♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~ ♧ &a

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,995
    1,593
    113
    ගොතම් නගරයේ
    ♦♢♔ ♕ ♚ ♛ ~ පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග - ~ Exclusive !!!~█

    ඇතුලට ඇවිත් එක විනාඩි පහක් වැය කරලා කියවපන්! අනිවා වැදගත් වෙයි...!!!
    {。^◕‿◕^。} (◕^^◕) Exclusively on Elakiri.com අතිශයින්ම එලකිරියන්ට පමණයි{。^◕‿◕^。}(◕^^◕)

    2viknl1.jpg


    හායි මචන්ස්ලා, මුලින්ම අපේ සනුහරේ ඇත්තෝ සමා වෙන්න ඕනි මේ ත්‍රෙඩ් එක දාන්න මේ තරම් ප්‍රමාද වෙච්චි එක ගැන. මැඩියාගේ අම්මා ගෙදර නෑ. ඉතින්, ගෙදර කෝකියා, ක්ලීනර්, ගෘහ මූලිකයා වගේ බොහෝම බැරෑරුම් භූමිකා රැසකටම පණ පොවන්න සිද්ධ වුණ නිසා පහුගිය දවස් කිහිපයේ කිරිය පැත්තේ ඔලුව දාන්න බැරි වුණා.:yes:
    අම්මා නැති නිසා ගෙදර පරිපාලනය ෆුල් අවුල් බන්!! :sorry: පෙරේදා රෑ කරන්ට් ගියා. කුස්සියේ ස්විච් එක ඕෆ් කරලා ගිහින් නිදා ගත්තා. උදේ ඇහැරලා බලනකොට කුස්සියේ ලයිට් එක පත්තු වෙවී තියෙනවා. පස්සෙයි මතක් වුණේ මම කලුවරේම දෙපාරක් ස්විච් එක ඕෆ් කලා නේද කියලා........!:P කුස්සියේ දොරත් හරියට අගුලු දාලා නෑ!! ඒ අස්සේ අපේ ඩොගියා මල්ලිගේ කාමරේට රිංගගෙන සැපට නිදි!!!:dull: ඔන්න බලාපල්ලා අම්මලා නැතිකොට මැඩියාගේ කෙරුවාවේ සයිස් එක!!!:D අපේ අම්මා දන්නවා නම් එහෙම මගේ මැරිච්ච ආච්චිව වලෙන් නැගිට්ටවනවා ෂුවර්!!!!:rofl::rofl: (කසාදයක් බඳින දාකට නම් අඩුම තරමේ ගෑනු දෙන්නෙක් වත් ගන්න ඕනි බන් තොංගලේ ගියත් කමක් නෑ කියලා.:yes::frown:)
    1516-HomeAlone-banner.jpg


    කොහොමින් කොහොම හරි යාන්තම් අම්මා අද ගෙදර එනවා. ඉතින්, අද පටන් මැඩියා නැවතත් තමන්ගේ විධායක බලතල ටික අම්මාටම පවරලා සුපුරුදු රාජකාරියම කොරගෙන යන්න නියමිතයි ලු ඕං........!:cool:


    "රහස් සංවිධාන ගැන ත්‍රෙඩ් එකක් දානවා කියලා
    මෙතන තොගේ උලව්වක් කියව කියව ඉන්නේ ^#%$$&@........!:angry:" ඔහොම ද්වේස සහගතව හිතන්ඩ එපා බන්. බොලා හැරුණාම මට කවුද බන් ඉන්නේ.....?!:sorry::no:

    ආයෙත් පාරක් මතක් කරනවා නම්, අපේ පහුගිය මැතිවරණයේදි දෙවෙනියට වැඩිම මනාප ගත්ත මාතෘකාව තමයි මේ. අපි ජීවත් වෙන මේ ලෝකය සැබෑ වශයෙන්ම පාලනය කරන රහස් සංවිධාන, ඒවායේ ආරම්භය, ඒ පිටුපස ඉන්න පුද්ගලයන්, මොවුන්ගේ අරමුණු සහ අපි මේ ගෙවන එදිනෙදා සාමාන්‍ය ජීවිතයට ඔවුන් විසින් එල්ල කෙරෙන බලපෑම වගේ කරුණු ගැන වැඩිදුර සාකඡ්චා කිරීම තමයි මේ ලිපියේ අරමුණ වෙන්නේ. ඒ වගේම තමයි, අපි යම් තාක් දුරකට හෝ දන්න "ඉලුමිනාටි" වගේ සංවිධාන වලට එහා ගිය ඊටත් වඩා ප්‍රබල (ඇතැම් වෙලාවට ඉලුමිනාටි සංවිධානයටත් වඩා බලපෑමක් ඇති කල හැකි,) තවත් සංවිධාන ගැන සිංහලෙන් ලියැවෙන පලවෙනි ලිපිය මෙය බවට පත් වෙයි. මොකද, අන්තර්ජාලයේ කිසිම තැනක මට අනෙක් සංවිධාන ගැන ලියවුණු ලිපියක් හම්බ වුණේ නෑ. ඒ වගේම තමයි මගේ හිට්ලර් ගැන කලින් ලිපිය (වගෙම අපේ හර්ෂයා ලියපු ලිපි පෙල,) ආසාවෙන් කියවපු හැමෝටම, මේ ත්‍රෙඩ් එක හරහා හිට්ලර්ගේ "යුදෙවු සංහාරය" ගැන වෙනස්ම පැතිකඩක් දකින්න ලැබෙයි. ඒ නිසා චුට්ටක් අවධානයෙන් කියවන්න!
    හරි, ඔන්න එහෙනම් බොලා පුල පුලා බලන් හිටපු "පෘථිවිය පාලනය කරන සැබෑ බලවේග" ලිපිය මේ විදිහට පල වෙනවා...........!!!!

    ReadySteadyGoWide.gif


    මුලින්ම බොලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්!
    උඹලාට අනුව අපි මේ ජීවත් වෙන ලෝකය කියන්නේ මොන වගේ එකක්ද......?? (රවුම් තමයි බොල!:frown: මන් අහන්නේ ඒකේ සුවබාවය ගැන.....!!!:angry:) ඔව්, ලෝකට ලොක්කා ඇමෙරිකාව. දෙවෙනියට ශක්තිමත්ම දැනට සයිලන්ට් එකේ හිටියාට කවද හරි ඇමෙරිකාවට ගහලා ෆස්ට් ප්ලේස් එක ගන්නේ චීනය තමයි. අනිත් රටවලට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න පුලුවන් ගොල්ලක් තමයි මහා බ්‍රිතාන්‍ය කියන්නේ. තාක්ෂ්ණය අතින් ඉදිරියෙන් ඉන්නේ ජපානය. ඇතුලතින් ලොන්ත කුණු ගොඩක් වුණත් දකුණු ආසියාවටම ඕඩර්ස් දෙන්නේ ඉන්දියාවෙන්. ඒ මොනා වුනත්, ඔය ඔක්කොටම උඩින් ඉන්නේ ඇමෙරිකාව නිසා ඔබාමා තමයි පොර!!!:cool:

    ලෝක පොලිස්කාරයා හින්දා ඇමෙරිකන් ජනාධිපතියා නිකන් සක්විති රජෙක් ගානට අපි දකිනවා. බ්‍රිතාන්‍යයේ කැමරන්, රුසියාවේ පුටින්, ඉන්දියාවේ මෝඩි, ලංකාවේ නම් ටොයියොන්ට රනිල්, බයියොන්ට මහින්ද!!!:lol: මේ අය තමයි බලගතුම පුද්ගලයෝ. මේ අය තමයි අපිව පාලනය කරන්නේ. ආසන්න වශයෙන් ගත්තොත් මේ තමයි අපි දකින ලෝකය........!:D:yes:

    PHO-10Jun23-234715.jpg


    නමුත්, ඇත්තම කතාව තමයි මේ හැම කෙනෙක්ම එක්තරා විදිහක පඹයෝ. (නෑ නෑ බොලව්. එයා විතරක් නෙවෙයි:P, අනිත් ඔක්කෝමත් පබයෝ තමයි.:rofl:) මේ හැම කෙනෙක්ම පාලනය වෙන්නේ ඒ ඒ කලාපවල ප්‍රබලව කටයුතු කරන Secret societies එහෙමත් නැත්නම් රහස් සංවිධානවල අදිසි හස්තවලින්. තවත් විදිහකින් කිව්වොත් අපි මේ දකින හැම රටක්ම එක්තරා විදිහක රූකඩ රාජ්‍යයක්. අපි හැම මනුස්සයෙක්ම මේ සංවිධාන යටතේ පාලනය වෙන වහලෙක්. පිලිගන්න කැමති වුණත්, නැතත් මේ තමයි ඇත්ත. ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒ ගැන කතා කරන්න කලින් අපි ඒ සංවිධානවල ආරම්භය සහ ඔවුන්ගේ අරමුණු ගැන දැනුවත් වෙලා ඉමු.

