ගුරු තුමිය ඔබයි.
හිතේ ගැඹුරුම තැන ඇති හැගීමක්.
විවේක ඇත්නම් කියවා බලන්න.
1 වසරට ඇතුළුවූ මා එහිඋන් කිසිවෙකු හදුනන්නේ නැත. එනමුදු පංතිබාර ගුරු තුමිය මගේම කෙනෙකු මෙන් දැනෙන්නේය. ඊට හේතුව කිනම් හෝ පෙර භවයක බැදීමක් විය යුතුමය. ඇයගේ සාරි පොටෙහි එල්ලී ප්‍රාථමික අංශය පුරා මා දුව ගියා මතකය. ඕ ද විටෙක මා වඩාගෙනන තමන්ගේම දරුවෙකු මෙන් සුරතල් කරන්නීය.
කාළයාගේ ඇවෑමෙන් මාහට 2 වසරට යන්නට විට. මාගේ ආදරණීය ගුරු තුමිය දැන් පන්තියේ නැත. ඒ වෙනුවට සිටින්නේ වෙනත් ගුරු තුමියකි. ඇය තරමක් සැරය. දැන් පෙර මෙන් පාසලේදී මා බලාගන්නට කෙනෙක් නැති වේවිද. පොතේ අකුරු ලියවන්නට කෙනෙක් ද පංතියේ නැත. එනමුදු විවේක කාළයන්හිදී ගුරු තුමිය බලන්නට මා දිව යන්නේ නිරායාසයෙනි.
දවසින් දවස ශරීරයෙන් වැඩුනු මා 3,4,5 පංතිවලින් පසුව පාසලේ ප්‍රාථමික අංශයෙන් නික්මී 6 වසරට ගියෙමි. දැන් මාගේ 1 වසර ගුරුතුමිය බලන්නට නිතර පැමිනෙන්ට බැරිය. නමුත් ඉදහිට හෝ ඇය සහ ප්‍රාතමික අංශයේ අනෙක් ගුරුවරුන් බලා එන්නට මා ගියේමි.
සාමාන්‍ය පෙළ පංතියේදී පමණක් නොව, උසස්පෙළ පංතියේදීද මගේ මේ පුරුද්ද එලෙසින්ම තිබිණ. ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ටද මා ඔවුන්ගේ ළමයෙකු වැනිය. 1 වසර ගුරු තුමියට මා දැකීම කලකින් නොදුටු ඇයගේ පුතෙකු දැකීමට සමානය.
උසස්පෙළින් පසු පාසලෙන් නික්මුන මා පසු කලෙක් පාසට යන්නේ මාස 3,4 කට වරක්ය. ඒ මාගේ ගරුවරුන් බලා එන්නටය. දිනක් යන විට 1 වසරේ ටීචර් විස්‍රාම ගොසිනි.
පාසලේ ගුරු නේවාසිකාගාරයේ උන් ඇය දැන් බොහෝ දුර පදිංචිව ඇති බව අසන්නට ලැබුනි. කෙදිනක හෝ ඇයගේ නිසවස වෙත යායුතු බව සිතාගත් මා එදින පාසලෙන් නික්මුනි.
දිනක් වෙළදසැලකට ගොස් පිටතට පැමිනෙන මට හිටි හැටියේම මුන ගැසෙන්නේ 1 වසරේ ගුරු තුමියයි. කොල්ලා දැන් ලොකු වෙලා. රැව්ලත් හොදටම වැවිලා. මිමිනූ ඇය මගේ මුහුන අතගා බඩටද එකක් ඇන්නේය.
මා ඒ ඇයව දුටුවේ අවසන් වරට බව මොහොතකටවත් සිතුනේ නැත.
ඉන් වසරකට පමණ පසුව ඇය දකින්නේ සිහිනයෙනි. ඒ සිහිනයෙන් පසුව මා හට ඇය මුන ගැසෙන්නට අවැසි වෙයි. පාසලේ ආදිශිෂ්‍ය සමිතියේ ලොකු අයියාගෙන් මා විමසා සිටියේ ඇය ගැනයි.
ඒ මොහොතේ මගේ සිට දැනුන වේදනාව කියා නිම කරන්නට වචන නැත. දැන් මා පාසලට යන්නේ නැත. ගියද ප්‍රාථමික අංශය දෙසටවත් ඇවිද යන්නට මගේ දෙපා ශක්තිමත් නැත.
