කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, event ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනීමේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන සියළු ආලෝකය නැවත පරාවර්ථනය නොකර සම්පූර්ණයෙන් උරා ගන්නා නිසාය (තාප ගති විද්‍යාවේ එන කෘෂ්ණ වස්තු (Black Body) වැනිය).ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය.
එය අදෘශ්‍ය වුවත්, වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා මගින් කළු කුහර හඳුනාගත හැකිය. අවකාශයේ ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීමෙන් කළු කුහරයක පිහිටීම හඳුනාගත හැකිය. එමෙන්ම, තරු යුග්මයකින් විශාල කළු කුහරයකට පදාර්ථය ඇදගන්නා විට, එම වායු සර්පිලාකිරව හැඩගැසී, අධි උෂ්ණත්වයකට භාජනය වී නිකුත් කරන විකිරණය, ප්‍රථිවි-ගත දුරෙක්ෂක මගින් හඳුනාගත හැක.
තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහර තිබිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, චක්‍රාවාට ම්‍ධ්‍යයේ supermassive කළු කුහර පැවතිය හැකි බවට සාධක සොයාගෙන ඇත. ක්ෂිර පථය මධ්‍යයේ Sagittarius A* ප්‍රදේශයේ, සූර්ය-සකන්ධ මිලියන 2කට අධික supermassive කළු කුහරයක් පවතින බවට, 1998 වර්ශයේදී, විද්‍යාඥයින් හට ශක්තිමක් සාධක හමුවුනි. නමුත් මෑතකදි කරන ලද පරීක්ෂන වලට අනුව මෙය සූර්ය-සකන්ධ මිලියන 4කට අධික විය යුතු බව සොයාගෙන ඇත.
කළු කුහර කියන්නේ විශ්වය හරහා යන්න පුළුවන් කෙටි මාර්ග කියලත් මතයක් තියෙනව.කළු කුහරයක් ඇතුලෙන් යන්න පුළුවන් නම් වෙනත් විශ්වයකට යන්න පුළුවන්ලු.