොන්න දීල ඇතිකරාලු..දවසක් බලනකොට මේ කූඩුවෙ ඉන්න මයිනට තවත් මයිනෙක් ඇවිල්ල කෑම ගෙනත් කවනවලු…මේක දැකපු පාලිත හාමුදුරුවො ( එවකට කුඩා ළමයෙකි ) එවේලේම අර කූඩුවෙ උන්නු සතාව නිදහස් කරල තියනව..උන් වහන්සේ මා සමග කීව ඉන් පස්සෙ කිසිම දවසක සතෙක්ව කූඩු කරල ඇතිකලේ නෑ කියල..ඒවගේම කාටවත්ව සතෙක්ව කූඩු කරල ඇතිකරන්න අනුබල දුන්නෙත් නැහැ කියල …

ඉතිං මම පාරදි දැකපු මයිනගෙ සිදුවීමයි පාලිත හාමුදුරුවො කියපු සිදුවීමයි මුල් කරගෙනයි මා අතින් මේ ගීය ලියැවුනේ..ආදරය සෙනෙහස කියන දේ මිනිසුන්ට වගේම සතුන්ටත් පොදුවූ දෙයක්..කොහොම හරි මෙය ජනප්‍රිය ගීතයක් වුනා …

ප්‍රියානන්න්ද විජේසුන්දරයන්ගෙ කතාවෙන් මගෙ හිතටත් පුංචි දුකක් දැනුණා.විනාඩි තුනක තරම් ගීයක පිටුපස මොනතරම් සංවේදී අතීතයක් සැඟවිලා තියනවද.. ..මේ වගේ ගීත අද අපිට නොඇසෙන්නෙ ප්‍රියානන්න්ද විජේසුන්දරයන් වැනි සුන්දර මිනිසුන් අද එදා මෙන් නිර්මාණයකරනයේ නොයෙදෙන නිසාද නැතිනම් අද පරම්පරාව ඔහු වැනි ප්‍රවීණයන්ගෙන් ප්‍රයෝජන නොගන්න නිසාදැයි ගැටළුවකි..කෙසේ වෙතත් ගීත රචකයෙකු ලෙස සදා නොමැකෙන ගීත සමුදායක් සිංහල ගී ලොවට දායද කිරීම නිසා ඔබේ නාමය අප සිතින් කිසිදා බැහැර නොයන්නේමය …

ගිවිසා ගත්තෙමු වෙන්ව නොයන සේ අප දෙදෙනා බවයේ මා මියයන දින ඔබ මියයන දින එකම මොහොතක් ලෙස මතු දවසේ …


උපුටා ගැනීම - http://thewoman.lk/
 
  • Like
Reactions: willpower and jmzsl

somalal

Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේ පෝස්ට් එක බම්ප් කරපු නිසා මෝඩයෙක් මගෙ රෙප් 13ක් කපල