ගුරුවරයෙකු ගේ අසහනයට බිලි වූ සිසුවියක් 18+
හිරිමල් යෞවනයේ සිතුවිලි, සැබවින්ම චමත්කාරයි. ඒත් ඒ යෞවනයට විවර වන මේ සමාජ දොරගුළු අපි හිතන තරම්ම සුන්දර නැහැ. ඒ වගේමයි අපි හිතන තරමටම අසුන්දරත් නැහැ. නියගලා මලක ලස්සන බලන්න, තද වර්ණය ගෙන එන්නේ ඇසට මනරම් දර්ශනයක්. එහෙත් ඒ මලේ ලස්සන නියගලා අල වලටත් තිබුණ නම්. නැහැ එහෙම වෙන්නේ නැහැ. මල ලස්සන වුණාට අලවල විෂ අඩු වෙන්නේ නැහැනේ. හිරිමල් වියේ හිත් හරි ලස්සනයි. ඒත් මේ සමාජයේ විෂ ඔයා තවම අඳුරන්නෙ නැහැ.
අතරමග ඇතිවන අඳුරු සේයාවන්ගෙන් වැසී ගිය ජීවිතේ යථාර්ථය සොයන ඔවුන්ට මුළු ජීවිත කාලෙම ඉතිරි වෙන්නේ කඳුළු විතරමයි. ඇය අන්වර්ථ නාමයකින් හෝ හඳුන්වා දීමට වඩා ඇගේ අනුවේදනීය කතාව මෙලෙස සටහන් තබන්නම්.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් සෙනෙවිරත්න පවුලේ බඩපිස්සි වූයේ සඳුනිය. ගුරු පවුලක බාල දියණිය වූ ඇය වැඩිමහල් සොහොයුරන් දෙදෙනාගේ ආදරයට පාත්‍ර වූයේ ඔවුන්ගේ එකම නැගණිය නිසාය. කුඩා කාලයේ සිටම අධ්‍යාපනයට දක්ෂතා පෙන්වූ ඇය එහි ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය ඉහළින්් සමත්වී කොළඹ රජයේ උසස් බාලිකා පාසලකට දොරටු විවෘත වූයේ ගුරු මව්පියන්ගේ පීදුනු එක් බලාපොරොත්තුවක් සපල කරමිනි.
කෙමෙන් කෙමෙන් වසරෙන් වසර තම අධ්‍යාපන දක්ෂතා පෙන්වූ ඇය අ.පො.ස සා/පෙළ තීරණාත්මක කඩඉමට ළංවූවාය. හිරිමල් වියේ පසුවූ සඳුනිට රූප සොබාවෙන්ද අඩුවක් තිබුණේ නැත. ඇයගේ මන බඳින රූප සොබාව පාසල් භූමියේ කිරුළ පලඳින්නට සමත් වූයේ පාසලේ පැවති උත්සවයකදී රූමත්ම යෞවනිය ලෙසය.
සැබවින්ම කිරුළ දිනා ගැනීමට තරම් ඇය අප්සරාවියකි. දිගු නීල කෙස් කළඹ, රෝස පාට කම්මුල්, සුන්දර සිනහව, දුටුවන් මනබඳින සුලූය. රූපය මෙන්ම පාසලේ විෂය දක්ෂතා පෙන්වූ ඇය කාගේත් අවධානයට ලක්වූ චරිතයක් වූයේ එලෙසිනි.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග කඩඉම විශිෂ්ට ලෙස සමත් වූ ඇයට උසස් අධ්‍යාපනයට ඉහළින් වරම් ලැබීමට අවස්ථාව උදා වූයේ කොළඹ නේවාසිකාගාරයේ ගතකරන ඒකාකාරී ජීවිතයට පෑයූ අලූත් ඉරක් මෙනි.
