ගුරු තුමිය ඔබයි.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගුරු තුමිය ඔබයි.

    හිතේ ගැඹුරුම තැන ඇති හැගීමක්.
    විවේක ඇත්නම් කියවා බලන්න.

    thalangama-lanka-saba12.jpg

    1 වසරට ඇතුළුවූ මා එහිඋන් කිසිවෙකු හදුනන්නේ නැත. එනමුදු පංතිබාර ගුරු තුමිය මගේම කෙනෙකු මෙන් දැනෙන්නේය. ඊට හේතුව කිනම් හෝ පෙර භවයක බැදීමක් විය යුතුමය. ඇයගේ සාරි පොටෙහි එල්ලී ප්‍රාථමික අංශය පුරා මා දුව ගියා මතකය. ඕ ද විටෙක මා වඩාගෙනන තමන්ගේම දරුවෙකු මෙන් සුරතල් කරන්නීය.

    කාළයාගේ ඇවෑමෙන් මාහට 2 වසරට යන්නට විට. මාගේ ආදරණීය ගුරු තුමිය දැන් පන්තියේ නැත. ඒ වෙනුවට සිටින්නේ වෙනත් ගුරු තුමියකි. ඇය තරමක් සැරය. දැන් පෙර මෙන් පාසලේදී මා බලාගන්නට කෙනෙක් නැති වේවිද. පොතේ අකුරු ලියවන්නට කෙනෙක් ද පංතියේ නැත. එනමුදු විවේක කාළයන්හිදී ගුරු තුමිය බලන්නට මා දිව යන්නේ නිරායාසයෙනි.

    දවසින් දවස ශරීරයෙන් වැඩුනු මා 3,4,5 පංතිවලින් පසුව පාසලේ ප්‍රාථමික අංශයෙන් නික්මී 6 වසරට ගියෙමි. දැන් මාගේ 1 වසර ගුරුතුමිය බලන්නට නිතර පැමිනෙන්ට බැරිය. නමුත් ඉදහිට හෝ ඇය සහ ප්‍රාතමික අංශයේ අනෙක් ගුරුවරුන් බලා එන්නට මා ගියේමි.

    සාමාන්‍ය පෙළ පංතියේදී පමණක් නොව, උසස්පෙළ පංතියේදීද මගේ මේ පුරුද්ද එලෙසින්ම තිබිණ. ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ටද මා ඔවුන්ගේ ළමයෙකු වැනිය. 1 වසර ගුරු තුමියට මා දැකීම කලකින් නොදුටු ඇයගේ පුතෙකු දැකීමට සමානය‍.

    උසස්පෙළින් පසු පාසලෙන් නික්මුන මා පසු කලෙක් පාසට යන්නේ මාස 3,4 කට වරක්ය. ඒ මාගේ ගරුවරුන් බලා එන්නටය. දිනක් යන විට 1 වසරේ ටීචර් විස්‍රාම ගොසිනි.

    පාසලේ ගුරු නේවාසිකාගාරයේ උන් ඇය දැන් බොහෝ දුර පදිංචිව ඇති බව අසන්නට ලැබුනි. කෙදිනක හෝ ඇයගේ නිසවස වෙත යායුතු බව සිතාගත් මා එදින පාසලෙන් නික්මුනි.

    දිනක් වෙළදසැලකට ගොස් පිටතට පැමිනෙන මට හිටි හැටියේම මුන ගැසෙන්නේ 1 වසරේ ගුරු තුමියයි. කොල්ලා දැන් ලොකු වෙලා. රැව්ලත් හොදටම වැවිලා. මිමිනූ ඇය මගේ මුහුන අතගා බඩටද එකක් ඇන්නේය.

    මා ඒ ඇයව දුටුවේ අවසන් වරට බව මොහොතකටවත් සිතුනේ නැත. :( ඉන් වසරකට පමණ පසුව ඇය දකින්නේ සිහිනයෙනි. ඒ සිහිනයෙන් පසුව මා හට ඇය මුන ගැසෙන්නට අවැසි වෙයි. පාසලේ ආදිශිෂ්‍ය සමිතියේ ලොකු අයියාගෙන් මා විමසා සිටියේ ඇය ගැනයි.

