ගුරුවරුන්ට මිලියන 68000 ක් දෙන්න පුළුවන්ද???

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ගුරුවරුන්ගේ වීදි සටන පිලිබඳ නොයෙකුත් මතිමතාන්තර සමාජ මාධ්‍ය වල පලවෙනවා. සමහරු ඒ ගැන අදහස් පළකරන්නේ තම තමන්ගේ දේශපාලන කෝණවලින්. කොහොම උනත් දේශපාලන කන්නාඩිය අමතක කරලා ගත්තම හැමෝම පිළිගන්න එක දෙයක් තියෙනව ඒ ගුරුවරුන්ගේ වැටුප අනිවාර්යෙන් වැඩිකළ යුතුයි කියල.

    එත් මේ රජයත් කලින් තිබුණ රජයනුත් මේකට දෙන උත්තරේ තමා ...ඔව් වැඩි කරන්න ඕනි තමයි එත් භාණ්ඩාගාරේ සල්ලි නෑනේ කියල.. මේ පුවත් වාර්තාව අනුව මේ සඳහා රුපියල් කොටි 6800ක් ඕනලු. ඒ කියන්නේ මිලියන 68000ක්. නමුත් භාණ්ඩාගාරෙ සල්ලි නෑලු. ඉතින් මොකද කරන්නේ??
    මේකට උත්තර ඇහුවොත් විවිධ ක්‍ෂේත්‍ර වල වෘතිකයින් විවිධ යෝජනා ඉදිරිපත් කරයි. (විදුලි) ඉංජිනේරු වෘතිකයෙක් හැටියට මා මේක දකින්නේ මෙහෙමයි.

    රටේ සාමාන්‍යයෙන් අවුරුද්දකට විදුලි එකක බිලියන 17 (මිලියන 17,000) නිපදවෙනවා. ලංකා විදුලිබල මණ්ඩලේට මේ විදුලි ඒකකයක් හදන්න සමස්තයක් වශයෙන් රු 22 ක් විතර යනවා (ජල විදුලිය රු 2, ගල් අඟුරු රු 12, දැවිතෙල් රු 23, ඩිසල් රු 30 ක මිශ්‍රණයක්). මේක විකුණන්නේ සමස්තයක් හැටියට රු 16.50 කට වගේ ( එකක 60ට අඩු අයට මිට ගොඩක් අඩුයි) . ඉතින් ඒකකයකින් වෙන පාඩුව රු 5.50 ක් විතරනේ. එතකොට සමස්ත පාඩුව අවුරුද්දකට රු. රුපියල් මිලියන 93,500 ( රු 5.50 x 17,000). මේ අති විශාල මුදල විදුලිබල මණ්ඩලයට දෙන්නේ ඔය ගුරුවරුන්ට දෙන්න රුපියල් මිලියන 68000ක් නෑ කියන මහා භාණ්ඩාගාරෙන්මයි . ඉතින් මේ පාඩුව නැති කරගත්තොත් ඒක අධ්‍යාපනයට යොමුකරන්න පුළුවන් නේ.

    ඉතින් මොකද වෙලා තියෙන්නේ? වෘතිකයින් යෝජනාකරන අඩු වියදම් තාප බලාගාර සහ නිසි උපරිම ප්‍රමාණයට සුර්ය සහ සුළං බලාගාර ඇතුලත් සැලැස්ම ක්‍රියාත්මක කලොත් ආණ්ඩුවට අර ඒකකයකට යන රු 22/= මිල, රු 16 ට අඩු කරලා ලේසියෙන් මේ මිලියන 93,500 ම ඉතුරු කරන්න පුළුවන්. එකෙන් ගුරුවරුන්ට නිසි වැටුපත් දීල ඉතුරු මුදල සම්පුර්නයෙන්ම අධ්‍යාපනයට යොදවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පාඩු ලබන විදුලිබල මණ්ඩලය වගේම අපි ඉන්ධන බිල් නොගෙවීම නිසා පාඩු ලබන තෙල් සංස්ථාවත් ගොඩගන්න පුළුවන්. එක ගලෙන් කුරුල්ලෝ තුන් හතර දෙනෙක්ම. පුදුමයි නේද?