    MTE5NTU2MzE2Mjc2NDkxNzg3.jpg


    අපි හැමෝම දන්න දෙයක් තමයි 1963 අවුරුද්දේ එවකට ඇමෙරිකානු ජනාධිපති වෙලා හිටපු ජෝන් එෆ්. කෙනඩි ඝාතනයට ලක් වෙනවා. දෙනෝ දහක් මැද්දේ තමන්ගේ නිල රථයෙන් ගමන් කරමින් හිටපු එතුමාගේ හිසට එල්ල වන වෙඩි පහරක් නිසා එතුමා මරණයට පත් වෙනවා. මේ ඝාතනයේ වග උත්තරකරුවා හැටියට අත් අඩංගුවට ගැනෙන්නේ "ලී හාවේ ඔස්වල්ඩ්" කියන කෙනා. නමුත්, නඩුවට ගෙනියන අතරමගදි මේ ලී හාවේ ඔස්වල්ඩ්වත් ඝාතනයට ලක් වෙනවා. (රූපවාහිනී ඉතිහාසයේ පලවෙනි වතාවට සජීවීව විකාශය කෙරුණ මිනී මැරුම තමයි ඒ. දැනුමට වැඩිපුර යමක් දුන්නේ ඕන්.) හදිසියේම එතනට කඩා වදින වෙඩික්කරුවෙක් ඔස්වල්ඩ්ට වෙඩි තියනවා. ජනාධිපතිවරායාට ප්‍රතිකාර කරපු ඒ රෝහලටම ඔහුවත් රැගෙන යනවා. යන අතරමගදි ඔස්වල්ඩ් මිය යනවා. "අපේ ජනාධිපතිවරයාව මරපු තිරිසනා මලා":frown: මිනිස්සුන්ට ෆුල් හැපි. නඩුව එතනින් අවසන්!!!:yes: ඔන්න ඕකයි ළමයිනේ ජෝන් එෆ්. කෙන්ඩිගේ කතාව........!!!!:rolleyes::rolleyes:


    John-F-Kennedy.jpg


    ජෝන් එෆ්. කෙනඩි ඝාතනය


    kennedy-assassination.gif


    මොහොතකට හිතලා බලමු. ලොව බලවත්ම රටේ බලවත්ම නායකයා බල්ලෙක්, බළලෙක් ගාණට වෙඩි කාලා මැරෙනවා.:eek: සාමාන්‍යයෙන් රටක "ආරක්ෂාව" කියන එකේ උපරිමය කැප කරන්නේ ඒ රටේ නායකයා වෙනුවෙන්. පහලම ස්ථරයේ සේවකයාගේ ඉඳලාම හොඳම දේ වෙන් වෙන්නේ ඒ කෙනා වෙනුවෙන්. ඉතින්, ඒ වගේ පුද්ගලයෙක් ප්‍රසිද්ධියේ වීථි සංචාරය කරනවා නම්, ඊට පැය කිහිපයකට පෙර කල් තියාම එතුමාගේ ආරක්ශක ප්‍රධානීන් ඊට සූදානම් වෙන්න ඕනි. විශේෂයෙන්ම, විවෘත රථයක ගමන් ගන්න කටයුතු යොදා ගෙන ඇති අවස්ථාවකදි ඒ අවට තිබේන ගොඩ නැගිලි ගැන හොඳ සෝදිසියක යෙදෙන්න වෙනවා. මොකද, ස්නයිපර් ප්‍රහාරයකට වගේ ලක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි නිසා. නමුත්, මෙතනදි ඒ වගේ ආරක්ෂක විධි විධාන යොදා තිබුණු බවක් පෙනෙන්නට නැහැ.:confused: කෙනෙක් කියන්න පුලුවන් ආරක්ෂාව උපරිමයට තිබුණු අවස්ථාවක එහි තිබුණ පුංචි සිදුරක් නිසා ඝාතකයාගේ ඉලක්කය සාරථක වුණා කියලා. නමුත්, එතනින් පසුව ඇති වුණ සිදුවීම් මාලාව ගත්තොත් ඊටත් එහා ගිය අසාමාන්‍යය බවක් දකින්න පුලුවන්.:frown:
    උදාහරණයකට ගත්තොත්, ඇමෙරිකානු ජනාධිපති ඝාතනයට ලක් වෙනවා. මේක "ලෝකේ කොහේ හෝ මුල්ලක කාත් කවුරුත් නැති මිනිහෙක් වෙඩි කාලා මලා" වගේ ප්‍රවෘත්තියක් නෙවෙයි.:no: ඒ පුවතින් මුලු ලෝකේම කම්පාවට පත් වෙනවා. හැමෝගෙම අවධානය ඒකට යොමු වෙනවා. ඒ වගේ සුවිශේෂී නඩු විභාගයකදි නඩුවේ වග උත්තරකරුවාට උපරිම ආරක්ෂාව සැලසීම අනිවාර්යයයි. මොකද, ඔහු නැත්නම් නඩු විභාගය ඉදිරියට ගෙන යන්න බැහැ. ඉතින්, ඒ වගේ කෙනෙක් දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ වෙඩි පහරකට ලක්වෙනවා නම්, එතන සාමාන්‍ය ජනතවගෙන් සඟවන දෙයක් තියෙනවා මයි.

    කෙනඩි ඝාතනයේ සැකකරු ලී හාවේ ඔස්වල්ඩ්
    1384275207000-JFK-Lee-Harvey-Oswald-booking-mugs-XX.jpg


    ලී හාවේ ඔස්වල්ඩ් ඝාතනයට ලක්වන අයුරු



    KMjbNP.gif


    මරණයට පත් වෙන්න දින කිහිපයකට පෙර ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා ආන්දෝලනාත්මක කතාවක් කරනවා. ඒ කතාව පුරාවටම එතුමා ජනතාවට දෙන පණිවිඩය තමයි, " අපේ දේශය පුරාම නොයෙක් විදිහේ රහසිගත කණ්ඩායම් කුමන්ත්‍රණ දියත් කරමින් සිටිනවා. ඔවුන්ගේ අරමුණ වන්නේ සමස්ථ ලෝකයේම පාලනය ඔවුන්ගේ යටතට ගැනීම යි. සෑම ඇමෙරිකානුවෙක්ම නැගී සිටින්න ඕන කාලයක් මේ. සියලු ජන මාධ්‍යය මේ පිලිබඳව ජනතාව දැනුවත් කල යුතුයි. එසේ නොවුණොත් දවසක මහා විනාශයක ආරම්භය සිදු වේවි." කියන එක.

    රහස් සංවිධාන පිලිබඳ ජනපති කෙනඩිගේ ආන්දෝලනාත්මක හෙලිදරවුව


    මේ ප්‍රකාශය කරලා දින කිහිපයකට පසුව තමයි එතුමා ප්‍රසිද්ධියේ ඝාතනයට ලක් වෙන්නේ. මේ රහස් සංවිධාන ජාලය විසින් ලෝකය පුරාම ඉන්න රාජ්‍යය නායකයින්ට කරපු එක්තරා විදිහක අනතුරු ඇඟවීමක්!:shocked: ඒ සංවිධාන වල බලය තේරුම් ගන්න මේ එක උදාහරණයම ප්‍රමාණවත් වෙන්න ඇති කියලා හිතනවා!!!!

    Illuminati.gif


    1776 අවුරුද්දේ ජර්මනියේ බැවේරියා ප්‍රාන්තයේ ඉන්ගොල්ස්ටඩ් සරසවියේ මහාචාර්යවරයෙක් වුණ "ඇඩම් වයිෂප්ට්" කියන දාර්ශනිකයා විසින් සංවිධානයක් ගොඩ නගනවා. ඒ සංවිධානයට දෙන නම වෙන්නේ "Illuminati". ("දැනුමින් ආලෝකයමත් වූ" හෝ ඥානාලෝකය වගේ තේරුමක් තියෙන්නේ) තමන් හා සමාන මත දරන තවත් උගත් වියතුන් එකතු කරගෙන හදපු මේ සංවිධානයේ අරමුණ වුණේ "සමස්ථ ලෝකයම එක් රාජ්‍යයක් යටතට ගෙන ඒම" යි. ඒ කියන්නේ මෙහෙමයි, ඔව්න්ගේ මතය වුණේ, එදා ඉඳන් අද දක්වා ලෝකයේ ඇතිවුණ හැම ප්‍රශ්නයකටම පාහේ මූල බීජය වෙන්නේ මිනිස්සුන්ගේ "තණ්හාව" යි. ඉතින්, තණ්හාව නැති ඕනෑම තැනක අනිත් සෑම ප්‍රශ්නයකටම පහසුවෙන් විසඳුම් දෙන්න පුලුවන්. තණ්හාව නැති ලෝකයක මිනිස්සුන්ට සාමකාමීව ජීවත් වෙන්න පුලුවන් කියන එක යි. උදාහරණයකට ගත්තොත්, කොමියුනිස්ට්වාදි රටවල තියෙනවා වගේ , තමන්ට කියලා අයිති කිසිම දෙයක් නැති වෙන්න ඕනි. (ගෙයක් මිලදී ගත්තොත් නිශ්චිත කාල සීමාවක් ඇතුලත විකුණනලා දාලා අලුත් ගෙයක් ගන්න ඕනි, අලුතින් වාහනයක් ගත්තත් එහෙමයි.:yes:) එතකොට මිනිස්සු හොරකමට යන්නේ නැහැ. මොකද, තමන්ට කියලා කිසිම දේපලක් රැස් කරන්න බැරි තැන වැඩිපුර සල්ලි ගොඩ ගැසීමෙන් පලක් වෙන්නේ නැති නිසා. මිනිසාගේ හැබුද්ධියට මුල් තැනක් දීලා, ඔවුන්ගේ දැනුම උපයෝගී කරගෙන, පරිපූර්ණ ලෝකයක් ගොඩ නැගීම තමයි මේ අයගේ පරමාර්ථය වුණේ.

    ඇඩම් වයිෂප්ට්
    BAVARIAN-ILLYMINATI-2.jpg


    ඒ වගේම තමයි, සමාන්‍යය මනුෂ්‍යයෙකුගේ සියළුම අවශ්‍යයතාවයන් රජය විසින් සපුරන්න ඕනි. එහෙම පසුබිමක මිනුෂ්‍යයෙකුට රජය හැර වෙනත් දෙවියෙක් සිටීමට කොහෙත්ම අවකාශයක් නෑ.:oo: ඒ හින්දා තමයි මේ අයට "ඇන්ටි-ක්‍රිස්ටියන්ස්" කියන්නේ. (නමුත් මේ අයටත් දෙවියෙක් ඉන්නවා. ඒ ගැන පස්සේ කියන්නම්!!!) 1785 අවුරුද්ද දක්වා බොහෝම සාර්ථක විදිහට පවත්වාගෙන ආපු මේ සංවිධානය ගැන බැවේරියානු රජයට ඉව වැටෙනවා. ඉතින්, මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ජර්මානු බුද්ධි අංශයේ රහස් නියෝජිතයින් කිහිප දෙනෙක් මේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගන්නවා. කාලයක් යනකොට ඔවුන් තේරුම් ගන්නවා මේ සංවිධානයේ සැබෑ ස්වරූපය මොකක්ද කියන එක. ඉතින්, මේ ගැන වැඩිදුර විස්තර රජයට වාර්තා කරනවා. ඒත් එක්කම, ජර්මානු රජය එවකට යුරෝපය පාලනය කරපු රාජ්‍යය නායකයින්ට මේ ගැන අනතුරු අඟවනවා. මේ වගේ සංවිධානයකට වැඩෙන්න දුන්නොත් දවසක මුලු මහත් යුරෝපයම ඔවුන් යටත් කර ගනියි කියන පනිවිඩය ජර්මානු රජය දිගින් දිගටම කියා සිටිනවා. නමුත්, යුරෝපා රටවල් මේ කිසිම දෙයක් ගණනකට ගන්නේ නැහැ.:dull: අවසානයේ 1790දි ඉලුමිනාටි සංවිධානය ජර්මනිය තුල තහනමට ලක් වෙනවා.:yes::yes:

    නමුත්, ප්‍රශ්නය එතනින් නවතින්නේ නැහැ.:no: අපි සාමාන්‍යයෙන් දකින දෙයක් තමයි යම් සංවිධානයක්, වංචාකාරී ආයතනයක් තනමට ලක්වුණ වහාම ඒ අය කරන දෙයක් තමයි තමන් එතෙක් කාලයක් භාවිතා කරපු නම් අත හැරලා අලුත් නමක් භාවිතා කරලා වෙනස්ම මුහුණුවරකින් එලියට එන එක. මොන නමින් කරලියට ආවත් ඔවුන් තමන්ගේ තමන්ගේ සුපුරුදු වැඩ පිලිවෙල නවත්වන්නේ නැහැ. (අමුතුවෙන් උදාහරණ මොකටද බන්? ලංකාවේ එදාමෙදා තුර ආපු පිරමීඩ් බිස්නස්කාරයොන්ගේ ලිස්ට් එක අරන් බලපන්කෝ! එකම සෙට් එක, නමුත් ෆර්ම් එකේ නම වෙනස්. එක පාරක් බෑන් කරපු ගමන් තවත් නමකින් එලියට එනවා.:lol:) ඒ වගේ තමයි, මේ "ඉලුමිනාටි" සංවිධානයේ අය ඔවුන්ටත් වඩා දිගු ඉතිහාසයකට උරුමකම් කියන "Freemasons" කියන සංවිධානයත් එක්ක එකතු වෙනවා.

    freemasonrywatchbanner4.jpg


    ෆ්‍රී මේසන්ස් සංවිධානය ගැන වැඩි දෙනෙක් මීට කලින් අහලා නැතුව ඇති කියලා හිතනවා. ඒ හින්දා ඒ අයගේ ඉතිහාසය ගැන පොඩි විස්තරයක් කියලා ඉන්නම්.11වන හත වර්ෂය වෙනකොට ජේරුසලමේ පාලනය තුර්කි මුස්ලිම් වරුන්ගේ පාලනය යටතට පත් වෙනවා.ඉතින් ඒ ජේරුසලම මුදා ගැනීමට බටහිර කිතුණු සටන්කාමීන් විසින් දියත් කරපු මෙහෙයුම්වලට තමයි "කෘසේඩ්ස්" එහෙමත් නැත්නම් "කුරුස යුද්ධ" කියන්නේ. මේ අතරින් පළමුවන කුරුස යුද්ධයේදි මූලිකත්වය ගත්ත දෙදෙනෙක් තමයි අයර්ලන්ත රජවරු දෙපලක් වන "හෙන් රි සින්ක්ලෙයාර්" සහ "ජ්‍යූඩෝ පයෑන්" කියන්නේ. පළමුවන කුරුස යුද්ධය අවසානයේ පෙරලා සිය රටවල් වලට එන මේ රජවරුන් දෙදෙගේ සෑහෙන විශාල වෙනස්කමක් දක්නට ලැබුණු බව කියවෙනවා. පසු කාලෙක මේ දෙන්නා "නයිට්ස් ටෙම්ප්ලර්ස්" කියන නමින්න් සංවිධානයක් ගොඩනගනවා (ජේරුසලමේ). මේ සංවිධානයේ අරමුණ වුණේ, "දෙවියන් වහන්සේ වෙනුවෙන් සටන් කරන අතරම රෝමානු කතෝලික සභාවේ පාදිලිවරුන් හැටියට සේවය කිරීම" යි. කාලයත් සමගම මේ සංවිධානය ආර්ථිකමය වශයෙන් සෑහෙන්න ශක්තිමත් වුණා. (සමහ තැන්වල කියැවෙන හැටියට මේ අයට සොලමන් දේවාලය ආශ්‍රිතව කරපු ඉදිකිරීම් වලදි රන්,රිදී,මැණික් වගේ වටිනා නිධන් වස්තු හම්බ වුණා ලු. ඒ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඕන්:baffled:) කොහොම හරි, මේ අය නැවත යුරෝපයට එනකොට විශාල වස්තු සම්භාරයකට උරුමකම් කියන තත්වයට පත් වෙලා ඉඳලා තියෙනවා. තමන්ගේ සංවිධානය සතු මූල්‍යමය දේපල රැක ගැනීමේ අරමුණ ඇතුව මේ උදවිය "ෆ්‍රී මේසන්ස්" කියන සංවිධානය ආරම්භ කරලා තියෙනවා. ඉතින්, කාලයත් එක්කම ඔවුන් යුරෝපයේ අනෙකුත් රටවලට විදේශ ණය ලබාදෙන්න පවා පෙලඹිලා තියෙනවා. මේ ගනුදෙනු වලදී ඔවුන් විසින් පනවපු කොන්දේසි ඉතාමත් දැඩි වුණා. කොටින්ම කිව්වොත් සමහර රජවරුන්ට ණය මුදලට හිලව් විදිහට ෆ්‍රී මේසන්ස්ලාට හිතකර විදිහේ නව නීති රීති පවා ගෙනෙන්න සිද්ධ වුණා.:confused: සමහර රජවරු තමන්ගේ රාජ්ය්‍යයේ ඇතැම් ප්‍රදේශවල බලය මේ අයට පවරලා නිහඬව හිටියා.:dull: ඔය විදිහට මේ අය ෆ්‍රී මේසන්ස්ලාගේ බලය තව තවත් තර කරගෙන රාජ්‍ය නායකයින්ව අල්ලේ නටවන්න පටන් ගත්තා.:shocked::shocked:

    solomon%201.jpg


    ඔය විදිහට සෙල්ලම් දදා හිටපු ෆ්‍රීමෙසන්ස්ලාට කෙලවෙන දවසක් ආවා. :yes: ඔව්! 17වන ශතවර්ෂය වෙනකොට ෆ්‍රී මේසන් සංවිධානය තහනමට ලක් වුණා. ඊට සම්බන්ධ ඔනෑම කෙනෙක් දුටු තැන අල්ලන්න නියෝග නිකුත් වුණා. ඉතින්, මේ අය තව දුරටත් එලිපිට ප්‍රසිද්ධියේ කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම නවතා දැමුවා. මේ හේතුවෙන් කිසිම කෙනෙකුට ෆ්‍රී මේසන් සංවිධානය හා එක් වෙන්න අවසර ලැබුණේ නැහැ. මේ වනවිටත් ඔවුන්ගේ සමාජිකත්වය ලබා ගැනීමට හැක්කේ ආරාධනාවක් ලැබුණොත් පමණයි. ඒ ද සීමිත පිරිසකට පමණයි. (ඕක මෙහෙමයි මචන්ස්ලා, අපි හිතමු ඔන්න උඹ මේ සොසයිටි එකේ ටිකක් කැපිලා පේන උගත් බුද්ධිමත් පොරක් කියලා, අන්න! එතකොට උන් උඹට රහසිගතව ආරාධනාවක් කරනවා "අපේ සංවිධානයට එකතු වෙන්න කැමති නම් එන්න." කියලා!! උඹ කැමති නම් යන්න පුලුවන්. ඒ හැරුණුකොට මොනම ලොක්කෙකුට වුණත් හිතු මනාපෙට ඒ අයත් එක්ක ජොයින් වෙන්න බැහැ!!!:frown::no:) අදටත්, ෆ්‍රීමේසන්හි සෑම සාමාජිකයෙක්ම පාහේ සමාජයේ ඉහල පෙලේ තනතුරු දරන්නෙක්. පහළම ස්ථරවල ඉන්න නූගත් මිනිසුන් ඊට එකතු කර ගන්නේ නැහැ.

    Freemasons-26.jpg


    ලෝකයේ ජීවත් වුණු, ජීවත් වෙන ප්‍රභූවරුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අය ෆ්‍රී මේසන්ස්ලා. කොටින්ම කිව්වොත් හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන "ජෝර්ජ් ඩබ්. බුෂ්" (පිය පුතු දෙපලම.), ජෝර්ජ් වොෂින්ටන්, ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්, හැරී ටෲමන්, ජෙරල්ඩ් ෆෝර්ඩ් වගේ අය (ඇමෙරිකන් ප්‍රසිඩන්ට්ලා නම් දිග ලිස්ට් එකක්ම ඉන්නවා.), තව ලෝක මට්ටමින් ගත්තොත් ඉන්දියාවේ ජවහර්ලාල් නේරු, රුද්යාඩ් කිප්ලිං, ස්වාමි විවේකානන්ද, වින්සන්ට් චර්චිල් වගේ අයත් ෆ්‍රී මේසන්ස්ලා වෙලා ඉඳලා තියෙනවා.

    සුප්‍රකට ෆ්‍රීමේසන්වරු
    Famous-Masons2.jpg


    ඒ වගෙම තමයි මේ ෆ්‍රී මේසන්ස්ලා ව්‍යාපාරික පන්තිය සමගත් හොඳ බැඳීමක් පවත්වාගෙන යනවා. යුරෝපය ඇතුලු බොහෝම්යක් රටවල තිබෙණ ප්‍රධාන පෙලේ මූල්‍ය ආයත ෆ්‍රී මේසන් හා අත්වැල් බැඳ ගත් අය. ලෝක බැංකුව, ඇමෙරිකානු මධ්‍යම බැංකුව වන "ෆෙඩරල් රිසර්ව්", යුරෝපා මධ්‍යම බැන්කුව වගේ එ එ රටවල ආර්ථිකයේ මර්මස්ථාන තමන්ගේ යටතට ගන්නත්, ඒ හරහා ඒ රටවල ආර්ථිකය පාලනය සියතට ගන්නත් මේ අය සමත් වෙලා තියෙනවා.

    ෆ්‍රීමේසන් සංවිධානයය හා සම්බන්ධ ආයතන
    Companies%2BFounded%2Bby%2BFreemasonry.jpg


    ඒ විතරක්ම නෙමෙයි සංගීත කර්මාන්තය, ජන මාධ්‍ය, රූපවාහිනිය, සිනමාව, වගේ අංශත් තමන්ගේ හිතු මනාපෙට භාවිතා කරන්න මේ අය කටයුතු කරනවා. කොටින්ම අපි පොඩිකාලේ ඉඳන් කකුල් උඩ දාගෙන බලපු කාටුන්වල (බහුතරයක,) අයිති කාරයෝ වෙච්චි "වොල්ට් ඩිස්නිලා" "වෝනර් බ්‍රදර්ස්ලා" පවා මේ අයගේ සාමාජිකයෝ. අපේ ළමයිනුත් මේ කාටුන්ම තමයි බලන්නේ. අපි ආසාවෙන් බලන ගොඩක් වැඩසටහන්, සිනමා පට, සංගීත වීඩියෝ පවා තිබෙන්නේ ඔවුන්ගේ ග්‍රහණයේ.:sorry: (හොලිවුඩ් වල කප් ගහපු 28 ෆොක්ස් සෙන්චුරි ආයතනයේ ලොක්කත් මෙයැයිලාගේ කෙනෙක් ලු බන්.):growl::growl:

    ඔවුන්ගේ රහසිගත හස්ත මුද්‍රා සහ ඒවායේ අර්ථයන්
    5476e848787b85ea62a85fe0dcf80816.jpg
    hand-signs_thumb3-copy.jpg




    ෆ්‍රීමේසන් හස්ත මුද්‍රා සමාජගත කිරීම පිණිස ජනප්‍රිය තරු යොදා ගන්නා අයුරු
    img_0753.png


    ILLUMINATI+celebrities-+hand+covering+eye+-+all+seeing+eye+gesture+lady+gaga.JPG


    241305,xcitefun-salman-khan-ready-1.jpg


    ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේ දැවැන්තයෝ වෙච්චි "ෆෝර්ඩ්" වගේ ආයතනත් මේ අයගේ ප්‍රධාන කොටස්කරුවෝ.:baffled:


    ලංකාව ඇතුලේ මේ කස්ටිය කොච්චරක් ඉන්නවාද කියලා දන්නේ නෑ බන්. ඒත්, මේ වෙනකොට ඉන්දියාවේ නම් විසි දහසකට අධික ෆ්‍රීමේසන්ස්ලා තිගයක් ඉන්නවා කියලා ආරංචියි. කරුමෙටම මේ කිසිම කෙනෙක්ව එක පාරටම හඳුනාගන්න බැහැ. හේතුව, ඔය හැම කෙනෙක්ම සමාජයේ "ලීඩින් රෝල්ස්" තවත් විදිහකින් කිව්වොත්, ස්මාජයේ මුල් පෙලේ අය. කෝටි සියයකට වැඩි ජනගහනයක් ඉන්න ඉන්දියාවෙන්ම තෝරගෙන තියෙන්නේ 20,000 වගේ සුළු ගානක් නම් මේ කෝටි 2ක් ඉන්න ළන්කාව ගැන කවර කතාද බන්??:rolleyes: වැඩිම වුනොත් 1000ක් විතර ඇති. ඒත්, ඒ හැමෝම මහාචාර්යවරු, විද්‍යාඥයෝ, උසස් රාජ්‍ය නිලධාරියෝ වගේ අය නිසා අපිට නම් කීයට වත් නෝට් වෙන එකක් නැහැ. :no::no:




     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,995
    1,593
    113
    ගොතම් නගරයේ
    කස්ටියට මතක ඇති මන් එක තැනක කිව්වා, සාම්ප්‍රදායික ආගම්වලට විරුද්ධව කටයුතු කලාට මේ අයටත් දෙවි කෙනෙක් ඉන්නවා කියලා. මේගොල්ලන්ගේ දෙවියෝ තමයි "ලුසිෆර්". (බොලාට තේරෙන විදිහට කිව්වොත්, මේ කිරියේ බෞද්ධයෝ ඉන්නවා, කතෝලික උදවිය ඉන්නවා, මුස්ලිම් උදවිය ඉන්නවා, හේතුවාදී අයත් ඇති. නමුත්, අපි ඔක්කෝටම පොදු දෙයියෙක් මේකේ ඉන්නවා නේ.....!:P අන්න ඒ වගේ තමයි!!:lol:)

    ෆ්‍රීමේසන්වරුන්ගේ දෙවියන් ලෙස සැලකෙන ලුසිෆර්
    lucife25.jpg


    මේගොල්ලන්ගේ Levels තියෙනවා. ඒ කියන්නේ අපේ රෙප් කොටු 11 වගේ කියලා හිතා ගනින්කෝ.:D ඒ ඒ ලෙවල් එකට යන්න කලයුතු වත් පිලිවෙත් තියෙනවා ලු. මේ අතරින් ෆ්‍රී මේසන් කෙනෙක්ට ලඟා වෙන්න පුලුවන් උපරිම ලෙවල් එක තමයි. "33rd ඩිග්‍රී" කියන්නේ.

    ෆ්‍රීමේසන් සංවිධානයේ සාමාජික මට්ටම් 33
    0b39f5a82e1c15c1a349b728492e2739.jpg


    ඒ 33වෙනි ඩිග්‍රී එකට ගියපු කෙනෙක් තමයි මෙන්න මේ "ඇල්බර්ට් පෛක්" කියන්නේ. මෙයා ෆ්‍රී මේසන්ලාට නම් ශාස්තෲවරයෙක් හා සමානයි කියලා කියන්න පුලුවන්. මොකද, ෆ්‍රී මේසන්වරුන්ගේ බයිබලය හැටියට හැඳින්වෙන "මොරල්ස් & ඩොග්මා" ග්‍රන්ථය රචනා කරලා තියෙන්නේ මෙයා නිසා.

    ඇල්බර්ට් පෛක්
    Another%20Albert%20Pike.jpg


    ෆ්‍රීමේසන්වරුන්ගේ බයිබලය - "මොරල්ස් & ඩොග්මා"
    morals_and_dogma_lrg1.jpg


    මේ පොතේ සඳහන් කරලා තියෙන විදිහට "මේ ලෝකයේ හැමදෙයකටම ප්‍රති විරුද්ධ දෙයක් තියෙනවා. ආලෝකයයි අන්ධකාරයයි වගේ, කලුයි සුදුයි වගේ. නමුත් මේ එකක්වත් එකකට එකක් දෙවෙනි නෑ. වැරදිත් නෑ. කිතුණු බැතිමතුන්ගේ දෙවියන් වහන්සේ දෙවියෙක් වන්නේ යම් හෙයකින්ද එහෙයින්ම ලුසිෆර් දෙවියන් ද දෙවියෙකු වනවා. නව ලොවට ඔබින සෑම සත්‍ය ආගමක්ම සෑම ර්ශනයක්ම පාහේ ලුසිෆර් දෙවියන් පිලිගන්නා එකක් විය යුතුමයි." ඔන්න ඔහොමයි උන්දැගේ දේශනාව.............!!!:confused:


    "හරි, උන්ගේ දෙවියෝ! උන්ගේ ආගම!! උන්ගේ ඇදහිල්ල!!! ඉතින්, අපිට පාන් ද??":frown:. නිකමට හිතලා බලමු, රටක අනාගතය තීරණය කරන පාලන තන්ත්‍රයේ ඇත්තෝ මේ අගේ ඇදහිලි විශ්වාස වල (රහසිගතව හෝ) ගැලිලා, ඒ නීති රීතින් අනුව රටක් පාලනය කරනකොට රටක සංස්කෘතිය, ආගම් වගේ අංශවලට වෙන බලපෑම සුළුපටු දෙයක් ද??:no: (අපේ සම හරක් දේශපාලුවොන්ගේ ජාතියක් ජන්මයක් නැති වැඩ දකිද්දි මේවායේ ඇත්තක් නැත්තෙමත් නෑ වගේ නේහ්.....?:rolleyes:)

    Grove_Generic_005.jpg


    උතුරු කැලිෆෝනියාවේ "බොහිමියන් වනාන්තරය" කියන්නේ අක්කර 2700ක් පුරා විහිදුණු විශාල කැලෑවක්. සෑම වසරකම පාහේ මේ වනාන්තරය ඇතුලේ යම් දෙයක් සිද්ධ වෙනවා. ඒ දිනවලදි බාහිරින් එන කිසිම මිනිහෙකුට මේ කැලෑවට ඇතුල් වීම සපුරා තහනම්! අඩුම තරමේ මාධ්‍යවෙදියෙක්ට වත් එන්න බැහැ. මේ අවස්ථාවට එකතු වෙන අය එන්නේ අධි සුඛෝපබෝගී මෝටර් රථවලින්. කොටින්ම මේ කැලෑව ඇතුලේ සිද්ධ වෙන දේ මොකක්ද කියන එක ඒ අවට ගම්මානවල මිනිස්සුන්ට පවා රහසක්!!:confused: ඔය වැඩ කටයුතු ඔහොම කෙරීගෙන යන අතරේ, BBC නාලිකාවේ මාධ්‍යවේදියෙක් වෙච්චි "ඇලෙක්ස් ජෝන්ස්" කියන කෙනා කැමරාවක් අරන් බොහෝම රහසිගතව මෙ වනාන්තරයට ඇතුල් වෙනවා. එහිදී දකින දෙයින් ඔහුට ඇස් අදහාගන්න නොහැකි වෙනවා. හේතුව, වසරක් පාසා මේ වනාන්තරය ඇතුලේ පැවැත්වෙන්නේ විශාල "යාගයක්"!!!:eek::shocked:

    යාගයේ එක් අවස්ථාවක්
    023.jpg
    cremation_of_care.jpg


    අඩි හතලිහක් විතර උස බකමූණෙක්ගේ ස්වරූපයන් හදාපු පිලිමයක් ඉදිරියේ පැවැත්වෙන, මේ යාගයෙදී (කෘතිම,) නර බිල්ලක් ලබා දෙන ආකාරය ඔහු දුටුවා. මේ අතරිනුත් පුදුමයෙන් පුදුමයට පත්වෙන දෙය තමයි, මේ අවස්ථාවට සහභාගී වෙලා හිටපු 1500කට ආසන්න පිරිසෙන් සෑම කෙනෙක්ම එක්කෝ රටක නායකයෙක්, නැතිනම් සමාජයේ ඉහල පෙලේ ප්‍රභූ වරයෙක්.

    යාගයට සහභාගී වූ ප්‍රභූවරු
    BohemianGrove_cremation_of_care3.jpg


    බ්‍රිතාන‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන ජෝර්ජ් බුෂ් (අප්පයි පුතයි දෙන්නාම ), බිල් ක්ලින්ටන්, රිචඩ් නික්සන්, රොනල්ඩ් රේගන්, හර්බට් හූවර් ඒ වගේම උසස් රාජ්‍ය නිලධාරින් වන රොබර්ට් එෆ්. කෙනඩි (ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ මල්ලි ), කොලින් පවෙල්, ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් විතරක් නෙමෙයි හොලිවුඩ් වල වීරයා වෙච්චි අපේ ආර්නෝල්ඩ් ස්වසනේගර් අයියා, ජිමී බුෆේ, තව ඔය CNN එකේ ලොක්කා ටෙඩ් ටියුනර් වගේ ප්‍රභූවරුත් ඉඳලා තියෙනවා.:oo:
    (CNN එකට ෂොට් එක දෙන්න හිතාගෙනම තමයි අරූ කැලේ රිංගන්න ඇත්තේ.:rofl:)


    යාගය පැවැත්වෙන අයුරු


    මේ ප්‍රවෘත්තිය විකාශය කිරීමත් එක්කම අර කිව්ව අය ඇතුළු අනිකුත් ප්‍රභූවරු ඔක්කෝටම සිංහාසනේ G** යන්න පටන් ගත්තා ලු.:lol: @a ගහලා ගෙදරට මාට්ටු වුණ කොල්ලෝ වගේ ෆුල් නෝන්ඩි වෙලා, වැලේ වැල් නැතුව අනාථ වෙලා හිටපු උන්දැලා අන්තිමට කියපු කතාව තමයි, "අපි ඒ යාගය නිකම් නරඹන්න ගියා විතරයි. අපි කවුරුවත් ඒ දේවල් අදහන්න ගියේ නෑ" කියන එක.:P ඔය මොන වැල් බයිලා ගැහුවත්, බහුතරයක් රටවල් සාතන්ගේ ඇදහිලි ප්‍රතික්ෂේප කරන නිසා මේ අයට ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්න සිද්ධ වුණා ලු......!:sorry::sorry:

    බටහිර විද්‍යාවන් සරණ යන අපේ ඇතැම් උදවිය සාම්ප්‍රදායික මන්ත්‍ර ශාස්ත්‍රය, ගුරුකම්, ශාන්තිකර්ම වගේ දේවල් අවඥාවෙන් බැහැර කරනවා. නමුත්, වත්මන් ලෝකයේ විද්‍යාඥයන්, දාර්ශනිකයන්, මහාචාර්ය වරුන් වැනි අය පවා ඔවැනි සාම්ප්‍රදායික ශාස්ත්‍රයන් භාවිතා කරන බව ඔවුන් නොදන්නවා ඇති.:rolleyes: හේතුව, විසි එක්වන සියවසේ වැඩිපුරම මන්ත්‍ර ශාස්ත්‍ර භාඉතා කර අය තමයි ෆ්‍රී මේසන්ස්ලා. :confused:

    1). ආතර් වේයිට් - "ටැරොට් රීඩින්ග්" කියන ශාස්ත්‍රය ගැන පොත් ලියපු මන්ත්‍රවාදියා

    2). විලියම් වෛන් වෙස්කොට් - "කබාලාහ්" කියන මන්ත්‍ර ශාස්ත්‍රය ගැන පර්යේෂණ කරපු ගවේශකයා

    3). මැක්ග්‍රෙගර් මැතොර්ස් - බ්‍රිතාන්‍ය ජාතික ජෙ‍යෂ්ඨ මන්ත්‍රාචාර්යවරයෙක්

    4). ඇලිස්ටර් ක්‍රවුඩී - මෙයා ගැන නම් කියන්න සෑහෙන දේවල් තියෙනවා. ලෝකේ මෙතෙක් බිහි වෙච්ච දරුණුම මන්තරවාදියා හැටියට හැඳින්වෙනවා. ළමයින් 31ක් බිලි දීලා යාගයක් පවත්වපු කෙනෙක්.:shocked: තමන් සාතන්ගෙන් වරම් ලද කෙනෙක් හැටියට හඳුන්වා ගෙන තියෙනවා. නූතන බටහිර සංස්කෘතියේ පියා හැටියට හඳුන්වන්න පුලුවන්. මත්ද්‍රව්‍යය භාවිතය, සමලිංගිකත්වය, හිපි කල්චර් එක එහෙම ප්‍රචලිත වුණේ මේ කියන ඇලිස්ටර් ක්‍රවුඩී නිසා ලු. කොටින්ම කිව්වොත් වත්මන් බටහිර විලාසිතාවලට පවා මුල් වුණේ මෙයා යි කියනවා නෙ.:cool::cool:

    5). තියඩෝර් රූස් - බටහිර මන්ත්‍රවාදීන් අතර ග්‍රෑන්ඩ් මාස්ටර් හැටියට හඳුන්වනවා.

    6). එම්.පී හෞල් - මන්ත්‍ර ශාස්ත්‍රය ගැන පොත් 200කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරපු ලේඛකයෙක්.

    7). ජෙරල්ඩ් ගාඩ්නර් - ඉංග්‍රීසි ජාතික මන්ත්‍රවේදියෙක්. ඒ වගේම පුරා විද්‍යාඥයෙක්. බටහිර මන්ත්‍ර විද්‍යාවන් නැවතත් කරලඉයට ගෙනෙන්න ඉහලින්ම දායක වුණු අයෙක්.

    මේ කිහිපදෙනෙක් විතරයි. වෙන්ඩ පොෂ් අපි අපේ පුරාණ ශාස්ත්‍රවලට ගැරහුවාට, අපෙන් දොහොත් මුදුන් දීලා වැඳුම් පිදුම් ලබන බටහිර ඇත්තෝ මේ දේවල් බොහෝම දක්ෂ විදිහට අදටත් භාවිතා කරනවා.:D ෆ්‍රීමෙසන් රහස් සංවිධානය ගැන මේ තොරතුරු ටික ප්‍රමාණවත් වෙන්න ඇති කියලා හිතනවා..........!!!:):)




    skull-bones-americas-secret-establishment.jpg


    1832 අවුරුද්දේ ඇමෙරිකාවේ ඇල්කොහොල් (මත්පැන්) ව්‍යාපාරයේ බලකණුවක් වෙච්ච එක රදල පවුලක පුතෙක් යේල් සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටිනවා. ඔය අතරවාරයේ ඔහුට වසරක ජර්මනියේ සරසවියකට ඇතුලත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ජර්මනියේ ගතකරපු ඒ කාලය ඇතුලත එක්තරා රහස් සංවිධානයක සාමජිකයන් පිරිසකගේ ආශ්‍රය ඔහුට ලැබෙනවා. ඒ රහස් සංවිධානයේ දාර්ශනික ඉගැන්වීම්, අරමුණු ගැන පැහැදීමට පත්වෙන මේ තරුණයා පෙරලා තමන්ගේ රටට ආපු වහාම තමන්ගේ මූලිකත්වයෙන් රහසිගත සංවිධානයක් ගොඩ නගනවා. (පොරට ජර්මනියේදි ආශ්‍රය කරන්න ලැබෙන සංවිධානය තමයි අර කලින් කතා කරපු "ඉලුමිනාටි" සංවිධානය. කස්ටියට මතක ඇති නෙ, ඉලුමිනාටි එක බිහිවුණේ ජර්මනියේ බව )

    Skull & Bones නිර්මාතෲ විලියම් රසල්
    William_Huntington_Russell_Yale_class_of_1833.jpg


    සංවිධානයේ නම තමයි "Skull & Bones". මිනී ඔළුවක් සහ ඊට පිටුපසින් කතිර හැඩේට තියපු ඇටකටු දෙකක (අර පලිබෝධ නාශක බෝතල්වල තියෙන්නේ....) ලාංඡනයක් තමයි මේගොල්ලෝ භාවිතා කලේ. මේ සංවිධානය අනිත් සංවිධානවලට වඩා වෙනස් වුණා. හේතුව, මේ අය ක්‍රියාත්මක වුණේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන ආශ්‍රිතව විතරයි. (ඒ අතරිනුත් ප්‍රධාන වුණේ යේල් සරසවිය ) ඒ ඒ ආයතනවල ඉන්න දක්ෂතම ශිෂ්‍යයන්ව තෝරාගන්න මේ අය ඒ ශිෂ්‍යයන්ට තමන්ගේ සංවිධානයේ අරමුණු ගැන පහදලා දීලා, ඒ අයව සාමාජිකයෝ කර ගන්නවා. පසු කාලීනව රට රටවල පාර්ලිමේන්තුවේ, ආරක්ෂක අංශවල, බැංකු ක්ෂේත්‍රයේ, වගේ තැන්වල ප්‍රධානත්වය ලබා ගන්නවා. ඒ ආකාරයට කාලයෙන් කාලයට තමන්ගේ ඒකාධිකාරය පවත්වා ගෙන යන්න මේ අය සමත් වෙනවා..........!!!:cool::yes:

    The+Bilderberg+Group.jpg


    1954දී ලෝකයේ බලවත්ම පවුල් කිහිපයක සාමාජිකයින් පිරිසක් නෙදර්ලන්තයේ "බිල්ඩර්බර්ග්" හෝටලයේදි මුණ ගැසෙනවා. මේ අතරින් ප්‍රධාන තැන ගන්නේ ඇමෙරිකාවේ ධන කුවේරයෙක් වෙච්ච "රොකෆෙලර්" පවුල සහ ඩෙන්මාර්කයේ රජ පවුලයි. මේ සාකඡ්චාව අවසානයේ ලෝකයේ අනෙක් රටවල්වලට "එලිපිටම" බලපෑම් කල හැකි සමූහ රාජ්‍යයක් පිලිබඳ අදහසක් එලියට එනවා. මේ පලමු සැසිය පවත්වලා හරියට ඊලඟ අවුරුදු 30 ඇතුලත තමයි ඔය අද තියෙන, "යුරෝපා සංගමය" බිහි වෙන්නේ. බැලූ බැල්මටම හුදෙක් සංවිධානයක් හැටියට පෙනුනත්, මේ අය ඇත්තෙන්ම එකම රාජ්‍යයක්.:growl:

    මේ සංවිධානයේ විශේෂත්වය තමයි, මේගොල්ලන්ගේ ඉලක්කය වෙන්නේ ව්‍යාපාරික ක්ෂෙත්‍රය. උදාහරනයක් විදිහට ගත්තොත් මයික්‍රොෆොෆ්ට්, ගූගල්, නොකියා, අය්.බී.එම්, ඒ.ඕ,එල් කොකාකෝලා, පෙප්සි වගේ ලෝකයේ ප්‍රභලතම ව්‍යාපාර යි. ඒ හැරුණුකොට බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තයෝ.

    බිල්ඩර්බර්ග් සංවිධානය හා සම්බන්ධ බහුජාතික ව්‍යාපාර ජාලය
    bilderberg-group-670x577.jpg

    gay-companies.jpg


    මේ හැමෝම වසරකට වරක් රැස්වෙනවා. මේ රැස්වීම් වලට හිලරි ක්ලින්ටන්, ටෝනි බ්ලෙයාර් වගේ අයත්, ඊට අමතරව ඇතැම් මුස්ලිම් රටවල රාජ්‍ය නායකයිනුත් සහභාගී වෙලා තියෙනවා.
    (CIA, M16 වගේ බුද්ධි අංශවල ප්‍රධානීන් පවා සහභාගී වෙනවා ලු.:shocked:)

    බිල්ඩර්බර්ග් සංවිධානය හා සම්බන්ධ ප්‍රභූවරුන්
    Club-Bilderberg-conspiracion-ebola.jpg

    bilderberg-partecipanti1.jpg


    අර කලින් කියපු පළමුවෙනි බිල්ඩර්බර්ග් සමුළුව මෙහෙයවපු එක් සුවිශේෂී පුද්ගලයෙක් හිටියා. ඔහු තමයි නෙදර්ලන්ත රජ පවුලේ සාමාජිකයෙක් වෙච්ච "ප්‍රින්ස් බර්න්හාඩ්" කියන ප්‍රභූවරයා. මෙයා හිට්ලර්ගේ ලඟම හිතවතෙක්. නාසි හමුදාවේ SS බලකායේ ප්‍රධාන තැනක් මේ ප්‍රභූවරයාට තිබිලා තියෙනවා.

    ප්‍රින්ස් බර්න්හාඩ්
    Prince_Bernhard_1942.jpg


    ඇඩොල්ෆ් හිට්ලර් සමග
    pic_1380960363_10.jpg


    පොදුවේ නාසීන් විසින් යුදෙවු සංහාරයක් කලා කිව්වාට සමස්ථ නාසි හමුදාවම මේ වැඩේ කලේ නෑ.:no: ඊට සම්බන්ධ වුණ පිරිස වුණේ මේ SS නිලධාරීන්. හිට්ලර්ගේ පෞද්ගලික ආරක්ෂාව පවා පැවරිලා තිබුණේ මේ කණ්ඩායමට යි. ඉතින්, මේ යුදෙවු විරෝධය කියන දේ මුලින්ම තිබුණේ "යුරෝපයේ මිසක්" ජර්මනියේ නෙවෙයි. මෙතනදි තව දුරටත් සූක්ෂමව විමසලා බැලුවොත්, යුදෙවුවෝ සමූලඝාතනය වෙන්නේ SS සේනාංකයේ සෙබලු අතින්. SS සෙබලුන්ව හසුරුවන්නේ "ප්‍රින්ස් බර්නාඩ්". ප්‍රින්ස් බර්නාඩ් කියන්නේ "බිල්ඩර්බර්ග් රහස් සංවිධානයේ" නිල නොලත් නිර්මාතෲ. බිල්ඩර්බර්ග් සංවිධානය කියන්නේ යුරෝපා සංගමය බිහි වෙන්න මුල් වුන රහස් සංවිධානය. එතකොට යුදෙවු සංහාරයට වග කියන්න ඕනි හිට්ලර් ද? යුරෝපා සංගමයද??:frown::angry:

    PA-9517457.jpg


    යුරෝපා සංගමය කලේ හිට්ලර්ට මුවා වෙලා තමන්ගේ යුදෙවු විරෝධී අභිමතාර්ථයන් ඉෂ්ට කරගත්තු එක නෙවෙයි ද???:no::shocked:

    එදා හිට්ලර්ගේ හමුදාව දඩමීමා කරගෙන පවත්වපු යුදෙවු විරෝධී වැඩපිලිවෙල එතනින් ඉවරයි ද? කොහෙත්ම නැහැ! මොකද, එදා ඒ යුදෙවු සමූලඝාතන මෙහෙයුම හසුරවපු අදිසි හස්තය වෙච්ච යුරෝපා සංගමය අදටත් ක්‍රියාත්මකයි. එදා නාසිවාදය තමන්ගේ ආයුධය කරගත්තු මේ අයම දවසක වෙනත් මුහුණුවරකින් යුදෙවුවන්ට එරෙහිව කටයුතු කරනවා කරනවා මයි!!!!!:yes: (මේ වෙනකොට ඊශ්‍රායෙලය සහ පලස්තීනය අතර සාම සාකඡ්චා තියන්න වද වෙන්නේත් මේ උන්දැලාම තමයි...!):rofl::rofl:


    තවත් එක් වැදගත් හෙලිදරව්වක් තියෙනවා, මේ යුරෝපා සංගමයත් එක්ක අත්වැල් බැඳගත්තු රාජකීයයෝ විශල ප්‍රමාණයක් ඉන්නවා. බ්‍රිතාන්‍යයේ පිලිප් කුමාරයා, චාල්ස් කුමාරයා,නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජන, ස්පාඤ්ඤයේ සෝෆියා රැජන, 1වෙනි ජුවාන් කාර්ලෝස් රජු, නෙදර්ලන්තයේ විලියම් ඇලෙක්සැන්ඩර් රජු, බෙල්ජියමේ පිලිප් කුමාරයා, ඩෙන්මාර්කයේ ඇක්සෙල් කුමාරයා, ස්වීඩනයේ 16වන කාර්ල් ගුස්ටාෆ් රජු, නොර්වේහි 5වන හැරල්ඩ් රජු වැනි අය මේ අතර ඉන්නවා. ලෝකේ මෙච්චර රජවරු ඉන්නවාද කියන සැකය බොලාට එනවා ඇති.:yes:

    මම අර කලින් කියපු හෙලිදරවුව ඒක නම් නෙමෙයි.:no: මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ වැළඳ ගැනීමත් එක්කම නැති වෙලා ගියපු දෙයක් තමයි රාජාණ්ඩු ක්‍රමය කියන්නේ. රටක් පාලනය කරන්නේ ඒ රටේ පාලන තන්ත්‍රය ව්සින් නම්......, ඒ රටවල පාලන තන්ත්‍රයන් මෙහෙයවෙන්නේ (ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය වගේ) බලවත් රටවල් වල උවමනාවලට අනුව නම්......., ඒ රටවල බලවත්තු හැසිරෙන්නේ රාජකීයයන්ගේ සෘජු මැදිහත්වීම් වලින් ක්‍රියාත්මක වෙන, රහස් සංවිධාන වල නියෝග වලට අනුව නම්.......... මේ වත්මන් ලෝකයේ බල පැවැත්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක් ද? නැතිනම් රාජාණ්ඩු ක්‍රමයක් ද??:growl: මොහොතකට කල්පනා කරලා බලපන්........!!!:rolleyes:


     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,995
    1,593
    113
    ගොතම් නගරයේ
    මේ රහස් සංවිධාන බොහෝ වෙලාවට තමන්ට අවශ්‍ය දේ කරගන්නේ වක්‍රාකාරව යි. ඒ අයගේ එක තියරියක් තමයි....

    ගැටළුව >>>>>>> ප්‍රතිචාරය >>>>>>> විසඳුම




    මුලින්ම ගැටළුවක් ඇති කරනවා. උදාහරනයකට ගත්තොත් 2008 අවුරුද්දේ මුම්බායි නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා.ඔන්න ගැටළුව!

    2008 මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය
    29mumbai_600a.JPG


    මේ ප්‍රහාරයත් එක්කම මුලු මහත් ඉන්දියාවම කැලඹෙනවා.
    "ජාතික ආරක්ෂාව පවතින්නේ ඉතාමත් දුර්වල මට්ටමකයි, ඉතින් කොහෙන්ද සාමාන්‍ය මනුස්සයාට ආරක්ෂවක්??" මිනිස්සු රජයට චෝදනා කරන්න පටන් ගන්නවා. මේ තමයි ප්‍රතිචාරය!!
    ඒත් එක්කම, එවකට ඉන්දියානු රජය ඒකට සොලියුෂන් එකක් ගේනවා,සෑම ඉන්දියානුවෙක් අතටමචිප් එකක් අඩංගු ජාතික හැඳුනුම් පතක් ලබා දීලා කියනවා, "දැන් අපිට සෝදිසි කිරීම්වලට පහසුයි. මොකද, මේ කාඩ් එක නිසා අපිට ඉන්දියන් මිනිස්සුයි, පාකිස්ථාන් මිනිස්සුයි වෙන් කරලා හඳුන ගන්න ලේසි නිසා" කියල. තව කාලයක් යනකොට මේ කාඩ් එකටම අපේ බැංකු ගිණුම් වල විස්තරත් ඇතුලත් කරනවා. එතකොට ඕනෑම ස්වයංක්‍රීය ඒ.ටී.එම් යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නත් පුළුවන්. මෙන්න විසඳුම!!!!

    identity-cards+northeast+India.jpg


    එතකොට මොකක්ද අවුල??:oo: තමන්ගේ නම්ගම්වල ඉඳන් ලේ වර්ගයේ ඉඳන් ඇඟිලි සලකුණ දක්වාම තොරතුරු ඇතුලත් කරලා තියෙන කාඩ් එකක් හරහා ඕනෑම අවස්ථාවක ලෝකේ ඕනෑම මුල්ලක ඉන්න ඕනෑම පුද්ගලයෙක්ගේ පෞද්ගලික තොරතුරු අදාල අයට දැනගන්න පුලුවන්ද? බැරිද?? (මේ කිසිම දෙයක් අපිට ආදරේට කොරන දේවල් නෙමෙයි!!)
    ඔන්න ඔහොම තමයි ඒ රහසිගත සංවිධාන විසින් තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගන්නේ. මේ එක තියරියක් විතරයි. මීට වඩා සූක්ෂම ක්‍රමවේද තව ඕනෑ තරම් ඇති. අවසාන වශයෙන් ආයෙමත් තව එක ප්‍රශ්නයක් අහන්නම්...!

    බොලාට අනුව ජීවත් වෙනවා කියන්නේ මොකක්ද......??:)

    උදේ පාන්දර නැගිට්ටා. ලෑස්ති වුණා. අම්මට හරි වයිෆ්ට හරි කියලා බත් මුලක් බැඳ ගත්තා. වැඩට ආවා. වැඩ කරන අතරතුර නෙට් එකේ පොඩි රවුමක් ගැහුවා. ටී ටයිම් එකට තේ බිව්වා. ආයේ වැඩ. දවල් කෑම පැය ආවම අර බත්මුල ඇරලා දැම්මා. ආයේ වැඩ. වැඩ ඇරුණා. ට්‍රැෆික් එකේ පැයක් නාස්ති වුණා. ගෙදර ආවා. නිවුස් බැලුවා. රෑට කෑවා. ස්වප්නා බැලුවා. උතුම් පැතුම් බැලුවා. (නැහැ'යි කියලා බොරු කියන උන්ගේ Ram කාඩ් පිච්චෙයි!!!:frown:) වෙලාවක් තිබුණොත් යානතම් ඉෂී අම්මගේ මූනත් බලාගෙනම කබරයා වගේ ෆ්ලැට්!!!!! එදිනෙදා පොඩි පොඩි වෙනස්කම් හැරුණුකොට අපේ ඩේලි ඇජෙන්ඩා එක ඔය වගේ එකක් නෙවෙයි ද???:no::no:

    TV-News.png


    දවසින් පැය බාගයක් වෙන් කරගෙන බලන නිවුස්වලින් අපි දකින්නේ ඇත්තම ද? අහවල් ගමේ මිනීමැරුමක් පෙන්නලා, අහවල් පාරේ ඇක්සිඩන්ට් එකක් පෙන්නලා, අපිව හිනස්වන්න මොකෙක් හරි ඇමතියෙක් දෙන්නෙක්ගේ කුප්ප කතා දෙකක් පෙන්නලා, ස්පෝර්ට් සම්බන්ධ ක්ලිප් දෙකක් පෙන්නලා, අවසානෙට සුමනෙයාගෙ අනාවැකියත් වඩා අන්ත කාලගුණ අනාවැකියෙන් ඉවර වෙන, මේ ප්‍රවෘත්ති තවදුරටත් පරම සත්‍යය පිලිගන්න ලෑස්ති ද??? දැන ගනින්! මේ ගේම් එක ඇතුලේ ලොකුම නලුවෝ තමයි ජනමාධ්‍යය කියන්නේ! :sorry::sorry:

    QS_a987c9a4c5244ea8a3822edcd06df543.jpg


    මේක මීට වඩා සෑහෙන ගැඹුරු මාතෘකාවක්! වෙලාවක් ලැබුනොත් මේ සංවිධානවල වත්මන් ස්වරූපය ගැන තවත් නූලක් හරහා විස්තර දෙන්නම්!!:cool::cool:

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි!:no: ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!:yes::yes:



    මම උඹලාගේ
    ආදරණීය
    මැඩියා:cool:


    [FONT=&quot]M a d d i e[/FONT]

     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    10,726
    1
    5,266
    113
    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි! ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,995
    1,593
    113
    ගොතම් නගරයේ
    bookmarked
    එල!:D:D
    passe kiyawannam

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, අපි මේ අහන දකින හැම දෙයක්ම ඇත්ත නෙවෙයි! ඒ නිසා, දෙයක් විශ්වාස කරන්න කලින් දෙපාරක් හිතපල්ලා..........!!!
    :yes::yes::yes:
    :shocked::shocked:
    rep ++ kiyawana gaman inne ban :)
    එකෙන්ම! හොඳට වෙලා අරන් කියවපන්!!!:yes:
    bookmarked
    එල!:D:D
    ela ela bump
    තෑන්ක්ස් මචන්!!:love::love:
    supiriyata liyala thiyenava thanks...
    තෑන්ක්ස් මචන්!!:love::love:
     
    • Like
    Reactions: Vidu89

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    3,005
    425
    83
    වෙනද වගේම පට්ටම ලිපියක්.
    හැබැයි කියවද්දී පොඩි ප්‍රශ්නයක් අවා.

    උබ කියන විදිහට ලෝකේ අපි එදිනෙදා පාවිච්චි කරන ගොඩක් ප්‍රසිද්ද වෙළද නාම ගොඩක් ඒවා අයිතියි ඔය කියන සංවිධාන වල උදවියට.හැබැයි ඒ අතරේ යුදෙවුවන්ට විරුද්ධව වැඩ කරනවා කියලත් තියනවා.

    හැබැයි අපි වැඩිපුරම පාවිච්චි කරන ඒ වගේම අපි ගැන විස්තර වැඩිපුරම තියනවා කියලා විශ්වාස කරන්න පුළුවන් google, facebook වගේ ආයතන වල ප්‍රධානියෝ යුදෙවුවොනේ. ඒ යුදෙවුවෝ සලකන්නේ වගේම ලෝකයේ හොදම දැනුමක් තියන කොටසක් හැටියටනේ. උන් අරගෙන තියන නොබෙල් ප්‍රයිස් ගැන එහෙම බලපුවහම? ඒ වගේම මේ දක්වා අහල තියන විදිහට යුදෙවුවෝ ඇමරිකාවේ ගොඩක් ව්‍යාපාර පාලනය කරනවා.

    පොඩි පරස්පරයක් තියනවා වගේ නේද?

    වැරදි නම් නිවැරදි කරපන්.. :)
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,306
    626
    113
    සැහ්හෙන මහන්සිවෙලා ලියපු ලිපියක් .මේ වගෙ ඒවා එලකිරියෙ වැටුනම තමඉ එලකිරිය තවත් බබලන්නෙ. සෑහෙන කරුනු ගොඩක් දැනගත්තෙ.ඉස්සර දැනගෙන හිටියෙ ඉලුමිනාටි විතරයි දැන් ගොඩක් දන්නවා. මෙ කන්ඩායම අතර ගැටුම් එහෙම නැද්ද?