විවේක ඇත්නම් කියවා බලන්න.
1 වසරට ඇතුළුවූ මා එහිඋන් කිසිවෙකු හදුනන්නේ නැත. එනමුදු පංතිබාර ගුරු තුමිය මගේම කෙනෙකු මෙන් දැනෙන්නේය. ඊට හේතුව කිනම් හෝ පෙර භවයක බැදීමක් විය යුතුමය. ඇයගේ සාරි පොටෙහි එල්ලී ප්‍රාථමික අංශය පුරා මා දුව ගියා මතකය. ඕ ද විටෙක මා වඩාගෙනන තමන්ගේම දරුවෙකු මෙන් සුරතල් කරන්නීය.
කාළයාගේ ඇවෑමෙන් මාහට 2 වසරට යන්නට විට. මාගේ ආදරණීය ගුරු තුමිය දැන් පන්තියේ නැත. ඒ වෙනුවට සිටින්නේ වෙනත් ගුරු තුමියකි. ඇය තරමක් සැරය. දැන් පෙර මෙන් පාසලේදී මා බලාගන්නට කෙනෙක් නැති වේවිද. පොතේ අකුරු ලියවන්නට කෙනෙක් ද පංතියේ නැත. එනමුදු විවේක කාළයන්හිදී ගුරු තුමිය බලන්නට මා දිව යන්නේ නිරායාසයෙනි.
දවසින් දවස ශරීරයෙන් වැඩුනු මා 3,4,5 පංතිවලින් පසුව පාසලේ ප්‍රාථමික අංශයෙන් නික්මී 6 වසරට ගියෙමි. දැන් මාගේ 1 වසර ගුරුතුමිය බලන්නට නිතර පැමිනෙන්ට බැරිය. නමුත් ඉදහිට හෝ ඇය සහ ප්‍රාතමික අංශයේ අනෙක් ගුරුවරුන් බලා එන්නට මා ගියේමි.
සාමාන්‍ය පෙළ පංතියේදී පමණක් නොව, උසස්පෙළ පංතියේදීද මගේ මේ පුරුද්ද එලෙසින්ම තිබිණ. ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ටද මා ඔවුන්ගේ ළමයෙකු වැනිය. 1 වසර ගුරු තුමියට මා දැකීම කලකින් නොදුටු ඇයගේ පුතෙකු දැකීමට සමානය.
උසස්පෙළින් පසු පාසලෙන් නික්මුන මා පසු කලෙක් පාසට යන්නේ මාස 3,4 කට වරක්ය. ඒ මාගේ ගරුවරුන් බලා එන්නටය. දිනක් යන විට 1 වසරේ ටීචර් විස්‍රාම ගොසිනි.
පාසලේ ගුරු නේවාසිකාගාරයේ උන් ඇය දැන් බොහෝ දුර පදිංචිව ඇති බව අසන්නට ලැබුනි. කෙදිනක හෝ ඇයගේ නිසවස වෙත යායුතු බව සිතාගත් මා එදින පාසලෙන් නික්මුනි.
දිනක් වෙළදසැලකට ගොස් පිටතට පැමිනෙන මට හිටි හැටියේම මුන ගැසෙන්නේ 1 වසරේ ගුරු තුමියයි. කොල්ලා දැන් ලොකු වෙලා. රැව්ලත් හොදටම වැවිලා. මිමිනූ ඇය මගේ මුහුන අතගා බඩටද එකක් ඇන්නේය.
මා ඒ ඇයව දුටුවේ අවසන් වරට බව මොහොතකටවත් සිතුනේ නැත.
ඉන් වසරකට පමණ පසුව ඇය දකින්නේ සිහිනයෙනි. ඒ සිහිනයෙන් පසුව මා හට ඇය මුන ගැසෙන්නට අවැසි වෙයි. පාසලේ ආදිශිෂ්‍ය සමිතියේ ලොකු අයියාගෙන් මා විමසා සිටියේ ඇය ගැනයි.ඒ මොහොතේ මගේ සිට දැනුන වේදනාව කියා නිම කරන්නට වචන නැත. දැන් මා පාසලට යන්නේ නැත. ගියද ප්‍රාථමික අංශය දෙසටවත් ඇවිද යන්නට මගේ දෙපා ශක්තිමත් නැත.