    ඉතින් දැන් ඔබට සිතෙනවා ඇති මේක මේ යකා කියන විදියේ ඔච්චර ලේසි දෙයක් නම් කිසිම ආණ්ඩුවක් මේක නොකරන්නේ ඇයි කියල. ඇයි නොවෙන්නේ කියල කෙටියෙන් කිව්වොත් එක මෙහෙමයි වෙන්නේ.

    හැම ආණ්ඩුවක්ම අපු අලුත ඒ ඒ ක්‍ෂේත්‍ර වල ඉන්න විද්වතුන්ගේ අදහස් අරගෙන හොඳ සැලසුම් හදනවා. එත් මගක් යද්දී ඒ දේශපාලකයින්ට වියදම් කරපු ව්‍යාපාරිකයින් , බටහිර රටවල ඩොලර් මත යැපෙන පරිසරවේදීන් වේශයෙන් පෙනීසිටින NGO කාරයෝ බලපැම් කරලා , හොඳ සැලසුම් යටපත් කරලා , ව්‍යාපාරික/ NGO සැලසුම් වලට මුල් තැන දෙනවා. මොකද ඊළඟ චන්දෙට පෝස්ටර් ගහන්න , TV add දාන්න වියතුන් හෝ ගුරුවරුන් සල්ලි දෙන්නේ නෑ නේ. ඉතින් මේ ජරාජීර්ණ දේශපාලන ක්‍රමේ තවත් එක ප්‍රතිපලයක් හැටියට අපේ සැලසුම් දිගින් දිගටම යට යනවා . ආර්ථිකේ එන්න එන්නම පහලට යනවා.
    දැන් මේ විදුලි ක්ෂේත්‍රයේ ඔය කියන සැලසුම් ප්‍රශ්නෙ මොකක්ද. 2030 දී 70% - 80% ක් පුනර්ජනනීය විදුලියෙන් යැපෙන්න ඕනි කියල ව්‍යාපාරිකයින් සහ පිස්සෝ කීප දෙනෙක් කඩිමුඩි සැලැස්මක් හදල (හරියට එක කන්නෙන් කාබනික වගාවට හැරුන වගේ). පුනර්ජනනීය විදුලියෙන් විතරක් අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුළුවන් නම් අපිත් හරිම සතුටුයි එක කරන්න.

    එත් සුළං , සුර්ය බලය නොමිලේ ලැබුනට විදුලි පද්ධතියට ඒවා ගොඩක් ගන්න නම් අධි- වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග , බැටරි , තොරතුරු තාක්ෂනය වගේ දේවල් වලට බිලියන ට්‍රිලියන ගානක් යොදවන්න ඕනි. ඒ නිසා සුළං , සුර්ය වගේ වෙනස් වෙන පුනර්ජනනීය බලය ඇති විශාල ප්‍රතිශතයකින් අරන් තියෙන්නේ ජර්මනිය, ඩෙන්මාර්කය , දකුණු ඔස්ට්‍රේලියාව වගේ ධනවත් රටවල්. හැබැයි ඒ රටවල තමයි ලෝකේ වැඩිම විදුලි මිල තියෙන්නේ ( ඒකකයක් රු 60-70ක් පමණ).

    ඒ නිසාම තමයි අල්ලපු ඉන්දියාව , පාකිස්තානේ, බංගලිදේශය වගේ අපිට වඩා ආර්ථික හැකියාවක් තියෙන රටවල් පවා සූර්ය සහ සුළං බලයෙන් විශාල ,අනවශ්‍ය කඩිමුඩි ඉලක්ක තියාගෙන නැත්තේ. . ඒ රටවල තියෙන්නේ 2040 දී පුනර්ජනනීය විදුලිය 30% -40% වගේ ඉතාම ප්‍රයෝගික ඉලක්ක. අපේත් තියෙනවා 2050දී 100% කම පුනර්ජනනීය විදුලියට යන්න ඉලක්කයක්. එක ප්‍රායෝගිකයි.. කඩිමුඩියක් නෑ . මොකද අපේ රටේ සෞඛ්‍යය, අධ්‍යාපනය , පානීය ජලය වගේ ඉතාම මුලික අවශ්‍යතා තියෙනවා. ප්‍රමුඛස්ථානය දිවයුතු අංශ ගොඩක් තියෙනවා.

