


anna ekai venna owna.. Mage Bag ekak Indonesia Airport ekedi nati una reason eke une Bag eke mame giyapu anik filght eketa maaru vela nati eke. next flight eken bag eke kohomath genna gannava kiuva. Airport eke staff eke e gana eyalage uparimema karanava kiuva.. address ekath illa gaththa.. kohoma hari iila davase ude..gedaratama avith mata bag eke baara dunna..anna ekai venna owna..

ahinsaka minisuntamai kelawenne![]()

Mage Bag ekak Indonesia Airport ekedi nati una reason eke une Bag eke mame giyapu anik filght eketa maaru vela nati eke. next flight eken bag eke kohomath genna gannava kiuva. Airport eke staff eke e gana eyalage uparimema karanava kiuva.. address ekath illa gaththa.. kohoma hari iila davase ude..gedaratama avith mata bag eke baara dunna..anna ekai venna owna..

good post
we should unite to take actions against this as travellers
ලොව මිල අධිකම වෙළඳ භාණ්ඩය *විශ්වාසයයි*.ලොව සියළුම දැවැන්ත සමාගම් ගොඩ නැගෙන්නේ විශ්වාසයට මිලක් නියම කිරීමෙනි.මහරගම පමුණුවේ කමිසයක් රුපියල් එකසිය පනහට තිබියදී අප *නයිකි* වෙළඳ ලෝගෝව යටතේ ඇති කමිසයකට රුපියල් හාරදහසක් ගෙවන්නේ එබැවිනි.ලොව ගුවන් සේවා යනු විශ්වාසය උපරිමයේ රකිනා ස්ථාන ලෙස මහජන පිළිගැනීමක් තිබේ.ඒ වෙනුවෙන් ගුවන් සේවයක සහාය ලබාගන්නේ නම් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව අති විශාල මිලක් ගෙවා ගුවන් ටිකට්පතක් මිලදී ගන්නටද ඔවුන් දෙවරක් නොසිතති.ඒ ටිකට්පත තුල ලියැවී ඇත්තේ සමස්ථ ගුවන් ගමන පුරාවටම ඇති විශ්වාසයයි.ගුවන්තොටුපලකට ඇතුළු වූ මොහොතේ පටන් සිය ගමන අවසානයේ ගුවන්තොටුපලකින් එළියට පැමිණීම දක්වා තමන්ගේ ආරක්ෂාවත්,තමා රැගෙන යන බඩු භාණ්ඩවල ආරක්ෂාවත් සුරක්ෂිතවීමේ විශ්වාසයයි.එය එසේ සිදු නොවේ නම්..?ඔබ ගමන ආරම්භයේදී මහත් විශ්වාසයකින් භාරදෙන ඔබේ බෑගය ගමන අවසානයේදී ඔබට නොලැබේ නම්..?
එකී බෑගය සොයා ඔබ කරන දුක කියවිල්ලේදී ඔබ අන්ත අසරණ වේ නම්...?
ඔවුන් ඔබව සත පහකට ගණන් නොගන්නේ නම්..?
අවසානයේ,බෑගය අතුරුදහන් නම්..?
එහි ලක්ෂ ගණනක බඩු තිබුනේ නම්..?
මේ මගඩියේ ඉම සොයා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටේ සැරිසැරුවෙමු.
