ගුගල් සමාගම ලංකාවට ඇවිල්ලා ගිහින්!

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ගුගල් සමාගම ලංකාවට ඇවිල්ලා ගිහින්!

    10386261_727818037283364_8701075306485105156_n.jpg


    ලොව පරසිදු ගූගල් සමාගම ලංකාවේ මෙහෙයුම් කාර්යාලයක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කිරීමට එම සමාගමේ ඇමරිකානු ජාතිකයන් තිදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර රාජපක්ෂ රෙජීමය ඔවුන්ගෙන් අසීමිත කොමිස් මුදලක් ඉල්ලා සිටීම නිසා අදහස අත්හැර ආපසු ගොස් ඇතැයි ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි පැවසීය.

    ඔහු මේ සම්බන්ධයෙන් මූලික හෙලිදරව්වක් අද පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කෙළේය. ඒ සම්බන්ධයෙන් සාලි මහතාගෙන් 'ලංකා ඊ නිව්ස්' වැඩිදුරටත් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජපක්ෂ රෙජීමයේ කුප්‍රකට කොමිස් කාක්කා විසින් මෙම අසීමිත කොමිස් මුදල ඉල්ලා ඇති බවත් ඊට පිලිතුරු දෙමින් ගූගල් නියෝජිතයින් තම සමාගම ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක් ඇතිවනු ඇතැයිද ශ්‍රී ලංකාවේ බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා බිහිවනු ඇතැයිද එනිසා තම සමාගම ඒ සා කොමිස් මුදල් දීමට අකමැති බව පවසා ආපසු ගිය බවට තමාට තොරතුරු ලැබී ඇති බවයි. මෙය ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වර්ධනයට රාජපක්ෂ රෙජීමය විසින් සිදුකළ බරපතලම හානියක් මෙන්ම අමනෝඥ කි්‍රයාවක් බවද අසාද් සාලි පැවසීය.

    1996 දී ලැරී පේජ් සහ සර්ජි බි්‍රන් යන ආචාර්ය උපාධි අපේක්ෂකයන් දෙදෙනා විසින් බිහිකළ ගූගල් අන්තර් ජාල සෙවුම් මෙහෙයුම අද වන විට අතු ඉති ලා ලෝකයේ දැවැන්තම සමාගම් අතර එකක් බවට පත් වී තිබේ. එය සමාගමකට වඩා නව්‍ය ලෝකයේ සංස්කෘතිකයක් බවට පත්ව ඇත. ඔවුන්ගේ මෙහෙයුම් කාර්යාල 70 ක් රටවල් 40 ක් සිසාරා පවතී. එවැනි සමාගමක් ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි වාසි කොතෙක්දැයි මැදමූලන ගංකබරයන්ට නොතේරේ. ඔවුන් දකින්නේ තම ගිණුමට බැරවන මුදල පමණි. මැදමූලන ගං කබරයන්ට මුදල් ලැඛෙන ගූ මාගල මිස ගූගල් වලින් වැඩක් නැත.


    දැන් කෑගහපල්ලා මේ නිවුස් එක බොරුයි කියා
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ශ්‍රී ලංකාව වැනි කුඩා දූපතකට පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැකි වාසි කොතෙක්දැයි මැදමූලන ගංකබරයන්ට නොතේරේ. ඔවුන් දකින්නේ තම ගිණුමට බැරවන මුදල පමණි. මැදමූලන ගං කබරයන්ට මුදල් ලැඛෙන ගූ මාගල මිස ගූගල් වලින් වැඩක් නැත.

    gam batto rate wagakiyayuthu than walata yawapu apita gahala madi bola...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කිසිම සාක්ශියක් නැති නිවුස් අයිටම් එකක්. එකම සාක්ශිය අසත් සාරිගෙ වචනෙ විතරයි.

    පට්ටපල් බොරුවක් ද කොහෙද? ගූගල් කොම්පැනියට ලංකාවට එන්න ඕනෙ නම් මොකට පොලිටික්කන්ට කතා කරනවද? උන්ට අවිත් සමාගම් මැදුරෙ රෙජිස්ටෙර් වෙලා අවසර අරන්, ටැක්ස් එහෙම් ගෙවලා පටන් ගන්න බැරියැයි. මොන මගුලකට මැදමුලන යනවද?