    මේ 2030 දී (ඒ කියන්නේ කඩිමුඩියේම) 70% - 80% ක් පුනර්ජනනීය විදුලියෙන් යැපෙන්න ඕනි කියල ව්‍යාපාරිකයින් සහ පිස්සෝ කීප දෙනෙක් හදපු සැලැස්ම ලඟදි කැබිනට්ටුවේ අනුමත කරලලු. (මේක සැලැස්ම විදුලි ක්‍ෂේත්‍රයේ ධම්මික පැනිය කියන්න පුළුවන්. එකේදී නම් අඩුම අපි ධම්මික බාස් උන්නැහේ දැක්කනේ. වැඩේ කියන්නේ මේකේ ධම්මික හොයා ගන්නත් නෑ ) 2016 දී තිබ්බේ 2030 දී 100% ක් කියල අන්තිමේදී ඒ කාලේදී අපිට කිසිම බලාගාරයක් හදාගන්න බැරිඋනා.

    මේ කෑදරයින්ට ඕනි පරිසරය සුරකිනවා කියන මුවාවෙන් නායකයින් රවටල මේ අවුරුදු කීපේ උපරිම ලාභ ලැබීම . 2030 දී 70% ක් කියන්නේ දැන් ජර්මනියේ තියෙන මට්ටමටත් වඩා ගොඩක් එහා ගිය ඉලක්කයක්. දැන් දවස් කීපෙකට පෙර මේ පිස්සු- ව්‍යාපාරික සැලැස්ම ක්‍රියාත්මක කරන්න කැබිනට්ටුව තීරණය කරලලු. එහෙම උනොත් දැන් තියෙන අර මුලින් කිව්ව රු 22/= සමස්ථ විදුලි ජනන වියදම 2030 වෙත්දී ජර්මනියේ ගාන ඒ කියන්නේ රු 60-70 ක් වෙයි. විදුලි මිල ඉහල දැම්මොත් මුළු ජනතාවම පාරට බහින නිසා.. දෙගුණ තෙගුන උන පාඩුව භාණ්ඩාගාරෙන් පොම්ප කරයි. භාණ්ඩාගාරේ හිඳුනම අනේ සල්ලි නැනේ කියල මහජනතාවට කියයි. එදාට ඉන්න ආණ්ඩුවත් මේ වගේම කියයි අනේ ගුරුවරුන්ට පඩි වැඩි වෙන්න ඕනි තමා ..එත් තියෙන පඩිය ගෙවන්නත් සල්ලි නැනේ කියල.

    අපි කවදද මේ විෂම චක්කරෙන් ගැලවෙන්නේ. කොහොමද ගැලවෙන්නේ...?

    ඉංජිනේරු අතුල වන්නිආරච්චි (ව්‍යාපෘති අධ්‍යක්ෂක - ලං.වි.ම)
    Eng. Athula Wanniarachchi (Project Director - CEB)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕක විදුලිබල මණ්ඩලයේ විතරක් නෙවෙයි හැම රාජ්‍ය ආයතනයකම වගේ ඔය කියන පාඩුව තියෙනවා. ඇයි ලංකාවෙ මෝඩ ආත්මාර්ථකාමී, ජඩ මිනිස්සු ඒවා හදන්න කතා නොකරන්නෙ?

    ලංකාවෙ හොඳ බිස්නස් නෑ. තියෙන්නෙ ජාවාරම්. ඉන්නෙ ජාවාරම්කාරයො. රටේ තියෙන ජරා සිස්ටම් එක නිසා ධනවත් උන අය. උන් ඒක වෙනස් නොකරන්න හැමදේම කරනවා. මෝඩ සාමාන්‍ය මිනිහත් උන්ට ඕන දේම ලස්සනට කරල දෙනවා. අන්තිමට කෙළවුණාම අඬාගෙන වැලපෙනවා. ගුරුවරු බහුතරය කියන්නෙත් ඒ කුලකෙම කොටසක්.

    වැඩිය ඕන නෑ ඔය ප්‍රශ්නෙම බලන්න. අවුරුදු 22 ක් ඒ ප්‍රශ්නෙ තිබුණලු. අදටත් උන්ගෙන් කුණු කතා අහගෙන උන්ටම පුප දෙනවා. 😆 හොඳම වැඩේ ඕකුන්ටත්. අවුරුදු 22ට රනිල් ලා, මහින්දලා ඉන්න ආණ්ඩු කීයක් තිබුණද එකකින් වත් ප්‍රශ්නෙ විසඳලා නෑ. ඒත් තාම කඩේ යනවා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රටේ හරිහමන් ව්‍යවසායකයන් නැති වීමේ පාඩුව. සල්ලි තියෙන උන් ඔක්කොම ධම්මික පෙරේරා වගේ නූල් සූත්තර කාරයෝ. ඒ වගෙ උන් ගෙන් රටක ආර්ථිකයක් දියුනු වෙන්නේ බොහොම හෙමින්. උන් කරන්නෙම මේ වගේ තැන් වලට අත දාල කඩා වඩා ගන්න එක.

    හැබැයි ඉතින් ප්‍රධානම අවුල මිනිස්සුන්ගේ බුද්ධිය බන්. අවුරුදු 50 කටත් වඩා නිඩහස් අධ්‍යාපනයෙන් ඉගැන්නුවට පස්සෙත් අකුරක් ලියන කියවන එකෙන් එහාට ගිහිල අලුත් දැනුම හොයා ගන්න, නොදන්න දෙයක් කියවලා ඉගන ගන්න, අඩුගානේ පොතක් පතක් කියන්න පුලුවන් උන් කීදෙනාද ඉන්නේ.

    ජාත්‍යන්තර භාශාවකින් දැනුම ගන්න සහ දෙන්න පුලුවන් උන් කොච්චර පොඩ්ඩද ඉන්නේ. උනුත් බහුතරය තමන්ගේ විශයට සීමා වෙච්ච උන්.

    එහෙම රටවල් වලට මෙහෙම තමයි බන් වෙන්නේ. පාලකයෝ පත් කරන්නේ ගොබ්බ ජනතාව, ඉතින් පාලකයෝ ගොබ්බ වෙන එක පුදුමයක් නෙවෙයි.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,898
    113
    Speed force
    Bump.
    ඔය කියල තියන එකක් වත් මේ කපෙට වෙන දේවල් නෙවේ නේ. හැබැයි අනිවාර්යයෙන් ඔය 16.50 ට දැන් දෙන ඒකකය 30 ට වගේ වැඩි කරලා ඔය ඉල්ලීම ටික නම් දෙන්න පුළුවන් වෙයි. 😅
     
    • Haha
    Reactions: NRTG and shenat

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ගුරුවරුන්ට අසාදාරණයක් වෙලා තියෙනවා , ඇත්ත .
    but එක ලිහාගන්න සුදුසු වෙලාව මේක නෙමෙයි

    කිසිම විදියක හරි තීරණයක් ගත නොහැකි ආණ්ඩුව.
    වෙන ආණ්ඩුවක් පත් වුනත් , ලංකාවේ මොළ වෙනස් වෙන්නේ නැහැ.
    ------ Post added on Aug 5, 2021 at 9:09 PM
     
    • Like
    Reactions: NRTG and shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    just go abroad as soon as can ... වරද පලකයෝන්ගේ නෙමේ .. ඇත්තටම ඒ වගේ පාලකයෝ එන්න වැඩි ප්‍රමාණයක් ඉන්නේ ගොන් බුරු මිනිස්සු කියල තේරුනේ corona හින්ද තමා ... ඒ වගේ මෝඩ මිනිස්සු ඉන්න රටක් දියුණු වෙන්නේ නෑ කොච්චර කල් ගියත් .. ඒ හින්ද ඉන්න ටිකේ සතුටෙන් ඉන්න ඕනේ නං කරන්න තියෙන්නේ වෙන රටකට යන එක විතරයි
     

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    Meyalata wedi kalama e grade ekema e salary eka hambuna dev. officers/MA un nikan idi kiyala hithuwe ai uba? Meyalata wedi kaloth eyalath wedi karanna one...ethakota eyalata wedi kalama anith untath wedi karanna one..Gov un okkotama wedi wenakan oka nawathinne ne
     
