ගුරුකම් කරපු කාලේ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ගුරුකම් කරපු කාලේ

    Mekath Sanskara Lokayen Hondaida kiyannako


    දඟ ළමයි සහ හොඳ ළමයි



    ඉස්කෝලෙ කාලෙ මොන තරම් සුන්දරයිද නේද? අපි කාටත් එහෙම වෙන්න ඇති මගෙ හිතේ. අර එච්.ජී. වේල්ස් ලියලා තිබුනා වගේ කාල යන්ත්‍රයක් තිබ්බා නම් කීයක් ගියත් එක පාරක් යනවා පාසල් කාලෙට, අනේ ඇත්තමයි.

    ඒ කාලෙ කරපු ගොඩක් දේවල් වල හොඳ නරක තේරෙන්න්නෙත් දැන්නෙ. පස්සෙන් පහු මං ගුරුවරියක් වෙලා උගන්නන කාලෙ ළමයි කරපු සමහර වැඩ වලට ගැහුවට, බැන්නට මට නම් අනන්තවත් මතක් උනේ අපිත් එහෙම්මමයි නේ කියලා, නැත්නම් අපි එක්ක හිටපු අයත් ඔහොම වැඩ කෙරුවනේ කියලා. සමහර වෙලාවට මට බනින අතර හිනාත් යනවා. ඊට පස්සෙ නම් ඉතින් නඩු අහලත් ඉවරයි. අනේ ඒ පොඩි එවුන් දැන් මොනවා කරනවා ඇද්ද?

    මගේ ගුරු ජීවිතේ එදාවේල කන්න , අඳින්න නැති, අම්ම අප්පගෙ ආදරේ නැතුව දුක් විඳපු ළමයි වගේම, බෙන්ස් කාර් එකෙන් බැහැලා ආපු ළමයිනුත් හමුවෙලා තියෙනවා.නිමලව ඉස්කෝලෙදි තමයි ගොඩක්ම දුප්පත් ළමයි හිටියෙ. දුක් විඳලම ඇට්ටර වෙච්චි ළමයිත් හිටියා.

    ඒක ගොඩක් පොඩි ඉස්කෝලයක්, එහෙ එතකොට 7 පන්තියෙ ළමයි දෙතුන් දෙනෙක් හැමදාමත් පිට්ටනිය පත්තට යනවා. මේක බලන් හිටපු මම දවසක් විපරම් කරා කොහෙද යන්නෙ කියලා, අනේ බලනකොට ඉන්ටවල් එකට කන්නෙ එරමිණියා.
    තවත් ඒ පන්තියෙම ගෑණු ළමයෙක් දවසක් උදේ 9ට විතර ඉස්කෝලෙ ආව. මම එතකොට පාඩම උගන්නලා , ගණනුත් හදන්න දීලා ඉවරයි

    "මොනවද මෙච්චර වෙලා කරේ , සනෝජි ඔයා එන්නෙ බස් එකේ නෙමෙයි නේ?"
    "අම්මා උදෙන්ම වත්තෙ වැඩට ගියා මිස්, මම නංගිලට කන්න බත් උයලා ආවෙ"

    මම එවෙලෙ පත්වෙච්චි අපහසුතාවය දැකපු ඒ පන්තියෙම කොලු පැංචෙක් මොකක්දෝ විහිලුවක් කරලා කතාව මඟ හැරියා කියලා මට හොඳට මතකයි. හැබැයි මගේ ඇස් දෙකට කඳුළු නම් ආවා. ඒ වෙනකොටත් ඇත්තටම මට හරියට බතක්, මාළුවක් උයා ගන්න බැහැ. මේ අවුරුදු දොළහක පුංචි එකී විඳින දුක.

    දවසක් ළමයෙකුට මම දොස් කිව්වා
    "අම්මලා, තාත්තලා මහන්සිවෙලා හම්බකරලා නේද පොත් පත් අරන්දෙන්නේ" කියලා, මෙන්න මේ ළමයා කියපි
    " නෑ මම තේ වතු වල , වල් නෙලලා හම්බකරන සල්ලි වලින් පොත් ගත්තේ කියලා "
    ඉතින් කාට කියන්නද?
    අර ටෙක්ලත් හිටියෙ එහෙනේ.

    මේවා ලියලා ඉවර කරන්න පුළුවන් දේවල් නම් නෙමෙයි. සමහර විට මම තාමත් ගුරුකම් කරා නම් මේවා ඇඟට පත්තියන් වෙන්නත් තිබුනා.

