එහෙම නොවන ගුරුවරු ඕනේ තරම් ඉන්නවා බං. 8 වසරදි ගණිතයට මට ලකුණු 40 ක් වගේ. ක්ලාස් ගියෙර් නෑ. උඹ පිලිගන්නවද ජීවිතේ හම්බු වෙච්ච හොඳම ගුරුතුමිය නිසා මට 11 වසරේ අන්තිම ටර්ම් එකේ ලකුණු 98 යි. සෙක්ශන් 6 න්ම වැඩිම ලකුණු. ඉස්කෝලේ කාලෙන් හවස පන්ති දාගෙන දුර්වල ළමයින්ට උගන්වපු ගුරුවරු මට නම් හිටියා.
------ Post added on Aug 20, 2021 at 12:57 PM
ඒක ඉතිං පින බන් ඒ වගෙ ගුරුවරු ලබන්න .
ගුරුවරු කියන සමස්ථ කුලකයම පල්ලෙහාට දානවා නෙමෙ.
එත් අපෙ වගෙ ඉස්කොල වල ඉගැන්වීම් වෙච්ච විදිය අපි දන්නවානෙ.
මන් නම් ටියුෂන් ගියෙම නැහැ ඕ ලෙවල් වෙනකන් .
ඕ ලෙවල් වලත් 10 වසරෙ මැද තමා පටන් ගත්තෙ ටියුෂන් යනන් .
ගණන් වලට ගියා ,කොමර්ස් වලට ගියා.
ටියුෂන් ගුරා නැත්තම් මන් ගණන් ෆෙල් වෙන්නත් ඉඩ තිබුණා.
ජීවිතෙ වටින දෙවල් කියලා දීපු ගුරෙක් හිටියා අපෙ ඉස්කොලෙ චිත්‍ර කරපු ගුරා මොනවා උනත්.
එත් ඉතිං හර විෂයන් වලට තියෙන තැන ඒ සබ්ජෙක්ට්ස් වලට නැති නිසා අපි වැඩිය ඉතිං මෙව්වා එකක් දුන්නෙ නැහැ චිත්‍ර ගුරාට .
දෙවිවරු වගෙ ගුරුවරු ඔනි තරම් ඉන්නවා.
මන් දැක්කා අර වෙනසෙ ගිය එක ප්‍රොග්‍රැම් එකක් දුර පැත්තක දුප්පත් ඉස්කොලෙක ළමයි ඉංග්‍රිසි කතා කරනවා වතුර වගෙ.
ඒ ගුරුවරයාගෙ හැකියාව.