    • Like
    Reactions: NRTG and shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    ගුරුවරුන්ට අසාදාරණයක් වෙලා තියෙනවා , ඇත්ත .
    but එක ලිහාගන්න සුදුසු වෙලාව මේක නෙමෙයි

    කිසිම විදියක හරි තීරණයක් ගත නොහැකි ආණ්ඩුව.
    වෙන ආණ්ඩුවක් පත් වුනත් , ලංකාවේ මොළ වෙනස් වෙන්නේ නැහැ.
    ------ Post added on Aug 5, 2021 at 9:09 PM
    ethakota 225 he un pati thadakaragena naththe?
     
    • Like
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනවශ්‍ය විදිහට ලක්ෂ පහක විතර හමුදාවක් නඩත්තු කරන එක නවත්තල ඒකෙන් ලක්ෂ 2-3ක් ගෙදර යැව්වනම් ඔය වගෙ කීපගුණයක් සල්ලි ඉතිරිකරගන්න පුලුවන්
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,410
    32,118
    113
    අනවශ්‍ය විදිහට ලක්ෂ පහක විතර හමුදාවක් නඩත්තු කරන එක නවත්තල ඒකෙන් ලක්ෂ 2-3ක් ගෙදර යැව්වනම් ඔය වගෙ කීපගුණයක් සල්ලි ඉතිරිකරගන්න පුලුවන්
    2009 war eka win karanna kalin naki maina keewe ohoma neda? war ekata yana wiyadama education, health walata daanna puluwan kiyala...
    anthimata ewa yaka gilalada lol
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනවශ්‍ය විදිහට ලක්ෂ පහක විතර හමුදාවක් නඩත්තු කරන එක නවත්තල ඒකෙන් ලක්ෂ 2-3ක් ගෙදර යැව්වනම් ඔය වගෙ කීපගුණයක් සල්ලි ඉතිරිකරගන්න පුලුවන්

    Army එකනම් ලක්ශ 5 ක් නෑ බන්.. ලක්ශ 3 ක් වගේ ඉන්නෙ.. ගොඩක් අය Agreement වලට ඉන්න නිසා Agreement period එක ඉවර උනාම යන්න වෙනව බන්..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Bump.
    ඔය කියල තියන එකක් වත් මේ කපෙට වෙන දේවල් නෙවේ නේ. හැබැයි අනිවාර්යයෙන් ඔය 16.50 ට දැන් දෙන ඒකකය 30 ට වගේ වැඩි කරලා ඔය ඉල්ලීම ටික නම් දෙන්න පුළුවන් වෙයි. 😅

    උබලා කැමති ඒ විදියට නං ඒක විදියට කරපුවාවෙ. මට නං බිල් වැඩි වීම් ලොකුවට බලපාන එකක් නෑ. So it's your choice. 🤷
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    We are the only nation that gives Free Education (including books, uniforms , bus train fare subsity etc) up to first Degree and also free health facility from the time of conception to death(all free including surgeries that cost millions).
    Having got all these we cannot again ask high salaries. You had the choice to join private sector for higher salary. Not only teachers all govt servants are poorly paid due to overcrowding the service and lack of proper management.
     
    • Like
    Reactions: dilshan87

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    We are the only nation that gives Free Education (including books, uniforms , bus train fare subsity etc) up to first Degree and also free health facility from the time of conception to death(all free including surgeries that cost millions).
    Having got all these we cannot again ask high salaries. You had the choice to join private sector for higher salary. Not only teachers all govt servants are poorly paid due to overcrowding the service and lack of proper management.

    That's total bullshit and false.
     
    Last edited:
    • Like
    Reactions: Periz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    සල්ලි ටිකක් අච්චු ගහලා දීලා දාමු, කොරෝනා 5000 වගේ :rofl:
    ඕක තමයි වෙන්නේ. බඩු ගන්න යනවා, එක එකා උද්ගෝෂණ කරනවා. සල්ලි අච්චු ගහල හරි දෙන්න වෙන තැනට එනව. අද ගුරුවරු. හෙට තව සෙට් එකක්..