පාසල් නේවාසිකාගාරයේ ගතකළ සීමිත ජීවිතයට ආයුබෝවන් කියමින් උසස් අධ්‍යාපනයට සැරසෙන්නට කොළඹ ප්‍රදේශයේ ඇය තාවකාලික බෝඩිං ජීවිතය තෝරා ගත්තේ අ.පො.ස. උසස් පෙළට අතිරේක පන්ති යෑමේ පහසුව සඳහාය. ඇයගේ අධ්‍යාපන අවශ්‍යතාවන් නොපිරිහෙළා ඉටුකළ ගුරු මාපියන් දියණිය වෙනුවෙන් අධික ලෙස වියහියදම් කළේ කෙදිනක හෝ විශ්වවිද්‍යාලයට යවා වෛද්‍යවරියක කිරීමේ සිතේ කොනක සැගවුණු පුංචි සිහිනයක් සමගය.
ඇයගේ අධ්‍යාපනයට උපකාරී වනු ඇතැයි ලැප්ටොප් යන්ත්‍රයක් පවා රැුගෙන දුන්නේ අද වන විට අන්තර්ජාලය අධ්‍යාපනය නැමැති ඉණිපෙතේ රජකරන නිසාය.
සඳුනි, තම ජීවිතය පොත පතට සීමාකරමින් උසස් අධ්‍යාපනයට අවතීර්ණ වූයේ හිතේ වෛද්‍ය සිහිනයේ දහසකුත් බලාපොරොත්තු පෙරදැරිවය. කාලයත් සමගම ඇය කොටුවී හැදුණු පාසල් නේවාසිකාගාරයට වඩා එයින් නික්ම හුදෙකලා බෝඩිං ජීවිතයට බොහො සෙයින් ඇලූම් කළාය. ඒ නොසිතූ ආකාරයට තමන්ට ලැබුණු නිදහස නිසාය. ඇය ඒ අතරතුර පාළුව කාන්සිය මකා ගැනීමට ෆෙස්බුක් ගිණුම ඔස්සේ යහළු යෙහෙළියන් සමගද වල්පල් කථා කිරීම ඇයගේ දින චරියාවේ එක් අංගයක් විය.
කාලයත් සමග ගිණුම හරහා මුණගැසුණු අළුත් යාළුවන් බොහෝ පිරිසක් ඇයගේ මුහුණු පොත ඔස්සේ නිතරනිතර කථා බහට පුරුදු වී සිටියහ. ඒ අතරතුර ඇයට පැමිණෙන පේ‍්‍රම”ය ඇරියුම්ද දිනෙන් දින ඉහළ ගියේය. ඒ අතර මුහුණු පොත ඔස්සේ මුණගැසුණු නුවන් පෙනී සිටින්නේ ඔහු ජීව විද්‍යා විෂයට අදාළ ගුරුවරයෙකු ලෙසය.
තම වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීමට zනුවන් සර්Z ගෙන් විෂයන්වලට අදාළ විශාල උපකාරයක් වෙතැයි ඇය දෙවරක් නොසිතාම තම මුහුණු පොතට යහළුවන්ගේ පිටුවට එකතු කරගත්තාය.
සෑම දිනකම පාහේ නුවන් සමග මුහුණු පොත ඔස්සේ කළ ඇය, නුවන් සමග තම පෞද්ගලික තොරතුරු සියල්ල ප්‍රකාශ කළේ කිසිදු අවිශ්වාසයකින් තොරවය. මෙම කථාබහ දිනෙන් දින දලූලා වැඩෙන්නට වූයේ නුවන් ඇයට අවශ්‍ය වී තිබූ විෂයන්ට අදාළ ලිපි කිහිපයක් තැපැල් ඔස්සේ තම බෝඩිමට එවීමෙන් පසුවය. ජංගම දුරකථන අංකද මුහුණ පොත ඔස්සේ හුවමාරු කරගත් ඇය නුවන් සමග ටිකෙන් ටික ළං වෙන්නට පටන් ගත්තේ ඔවුන්ටත් නොදැනීමය.
zසර් මට ගොඩාක් උදව් කරනවාZ
zමම මේවට කොහොම ස්තූති කරන්නද මන්දාZ
zමම ඩොක්ටර් කෙනෙක් වුණාට පස්සේ හැබැයි සර්ගෙන් නම් සල්ලි ගන්නවාZ
zපිස්සු කෙල්ලZ
මොවුන්ගේ කථාබහ සොඳුරු වූයේ ඔය ආකාරයටය. මුහුණු පොතේ ඡුායාරූප වලින් පමණක් දැක තිබූ නුවන් සඳුනිට අපූරු ඇරයුමක් රැුගෙන ආවේ ඔය අතරතුරය.
සඳුනි දමනය කරගෙන තිබූ සිත එදා මනෝ ලෝකයකට රැුගෙන යන්නට තරම් නුවන්ගේ ඇරයුම ඇයගේ සිතේ තැන්පත් විය.
උපකාරක පන්තිය නිමවී නොඉවසිල්ලෙන් බලා සිටි නුවන් සර්ගේ පැමි”ම ඇයට නැවුම් අත්දැකීමක් විය. කිසි දිනෙකත් පේ‍්‍රමාන්විත ඇරයුමකට හෝ පේ‍්‍රම”ය හැඟීමක්වත් හෝ පහළ නොවූ ඇයට නුවන් කළ සියලූ ඇරයුම්, කථාබහ ජීවිතයට අලූතක් එක්කළේ ඔවුන්ගේ සිත් සතන් සතුටු කරමිනි.
ඇයගේ අධ්‍යාපනික මනස සියල්ල පසෙකලා සිහින ලෝකයක පා කිරීමට තරම් නුවන්ගේ ආදර”ය වදන් හදවතේ ලැඟුම් ගත්තේ ඒ ආකාරයටය. කාලය ගෙවී ගියේ සුළගක් මෙනි.
දිනක් ඔහු සඳුනිට අපූරු යෝජනාවක් ගෙනාවේ ඇය කිසි දිනකත් නොසිතූ අයුරිනි.
zසඳු මට ඔයා එක්ක ටිකක් නිදහසේ කථා කරන්න ඕනZ
zඔයා මං ගැන අවිශ්වාසයක් නැත්නම් විතරක් එන්න. බල කරන්නේ නැහැZ
zමම දෙවරක් නොසිතාම නුවන් සර්ට කැමතියි කිව්වා. අවිශ්වාසයක් හිතන්න තරම් දෙයක් මම එයාගෙන් දැක්කෙ නැහැ. එයා ගුරුවරයෙක් නිසා මුලදි නම් ආදරයක් ඇති වේවි කියලා හීනෙන් වත් හිතුවෙ නැහැ. දිගින් දිගටම කථා කරනකොට මටත් නොදැනීම මගේ හිත නුවන් සර්ට ආදරය කරන්න පටන් ගත්තා.Z
අපි දවස් ගණනාවක් කොළඹ ප්‍රදේශයේ විවිධ තැන්වලදී මුණ ගැහුණා. ඒත් මම කවදාවත් හිතුවෙ නැහැ නුවන් කියන්නේ ජාතියක් ජන්මයක් නැති තිරිසනෙක් කියලා.
එදා මහ මූසල හෝරාවක්. යටි සිතේ බිය කියන දේ නොදැනුණා නෙමෙයි. නුවන් සර්ගේ කාර් එක නතර වුණේ නුගේගොඩ පිහිටි හෝටල් කාමරයක් ඉදිරිපිට. හිතේ ගැස්ම දැනුණත් පණ වගේ ආදරය කරපු මාව ආරක්ෂා කරපු නුවන් සර් මාව ඒ වගේ තැනකට අරගෙන යාවි කියලා හිතුවෙ නැහැ.
සඳුනිගේ ඛේදනීය ඉරණම මෙලෙස ලියවේවි යැයි ඇයට තවමත් අදහාගත නොහැකිය. ඔහු ඇයගේ පරම පිවිතුරු යෞවනය මුසපත් කළාය. සඳුනිගේ රැුකගත් ගෞරවය ඔහු කෙළෙසා දැමුවේය. තම මව්පියන්ගේ වෛද්‍ය සිහින හිතේ පොදි බැඳගෙන අවලංගු කාසියක් ලෙස නුවන් ඉදිරියේ කඳුළු සැලූවේ ගිනිගත් සිතට අස්වැසිල්ලක් සොයන්නටය. බෝඩිං කාමරයට පිය නැඟූ ඇය පාසල් කටයුතු පසෙකලා කල්පනා ලෝකයට බර වුණේ ජීවිතයේ වැරදුණු තැන හදා ගැනීමට උත්සාහ ගන්නටය.
