හැබැයි ගුරුවරුන්ට OT වගේ ගොඩක් දේවල් වලට ඉල්ලුම් කරන්න බැරි හින්ද තමයි ඒගොල්ලොන්ගේ පඩි අඩුයි .මේක තමයි ප්‍රධාන හේතුව ගුරුවරුන්ගේ පඩි අඩුවෙන්න.එගොල්ලොන්ටත් 1 න් පස්සේ ළමයින්ට ඉගැන්නුවොත් OT සෙට් කලොත් ඔය අඩු පඩි ප්‍රශ්නේ විසදෙනවා .
ඇත්ත,
මේක කරන්න පුළුවන් නම් හොඳයි, හැම ළමයටම උපකාරක පන්ති අවශ්‍ය නෑ.
හැබැයි රැල්ලට යනවා තේරුමක් නැතිව.. අම්මලා දරුවො දුවවනවා පිස්සො වගේ.
ඉගෙන ගන්න දුර්වල අය ඉන්නවා නම් ඒ ළමයින්ට උදව් කරන්න ඔ්න.
remedial වැඩ , හැම ළමයටම ඔනත් නෑ.
හැබැයි දැන් defects අඳුනන්නෙත් නැතුව හැමාටම remedial වැඩ.
විෂය භාහිර කටයුතු වලට සහභාගී කරවන්න පළුවන්, පුස්තකාල පහසුකම්, පරිගණක විද්‍යාගාර පහසුකම් සාමාන්‍ය කාලසටහන් සීමාවෙන් එලියෙ ලොකු ප්‍රයොජනයක් ගන්න පුළුවන් දේවල්....
ගුරුවරුත් උවමනාවෙන් වැඩ කරයි එහෙම උනොත්....
දෙමාපියන්ට වගකීමක් තියෙන තැනක දරුවො තියන්න පුළුවන් ආරක්ෂිතව. හවස ඇවිත් ගන්නකන්..
දරුවන්ට වැඩිපුර දෙයක් එක්ක සමාජගත වෙන්න පුළුවන් වෙයි වැඩි දෙනෙකුට....