    මම ඇත්දැකපු හොඳම දෙයක් තමයි පාසලේදි දඟ වැඩ කරලා බැනුම් අහන ගුටි කන ළමයි, ගුරුවරුන්ට ආදරෙයි, බෝපැළ වගේ ළමයින්ට වඩා.
    පොතේ එල්ලිලා ඉන්න ළමයි හරිම ආත්මාර්ථකාමියි. තමන්ගෙ යාළුවෙකුට උනත් උදව් කරන්න පැකිලෙනවා.
    පොතේ වැඩයි, දඟ වැඩයි දෙකම කරන්නෙ නම් ඇම්බැට්ටයොම තමයි .පතෝල වගේ. ගුණත් නෑ, අගුණත් නෑ.
    අර පංතියෙ දඟලන කට්ටිය තමයි පාසලේ පොදු වැඩ වලදි මුල් තැන ගන්නෙ. අනිත් දෙපිරිසටම වඩා මේ අය ගුණ ධර්ම අතින් නම් පොහොසත්.

    මම දුශ්කර සේවය කරන කාලෙ 11 පංතියෙ ළමයෙක් හිටියා මෙලෝ වැඩක් කරන්නෙ නෑ. වැඩ කරන්න තරම් උනන්දුවක් තිබුනෙත් නෑ ඒ ළමයට. තාත්තගෙ වැඩේ නිතරම ඇවිත් පුතා ගැන අහන එක. මේ ළමයා මුල් වතාවෙ විභාගෙ ෆේල්. ප්‍රතිපල එන්නත් කලින් මෙයා ආපහු ඉස්කෝලෙ ආවා. අපේ සමහර අය මේකට කැමති උනේ නැහැ, කොටින්ම විදුහල්පතිතුමිය එක්ක කිව්වෙ මේ ළමයි ටිකත් නරක් කරයි කියලා.
    මගේ පාඩමක් වෙලාවක මෙයා බිත්තියෙන් එහා පැත්තෙ ඉන්නවා දැකලා දවසක් මම මේ සුපුන්ව පංතිය ඇතුලට අඬ ගැහුවා. කියන පමාවෙන් කොල්ලා ඇතුලෙ. අනේ පව්, මම හිතන්නෙ කවුරුම හරි කතා කරන කම් බලන් ඉන්න ඇත්තෙ. කොහොමින් හරි කලින්ට වඩා පුලුවන් හැටියට මහන්සි වෙලා යාන්තම් විභාගෙ ගොඩ දා ගත්තා.

    ඊටත් කාලෙකට පස්සෙ මම සති අන්තෙ ගෙදර යන වෙලාවක බස් එක චෙක් පොයින්ට් එකක නතර කළ වෙලාවක හමුදා සෙබළෙක් කියන්න පුලුවන් ළමයෙක් මගේ ළඟට ආවා. කොට කොණ්ඩෙ නිසා එයාලව අඳුර ගන්න ලේසියි. බලනකොට සුපුන්. විභාගෙ පාස් වෙච්චි නිසා navy එකට බැඳෙන්න පුළුවන් උනාලු. අර සෙනඟ ගොඩක් මැද්දෙ දණ ගහලා වඳිනකොට මගේ අස් දෙකට කඳුළුත් පිරුනා. වටේ පිටේ හිටිය අයත් බලන්න ගත්තා.ඒ ළමයා ඒ වෙලාවෙ වැන්දෙ හදවතින්මයි කියලා මට හිතුනා. ඇත්තටම මට දැණුනු සතුට කියන්න වචන නෑ.

    විභාගෙ යන්තම් පාස් උනාට ඒ ළමයා ජීවිතේ දිනලා නේද?
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කථාවේ හොඳම ටික, ඇස් වලට කඳුළුත් ආවා :(:(
    ඊටත් කාලෙකට පස්සෙ මම සති අන්තෙ ගෙදර යන වෙලාවක බස් එක චෙක් පොයින්ට් එකක නතර කළ වෙලාවක හමුදා සෙබළෙක් කියන්න පුලුවන් ළමයෙක් මගේ ළඟට ආවා. කොට කොණ්ඩෙ නිසා එයාලව අඳුර ගන්න ලේසියි. බලනකොට සුපුන්. විභාගෙ පාස් වෙච්චි නිසා navy එකට බැඳෙන්න පුළුවන් උනාලු. අර සෙනඟ ගොඩක් මැද්දෙ දණ ගහලා වඳිනකොට මගේ අස් දෙකට කඳුළුත් පිරුනා. වටේ පිටේ හිටිය අයත් බලන්න ගත්තා.ඒ ළමයා ඒ වෙලාවෙ වැන්දෙ හදවතින්මයි කියලා මට හිතුනා. ඇත්තටම මට දැණුනු සතුට කියන්න වචන නෑ.

    කියන්න වචන නෑ
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මේක Sanskara lokaya කියල blog එකක තිබුණ එකක් ....

    ඒ කාලෙ blog කියෙව්ව නෙ ....

    දැන් කවුරුවත්ම ලියන්නෙ නෑ නේද ?
     
    • Like
    Reactions: Chimpanzee Putha