එදා මම මගේ ජීවිතේ අන්තයටම කඩා වැටුණා. අම්මලා මට වියදම් කරන මුදල් වලට සාධාරණයක් කරන්න ඕන. කොහොම හරි ඉගෙනගෙන වෛද්‍යවරියක් වෙන්න ඕන කියන දේ නිතරම මගේ සිතට ආවත්, මට එදා සිදුවීම් නිතර නිතර මැවිලා පේන්න ගත්තා. මේ දේවල් එක්ක මට ඉගෙන ගන්න කිසිම ආසාවක් ඇති වුණේ නැහැ. නුවන් සර්ට ඕන වුණේ නිතරම මාව එයාගෙ ළඟින් තියාගන්න. මාව මුණගැහෙන්න ඕන කියලා නිතරම කරදර කරන්න ගත්තා. ඒත් මට ඕන වුණේ මේ දේවල් අමතක කරලා කොහොමහරි විභාගය ගොඩදාගන්න.
ඒත් මට අවශ්‍ය සමහර පොත්පත් සොයලා දුන්නේ නුවන් සර්. එයා මට උදව් කළේ මගෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන්. මම එයාව ප්‍රතික්ෂේප කරන සෑම අවස්ථාවකම මගේ අධ්‍යාපනික අවශ්‍යතාවන්වලට ඉල්ලපු උදව් කරලා දුන්නේ කප්පමක් විදිහට. මම විසින්ම පැනපු ගිනි ගොඩට පිච්චිලා මැරෙනවා ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නුවන් සර් කරපු සියලූ ඇරයුම් වලට මම කැමති වුණා. නුවන් සර් නිතරම කිව්වෙ මාව එයාගෙ ළගට ගන්නයි මේ දේවල් කරන්නෙ කියලා. මම කිව්වා විභාගෙ ලියලා ගෙදරට ඇවිත් කතාකරන්න කියලා. මට නුවන් සර් එයාගෙ අම්මා කියලා මාස ගණනාවක් කථා කරවලා තියෙන්නේ ටියුෂන් පන්ති කරපු ආයතනයේ ගෑනු කෙනෙකුට කියලා. මම නුවන් සර් කියපු හැමදේම විශ්වාස කළා..
නුවන් සර්ගේ සමහර ක්‍රියාකලාපයන් නිසා මම හිටියෙ ලිහා ගන්න බැරි පටලැවිල්ලක. මට ටිකෙන් ටික නුවන් සර්ව එපා වෙන්න ගත්තා. මට දුරකථනයෙන් කථා කරපු ගොඩක් වෙලාවට මම ඔහුව මග ඇරියා.
දවසක් මගේ දුරකථනයට නන්නාඳුනන ඇමතුමක් ආවා.
zආ... නංගි කොහොමද?Z
zඅපි එක්කත් දවසක් එන්නකොZ
zඇයි නුවන් විතරද හොඳZ
අපි ඔයාගෙ ගෙදරටම පුංචි පින්තූර ටිකක් එවනවා. ඒ ෆොටෝ ටික මාර ලස්සනයිනෙ ආ.... මොකද කියන්නේ අපි ගෙදරටම එවන්නද? ත්‍්ජැඉදදන එකට දාන්නද?
කියලා අහලා එක පාරටම නුවන්ගේ කටහඬ ඇහුණා.
zමේ දේවල් වෙන්න කැමති කොයි විදිහටද, මම කියන තැනකට එනවද? කියලා. මගේ මුළු ඇගම පණ නැතිවෙලා ගියා. කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවුණා. මට මැවිලා පෙනුණේ අම්මා, තාත්තගේ මූණ. පණටත් වඩා ආදරේ කරපු මගේ රත්තරං අයියලා දෙන්නාව.
සඳුනිගේ හදවත ගිනි ගන්නට විය. දෙවියනේ මාපියන්ගේ මූණ බලන්නෙ කොහොමද? ඇය හදවතින් දහස් වාරයක් හැඬුවාය. අවසානයේ ඔහුගේ තර්ජනය ඉවසාගත නොහැකිව ඇයට.. නුවන්ගේ යහළුවන්ටද බිලි වන්නට සිදුවිය.
වරින්වර සඳුනිට ඔවුන්ගේ දරදඬු දෑත්වලට සිරවෙන්නට සිදුවිය. මේ නොමිනිස් පහත් ක්‍රියාවන් සියල්ල සිදු වූයේ නුවන් නැමැති ටියුෂන් ගුරුවරයාගේ අනුදැනුම ඇතිවය. කලක් ඔහු සමග පේ‍්‍රමයෙන් වෙළී සිටි සඳුනි ඔහු මගඇරීමට ගත් උත්සාහය නිසා වෛරයක් පිරිමසා ගැනීමට මෙම පහත් ක්‍රියාව කළ බව නීතිය ඉදිරියේ සියල්ල හෙළිදරව් විය. ජීවිතය අපායක් කරගත් සඳුනි හදවතින් හඬා වැටුණාය. ඇය සියල්ල ගෙදරින් සැගවීමට උත්සාහ ගත්තද සඳුනි සමූහ දූෂණයට ලක්වූ අවස්ථාවේ එම ස්ථානයේ යම් සැකකටයුතු යමක් සිදුවේ යැයි ලැගුම් හලේම අයෙකු හදිසි ඇමතුම් ඒකකයට ලබාදුන් ඇමතුමක් මත නුවන් ඇතුලූ සියලූ දෙනා පොලිස් අත්අඩංගුවට පත් වූහ.
සඳුනිගේ මව්පියෝ පොලිිස් ස්ථානයට කැඳවූ අවස්ථාවේ සියල්ල හෙළිදරවු කළහ. මව්පියන්ගේ දෙපා වාරුනැති විය. අවසානයේ ලජ්ජාවත් හිස දරාගෙන හිස් අතින් තම ගම්බිම් බලා ගියහ. බාලවයස් දැරියක් ලෙස ඇය පරිවාස ගත කෙරුණි.
zඅනේ තාත්තේ මට සමාවෙන්න. මට දහස් වාරයක් සමාවෙන්න....Z ඇයගේ කඳුළුවලට පිළිතුරක් මව්පියන් ළග තිබුණේ නැත. පියාගේ දෙපතුල් සිඹිමින් වැඳ වැටෙමින් විලාප නැගුවාය. දැන් සියල්ල සිදුවී හමාරය.
ජීවිතයේ සුන්දරත්වය මහා අපායක් කරගත් සඳුනි අද දොස්තර සිහිනය හිතේ තදකරගෙන මේ ලෝකේ තනි වෙලා පරිවාසභාරයේ පුනරුත්ථාපනය වන්නීය. මව්පියන් රට රාජ්‍යවල තම දූපුතුන් තනියම මුදා හරින්නේ හොඳ අනාගතයක් හදලා මේ සමාජයේ හොඳ පුරවැසියන් කරන්නටය.
සඳුනි දෙමාපියන්ගේ මුදල්වලට සාධාරණයක් කරන්න ඕනෑය කියන එක ඔයාගේ වගකීමක්. හැමදාම ඔයාලගේ පස්සෙන් මව්පියන්ට යන්න බැහැ. පුළුවන් පෙන්නන්න විතරයි පාර . තරණය කරන්න ඕන ඔයා. ඒ පාරේ ගල්, මුල්, කටු, බොරළු ඕන තරම්. ඒ දේවල් වලට උත්තර සොයන්න හදවත පාවිච්චි කරන්න එපා. බුද්ධිය පාවිච්චි කරන්න. පොත පතේ දැනුම තිබුනට වැඩක් නැහැ. සමාජ දැනුම නැත්නම්, ඔයාගේ ජීවිතය වැරදෙනවාමයි.
නංගිලා ඉන්න අය මේවා කියෝලා තමන්ගේ නංගිලා ගැනත් ටිකක් අවදානෙන් ඉන්න

Last edited:

ඉස්සරහට ගිහින් වචනයක් වත් කතා කරගන්නවත් පුලුවන්ද කකුල් දෙක පන ඇතුව? forum එකේ කයිවාරුව විතරයි ..