![]()
*මගේ අම්මා දහදුක් විඳලා තමයි සල්ලි හොයාගෙන ලංකාවට ආවේ.මෙහේ කටුනායක එයාපෝර්ට් එකෙන් බැහැලා බෑග් එන බෙල්ට් එක ළඟට ඇවිත් පැය දෙකක් හිටියා බෑග් එක නෑ.අම්මා එක්ක ආපු ප්ලේන් එකේ තව පස් දෙනෙක්ගේ බෑග් නැතිවුනා.අම්මාගේ බෑග් එකේ ලක්ෂ තුනකට වැඩිය බඩු තිබුනා.අම්මාට ලංකාවට ඇවිල්ලා අඳින්නවත් ඇඳුම් නැතිවුනා.අර එදාම බඩු නැතිවුන අය පහක් හිටියා කිව්වානේ.ඒ ඒ එක්කෙනෙක්ගේ බෑග් එකේ රත්තරං බඩුම ලක්ෂ දෙකකට වැඩිය තිබුනා.අපි හිතුවේ නෑ බස් එකකදීවත් බෑග් එකක් නැති වෙන්නේ නැති එකේ අයාපෝට් එකේදී අපේ බෑග් එකට මෙහෙම වේවි කියලා.අනික මේ පළවෙනි වතාව නෙවෙයි.මේ නැති වුනේ ගියමාසේ.අපේ අම්මාගේම බෑග් එක 2011 අවුරුද්දේත් නැති වුනා.අපිට එදා එයාලා කිව්වා පොලිසි යන්න ඕන නෑ.බෑග් එක හොයලා දෙන්නම්,හොයාගන්න බැරිවුනොත් වන්දි දෙන්නම් කියලා.ඒ නිසා අපි පොලිසියට ගියේ නෑ.තව ඔහොම බෑග් නැතිවෙන අහිංසකයි වගේ පෙනෙන මිනිස්සුන්ට ඕක කියනවා.අනේ ඉතින් අපිත් පොලිසි ගියේ නෑ.අන්තිමට දැන් 2015 අවුරුද්දත් වෙලා.අපිට බෑග් එකත් නෑ.වන්දිත් නෑ.දැන් 2015 අවුරුද්දේ ආයෙත් අපේ බෑග් එකක්ම හොරකම් කලා.අම්මාට ප්ලේන් එකේ එන්න ටිකට් එක ගන්න උඩින් සල්ලි පහල වුනේ නෑ.අම්මා ඒකට සල්ලි හොයාගන්න මාසයක් මිනිස්සුන්ගේ ගෙවල්වල වැඩකලා.මාසයක් තිස්සේ දුක්විඳලා හම්බ වුන සල්ලි වලින් තමයි ඔය එයාර්ලයින් එකේ අයට ගෙව්වේ.ඒ මිනිස්සුන්ට ලක්ෂ ගණන් ගෙව්වට අම්මලාට එහෙම නෑ.උන් පාටකරගෙන දිලිසි දිලිසි ඉන්නේ අපේ අම්මලා දුක්විඳලා හම්බ කරන සල්ලි වලින්...*
![]()
ඒ කඳානේ චතුරිකා ජයනි මහත්මියයි.ඇගේ මව වූ චන්දිමා ප්‍රියන්ති මහත්මිය දෙවරක්ම කටුනායක ගුවන්තොටුපලේදී මුහුණදුන් අත්දැකීමයි.මැදපෙරදිග රටවල සිට පැමිණෙන මගීන් සිය ගණනකගේ ගමන් මළු කටුනායක ගුවන්තොටුපළේදී අතුරුදහන් වන බව සියැසින්ම දැක ගන්නට එහි ගිය අපට හැකිවිය.පැමිණෙන බොහෝ ගුවන් යානයකට පසුවම කටුනායක ගුවන්තොටුපළ *ඩේ පාස්*(Day Pass Counter) කවුන්ටරය අසල මගීන් රැසක් රැඳී සිටින්නේ තමන්ගේ ගුවන් ගමන් මල්ල ගුවන්තොටුපල ඇතුලත වූ *බෙල්ට් එකේ*(Bag Belt-මෙවන් බෙල්ට් 6ක් පිහිටා ඇත) පැමිණ නැතිබව කියන්නටය.එය අතුරුදහන්ව ඇත.
![]()
මේ කතා කරන්නේ මගීන් විසින් තමා සමඟ රැගෙන එන කිලෝ දහයක පමණ වූ ගමන් මල්ල පිළිබඳ නොවේ.මගීන් ගුවන් යානයට ගොඩවන (Check In) ගුවන්තොටුපලේදී ඔවුන්ගෙන් ලබාගෙන ගුවන් යානා සමාඟම විසින් වෙනමම රැගෙන එන ගුවන් ගමන් මල්ල පිළිබඳවය.කිලෝග්‍රෑම් 30ක බඩු ප්‍රමාණයක් එලෙස රැගෙන යා හැකි අතර ඉන් වැඩිවන ප්‍රමාණයට මුදල් ගෙවිය යුතුය.මගියාගෙන් ඔහුගේ හෝ ඇයගේ ගුවන් මල්ල වෙන්කර ගෙන එය වෙනමම රැගෙන එන්නේ නම් ගුවන් සමාගම ඒ හරහා එම ගමන් මල්ලේ සුරක්ෂිතභාවය පිළිබඳ වගකීම බාරගෙන තිබේ.එලෙස ඔවුන් සිය ස්න්තකයට ගන්නා ගමන් මල්ල ගමන අවසානයේ රැගෙන යන්න ගුවන් මගියා පැමිණි විට විළිලැජ්ජාවක් නොමැතිව *මල්ල නැතිවෙලානේ.සොරි* කියන්නට නම් ගුවන් සේවා සමාගම් තිබිය යුතු නැත.
කටුනායක ගුවන්තොටුපලේදී පසුගිය වසර තුලදී පමණක් නැතිවූ ගමන් මළු සංඛ්‍යාව දෙසීයකට අධිකය.ඉන් 164ක් දෙනා ගුවන්තොටුපළ පොලිසියේ පැමිණිලි සටහන් කර ඇත.
![]()
*අයියෝ මෙයාලට පොඩ්ඩක් වැරදිලා වෙන්න ඇති.එයාලා ඉක්මනට බෑග් එක හොයලා දෙන්නම් කිව්වා.අපිට පොලිසි යන්න ඕනකමක් නෑ කිව්වා..* මෙලෙස ගුවන්තොටුපලේ කාර්ය මණ්ඩලය පිළිබඳ *හීන* තබාගෙන පැමිණිලි නොකර සිටින්නෝ මීටත් වැඩිවිය හැක.ලිපිය ආරම්භයේ කියැවුනු මගියාගේ 2011 වසරේ ගුවන් මල්ල නැතිවීම ඊට එක් උදාහරණයකි.ඇය එදා පොලිසි ගියේ නැත්තේ ගුවන්තොටුපළේ පිරිස දුන් *මිත්‍යා විශ්වාසය* ගැන දහසක් පැතුම් ඇතිවය.එහෙත් අදටත් ඇයට ගමන් මල්ල නැත.අඩුම තරමේ මෙකී අවසානාවන්ත අත්දැකීමට මුහුණ දුන් ඔබට ඔවුන් පවසන වන්දිය හෝ ලැබී නැත.ඇය විසින් කියූ තවත් කාරණයක් ඉදිරිපත් කරමින්ම ලිපියේ ඉතිරියට යාම උචිතය.
*අපිට දවස් 21ක් ඉන්න කිව්වා.වැරැද්ද කටුනායක අයගේ නෙවෙයි කිව්වා.බෑග් එක ඒ රටින්ම ඇවිල්ලා නෑ කිව්වා.පස්සේ අම්මා රස්සාව කල ගෙදරට අපි කතා කරලා කිව්වාම එයාල එහේ එයාපෝට් එකට ගිහින් තිබුනා.ඒ එයාපෝට් එකෙන් බෑග් එක මෙහාට එවපු වෙලාව,බෑග් එක එහේ බෙල්ට්වල යන වීඩියෝ වුනත් තියෙනවා කියලා අපිට ලොකු විස්තරයක් එවලා තිබුනා.එයාලා හරිම වගකීමෙන් කිව්වා එයාලා බෑග් එක අම්මා ආපු ප්ලේන් එකෙන් කටුනායකට එව්වා කියලා.අනික මේක එක සැරයක් නෙවෙයි.දෙසැරයක් වුනා.බෑග් එක හොරකම් කරන්නේ කටුනායකදි...*
*ඔයාලා කටුනායක ගුවන්තොටුපලෙන් ඉල්ලුවද අර වගේම විස්තරයක්..?*
*පිස්සු කතා කරන්න එපා.එයාලගේ අඩුම තරමේ කැමරාවත් වැඩ නෑ.විශ්වාස කරන්නත් බෑ වගේ.එයාලා කිව්වා එළියෙන් වාඩි වෙල තව ප්ලේන් එනකම් බලන්න කියලා.අනික එතෙන්ට ගිහින් අපි බෑග් නෑ කිව්වම අපිට කතා කරන්නේ හරියට පි පිනට ප්ලේන් එකේ ආවා වගේ.රුපියල් හැටදාහක් විතර දීලා එන්නේ ඕවා අහගන්න නෙවෙයි..*
ශෝචනීයම කරුණ වන්නේ කටුනායක ජාත්යන්තරයැයි කියනා ගුවන්තොටේ CCTV කැමරා විශාල ප්‍රමාණයක් අක්‍රීයව පැවතීමයි.තවමත් කටුනායක භාවිත වන්නේ මීට වසර දහයකටත් එපිටදී සවි කල කැමරාය.ඒ අතුරින් ගතවූ වසර කිහිපයට වැඩිම හානියක් ගෙන දුන් *ගමන් මළු නැතිවීමේ* සිදුවීමට අදාල ගමන් මළු පැමිණෙන *බෙල්ට්* වල කැමරා සිතමතාම කඩා දමා ඇත්දෝයැයි සිතෙන්නට කරුණු බොහෝය.
![]()
*මගේ බෑග් එක නැතිවුනේ ගිය මාසේ.ඔය බෑග් එන කොටසට පිටින් කිසිම කෙනෙක්ට යන්න බෑ.ඒකට යන්න පුළුවන් ඒ වෙලාවේ ආපු ප්ලේන් එකේ අයටයි,කටුනායක එයාපෝට් එකේ කට්ටියටයි විතරයි.ඒ එන හැම බෑග් එකකටම වෙනම *ටැග්* එකක් ගහලා තියෙනවා.ඒකේ අංකයක් තියෙනවා.මෙන්න මේ අංකයම තියෙන කොලයක් අපිටත් දීලා තියෙනවා.අපි ගන්නේ අපේ බෑග් එක විතරයි.ඔය හරියෙදි බැග් නැතිවෙනවා නම් ආපු අයට තමන්ගේ එක හොයාගෙන ගෙදර යනවා ඇරෙන්න වෙන ලෙඩ දාගන්න ඕන නැති නිසා බෑග් එක ගන්න ඕන ඕක ඇතුලේ ඉන්න අය.මම ආව ගුවන් සේවයට මම කතා කරලා ඇහුවා.එයාලා හරියටම විස්තර තියෙනවා කිව්වා බෑග් එක ලංකාවට එව්වා කියලා.එහෙනම් බෑග් එක නැතිවෙන්න ඕන මෙහේදී.මට නම් හිතෙන්නෙම ඕක අරගන්නේ ඇතුලේ අයමයි.මොකද මම ගිහින් කැමරා බලමු කිව්වම එයාලා ඒකට කැමති වුනේම නෑ.පස්සේ පොලිසියට ගිහින් පොලිසියේ අයත් එක්කගෙන ආවාම කැමරා බලන්න දුන්නා.ඊට පස්සේ කිව්වා සොරි මිස්ටර්,කැමරාව කැඩිලා කියලා.ඉතින් මොනවා කරන්නද,බෑග් එකේ ලක්ෂ තුනක විතර බඩු තිබුනා.මට වන්දියක් දෙන්නම් කිව්වා පනස්දාහක.ඒකත් කටුනායකින් නෙවෙයි මම ආපු ගුවන් සමාගමෙන් කිව්වා ගෙවන්නේ.මම ආවේ ෆ්ලයි ඩුබායි එකක.මෙහේ අය බඩු උස්සනවා.උස්සලා අපිට කොකා පෙන්නනවා.අර කම්පැනි වන්දි ගෙවනවා.මරු ගේම් එක.ටයි දාගෙන හොරකම් කරනවා...*
![]()
ගත්වූ මාසයේ සතියක ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඩුබායි ගොස් පැමිණි චතුරංගගේ අත් දැකීම එයයි.ඔහුට අනුව ඔහුගේ ගමන් බෑගයේ වූ *ටැග් එක* හෙවත් ගැලපුම් අංකය කිසිදු විටෙක පරීක්ෂා කිරීමක් සිදුවී නැත.සැබෑම කරුණ නම් මෙකී *ටැග්* පරීක්ශා කිරීමක් කිසිදු අවස්ථාවක ඔවුන් සිදු කරන්නේ නැත.පැමිණීමේ පර්යන්තය තුල සිටිනා ඕනෑම අයෙකුට වෙනත් ඕනෑම අයෙකුගේ බෑගයක් හෝ බෑගයන් හතරක් පහක්වුව රැගෙන යා හැක.රුපියල් තිස් දහසක් ගෙවා ඉන්දියාවට ගොස් නැවත පැමිණ මේ කියනා ප්‍රදේශයේ රස්තියාදු ගසමින් සිට ඉන් පසුව පැමිණෙන ලංඩන් හෝ පැරිස් ගුවන් යානයේ බෑග් හතරක් උස්සාගෙන එළියට ඒම පැහැදිලි ලාභ සහිත වැඩකි.කටුනායක ගුවන්තොටුපලේ මේ කටයුත්ත සඳහා අවශ්‍ය සියළුම කාරණා බළධාරීන් විසින් සකසා දී තිබේ.
CCTV කැමරා ඉවත්කර අක්‍රීය කර හෝ ඒවා වැඩ නොකරන තැනට සියල්ල සිදුකර,*ටැග්* පරීක්ෂා කිරීමක් සිදු නොකර,මෙවන් සිදුවීම් වල වගකීමක් බාරගැනීමට කිසිවෙකු නොසිටිනා තත්වයක ගුවන්තොටුපලේ ලොකු ලොක්කන්ගේ අනුදැනුම මත අහිංසකයන්ගේ බෑග් අතුරුදහන් වන බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.සොරකම් කරනා පාදඩයන් වෙනුවෙන්ම සෑදූ ගුවන්තොටුපලක් බවට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පත් කෙරෙන්නේ අද ඊයේක නොවන බව පොලිස් පොත් බැලීමෙන් පෙනීයයි.
ඇතුලත සමහර කැමරාවන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අදාල බෑගයන් පැහැරගත්තේ කවුදැයි නිවැරදිවම කිව නොහැක.මෙය තුරුම්පු කරගන්නා ඔවුන් සිද්ධියේ වගකීම එකිනෙකාගෙන අනෙකාට බෝලය මාරු කරගනිමින් තවමත් සොරකම සිදුකරමින් සිටිති.අප මේ ලිපිය ලියනා මොහොතේත්,ඔබ මේ ලිපිය කියවනා මොහොතේත් කටුනායක ගුවන්තොටුපළේ බෑගයන් අතුරුදහන් වේ.වසර ගණනක් දුක්විඳ හරිහම්බ කල සේසත ගැන දුක හැඬූ කඳුලින් කියන්නට මැදපෙරදිග රැකියාවට ගිය මවුවරුන් පෙළගැසී සිටිති.
*මගේ බෑග් එකේ මගේ අන්තිම මාස තුනක පඩියත් තිබුනා.කවුද හිතුවේ බෑග් එක හොරකම් කරාවි කියලා.අපි හිතන් ඉන්නේ එයාලා සුරක්ෂිත ගමනක් කිය කිය ඉන්න විදියට හැමදේම කරනවා කියලා.ඔය මහත්තයා මේ කතා කරන වෙලාවෙත් රේඩියෝ එකේ ඇඩ් එකක් යනවා එයාලගේ ප්ලේන් වල යන්නලු.මම ආවේ ගියමාසේ 24 වෙනිදා.පාන්දර තුනට.ඇවිල්ලා බෙල්ට් එක ළඟ හිටගෙන හිටියා හිටියා මගේ බෑග් එක ආවේ නෑ.මගේ බෑග් එකේ කිලෝ 45ක බඩු තිබුනා.එදා මම ආපු ප්ලේන් එකේම තව 4 දෙනෙක්ගේ බෑග් නැතිවුනා.පස්සේ එතන පැමිණිලි කරන්න තිබුන කවුන්ටරයට ගියා.එතන ඉන්න අය අපිට රට රස්සාවට ගිය අය නිසාද දන්නේ නෑ කතා කරන්නේ බල්ලෝ බළල්ලු ගාණට දාලා.කොහොම හරි යන්තම් පැමිණිල්ල දැම්මා.එයාලා මට ෆෝන් නම්බරයක් දුන්නා ඒකට කතා කරන්න කියලා.බෑග් එක ලැබුනොත් එයාලා කථා කරන්නම් කිව්වා.දැන් අර නම්බරයට ගත්තට එහෙන් ෆෝන් එක උස්සන්නෙත් නෑ.ඉන්නේ කොළඹින් ගොඩාක් දුර.ඉතින් අපි සතියට දවසක් බෑග් එක බලන්න මේ හැමදේම දාලා එහේ එන්නද..උඩ ඉන්න දෙවියන්ට තමයි මේවා කියන්න වෙන්නේ..*
N.P නිරෝෂා චතුරානි අවසානයේ තමන්ගේ රටට පැමිණෙන්නේ අම්ම එනතුරු මගබලා සිටින පැටියන්ට ගෙනා ටොෆියේ සිට හම්බකල මාස තුනක වැටුපද කටුනායකට පූජාකරය.
අප මේ පිළිබඳව කටුනායක ගුවන්තොටුපලේ සේවාභාරකාරීත්වය දරනා ගුවන්තොටුපල හා ගුවන්සේවා අධිකාරියෙන්(Airport and Aviation Services Ltd) විමසා සිටියේ ය.කටුනායක ගුවන්තොටුපලේ කළමණාකාරවරයා වූ එස්.එච්. හෙට්ටිආරච්චි මහතා අදහස් දැක්වීමට ඉදිරිපත් විය.
*ගමන් බෑගය සම්බන්ධව ඒක භාරගන්න මොහොතේ ඉඳලා නැවත මගියාට එය ලැබෙනා තෙක් සම්පූර්ණ වගකීම ගන්න ඕන ඒ මගියා පැමිණෙන ගුවන් සේවය.කටුනායකදි නම් ඒ ඒ ගුවන් සේවා සමඟ සම්මුතිගතවෙලා ඒ කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකන් ගුවන්සේවය.ඔවුන් තමයි භූමියේ කටයුතු(Ground Handling) සිදු කරන්නේ.අපි හිතමු යම් මගියෙක් අපේ කටුනායක ගුවන්තොටුපලට පැමිණිලා ගුවන් යානයෙන් බැස්සා කියලා.ඒ ගුවන් මගියා ඔතන පහල පිටවයාමේ දොරටුවෙන් එළියට යනකම් ඔහුගේ හා ඔහුගේ ගමන් බෑගයන් වල වගකීම තියෙන්නේ අපිට නෙවෙයි ශ්‍රී ලංකන් ගුවන්සේවයට.ඒ අදාල ගමන් බෑගය ඒවා අරගෙන ආපු ගුවන් යානයෙන් එළියට අරගෙන ඒක ට්‍රැක්ටර් වලින් අරන් ඇවිල්ලා ඔය නැතිවෙනවා කියන බෙල්ට් එකට දානකම් කටයුතු ඔවුන් සතුයි.ඔවුන්ගේ වෙනම ආරක්ෂක අංශයක් ඉන්නවා.ඒ අය තමයි ඒ කොටස බලාගන්නේ.අපේ අය නෙවෙයි.අනික,ලෝකේ ඕනෑම ගුවන්තොටුපලක බෑග් නැතිවෙනවා.ඒක මෙහේ විතරක් සිද්ධවෙන් දෙයක් නෙවෙයි.සමහරවිට කටුනායකදි නැතිව මේ එන අය ගුවන් යානය මාරුවෙන(Transit Airport) ගුවන්තොටුපළේදී මේක සිද්ධ වුනාද දන්නේ නෑ.අපිට ඒවා කියන්න බැනේ.ඔබ ඇහුවා අර *ටැග්* පරීක්ෂා කිරීම ගැන.අපි ඒක අහඹු ලෙස හැම ගුවන් යානයකටම වගේ කරනවා.ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඒවාට නම් අනිවාර්යයෙන් කරනවා.මේ පරීක්ෂා කිරීමට පොලිසියත්,ශ්‍රී ලංකන් ගුවන්ස් ඒවයේ නිළදාරියෙකුත්,අපේ ගුවන්සේවා අධිකාරියේ නිළධාරියෙකුත් සහභාගි වෙනවා.මෙහෙම කලාම මේවා හොරකම් කරන අය බයයි.ඒ නිසා හොරකම් කිරීම සිදුවන්නේ නැහැ.
ඔබ චෝදනා කල CCTV පද්ධතිය පිළිබඳ ගැටළුව.ඔව්,අපි දැන් නව කැමරා පද්ධතියක් මිළදී ගැනීමේ කටයුතු සිදු කරමින් ඉන්නේ.ඒ වෙනුවෙන් අවශ්‍ය ටෙන්ඩර් පටිපාටිය අනුව අප දැන් කටයුතු කරමින් ඉන්නවා.නමුත් ප්‍රධාන චෝදනාව වූ ගුවන් ගමන් මළු සම්බන්ධ පූර්ණ වගකීම තියෙන්නේ අපිට නෙවෙයි,ශ්‍රී ලංකන් ගුවන්සේවයට..*
අප ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වගකිවයුතු නිළධාරියෙකු සොයා යන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.නමුත් හෙට්ටිආරච්චි මහතා කියූ පරිදි අප අවසරයන් ලබාගෙන *ටැග්* පරීක්ෂා කිරීම නැරඹීමට එහි ගොස් සිටියෙමු.අවාසනාවකට මෙන් අප පැයක් පමණ බලා සිටිය පසු පැමිණියේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් ලංඩන් සිට පැමිණෙන ගුවන් යානයකි.අනෙක් ගුවන් සේවා කෙසේ වෙතත් මවුබිමේ ගුවන්සේවය *ටැග්* පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව ඒ මහතා පැවසූවග මතකය.නමුත්,එවැන්නක් සිදුවූයේ නැත.පොලිස් නිළධාරීන්,ගුවන් සේවා ආයතනයේ නිළධාරීන් ආදී ලෙස එක්වී *ටැග්* පරීක්ෂා කිරීමක් සිදු කරන්නේ යැයි කියුවාට සැබෑවටම එතැන එවැන්නක් සිදුවූයේ නැත.
එපමණක් නොවේ.නව කැමරා පද්ධතියට අදාල ටෙන්ඩර් කැඳවීම සිදුවූයේ කොපමණ කලෙකට පෙරදැයි පවසන්නේ නම් එම ටෙන්ඩර් කැඳවූ ආණ්ඩුවත් දැන් ගෙදර ගොස් හමාරය.එවන් අතීතයක් මේ කියූ ටෙන්ඩර් කැඳවීමට ඇත.නමුත් අදටත් කැමරා ස්ථාපනය කිරීමක් සිදු නොවේ.අවම තරමින් එවැන්නක් සිදුවන කාලයක් පිළිබඳව හෝ පවසන්නට ඔවුනට නොහැකි විය.
*බෙල්ට් එකට එන්නත් කලින් බෑග් නැති වෙනවා.මම කියන්නේ බොරු නෙවෙයි.ඔයා ටිකක් දුර ෆොටෝ ගන්න කැමර් එකකුත් අරන් ගියානම් අල්ලගන්න තිබුනා.ඔය බෙල්ට් එකට දාන්න බෑග් අරන් එන්නේ ගුවන්තොටුපල වටෙන්.ඒ අරන් එන්නේ ශ්‍රී ලංකන් එකේ කට්ටිය.උන් ඔක්කොටම වඩා හොරු.ඔය අරන් එන පාර වහලා පිටට නිරාවරණය නොවෙන් විධියට ෂීට් වලින් තාප්පයක් හදලා තියෙන්නේ.මේ යක්කු කරන්නේ ට්‍රැක්ටරේ ඕකේ හප්පලා අර තහඩු මැදින් හිල් හදාගන්නවා.ඒ හදපු හිල් වලින් තමන්ගේ ට්‍රැක්ටරේ තියෙන බෑග් එළියට දෙනවා.ඉතින් බෑග් එක බෙල්ට් එකට එන්නත් කලින් අතුරුදහන් වෙනවා.ආයේ නෑ කාටවත් හොයන්න බෑ මොකද වුනේ කියලා.බෑග් එක එවපු අය කියනවා බෑග් එක එහෙන් ඇවිල්ලා කියලා.ශ්‍රී ලංකන් එකෙන් කියනවා නෑ බෑග් එක ඇවිල්ලා නෑ කියලා.මේ සෙට් එක මැද ඉදන් බෑග් උස්සනවා.ඕවා ඔය ලොක්කෝ දන්නේ නැතිව නෙවෙයි.ඔය කට්ටිය නොදන්න බබාලද.මේක ආරක්ෂිත ප්‍රදේශයක්.කෝ මේකේ කැමරා..?කෝ මේකට ආරක්ෂාව..?මුන් ඔක්කොම එකතුවෙලා යුනියන් හදාගෙන ඒවා හරහා තමන් තමන්ට ආරක්ෂාව හදාගෙන හොරකම් කරනවා.ඔය එක හොරෙක් හරි ගෙදර යැව්වොත් මෙතනට ස්ට්‍රයික්.නැත්තම් පිකටින්...*
මේ කතාව කියූ අයගේ නම ලියන්නට නොහැක.නමුත් ඔහු කියූ කතාවට අදාල ඡායාරූප ලබාගන්නට අපට හැකිවිය.මේ ඡායාරූපයේ ඇත්තේ ඔබේ බෑගය අවසන් ගමන් ගිය සිදුර විය හැක.මේ ලිපිය ඉදිරි සතිය දක්වා දීර්ඝ කරන්නෙමු.ඔවුන් ඔබට දහසක් හේතු කියනු ඇත.ඒ හේතු අපද අසා සිටියේය.ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බඩු භාණ්ඩ සම්බන්ධ ජේෂ්ඨ්‍ය ප්‍රකාශිකාවකගේ පිළිතුරද අප මී ළඟ සතියේ පළකරන්නෙමු.මෙකී බෑග් නැතිවීමට හේතුවන්නේ කැමරා නැතිවීම හෝ *ටැග්* පරීක්ෂා නොකිරීම පමණක් නොවේ.ගුවන් මඟීන්ට හැර වෙනත් කිසිදු අයෙකුට යා නොහැකි ප්‍රදේශවලට මුදල් රැගෙන සොරුන් ඇතුලුවන ආකාරයද,එසේ මුදල් ලබාගන්නා ආකාරයද ඇතුලුව ලොව පුරාම ත්‍රස්ථ අවධානමක් තිබියදී කටුනායක ගුවන්තොටුපලේ එති අති ප්‍රසිද්ධ මුදල් ගෙවා ඇතුළුවිය හැකි ගුහාවන් ගැන අප කතා කරන්නෙමු.කෝටි ගණන් ගෙවා පිහිටුවා ඇති ආරක්ෂක බැමි රුපියල් පන්දහසට හෝ දසදහසට විකුණන ආකාරය අපි හෙළිකරන්නෙමු.විවිධ මාධ්‍ය හරහා මේ වන විට හෙළිවූ එවන් අධම නිළධාරීන් අදටත් කිසිදු විනය ක්‍රියාමාර්ගයකට යටත් නොවේ සල්ලි වලට ජාතිය විකුණන ආකාරය අපි ලියන්නෙමු.
http://deshaya.lk/


මම නම් කියන්නෙ බන් ඔය ශ්‍රී ලංකන් එක ආණ්ඩුවෙන් අරගෙන නාමල්ගේ හැත්ත බුරුත්තම ඕකට ඔබලා හොරු හැම තැනමබය වෙන්න එපා.. ශ්‍රීලන්කන් කේටරින් එක ගැලෙව්වාම.. එයර් ල්යින් එක ලොස්.. ඊට පස්සෙ ඔක අයේ එමිරෙට්ස්ලාට විකුනනවා.. උන් සුද්ද කරලා ගනී හොරු ටික.. ඔය ඉන්නෙ ආණ්ඩු කාලේ ඇමති පන්දම්වලින් ආපු රස්තියාදුකාරයො.. උන් තමයි බැග් බාන්නෙ....
