ගෙදර ලී බඩු වලට ගුල්ලෝ විදිනවා අප්පා. ඇදේ වියල් 2කටම ගුල්ලෝ විදලා කඩා වැටුනා. දැන් ඇද ආපහු හදලා ගෙනාවා. මාසයක් විතර ගෙනල්ලා. දැන් ආපහු ගුලු කුඩු වැටෙනවා. පුටු සෙට් එකටත් ඇවිල්ලා. කොටින්ම කීවොත් කෑම මේසේ උඩ තිබ්බා ලී වංගෙඩියක් ඒකත් විදලා. මොකක්ද බං මේවට කරන්නේ. ඇදට නම් දැවආරක්ෂක ගාලා පොලිෂ් කලේ. පුටු සෙට් එක නම් කලින් පොලිෂ් කරලා තිබ්බ එකක්. මහ කරුමයක් බං මේ සත්තු. වහලේ පොල් ලී වලටත් ගුල්ලෝ ඇවිත්. කලු තෙල් ගාලා තියෙද්දිත්. මේකට මොකක්ද කරන්න පුලුවන්