    ඒ මොහොතේ මගේ සිට දැනුන වේදනාව කියා නිම කරන්නට වචන නැත. දැන් මා පාසලට යන්නේ නැත. ගියද ප්‍රාථමික අංශය දෙසටවත් ඇවිද යන්නට මගේ දෙපා ශක්තිමත් නැත. :(

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්.......
    ඒලෙවල් කරන්න කලින් අපේ පාසැලේ යන චිරාගත වට වන්දනාවේ ගොස් මට පළමු වසරේ දී ඉගැන් වූ තිලකා සමරසිංහ ගුරුමෑණියන් ගේ දෙපා වැද ආ හැටි මට අද මෙන් මතකය....
    හොදට විභාගෙ කරන්න පුතේ, ඔයාට වරදින්නේ නෑ යයි ඇය කීවාය.....

    6 වසරේදී මට ඉගැන් වූ පංති භාර ගුරු විජේදාස ගුරු මෑණියන් ගිය වසරේ දිනක පාසැලේ දී හමු වී ඇය ගේ දෙපා වැළද හැඩූ හැටි මට සිහිවේ. නහරකාරයෙක්ව සිටි මා හොද දරුවෙකු කලේ ඇයයි......
    10 වසරේ පන්තිභාර ගුරු විතාන සර් මගේ සායනයට පැමිණි දින මට හැඩිණි....

    අප මේ තැන් වල සිටින්නේ වෙස්සන්තරලා සේ ශිල්ප දානය දුන් මේ උතුම් මනුෂ්‍යයන් නිසා ය.......
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ගොඩක් හොඳ ටීචර්ස්ල ඉඳල තියනවා. ඒ අතර එක දවසක් දෙක වසරෙ ටීච මගේ ළඟ ඇපල් ගෙඩියක් තියනවා දැකල 'මේක ඔයා අනිත් ළමයින්ට පේන්න කන එක හොඳ නෑ' කියල අරන් ගියා.
     
    • Like
    Reactions: Mr.Tom

    :( අනිවාර්යෙන් කිඹුලයියේ...
    මගෙත් 1 වසරේ ඔය ටීචර්, 7 වසරේ පංති බාර සර්, පාසලේ විනය බාර සර්, චිත්‍ර සර්, 12 වසරේ පංති බාර ටීචර් (එතුමියගේ දරුවෝ දැන් මගේ ගෝලයෝ) සහ විදුහල්පති වරු දෙදෙනෙක් බොහෝම තදින් හිතේ ජීවත් වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් ගොඩක් හොඳ ටීචර්ස්ල ඉඳල තියනවා. ඒ අතර එක දවසක් දෙක වසරෙ ටීච මගේ ළඟ ඇපල් ගෙඩියක් තියනවා දැකල 'මේක ඔයා අනිත් ළමයින්ට පේන්න කන එක හොඳ නෑ' කියල අරන් ගියා.

    :eek::eek::nerd:
     
    • Like
    Reactions: lodbrok

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    හොද ගුරුවරු ගොඩක් ඉන්නවා .... අනේ මන්දා මට නම් හම්බෙලා තියෙන්නේ ටිකක් අනිත් විදිහේ අය තමයි.... ගොඩක් ගුරුවරු හොද පෑත්තට යන ලමයි up කරන ගමන් අනිත් ලමයි නොසලකා හරිනවා ... හෑම ලමයෙක්ටම එක විදිහට සලකලා නරක පෑත්තට යන එකා හරි පෑත්තට ගන්න පුලුවන් අය තමා ගුරු දෙවිවරු.
    හොද ලිපියක්
     
    • Like
    Reactions: Mr.Tom

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට නම් තියෙන්නේ ඔයිට වෙනස් අදහසක්. මගේ පලවෙනි වසරේ පන්තිබාර ගුරුතුමිය තමයි මගේ නැන්දම්මා අද? ඒ නිසා එතුමියම ඔනා උනත් මට අමතක වෙන්නේ නැ..
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මට නම් තියෙන්නේ ඔයිට වෙනස් අදහසක්. මගේ පලවෙනි වසරේ පන්තිබාර ගුරුතුමිය තමයි මගේ නැන්දම්මා අද? ඒ නිසා එතුමියම ඔනා උනත් මට අමතක වෙන්නේ නැ..

    හොදම ගෝලයට දුව දුන්න සීන්එකක්දබන් :cool: