ගුණමකුවන් වෙන්න එපා
විජයාගමණයෙන් පසුව තුන්සිංහලයම ඵක්සේසත් කල පලමු මහා නිරිදාණන් වනුයේ ගැමුණු රජතුමාය.
සිංහල මහා වංශයේ වීරයා ලෙස සිංහල වංශ කථාවෙහි මෙතුමා හැදින්වෙයි.විදේශීය ආක්‍රමණ වලින් රට ආරක්ෂා කර ගනිමින් සශ්‍රික රාජ්‍යයක් බිහිකිරීමෙහිලා මෙතුමා විශාල කාර්යක් ඉටුකරන ලදි.
එතුමා මුල්වී ඉදි කල අසදෘෂ ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් අදටත් අනුරාධපුරයේ විරාජමානව වැඩ සිටී.
එතුමන් මේ රටට, සිංහල දැයට, බෞද්ධාගමට කල සේවය අති මහත් ය. එවන් උත්තම නරේන්ද්රවරයෙකුට අපි කෙතෙක් ගුණ කීවත් මදියි නේද.. නේද ????????
ඒත් මහා ගුණමකුවන් වන අපි ඒ මහ නිරිඳාණන්ට ආමන්ත්‍රණය කරන්නේ කෙසේද ? :දුටු ගැමුණු
කට්ටිය දන්නවද දුටු ගැමුණු නමේ මේ "දුටු" කියන්නෙ මොකක්ද කියල ?
දුටු කියන්නෙ දුෂ්ඨ කියන එකටයි.
ඇයි අපේ උත්තම, උත්තරීතරම මහ රජතුමාට දුෂ්ඨ කියල කියන්නෙ ?
මෙන්න දැනගන්න..
කාවන්තිස්ස මහරජ තුමාගෙත් විහාරමහ දේවියගෙත් ජ්‍යෙශ්ඨ පුත්‍ර රත්නය තමයි ගාමිණි අභය නොහොත් ගැමුණු කුමරු. කුමාරයා පොඩි කාලෙදි ලංකාවෙ උතුර එළාරගෙ ග්‍රහනයෙ තිබුනෙ. තරුණවියේදිත් ගැමුණු කුමරු මේ රට එක්සේසත් කරන්නට සැළසුම් කලා. නමුත් මේකට පිය රජතුමා කැමති උනේ නෑ.. එතුමා හිතුවෙ යුධශිල්පයෙ කෘතහස්ත රනශූරයෙකු වූ එලාර එක්ක , ඔහුගෙ බලගතු සේනාව එක්ක යුද්දෙට ගිහින් ගැමුණු කුමාරය නිකන් පණ නහගනීවි කියල.
මේ නිසාම තාත්තයි පුතයි අතර දවසක් මත ගැටුමක් වෙලා, කුමාරය තමන්ගෙ පිය රජතුමාට කාන්තා ආභරණ හා ඇඳුම් තොගයක් යවල මාලිගාවෙන් පැනල ගියා. මේකට හිත රිදුන කාවන්තිස්ස මහරජු මෙහෙම ආඥාවක් කලා " පීතෲ ද්‍රෝහී දුශ්ඨ ගාමිණී ජීවග්රහයෙන් අල්ලා, රන් හැකිළි ගස්වා, මෙහි ගෙනෙවු" කියල. ඔන්න ඕක තමයි දුටු ගැමුණු කියල ආවෙ.
අපේ ඉතිහාසය පුරාවටම ගාමිණී මහරජුට මේ රටේ මිනිස්සු කිව්වෙ දුශ්ඨ ගාමිනී හෙවත් දුටු ගැමුණු කියල.
පරම්පරා කීයක සිංහලයෝ ඒ අද්විතීය රජතුමාට, අපේ වීරයාට, අපේ උතුම්ම මහ රජුට කිව්වෙ දුශ්ඨයා කියල.
හිතේ නැති වෙන්න පුලුවන්. ඒකෙන් පේන්නෙත් අපි ගිරා පාට් දාන කල්පනා ශක්තිය හීනයො රැලක් කියල නේද ?
කාලයක් ගිහින් "අම්මා" කියන උත්තරීතර වචනයට "මමී" කියල කියන්න පුරුදු උනෙත් මේ ගොබ්බ කම නිසා තමයි.
මේ රටේ ඉතිහාසයට ගැමුණු මහරජතුමාගෙන් වුන සේවය ට අපි ගුණගරුක වෙමු. ගිරා පාට් අතාරිමු.
දුටු ගැමුණු නෙවෙයි.. එතුමා ගැමුණු. අපේ ගැමුණු මහරජතුමා.
පර සතුරන්ටත් මනුශ්‍යත්වයෙන් සැලකූ බෝසත් මහ නරේන්ද්රවරයෙක්.
ආඩම්බරයෙන් මතක් කරමු යාළුවනේ.. අපි අපි ගැනම ආඩම්බර වෙමු.. ඔහු අපේ ගැමුණු මහ රජතුමා.

මේ ටික කියන්නෙ බෞද්ධයන්ට:
ගැමුණු මහරජතුමා එතුමාගෙ අභාවයෙන් පස්සෙ දෙවුලොව උපන්න කියලත්, උන්වහන්සේ දැන් භාවනානුයෝගීව සිටින බවත් සමාධි ලත් ආර්ය් පුද්ගලයන් පවසා තිබෙන බව ඔබ දන්නවා ඇති. ඔබ පද නිරුක්තිය ගැන මඳක් හෝ දන්නවා නම් පද වල තියෙන අර්ථ ශක්තිය ගැනත් දන්නවා ඇති. කුසල් වඩන උත්තමයෙක් දුෂ්ඨ වාදයෙන් සිහි කිරීම සුදුසු ද කියල ඔබම හිතන්න.

Last edited: