ගුරුත්වාකර්ශණය

Ed.Win

Member
Mar 17, 2011
157
13
0
මේ දෙවල් ගැන කතා කරන්න හොයන්න කැමති ඊට කලින් මෙ විබාගයක් අත ලග ඒක පාස් වෙන්නත් එපැය්... නැත්නම් ජීවිතේම සුන්න්න්න්.......... :D:D:D:D

කොල්ල ටික ටික ට්‍රැක් එකට වැටෙන්නෙ ඔය;)
 
chkaushalya

Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මේ දෙවල් ගැන කතා කරන්න හොයන්න කැමති ඊට කලින් මෙ විබාගයක් අත ලග ඒක පාස් වෙන්නත් එපැය්... නැත්නම් ජීවිතේම සුන්න්න්න්.......... :D:D:D:D

    හොදයි හොදයි.....! කොරන විභාගයක් එළකිරි වගේ කොරගන්න ලැබෙන්න කියල අපි ප්රාර්ථනා කොරනව ඕං......!
     
    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    අවසාන වශයෙන් මම මගේ අදහස දක්වන්නම්,
    ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වීමට හේතු දැක්වීමට නොහැකි නම් එය සිදු නොවන්නක්. ඒ කියන්නෙ එහෙම දෙයක් වීමට හේතුවක් නෑ.
    හේතුවක් නැති සිදු නොවන දෙයක් සිදු වුනා කියන මතයේ (පදනම මත) ඉඳගෙන ඊට පස්සෙ වෙන දේවල් ගැන යම් කෙනෙක් හේතු දක්වන්නට හදනවනම් ඒක ලොකු බොරුවක්! ඒක කවදාවත් සත්‍යයක් වෙන්නෙ නෑ.. මොකද මේ විශ්වයේ ඕනිම දෙයක් වෙන්නෙ හේතු නිසා ඇතිවන ඵල මත. නැවතත් ඒ ඇති වන ඵල තවත් දේවලට නොයෙක් අයුරින් හේතු වෙනවා. සිදු නොවන දෙයකින් පසු සිදු වන දෙයක් ගැන හේතු දැක්වීම (හෝ පැහැදිලි කිරීම) නිෂ්ඵල කාර්යයක් ලෙසයි මමනම් දකින්නෙ. කෙසේ නමුත් ඔබ සැමට ජය! මේ හුය පටන් ගත්තු සහෝදරයටත් ඉතා හොඳින් උසස් පෙළ කඩ ඉම ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි!
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    බොහොම ලස්සන සංවාදයක්. ආසාවෙන් අන්තිම වෙනකම් හැම පෝස්ට් එකක්ම කියෙව්ව. මේ ගැන මගේ අදහසත් ඉදිරිපත් කරන්න කැමතියි. හැබැයි මං මේකට අයින්ස්ටයින්වත් නිවුටන්වවත් සම්බන්ධ කරගන්නෙ නැතුව ඉන්න බලන්නම්.

    අපිට මෙතනදි උපකල්පන කිහිපයක් කරන්න වෙනව.

    1. අපි හිතමු ගුරුත්වාකර්ෂණය නැතිවුණාට අපි නොමැරි ඉන්නව කියල. (හරියට අභ්‍යවකාශගාමියෙක්ගෙ ඇදුමක් ඇදගෙන ඉන්නව වගේ)

    2. පෘතුවිය තනි ඝණ වස්තුවක් කියලත් හිතමු. (හරියට හද වගේ)

    මෙන්න මෙහෙමයි මගේ තියරිය. අපි දන්නව හදේ ගුරුත්වාකර්ෂණය පොළවෙන් 1/6 ක් කියල. ඒ කියන්නෙ පොළවට වඩා 6 ගුණයකින් අඩුයි. කට්ටියම ටී වී එකේ දැකල ඇතිනෙ නීල් ආම්ස්ටෝංග් හදේ ඇවිදපු හැටි. අඩියක් උඩ පැන්නොත් අඩි 6 ක් උඩට විසිවෙනව. හැබැයි ආපහු හද මතුපිටට වැටෙනව. මොකද පොඩි හරි ගුරුත්වාකර්ෂණයක් තියන නිසා. උඩ පනින්නෙ නැතුව හිටියොත් එහෙමම ඉදියි.

    දැන් හිතන්නකො පොඩ්ඩක්වත් ගුරුත්වාකර්ෂණයක් නෑ කියල. උඩ පැන්නොත් ආපහු එනවද? නෑ. එකම දිශාවකට ඒකාකාරී ප්රවේගයකින් ගමන් කරයි. ඕන් නිවුටන්ව ගාවගන්න වෙනව. එතුමාගෙ පළවෙනි නියමය අනුව කිසියම් වස්තුවක් මත බාහිර බලයක් නොයෙදෙනතාක් එම වස්තුව ඒකාකාරී ප්රවේගයකින් ගමන් කරයි හෝ නිශ්චලව පවතියි.

    තව මෙහෙම දෙයකුත් තියනව. ඒ තමයි F = mg. මේක නිවුටන්ගෙ 2 අනුව ආපු සමීකරණයක්නෙ (F = ma).

    මේ ලෝකෙ තියන හැම වස්තුවක් මතම බාහිර බලයක් ක්රියාත්මක වෙනව. ඒක ඇතිවෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා. හැබැයි g = 0 වුණු ගමන් ස්කන්ධයක් තිබුණත වුණාට F = 0 වෙනව. ඒ කියන්නෙ අර බාහිර බලය නැති වෙනව. ඒ කියන්නෙ අපිව පොළවෙන් ඈතට විසිවෙනව කියන එකද? නෑ. එහෙම වෙන්නෙ අපි පොළව මත යම්කිසි බලයක් යෙදුවොත් විතරයි. එහෙම නැත්නම් බාහිරින් අපි මත බලයක් ඇතිවුණොත් පමණයි. ඒ කියන්නෙ දැං මට නිවුටන්ගෙ 3 ත් ඕනෙ වුණා (සෑම ක්රියාවකටම සමාන වූත් ප්රතිවිරුද්ධවුත් ප්රතික්රියාවක් ඇත).

    මෙක නිකන් ආසන්නව සමාන කරන්න පුළුවන් සබන් බෝලයකට. ඒකට අපි පිම්බොත් විතරක් වෙන දිශාවකට යනව. නැත්නම් එකතැන පාවෙවී තියනව.

    ඉතිං ගුරුත්වාකර්ෂණය නැතිවුණොත් අපිට ගමනක් යන්න වහන ඕනැ වෙන්නෙ නෑ. යන්න ඕනෙ දිශාවට ප්රතිවිරුද්ධ දිශාවට බලයක් යෙදුවනම් ගමන යන්න පුළුවන්. ගමනට ගතවන කාලය යොදන බලයට අනුලෝමව සමානුපාතික වෙනව. ඒ කියන්නෙ වැඩි බලයක් යෙදුවොත් ඉක්මනින් යන්න පුළුවන්.

    ඔයවගේ මෙකී නොකී ගොඩක් දේවල් කරන්න පුළුවන්.

    මේ පැහැදිළි කිරීම කළේ අම්බානක් උපකල්පනවලට යටත්වයි. ඒ නිසා ගොං ප්රශ්ණ අහන්න එහෙම එපා.
    :rofl::rofl: (වායු ගෝලය නැතිවෙන නිසා ජීවීන් මැරෙනව, පොළව ඉර දිශාවට ඇදිල ගිහින් විනාශ වෙනව වගේ ඒව.)

    ඔන්න මගේ අදහස ලිව්ව. ඔයාලට ඕනෙ කොමෙන්ට් එකක් දාන්න. හොදයිනම් කරන්න ඕනෙ දේත් දන්නවනෙ.
    ;)

    මෙහෙමයි උඹ තියරි ඇප්ලයි කරපු හැටි හරි. ඒත් g=0 කරන්නෙ කොහොමද ? එතන ප්‍රශ්නයක් තියෙනව
    :rolleyes:
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    අවසාන වශයෙන් මම මගේ අදහස දක්වන්නම්,
    ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වීමට හේතු දැක්වීමට නොහැකි නම් එය සිදු නොවන්නක්. ඒ කියන්නෙ එහෙම දෙයක් වීමට හේතුවක් නෑ.
    හේතුවක් නැති සිදු නොවන දෙයක් සිදු වුනා කියන මතයේ (පදනම මත) ඉඳගෙන ඊට පස්සෙ වෙන දේවල් ගැන යම් කෙනෙක් හේතු දක්වන්නට හදනවනම් ඒක ලොකු බොරුවක්! ඒක කවදාවත් සත්‍යයක් වෙන්නෙ නෑ.. මොකද මේ විශ්වයේ ඕනිම දෙයක් වෙන්නෙ හේතු නිසා ඇතිවන ඵල මත. නැවතත් ඒ ඇති වන ඵල තවත් දේවලට නොයෙක් අයුරින් හේතු වෙනවා. සිදු නොවන දෙයකින් පසු සිදු වන දෙයක් ගැන හේතු දැක්වීම (හෝ පැහැදිලි කිරීම) නිෂ්ඵල කාර්යයක් ලෙසයි මමනම් දකින්නෙ. කෙසේ නමුත් ඔබ සැමට ජය! මේ හුය පටන් ගත්තු සහෝදරයටත් ඉතා හොඳින් උසස් පෙළ කඩ ඉම ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි පතමි!

    මේ කතාවට එකග වෙන්න අමාරුයි. මොකද කියනවනම් හේතු දක්වන්න බැහැ කියන්නෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියන එකටම නෙමෙයි. යම් දෙයක් වෙන්නෙ ඇයි කියල පැහැදිළි කරන්න බැරි ඒ දේ වෙන හේතුව තාම හොයාගෙන නැති නිසා වෙන්න පුළුවන්. ඉතිං හේතුව හම්බ වෙන්නනම් ඒගැන හොයන්නම වෙනව. එතන තමයි විද්‍යාවෙ පැවැත්ම තියෙන්නෙ. කවුද දන්නෙ ස්කන්ධයක් තිබුණත් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති නොකරන වස්තූන් මේ විශ්වයේ හරි වෙනත් විශ්වයක හරි තියනවද කියල. :baffled::baffled::baffled:
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    කවුද දන්නෙ ස්කන්ධයක් තිබුණත් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති නොකරන වස්තූන් මේ විශ්වයේ හරි වෙනත් විශ්වයක හරි තියනවද කියල. :baffled::baffled::baffled:

    ස්කන්ධයක් නැතුව එතන පදාර්ථයක් තියෙන්නෙ කොහොමද:rolleyes:?
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo

    මෙහෙමයි උඹ තියරි ඇප්ලයි කරපු හැටි හරි. ඒත් g=0 කරන්නෙ කොහොමද ? එතන ප්‍රශ්නයක් තියෙනව
    :rolleyes:

    හරි. ඕක Practically කරන්න බැරි නැහැ. අහල තියනවද Zero gravity machines ගැන. අභ්‍යවකාශගාමීන්ව පුරුදු කරන්න පාවිච්චි කරනව. මහහර වෙලාවට වතුර යට තත්වය zero gravity කියල ආසන්නව ගන්න පුළුවන්. අභ්‍යවකාශයට ගියහම තිබෙන තත්වයත් g = 0 යි කියන්න පුළුවන්. උඩුකුරු තෙරපුම (U) බරට (mg) සමාන කළොත් ඇස් දෙක බැදල, කන් දෙකටත් ඇබ දෙකක් ගහල මිනිහෙක්ව වතුරට දැම්මොත් පොරට උඩ කොහෙද පහළ කොහෙද කියල හොයාගන්න ලේසි වෙයි කියල හිතනවද. :oo::oo:

    අනික අපේ සම්පුර්ණ සංවාදයම ගොඩනැගිල තියෙන්නෙ g = 0 වුණොත් කියන උපකල්පනය මත කියල අමතක කරන්න එපා. උපකල්පනයක් කියන්නෙ වෙන්නෙ නැති දෙයක් වෙනව කියල කියන එකටයි බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
     
    Last edited:

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    ස්කන්ධයක් නැතුව එතන පදාර්ථයක් තියෙන්නෙ කොහොමද:rolleyes:?

    හරි හරි බං. කවුද කිවුවෙ ස්කන්ධයක් නෑ කියල. මං කිවුවෙ ස්කන්ධයක් තිබුණට ගුරුත්වාකර්ශණයක් ඇති නොවෙන වස්තු තියෙන්න පුළුවන් කියලයි.
     
    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    Where's your scientific method?

    මේ කතාවට එකග වෙන්න අමාරුයි. මොකද කියනවනම් හේතු දක්වන්න බැහැ කියන්නෙ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියන එකටම නෙමෙයි. යම් දෙයක් වෙන්නෙ ඇයි කියල පැහැදිළි කරන්න බැරි ඒ දේ වෙන හේතුව තාම හොයාගෙන නැති නිසා වෙන්න පුළුවන්. ඉතිං හේතුව හම්බ වෙන්නනම් ඒගැන හොයන්නම වෙනව. එතන තමයි විද්‍යාවෙ පැවැත්ම තියෙන්නෙ. :baffled::baffled::baffled:

    සහෝදරයා අහල ඇති නේද ප්‍රශ්න විසඳීමේ විද්‍යාත්මක ක්‍රමය? වෛද්‍යවරයෙක් වුනත් ලෙඩක් සඳහා බෙහෙත් කිරීමේදී රෝග මූලය හොයාගෙන ඒකට තමයි බෙහෙත් කරන්නෙ. නැතිනම් ලෙඩේ නිසා ඇතිවුන අතුරු ආබාධ වලට බෙහෙත් කරන්න ගත්තොත් අවුලෙන් අවුලට පත් වෙනවා. මේ ප්‍රශ්නෙදිත් අපි මුලින්ම ප්‍රශ්නය සරළව කොටස් වලට බෙදල මූල ප්‍රශ්නයට පිළිතුර මුලින්ම හොයා ගන්න ඕනි. ඒ කියන්නෙ කොහොමද ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වෙන්නෙ කියල. ඒක හොයාගෙන තමයි ඊට පස්සෙ වෙන දේවල් වලට හේතු දක්වන්න ඕනි.
     
    Ed.Win

    Member
    Mar 17, 2011
    157
    13
    0
    හරි හරි බං. කවුද කිවුවෙ ස්කන්ධයක් නෑ කියල. මං කිවුවෙ ස්කන්ධයක් තිබුණට ගුරුත්වාකර්ශණයක් ඇති නොවෙන වස්තු තියෙන්න පුළුවන් කියලයි.

    :lol:sorry sorry

    මෙහෙමයි අපි මෙතන දාන තර්ක ඔක්කොම කලින් හොයාගත්තු නියම මත පදනම් වෙලානෙ කරන්නෙ. නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන නියමයෙන් බැලුවොත් කොහොමත් පැහැදිලියි ස්කන්ධ 2ක් පරිමිත දුරකින් තිබුනොත් ඒ වස්තු දෙක මත ගුරුත්ව බල දෙකක් ක්‍රියාකරනව කියන දේ. මම කලින් පෝස්ට් එකක කියල තිබ්බ වගේ නිව්ටන්ගේ ගුරුත්වාකර්ශන බලය මත පදනම් වෙලානම් පෘථිවියේ ගුරුත්ව බලයක් නැතිවෙලා යාම ගැන හිතන්න බෑ. අනික මෙතෙක් හොයා නොගත්තු නියම තියෙන්න පුළුවන්, එව්වගෙන් පැහැදිලි කරන්න පුළුවන් වගේ කතා කොච්චර දුරට සාර්ථකද කියන ප්‍රශ්නෙ එනව නේද?. එහෙම බැලුවොත් ලෝකෙ තියෙන හැම දේම අරෙහෙම වෙයි මෙහෙම වෙයි කියල කියන්න පුළුවන්. හොඳ, නරක බවට පත් කරන්නත් පුළුවන්, නරක හොඳ බවට පත් කරන්නත් පුළුවන්. ඒකයි මම මගේ මුල්ම පෝස්ට් එකේ කිව්වෙ මේව මොලේ කොලොප්පන් වෙන ප්‍රශ්න.

    Good Night
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මට මුලින්ම මේකට උත්තරයක්‌ දෙන්න! ඔයාල මෙතන ගුරුත්වාකර්ෂණය නැති වුණාම වෙන දේවල් ගැන කතා කරනව. කවුරු හරි ජගතෙක් ඉන්නවනම් ගුරුත්වාකර්ෂණය නැති වෙන හැටි විද්‍යාත්මකව පහදලා දෙනවද? (දන්නෙ නැති නිසයි අහන්නෙ. හිනා වෙන්න නම් එපා! :oo:)

    මචන් මේ ලෝකෙ තාමත් ජගතෙක් නැහැ ගුරුත්වාකර්ශනේ ඇති වෙන්නෙ කොහොමද කියලා හරියටම විස්තර කරපු.

    දැන් කියන්න එපා ස්කන්ධ 2ක් තියෙන තැන ගුරුත්වාකර්ශනයක් ඇති වෙනවා ඕකවත් දන්නෙ නැද්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මම ඊට වඩා ගැඹුරු දෙයක් කියන්නෙ.

    අපි ස්කන්ධ 2ක් අතර තියෙන බලයකට සමීකරනයක් දන්නවා. ඒ බලය ඇති වෙන්නෙ ඇයි කියන එකට එක හරි උත්තරයක් නෑ.

    ගුරුත්වාකර්ශනය ඇති වීමේ හේතුව නොදත් අපිට ඒක නැති වීම ගැන හිතන්නත් බැහැ. ඇති වීමේ මූලික හේතුව අයින් කරොත් නැති වේවි, ඒ වුනත් එහෙම හේතුවක් ගැන දන්නෙ නෑ.

    ඒක නිසා ඕක ප්‍රායෝගිකව හිතන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ඒ වුනත් ගුරුත්වාකර්ශනය නැති වුනොත් මොකද වෙන්නෙ කියන එක හිතන එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. නොපෙනුනු පැති පේනවා.

    මේක ඒක නිසා ලදරු ප්‍රශ්නයක් විදියට ගන්න එපා.
     
    • Like
    Reactions: chkaushalya

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    සහෝදරයා අහල ඇති නේද ප්‍රශ්න විසඳීමේ විද්‍යාත්මක ක්‍රමය? වෛද්‍යවරයෙක් වුනත් ලෙඩක් සඳහා බෙහෙත් කිරීමේදී රෝග මූලය හොයාගෙන ඒකට තමයි බෙහෙත් කරන්නෙ. නැතිනම් ලෙඩේ නිසා ඇතිවුන අතුරු ආබාධ වලට බෙහෙත් කරන්න ගත්තොත් අවුලෙන් අවුලට පත් වෙනවා. මේ ප්‍රශ්නෙදිත් අපි මුලින්ම ප්‍රශ්නය සරළව කොටස් වලට බෙදල මූල ප්‍රශ්නයට පිළිතුර මුලින්ම හොයා ගන්න ඕනි. ඒ කියන්නෙ කොහොමද ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වෙන්නෙ කියල. ඒක හොයාගෙන තමයි ඊට පස්සෙ වෙන දේවල් වලට හේතු දක්වන්න ඕනි.

    මේකනෙ බං. විද්‍යාත්මක ක්‍රමය පවතින්නෙ කල්පිත මතනෙ. අපි කරන්නෙ ඒ කල්පිතය හරිද වැරදිද කියල නිශ්චිත ක්‍රමවේදයකට පර්ක්ෂා කරල බලන එකනෙ. කල්පිතය තහවුරු වෙනවනම් පිළිගන්නව නැත්නම් බැහැර කරන්ව. මේකත් ඒ වගේ තමයි.

    දොස්තරල කරන්නෙත් ඒකම තමයි. මුලින් බලනව ලෙඩාට හැදිල තියෙන්නෙ X කියන ලෙඩේද කියල. ඔව් නම් ඒකට බේත් දෙනව. නැත්නම් තව test එකක් කරල බලනව Y කියන ලෙඩේද කියල. ඒකනම් ඒකට බේත් දෙනව නැත්නම් තව test එකක් කරල බලනව Z කියන ලෙඩේද කියල. නැතුව පළවෙනි පාරම මේකයි ලෙඩේ කියල කියන්න බෑ. ඔය එකකටවත් හොයාගන්න බැරිවුණාම වැඩිදුට පරීක්ෂණ වලට යොමුකරන්ව. ලෙඩේ හොයාගත්තොත් ගොඩ. බැරිවුණොත් ලෙඩො මැරෙනව. ලෙඩේ හොයාගන්න බෑ කියන්නෙ ලෙඩක් තිබුණෙ නෑ කියන එක නෙමෙයිනෙ.
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මචන් මේ ලෝකෙ තාමත් ජගතෙක් නැහැ ගුරුත්වාකර්ශනේ ඇති වෙන්නෙ කොහොමද කියලා හරියටම විස්තර කරපු.

    දැන් කියන්න එපා ස්කන්ධ 2ක් තියෙන තැන ගුරුත්වාකර්ශනයක් ඇති වෙනවා ඕකවත් දන්නෙ නැද්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මම ඊට වඩා ගැඹුරු දෙයක් කියන්නෙ.

    අපි ස්කන්ධ 2ක් අතර තියෙන බලයකට සමීකරනයක් දන්නවා. ඒ බලය ඇති වෙන්නෙ ඇයි කියන එකට එක හරි උත්තරයක් නෑ.

    ගුරුත්වාකර්ශනය ඇති වීමේ හේතුව නොදත් අපිට ඒක නැති වීම ගැන හිතන්නත් බැහැ. ඇති වීමේ මූලික හේතුව අයින් කරොත් නැති වේවි, ඒ වුනත් එහෙම හේතුවක් ගැන දන්නෙ නෑ.

    ඒක නිසා ඕක ප්‍රායෝගිකව හිතන්න පුලුවන් දෙයක් නෙමෙයි.

    ඒ වුනත් ගුරුත්වාකර්ශනය නැති වුනොත් මොකද වෙන්නෙ කියන එක හිතන එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. නොපෙනුනු පැති පේනවා.

    මේක ඒක නිසා ලදරු ප්‍රශ්නයක් විදියට ගන්න එපා.

    Totally agree with you. :yes::yes: අලුත් දේවල් ලෝකෙ හොයාගත්තෙ මේ විදිහට හිතපු මිනිස්සු හිටපු නිසයි. නැත්නම් අපි තාමත් රෝදෙ හොයාගෙනවත් නෑ.:lol::lol:
     
    • Like
    Reactions: virajintel

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    බොහොම ලස්සන සංවාදයක්. ආසාවෙන් අන්තිම වෙනකම් හැම පෝස්ට් එකක්ම කියෙව්ව. මේ ගැන මගේ අදහසත් ඉදිරිපත් කරන්න කැමතියි. හැබැයි මං මේකට අයින්ස්ටයින්වත් නිවුටන්වවත් සම්බන්ධ කරගන්නෙ නැතුව ඉන්න බලන්නම්.

    අපිට මෙතනදි උපකල්පන කිහිපයක් කරන්න වෙනව.

    1. අපි හිතමු ගුරුත්වාකර්ෂණය නැතිවුණාට අපි නොමැරි ඉන්නව කියල. (හරියට අභ්‍යවකාශගාමියෙක්ගෙ ඇදුමක් ඇදගෙන ඉන්නව වගේ)
    2. පෘතුවිය තනි ඝණ වස්තුවක් කියලත් හිතමු. (හරියට හද වගේ)

    මෙන්න මෙහෙමයි මගේ තියරිය. අපි දන්නව හදේ ගුරුත්වාකර්ෂණය පොළවෙන් 1/6 ක් කියල. ඒ කියන්නෙ පොළවට වඩා 6 ගුණයකින් අඩුයි. කට්ටියම ටී වී එකේ දැකල ඇතිනෙ නීල් ආම්ස්ටෝංග් හදේ ඇවිදපු හැටි. අඩියක් උඩ පැන්නොත් අඩි 6 ක් උඩට විසිවෙනව. හැබැයි ආපහු හද මතුපිටට වැටෙනව. මොකද පොඩි හරි ගුරුත්වාකර්ෂණයක් තියන නිසා. උඩ පනින්නෙ නැතුව හිටියොත් එහෙමම ඉදියි.

    දැන් හිතන්නකො පොඩ්ඩක්වත් ගුරුත්වාකර්ෂණයක් නෑ කියල. උඩ පැන්නොත් ආපහු එනවද? නෑ. එකම දිශාවකට ඒකාකාරී ප්රවේගයකින් ගමන් කරයි. ඕන් නිවුටන්ව ගාවගන්න වෙනව. එතුමාගෙ පළවෙනි නියමය අනුව කිසියම් වස්තුවක් මත බාහිර බලයක් නොයෙදෙනතාක් එම වස්තුව ඒකාකාරී ප්රවේගයකින් ගමන් කරයි හෝ නිශ්චලව පවතියි.

    තව මෙහෙම දෙයකුත් තියනව. ඒ තමයි F = mg. මේක නිවුටන්ගෙ 2 අනුව ආපු සමීකරණයක්නෙ (F = ma).

    මේ ලෝකෙ තියන හැම වස්තුවක් මතම බාහිර බලයක් ක්රියාත්මක වෙනව. ඒක ඇතිවෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා. හැබැයි g = 0 වුණු ගමන් ස්කන්ධයක් තිබුණත වුණාට F = 0 වෙනව. ඒ කියන්නෙ අර බාහිර බලය නැති වෙනව. ඒ කියන්නෙ අපිව පොළවෙන් ඈතට විසිවෙනව කියන එකද? නෑ. එහෙම වෙන්නෙ අපි පොළව මත යම්කිසි බලයක් යෙදුවොත් විතරයි. එහෙම නැත්නම් බාහිරින් අපි මත බලයක් ඇතිවුණොත් පමණයි. ඒ කියන්නෙ දැං මට නිවුටන්ගෙ 3 ත් ඕනෙ වුණා (සෑම ක්රියාවකටම සමාන වූත් ප්රතිවිරුද්ධවුත් ප්රතික්රියාවක් ඇත).

    මෙක නිකන් ආසන්නව සමාන කරන්න පුළුවන් සබන් බෝලයකට. ඒකට අපි පිම්බොත් විතරක් වෙන දිශාවකට යනව. නැත්නම් එකතැන පාවෙවී තියනව.

    ඉතිං ගුරුත්වාකර්ෂණය නැතිවුණොත් අපිට ගමනක් යන්න වහන ඕනැ වෙන්නෙ නෑ. යන්න ඕනෙ දිශාවට ප්රතිවිරුද්ධ දිශාවට බලයක් යෙදුවනම් ගමන යන්න පුළුවන්. ගමනට ගතවන කාලය යොදන බලයට අනුලෝමව සමානුපාතික වෙනව. ඒ කියන්නෙ වැඩි බලයක් යෙදුවොත් ඉක්මනින් යන්න පුළුවන්.

    ඔයවගේ මෙකී නොකී ගොඩක් දේවල් කරන්න පුළුවන්.

    මේ පැහැදිළි කිරීම කළේ අම්බානක් උපකල්පනවලට යටත්වයි. ඒ නිසා ගොං ප්රශ්ණ අහන්න එහෙම එපා. :rofl::rofl: (වායු ගෝලය නැතිවෙන නිසා ජීවීන් මැරෙනව, පොළව ඉර දිශාවට ඇදිල ගිහින් විනාශ වෙනව වගේ ඒව.)

    ඔන්න මගේ අදහස ලිව්ව. ඔයාලට ඕනෙ කොමෙන්ට් එකක් දාන්න. හොදයිනම් කරන්න ඕනෙ දේත් දන්නවනෙ. ;)

    pahadilikirima godak sartakai... kiyanna ona tika to the point kiyala tiyanawa thumbs up! mama godak de terum gatta macho! thk u! rep+
     
    • Like
    Reactions: chkaushalya

    ds_shami87

    Member
    Mar 18, 2012
    21
    1
    0
    Virtual Space
    සමහර දේවලට එකඟයි මමත්!

    මචන් මේ ලෝකෙ තාමත් ජගතෙක් නැහැ ගුරුත්වාකර්ශනේ ඇති වෙන්නෙ කොහොමද කියලා හරියටම විස්තර කරපු.

    දැන් කියන්න එපා ස්කන්ධ 2ක් තියෙන තැන ගුරුත්වාකර්ශනයක් ඇති වෙනවා ඕකවත් දන්නෙ නැද්ද කියලා. පොඩ්ඩක් හිතලා බලන්න මම ඊට වඩා ගැඹුරු දෙයක් කියන්නෙ.

    අපි ස්කන්ධ 2ක් අතර තියෙන බලයකට සමීකරනයක් දන්නවා. ඒ බලය ඇති වෙන්නෙ ඇයි කියන එකට එක හරි උත්තරයක් නෑ.

    ගුරුත්වාකර්ශනය ඇති වීමේ හේතුව නොදත් අපිට ඒක නැති වීම ගැන හිතන්නත් බැහැ. ඇති වීමේ මූලික හේතුව අයින් කරොත් නැති වේවි, ඒ වුනත් එහෙම හේතුවක් ගැන දන්නෙ නෑ.

    මේ කියපු දේට මම 100% ක් එකඟයි සහෝ.. මොකද විද්‍යාව කියල කියාගන්න දේ හැදිලා තියෙන්නෙ අවම කල්පිත ප්‍රමාණයක් මත ගොඩ නැගුණු වාද මත. කවුරු හරි කෙනෙක් යම් දෙයක් වීමට සැබෑ හේතු හොයාගෙන ඒක ඉදිරිපත් කරන්නෙ නැතිව කල්පිත මත ඉඳගෙන ඒක පැහැදිලි කිරීම නිසා තමයි මේ කියන විද්‍යාව කාලෙන් කාලෙට බොරු වෙවී වෙනස් වෙවී යන්නෙ. කවුරුත් ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියල හෙව්වෙ නෑ. දැන් ඉතින් විද්‍යාව ගොඩ ගන්න බැරි තරම් වළ පල්ලට ගිහින්! නිව්ටන් කියපු දේවල් අයින්ස්ටයින් නිසා බොරු වුණා.. :( මෑතකදී ඉඳන් CERN පර්යේෂණාගාරයේ කරන පරීක්ෂණ නිසා අයින්ස්ටයින් කියපුවත් බොරු වේගෙන එන්නෙ.. :( ඕව ඔහොම තමයි. මොනා කරන්නද?
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මෙහෙමයි මචං, ගුරුත්වාකර්ෂණය නැතිවෙන්නනම් ස්කන්ධ නොගනිය හැකි තරම් අඩුවෙන්න ඕනෙ. නැත්නම් දුර අනන්ත වෙන්න ඕනෙ. අපි පොළොවේ නිසා එක වෙන්නේ නැ.. එත් ස්කන්ධ ශුන්න්ය වුන කියමුකෝ, එතකොට relativity වලට අනුව ගොඩක් case වෙන්න පුළුවන්..

    those thoughts are coming under mind experiments regarding theory of special relativity.

    So don't worry machan:D